IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මගේ ගමන හෙමින් කවුරුවත් කපාගෙන යන්න හදන්නේ නෑ

 

 ඉමාෂි කියන්නද? ලෝචනා කියන්නද?

ලෝචනා කියලා තමයි ගොඩක් අය කතා කරන්නෙ. ඊට අමතරව ප‍්‍රගති කියලත් කතා කරනවා කාව්‍යා නාට්‍යයේ රඟපෑව චරිතය හින්දා.

 ඔයාගේ අරමුණ වුණේ නීතිඥවරියක වෙන්නලූ නේද?
ඇත්තෙන්ම ඔව්. ඒ කාලයේ ඉගෙන ගත්තෙ ඒ අංශයට අදාලවයි. ඒත් උසස් පෙළ ලියලා ප‍්‍රතිඵල එන්නත් කලින් සිරසට සම්බන්ධ වෙච්ච නිසා ගමන වෙනස් වුණා. ඊට පෙර ළමා නිවේදිකාවක ලෙසත් ස්වර්ණවාහිනියේ කටයුතු කළා. රඟපෑමට යොමුවුණේ සිරසෙ වැඩසටහන් නිවේදනයට පැමිණීමත් සමගයි.

 ඇයි එක් අංශයක් තෝරා ගත්තෙ නැත්තෙ?
වැඩ සටහන් නිවේදන කටයුතු කිරීම අවුරුදු හතරක් විතර එක දිගට කළා. රඟපෑම බාරගත්තාම තව තවත් නාට්‍ය එකදිගට ලැබුණා. ඒ නිසා දිගටම රඟපෑමේ අංශය තෝරා ගන්න හිතුවා.

 ඊට පෙර රඟපෑමට එක්ව නොසිටීම මොන වගේ අත්දැකීමක්ද ගෙන දුන්නෙ?
අපේ තාත්තා ඒ කාලයේදී වේදිකා නාට්‍යවල රඟපාලා තියෙනවා. රඟපෑමට ඒමට උදව් කළේ වගේම, රඟපෑම ගැන මට බොහෝ දේ කියලා දුන්නෙ තාත්තා.

 නිවේදනය කරන අය රඟපානවා. රඟපාන අය නිවේදනය කරනවා. ඒ අය සිංදුත් කියනවා. ඒ ගැන ඔබට හැඟෙන්නෙ කොහොමද?
ඒක ඇත්ත. ඒත් හැමෝටම රඟපාන එක කරන්න බැහැ. රඟපෑම ඒ විදියට හරියට කරන්න බැරි නම් ක්ෂේත‍්‍රයේ රැඳී ඉන්නත් බැහැ. ටෙලි නාට්‍යවලට අමතරව වේදිකා නාට්‍යයක රඟපෑමේ ආසාව මට තිබුණු දෙයක්. අපේ ප‍්‍රවීන රංගන ශිල්පිනී රම්‍යා වනිගසේකර නිසා ආර්.ආර්. සමරකෝන් ශූරීන්ගේ ”දුවිලි” නාට්‍යයේ නව නිර්මාණයේ රඟපාන්න ලැබුණා. ඉන්පසුව රංජිත් ද අල්විස් මහතාගේ සිල්ගත් කොක්කු සහ හෙක්ටර් කුමාරසිරි මහතාගේ ”බිසෝ” නව නිර්මාණයේ රඟපාන්න ලැබුණා.

 අද ඔබ ගැන වැඩිපුර කතාවන්නෙ තූර්යා නිසාද?
ඔව්. එහි නතාරා සහ හිරු සඳ පිණිබිඳක යන නාට්‍යවල රඟපානවා.

 අද කාලයේ ටෙලිනිළියන් ගැන විවිධ දේ සමාජයේ කතා වෙනවා. ඔබ ඒ ගැන හිතන්නෙ කොහොමද?
මට නම් හිතෙන්නෙ ක්ෂේත‍්‍රය නෙවෙයි වැදගත්. අපි කොතැනද ඉන්නෙ? මොනවද කරන්නෙ? කියන එකයි. අපි හරි නම් කොතැන සිටියත් කාටවත් මොනවත් කියන්න බැහැ.

