IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මගේ පැතුමේ සත්කාරයක් මහරගම

‘මගේ පැතුම පදනම‘ මහරගම ජාතික පිළිකා ආයතනයේ නේවාසික ප්‍රතිකාර ලබන දරුවන්ගේ උපන් දින සැමැරීමට එක්විය. ළමා වාට්ටු හතරටම උපන් දින කේක්, තෑගි සහ රසකැවිලි මෙන්ම කුඩා දරුවන් කැමැති බෝහෝ දේ රැසක් පරිත්‍යාග කෙළේය.  මගේ පැතුම පදනමේ සභාපතිනි නෙළුම් ආරච්චිගේ මහත්මියගේ අදහසක් අනුව මේ වැඩ පිළිවෙළ ඇරැඹිණි.



අදහස් (0)

මගේ පැතුමේ සත්කාරයක් මහරගම

ප්‍රියන්ගනී Saturday, 11 August 2012 09:39 AM

ආදර්ශමත් වැඩක් . තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා.!!.(ස)

:       0       0

සර්ෆාස් Saturday, 11 August 2012 10:07 PM

මේ ළමයි දිහා බලනකොට කදුළු ‍එනවා...!!(නු)

:       0       0

ඉරේෂා එස් කුමාර Saturday, 11 August 2012 09:55 AM

ආදර්ශමත් වැඩක් (අ)

:       0       0

අනුර සිල්වා Monday, 13 August 2012 04:12 PM

ඔබට හැකි නම් ; ඔබගේ උපකාරය මොවුන් සදහාත් ලබාදෙන්න ..විස්තර මෙතනින් බලන්න http://www.facebook.com/handto.hand.355?ref=tn_tnmn (දී)

:       0       0

පාලිත Saturday, 11 August 2012 10:59 AM

ජීවිත කාලේ කරන්න පුළුවන් මහඟු පින්කම් මේවා .පිනට ප්‍රසිද්ධිය ගාවා නොගන්නවානම් තවත් හොඳයි.. (ස)

:       0       0

නිරාන් Saturday, 11 August 2012 11:04 AM

මේ අපේ පබා ළමයත් ඉන්නේ.. (ස)

:       0       0

සුරනිමල Sunday, 12 August 2012 12:48 AM

මේ දරුවන්ගේ සිනහව දකින විට අපේ සිත් තුලද ඇතිවෙන්නේ අපමණ සතුටකි .සුළුවෙන් හෝ උදව්වක් කිරීම ලොකු කුසලකි .අපේම දරුවනට පිවිතුරු සිතකින් සේවය කිරීමට මගේ පැතුම සංවිධානයට ශක්තිය සහ දිරිය ලැබේවා.මගේ පැතුම වෙබ් අඩවිය http://www.mywishcharity.org/ (දී)

:       0       0

අමිල Saturday, 11 August 2012 11:05 AM

පින් අතේ වැඩ (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 11 August 2012 11:06 AM

රත්තරන් චූටි පැටවුන් හා රෝගීන් සුවපත් වෙත්වා..! (ස)

:       0       0

වසන්ත සපුආරච්චි Saturday, 11 August 2012 11:10 AM

හැම දරුපැටියකුටම නිරෝගී සුව ලැබේවා..!! අපිට පුළුවං විදියට අපි මේ දරුවන් සතුටින් තියන්න ඕන.. මමත් මේ වගේ දෙයකට උදව්වක් කරන්න ඕන.. කරුණාකර විස්තර පළ කරන්න..!!(නු)

:       0       0

අනුර Sunday, 12 August 2012 02:32 AM

http://www.facebook.com/handto.hand.355?ref=tn_tnmn (නි)

:       0       0

ප්‍රියානි Saturday, 11 August 2012 11:16 AM

පින්සිදු වේවා.. (ස)

:       0       0

සුසිල් Saturday, 11 August 2012 11:47 AM

අහිංසක දරුවෝ ටිකක්. ලොකු පිනක්.. (ස)

:       0       0

අනුරි Sunday, 12 August 2012 08:23 AM

මෙහෙම හොද මිනිස්සුත් ඉන්නවනේ (දී)

:       0       0

සන්ජීව Saturday, 11 August 2012 12:24 PM

ඔබලාට උතුම් වූ නිවන් මගට යාමට මෙයම හේතු වාසනා වේවා.! (ස)

:       0       0

සුජිත් විතාරණ Monday, 13 August 2012 11:52 AM

වාසල "නමෝ බුද්ධාය !!!" මෙයට දායක වූ සියලුම දෙනාට "තෙරුවන් සරණයි !!!!!!!" (දී)

