IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මිග් නිර්මාතෘ මැරේ

ලෝකයේ ප්‍රබලතම ප්‍රහාරක ජෙට් යානාවක් ලෙස බොහෝදෙනා සලකන සෝවියට් දේශයේ නිෂ්පාදිත " මිග්" ගුවන් යානයේ නිර්මාතෘ රෝස්ටිස්ලාව් බෙල්යකොෆ් පසුගිය සිකුරාදා මොස්කව් නුවරදී අභාවප්‍රාප්ත වූබව එම ගුවන් යානා නිෂ්පාදන සමාගම නිවේදනය කර ඇත.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 94 කි.

1941 දී සුළු කාර්මිකයකු ලෙස මිග් සමාගමට බැඳුණු බෙල්යකොෆ් දක්ෂ ලෙස සේවය කරමින් 1957 වනවිට සැලසුම් අංශයේ දෙවැනියා බවට පත්වීමට සමත්විය. 

මිග් ගුවන් යාන සමාගමේ ප්‍රධාන සැලසුම් නිර්මාණකරුවා ලෙස ඔහු පත්කරනු ලැබුවේ 1969 දිය.

ඔහුගේ ප්‍රධානතම අභියෝගය වුයේ සෝවියට් ගුවන් හමුදාව සඳහා ප්‍රබල මෙන්ම නවීන පන්නයේ ප්‍රහාරක යානාවක් සැලසුම්කර නිෂ්පාදනය කිරීමයි. ඔහුගේ පාලනය යටතේ මිග් යානය ලෝකයේ බලවත්ම ප්‍රහාරක යානයක් බවට දියුණු කැරිණි.

1971 දී එවකට සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ඉල්ලීමක් පරිදි සෝවියට් රජය මඟින් මිග් 17 ප්‍රහාරක යානා 5ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සපයනු ලැබීය.

එතැන් පටන් ක්‍රමයෙන් වැඩි දියුණු කරනු ලැබූ මිග් ප්‍රහාරක බලගණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන තැනක් දරයි.

ඊශ්‍රායලයේ නිෂ්පාදිත කෆීර් යානය සමඟ මිග් 27 ප්‍රහාරක ගුවන් යානය කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීම උදෙසා සුවිශාල කාර්ය භාරයක් ඉටු කළේය.

රුසියන් භාෂාවෙන් " මිග් " යනු "සහ" යන තේරුමෙන් භාවිතාකෙරෙන වචනයකි.

 



අදහස් (0)

මිග් නිර්මාතෘ මැරේ

ප්‍රියන්ත Wednesday, 05 March 2014 05:41 PM

මිනිසා නසන්නට දේවල් තැනු මොහුගේ දක්ෂ තාවයෙන් වැඩක් නැත. මිනිසාගේ දිවි ගමන අවසන් කරන්න වෙර දැරූ මොහුට මිනිස් දිවිය ජය ගැනිමට නව දේවල් නිපදවීම අගය කරන මම මොහුගේ අභාවය පිලිබදව කණගාටු නොවෙමි. නමුත් මිනිසකුගේ අභාවයක් දුටු විට පැහැ වන්නාවූ සංවේගයට පත්වෙමි.(නදී)

:       0       0

නෙසන් Wednesday, 05 March 2014 06:56 PM

ලංකාවත් මිග් වලින් හොදට වැඩ ගත්තා නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 21 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 25 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3397 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2485 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3093 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5891 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18725 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site