 ක්ෂේත‍්‍රයේදී ඔබට බලපෑම් එල්ලවෙලා නැද්ද?
කොහෙත්ම නැහැ. අපි හැසිරෙන විදිය සහ චරිත ස්වභාවය සියල්ලට බලපානවා. මගේ ගමන හෙමින්. කවුරුත් කපාගෙන, කේලාම් කියාගෙන කවුරුවත් තරහා කරගෙන ගමනක් යන කෙනෙක් නෙවෙයි. අපට මේ ක්ෂේත‍්‍රයේදී ඉවසීම ඉතා වැදගත්.

 සමහර නළු-නිළියන්ට ටෙලි ”උණ” කියලා සමහරු කියනවා. ඇයි එහෙම වෙන්නෙ? ඒ කියන්නෙ බොරු මාන්නය?
මම එහෙම නැති නිසා මට ඒ ගැන කියන්න බැහැ. සමාජයේ  ඕනෑම කෙනෙක් එක්ක මම හරි සුහදයි. සමාජයේදී අපි කවුරුත් සාමාන්‍යයි. ඒ සුහද බවට මම හරි ආසයි.

 ජනප‍්‍රියත්වය නිසා ඔබ ආඩම්බර නැහැ කියලද කියන්නෙ?
ඇත්තටම නැහැ. ඒ නිසා මට දැනෙන්නෙ ලොකු සතුටක් විතරයි. ඒක ඇත්තටම පිනකට ලැබෙන දෙයක්.

 ඒ පින ලබන ඔබ හැබෑවට කවුද? කොහොම කෙනෙක්ද?
බොහොම සාමාන්‍ය විදියට ඉන්න කැමති කෙනෙක්. චාම් ජීවිතයකට මම හරි ආසයි.

 විවාහකද? විවාහය කවදද කියල ඔබගෙ රසිකයින්ට කීවොත්?
අම්මෝ... තවම අවිවාහකයි.

 ඒත්. පෙම්වතියක්? එහෙමද?
ඔව්... ඔව්.

 යහපත් විදියට නම රැකගන්න නම් කලා ක්ෂේත‍්‍රයේ කොහොම සිටිය යුතුයි කියලද හිතන්නෙ?
හරි විදියට, හරි දේ කරලා සිටියොත් හැමදාටම හොඳ නම රැකේවි.

 ”සිත හඬයි මා තනිවෙයි” ගීතයට ගොඩක් ආසලූ නේද?
නිරෝෂා විරාජිණියගෙ ඒ ගීතයට මං ආසයි තමයි.

 

හැඩගැන්වීම - නිලූ කොඩිකාර

 

 

 



අදහස් (0)

මගේ ගමන හෙමින් කවුරුවත් කපාගෙන යන්න හදන්නේ නෑ

නෙත්මිණි Sunday, 07 April 2013 02:29 PM

ඔයා හරී විනෝදයි අක්කා.(නදී)

:       0       0

නොටී Sunday, 07 April 2013 03:33 PM

ඔබ නිවරදියි.(නදී)

:       0       0

සනත් Thursday, 11 April 2013 12:22 PM

ඔයා ලස්සනයි. මේකප් එක ටිකක් වැඩී නංගියෝ (ස)

:       0       0

හසංකා Monday, 29 April 2013 01:47 PM

මෙයා ඉස්සර කළුම කලුයි. ගෙදර සැලූන් එක දැම්මට පස්සේ තමයි සුදු උනේ.(නදී)

:       0       0

සමන්තා පෙරමුණ Monday, 08 April 2013 03:40 AM

මෑත කාලයේ සිටින මම අශා කරන නිළියක් ඔයා. සඳ පිණි බිදක් එකේ ඔයා රගපානව හරි ලස්සනයි. ඉදිරි අනාගතයට සුභ පතනවා.(නදී)

:       0       0

රත්න Wednesday, 17 April 2013 07:04 AM

අපිත් ආසයි ඔයාව බලන්න. (නි)