:       0       0

ගයා Friday, 10 August 2012 08:11 PM

මෙන්න මිනිස්සු .උතුම් වැඩක් .. උදාර සේවයක් ගැන රටට කිව්ව‍ ගොඩක් ස්තූතියි.......(ස)

:       0       0

සන්ජය Friday, 10 August 2012 08:16 PM

උතුම් ක්‍රියාවක්..රටට ආදර්ශයක්‍..(ස)

:       0       0

ලලිත් Saturday, 11 August 2012 12:36 PM

මේ ගැන කියන්න වචන නෑ.‍...නියමයි.. (ස)

:       0       0

අනුර Friday, 10 August 2012 08:21 PM

හරිම ආදර්ශමත් වැඩක්..සියළු දෙනාටම ගොඩක් පින්...(ස)

:       0       0

ෂෙරීෆ් Friday, 10 August 2012 08:25 PM

මෙම උතුම් ක්‍රියාවට අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු...සැමටම වාසනාවන්ත හෙට දිනක් පතමු....(ස)

:       0       0

සම්පත් Saturday, 11 August 2012 12:39 PM

මේ උතුම් කට යුත්ත දිහාත් ඉරිසියාවෙන් සහ ද්වේශයෙන් බලන අය ඉන්නවනේ.අනුන් කල හොඳ දේවල් දිහා බලා සතුටුවීමත් පින්කමක්. ඒවා දෙස ද්වේශයෙන් බැලුවහම අපේ සිත් දුෂණය වෙනවා. අපිට සිත් සතුටු කර ගන්න පුළුවන් කම තියෙද්දී මොකටද සිත් දුෂණය කර ගන්නේ. තමන්ට දෙයක් කරන්න බැරි නම් ඉරිසියා නොකර ඒවා බොරුවට විවේචනය නොකර ඉන්න පුළුවන් නම් එකත් හොඳ මිනිස් ගුණයක්. මම මේ සංවිධානය ගැන හොයා බැලුව. මේ අය නිහඬව පිළිකාවෙන් මිය යන දරුවන්ට සහ එම දරුවන්ගේ දෙමාපියන්ට බොහෝ උදව් කර තිබෙනවා. මෙතන ජරා දේශපාලනයක් නැති බව පේනවා. හැම ආගමකම පුජක තුමන්ලා ඉන්නවා.කුඩා දරුවෝ කැමතියි එයාල ටී. වී එකේ දකින අයව හැබවින්ම දකින්න.විශේෂයෙන් ලෙඩවෙලා දුකින් ඉන්නකොට කවුරු ආවත් කොච්චර සතුටුද? අනෙක තමන්ගේ උපන් දිනය දවසේ. ඔයාල මේ උතුම් පිංකම තව දුරටත් කරගෙන යන්න. අපිත් හැකි හැම ලෙසටම උදව් කරනවා.එහෙම උදව් කරන්න බැරි නම් ඉරිසියා කොකර බොරු විවේචන නොකර ඉන්නම්. ගිලනුන්හට උදව් කරන්නා බුදුන්ට උවැටන් කලා හා සමාන පිනක් ලබා ගනී. ඔබ සැමට බුදු සරණයි. (ස)

:       0       0

ප්‍රිමේසි Friday, 10 August 2012 08:36 PM

ඉතිමත්ම හොද වැඩක්. ඔවුන් සුව කිරීමට හැකි වේවායි පතනවා. (නි)

:       0       0

ප්‍රවීන් Saturday, 11 August 2012 12:49 PM

මේවගේ ලිපි පල කරනවට ලංකාදීපෙට ස්තුති (දී)

:       0       0

මනෝජ් Saturday, 11 August 2012 12:58 PM

හැම දරුවෙකුගෙම ලෙඩ සනීප වෙන්න ඕන ඉක්මනටම.. (ස)

:       0       0

මනෝජ් Saturday, 11 August 2012 01:05 PM

දෙවියන්ගේ බැල්ම ලැබෙන්න ඕන... (ස)

:       0       0

චමී Friday, 10 August 2012 09:07 PM

ඒත් හොඳ වැඩක් අහිංසක දරුවෝ

:       0       0

රුවන් Saturday, 11 August 2012 01:28 PM

මනුරි , මම තොරතුරු සොයා ගත්තා. http://www.facebook.com/MyWishFoundation වෙබ් අඩවිය- www.mywishcharity.org (නි)

:       0       0

සමන්ති Sunday, 12 August 2012 10:53 PM

ලොවේ උතුම්ම රටේ සිදුවන අපරාධයන් සැමදා අසන දකින අපට මෙම ක්‍රියාව මහගු තිළිණයකි. මෙය ආරම්භ කළ උතුම් ඔබ ඇතුළු අනෙකුත් සැමදෙනාට ශ්‍රී ලංකික අපගේ උපහාරය! මෙය මුළු ලොවටම හඬ ගා කිය යුතු උතුම් ක්‍රියාවකි. අප සැම වැඩියෙන් ප්‍රසිද්ධිය දිය යුත්තේ මෙවැනි ක්‍රියාවන් හටයි. අප වැඩි වැඩියෙන් මෙවැනි ක්‍රියාවන් අගය කළ යුතුයි. මෙවැනි ක්‍රියාවන්ට මුල්වන සහා දායකවන දරුවන් මෙලොවට බිහි කළ දෙමාපියන්ටත් මෙය පිනක් සහ ආඩම්බරයක්. අපෙත් ආයුෂ ගෙන ඔබ සැම දෙන බොහෝ කල් ජීවත් වේවා! මෙවැනි ක්‍රියාවන් තවත් මෙරට තුල කරගෙන යාමට දිරිය ලැබේවා! (නි)

:       0       0

සෙකුයුරිටි ළමයා-ළමා වාට්ටුව. Monday, 13 August 2012 12:34 PM

දේශපාලනය මේවගේ උතුම් දේවලින් ඇත්විය යුතුය.එත් එයාලට මේ වගේ පින්කම්වලට සහභාගිවෙන්න තහනම් නොකළ යුතුයි . මෙතැන ඉන්න මේ නෝනලා දෙන්නම කාන්තාවන් සහ දරුවන් ගැන කතා කරලයි මනාප අරගෙන පාර්ලිමේන්තු ගියේ.දැන් අපි බලමු මේ දෙන්නා මේ වැඩේට ඇවිත් එතන ඉන්න අසරණ අම්මල සහ දරුවන් වෙනුවෙන් මොකද කරන්නේ කියලා. අඩුම වශයෙන් එයාලගේ උපන්දිනේටවත් මේ දරුවන්ට කෙසෙල් ඇවරියක්වත් ගෙනිහින් දුන්නොත් මේ අයගේ පැමිණීමෙන් වැඩක් තියෙනවා.එතොකොට අපි දන්නවා මෙයාල එතනට ඇවිත් තියෙන්නේ හිත උණුවෙන කාන්තාවන් දෙදෙනෙකු ලෙස කියා. නැත්නම් ඔයාල කියනවාවගේ තමන්ගේ නමට ලකුනු දාගන්න. අනේ එහෙම නම් "මගේ පැතුම" සංවිධානය එයාලහේ "පැතුම්" ඉටුකරන සංවිධානයක් වේවි. සභාපති නෝනේ ප්‍රවේසමෙන්.!!!! ඔයත් මෙයාලගේ ඇසුරට වැටිලා මනාප පොරයට යනවා එහෙම නෙමෙයි .!!! (දී)

:       0       0

අජිත් Friday, 10 August 2012 09:13 PM

කොයි ඡන්දෙටද ඔයා එන්න හදන්නෙ.. මමත් තනියම දානයක් දුන්නා. ඒක මොකකවත් දැම්මෙ නම් නැහැ..!! (නු)

:       0       0

චාමික නිස්සංක Sunday, 12 August 2012 11:08 PM

සිනහව කඳුල අතරේ ලොව කැරකෙනවා.මල් වැනි කැකුළු අකලට පරවී යනවා.හදවත කඩා විසි කෙරුමට සිත් වෙනවා.මගෙත් ආයු ගෙන ඔබෙ දිවි සුරැකේවා. (ස)

:       0       0

සමන්ති Sunday, 12 August 2012 11:15 PM

මෙම ආයතනයේ සභාපතිනිය පිට රටක වාසය කරන තමන්ගේ රටට ආදරය කරන කෙනෙක් බව දැනගත්තා. ඇය පිට රට වාසය කරන සැමට හොඳ ආදර්ශයක්. ඇය හා සමඟ එකතු වී සිටින අනෙකුත් සියලුම සාමාජිකයින්ට අපගේ ආදරය සහ ගෞරවය හිමි විය යුතුය. ඔබ සැමට දෙවි රැකවරණය. (ස)