:       0       0

සුජිත් Thursday, 25 April 2013 04:02 PM

නංගී, අපි ඔයා ගැන දන්නවා (නි)

:       0       0

කෞෂල්‍යා Monday, 15 April 2013 08:33 PM

ඔයා ලස්සනයි (අ)

:       0       0

සෙන්තිල් Thursday, 18 April 2013 01:16 AM

ඔයා හැමදාමත් මේ ලංකාවේ ඉඳගෙන රඟපාන්න එපා අනේ. යන්න කෙලින්ම ඉන්දියාවට. (නි)

:       0       0

ජක් Thursday, 25 April 2013 04:05 PM

මම එයා ගැන පුද්ගලිකවම දන්නවා (නි)

:       0       0

කුසුම් Thursday, 02 May 2013 06:36 AM

ලස්සනේ බැරුවා... (නි)

:       0       0

චාමර Wednesday, 17 April 2013 08:43 AM

නංගි, ඔයාගේ හිනාව හරිම ලස්සනයි. (නි)

:       0       0

දිල් Monday, 08 April 2013 02:10 PM

නංගී මම හරිම ආස නිලියක් ඔයා.රඟපෑම් විශිෂ්ඨයි .තූර්යා එකේ නියම රඟපෑම්. ඔයාට හොඳ අනාගතයක්.(ස)

:       0       0

සරත් Saturday, 13 April 2013 11:32 PM

ඔය රගපානව හොදයි. හැබැයි පරිස්සමින් කරන්න (නි)

:       0       0

ලාල් ගලබඩ ලේක්කෝ නගරයේ සිට Tuesday, 09 April 2013 05:19 PM

තුර්යා ටෙලියේ රගපෑම් විශිෂ්ටයි, ඒ වගේම ඔබ හරිම ලස්සනයි නංගි.(නදී)

:       0       0

චානක Tuesday, 16 April 2013 12:14 AM

ලස්සන පිළිබද හිතන්න එපා, ෆිඑල්ඩ් එකේ ඉන්න ආස නම් රංගනය හොඳට හදාරන්න.(නදී)

:       0       0

සදරුවන් Tuesday, 09 April 2013 06:00 PM

මේකප් එක මරු.(නදී)

:       0       0

වරුණ Tuesday, 09 April 2013 11:58 AM

මම නම් ඔය ටීවී ටෙලි නාට්‍ය බලන්නේ නැති නිසා මුකුත් කියන්න බෑ ඔයා ගෙන ලෝචනා.. (ස)

:       0       0

හසිත Wednesday, 17 April 2013 10:53 AM

ඔයා ගොඩක් ලස්සනයි.(නදී)

:       0       0

සරත් Sunday, 14 April 2013 08:55 PM

ඔයා ඔයාට ගැලපෙන චරිත පමණක් තෝරාගන්න. ගොඩක් දුර යන්න පුළුවන් නංගියාට. මම පාර්ථනා කරනවා හදවතින්ම.(නදී)

:       0       0

දයා Monday, 08 April 2013 03:32 PM

ගොඩක් ලස්සනයි නංගී..(ස)

:       0       0

ශාන්ත Sunday, 14 April 2013 08:16 AM

ඔයාගේ කරේ පලන්දලා තියෙන්නේ සුදු රත්තරන්ද ?(නදී)

:       0       0

සමන් තුෂාන්ත Sunday, 07 April 2013 12:56 PM

ලෝචන අපි ඔයාට සුභ පතනවා. ඔයාට සුභ අනාගයක්.(නදී)

:       0       0

සෑම් Friday, 12 April 2013 08:42 PM

මූණ සෝදගෙන එන්නකෝ නංගියෝ. එතකොට ලස්සන බලමු. (නි)

:       0       0

සරත් Friday, 12 April 2013 09:04 PM

හිමින් යන ගමන තමයි සාර්ථක වෙන්නේ (දී)

:       0       0

ධනූ Wednesday, 10 April 2013 02:46 PM

අනේ මමත් ඕව බලන්නෙ නෑ ඒක නිසා ඇත්තටම දන්නෙ නෑ.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 133 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 608 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 659 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 262 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 728 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2022 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38638 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site