:       0       0

හර්ෂණි Sunday, 12 August 2012 12:30 PM

'මගේ පැතුම' මගින් තවත් දරුවන් දෙදෙනකුගේ උපන්දින පිළිකා රෝහලේ ළමා වාට්ටුවේදී පසුගියදා සැමරුවා.මේ දෙන්නගෙම උපන් දිනේ එකම දවසේ. හාමුදුරුනමක් වැඩම කරලා ඒ දරුවෝ දෙන්නට විතරක් නෙමෙයි වාට්ටුවේ සිටි හැම දරුවකුටම පිරිත් කියා සෙත් පැතුවා. තෑගිත් බෙදුවා. හාමුදුරුවොත් ඇස්වල කදුළු වහගන්න ලොකු උත්සහයක් ගත්තා. හැමෝටම හරිම සතුටුයි. එතනට ගිය මට හිතුණේ ජීවිතයේ කරපු ලොකුම පිංකම කරගත්තේ එදා කියලා.මේ ලින්ක් එකෙන් පින්තුර බැලුවොත් ඔයාලත් එක තේරුම් ගනීවි . http://www.facebook.com/MyWishFoundation වාටුවේ සිටින හැම ළමයකුගේම උපන් දිනයකට මෙහෙම කරන්න පුළුවන් ඔයාලගේ උපන් දිනේට ඔයාලත් තෑග්ගක් මේ අසරණ දරුවෙකුට යැවුවොත්. ලබන උපන් දිනේ අපි අලුත් විදිහට සමරමු. 'මගේ පැතුම' ඔයාල වෙනුවෙන් එය සංවිධානය කරාවි. මේ කටයුත්තට සහභාගී වූ සැමට බොහොම පිං. අනේකවාරයක් පින් සිදු වේවා.!!! (නි)

:       0       0

දුමින්ද Saturday, 11 August 2012 02:41 PM

මේවගේ කට්ටියටයි සම්මාන දෙන්න ඕනේ (දී)

:       0       0

චමින්ද Saturday, 11 August 2012 02:54 PM

ත්‍රිවිධ රත්නයේ පිහිටින් දරුවන් සියළු දෙනාම සුවපත් වේවා !! (ස)

:       0       0

ගත් Saturday, 11 August 2012 02:51 PM

අහිංසක දරුවන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. ඒ වගේම අහිංසකයන් වෙනුවෙන් කරපු මේ සත් ක්‍රියාවට ඔයගොල්ලෝන්ට ‍ගොඩක් පින්.. (ස)

:       0       0

අමිල කටුනායක Friday, 10 August 2012 10:44 PM

අනේ පැටවුනේ, මට ඔයාලා ගැන ඇති හැගීම විස්තර කරන්න වචන එන්නේ නැහැ. (නි)

:       0       0

නිමේෂා Saturday, 11 August 2012 03:15 PM

ඔබ සියලු දෙන මතු බුදු වෙනවා (දී)

:       0       0

ජේසන් Friday, 10 August 2012 10:51 PM

ගොඩක් අය මේ වගේ දේවල් කරනවා ප්‍රසිද්ධියක් නැතිව.. මේක මෙතන කරන ලද පළමු ආහාර ලබාදීම නෙමෙයිනෙ... (නු)

:       0       0

විදුරංග විතානගේ Friday, 10 August 2012 11:03 PM

අගය කළ යවුතු වැඩක්.. සල්ලි නාස්තිකරන කාටත් ආදර්ශයක්..!! (නු)

:       0       0

සම්පත් Saturday, 11 August 2012 01:18 AM

ඉතා අගය කළයුතු වැඩක්.මහා පින්කමක්.මේ අසරණ දරුවන්ට උපන්දිනේට මොනවාහරි ලැබෙනවිට කොච්චර සතුටු වෙන්න ඇතිද? අනෙක සමහර දෙමාපියන් මාස ගණනක් ළමයාව තියාගෙන වාට්ටුවේ ඉන්නවා. එහෙම වෙලාවට තමන්ගේ දරුවාගේ උපන්දිනේට මොකුත් කරගන්න බැරිව කොච්චර අසරණ වෙනවා ඇත්ද? ඒවගේ අම්මලාට මේක ලොකු සතුටක්. මගේ උපන් දිනේටත් මේ වාට්ටු හතරේම දරුවන්ට තෑගි සහ පළතුරු දෙන්න කැමතියි. එම උතුම් කටයුත්ත කරන සංවිධානයේ තොරතුරු පළකරන්නේ නම් ඔබටත් ඉතා පින් සිදුවෙනවා. (නි)

:       0       0

සමරකෝන් Saturday, 11 August 2012 01:27 AM

මෙම වැඩේට මගෙන් සුභපැතුම්..!! (නු)

:       0       0

සෝමා Sunday, 12 August 2012 04:14 PM

ඇයි දෙයියනේ, මේකටත් මේ දේශපාලනය ගාව ගත්තේ? (නි)

:       0       0

මලී Sunday, 12 August 2012 04:12 PM

දේශපාලනය නැතුව ඔයාලට කිසිම දෙයක් කරන්න බැහැ නේද? (නි)

:       0       0

රිෂාඩ් Sunday, 12 August 2012 04:12 PM

මෙච්චර හොද දෙයකටත් දේශපාලනය නැතුව බැරි වුණා නේද? (නි)

:       0       0

ප්‍රසාද් Saturday, 11 August 2012 04:47 AM

ඔබ සියලු දෙනාටම පින් (දී)

:       0       0

වසන්තා පල්ලියගුරු Monday, 13 August 2012 02:47 PM

මගේ පැතුම මගින් අගෝස්තු මස 01 වන දින සංවිධානය කරන ලද උපන්දින සාදයට මමත් සහභාගිවුනෙමි. මට ඒ අවස්ථාවේදී පුදුම සතුටක් ඇතිවුනේ හාමුදුරුවරු තුන්නමක් වැඩම කරලා හැම රෝගී දරුවකුටම සෙත් පැතුවා. රෝගී දරුවන්හරිම සතුටකින් එම අවස්ථාව සැමරුවේ.ඒයාලගේ රෝගී තත්වයත් අමතක වෙලා ගිහින්.මේ රෝගී දරුදැරියන් සියළු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (දී)

:       0       0

මනුරි ටොරොන්ටෝ Saturday, 11 August 2012 06:23 AM

මම උත්සාහ කළා මගේ පැතුම සංවිධානයේ තොරතුරු ලබාගන්න.. කරුණාකර සම්බන්ධවිය හැකි ආකාරයක් දක්වන්න.. මට අවශ්‍යයි ඒ අයට උදව් කරන්න..සෑම ළමයෙක්ම එයාගේ උපන්දිනයට කැමතියි.. තෑගිත් ඒ සමගම බලාපොරොත්තු වෙනවා.. (නු)

:       0       0

හර්ශණී දිසානයක Saturday, 11 August 2012 07:53 PM

ජේසන් මැතිතුමනි, මේක ඔබ හිතනවාට වඩා වෙනස් දෙයක්. ඕනෑතරම් අය පිලික රෝහලට දානේ දෙනවා.ඒක ඇත්ත . එත් මෙතන ක්‍රියාදාමය වෙනස්.මම එදා මේ වැඩසටහනට ගියා. මේ අය කරන්නේ වාට්ටුවල නේවාසිකව සිටින ඕනම ළමයකුගේ උපන් දිනයක් පැමිණි විට එම ළමයා මගින් වාට්ටුවේ සිටින සියලුම අහිංසක දරුවන්ට රසකැවිලි,පලතුරු සහ තෑගි බෙදා දෙනවා.එම ළමයින්ගේ දෙමාපියන්ටත් රසකැවිලි දෙනවා. මේක එකදවසක් විතරක් කරන එකක් නොවෙය්. කීමෝ තෙරපි ගන්න ළමයෙක් විඳින දුක ඔබ දන්නේ නැහැ.ඒවගේ දරුවෙකුට මේ වගේ දෙයක් කොච්චර වටිනවද? ඒවගේම මුළු සේසතම වියදම් කරන දෙමාපියන්ට දරුවාගේ උපන්දිනේට තෑග්ගක් අරන්දෙන්න වත්කමක් නැහැ.ඔබටත් දරුවන් ඉන්නවානම් වැටහේවි. අපිත් අපේ උපන් දිනයට පුළුවන් විදිහට එම අහිංසක දරුවන්ට උදව් කරමු.එදා එම අහිංසක දරුවන් ලබපු සතුට දැකල මගේ ඇසටත් කඳුළු ආවා. ඇත්ත හරියට නොදැන බොරු ලියන්න එපා. මිනිසුන් නොමග යැවීම ලොකු පවක්. ඔබට සතුටු වෙන්න බැරිනම් නිහඩව ඉන්න. බලන්න අනෙක් අය කොච්චර මේ පින්තුර දැකලා සතුටු වෙනවාද? හැම විටකම දුර්වලකම් දැකීම දුර්වල චරිතවල ස්වභාවයක්...(නු)

:       0       0

ආසිරු මීගහතැන්න Saturday, 11 August 2012 07:24 AM

ඉතා අගය කළයුතු වැඩක් මේ වගේ දරුවන් වෙනුවෙන් කරන්න තියෙනේ මේ වගේ දේවල් තමයි.. (නු)

:       0       0

තිලක් අබේවර්ධන Saturday, 11 August 2012 08:17 PM

මෙය උතුම් පින්කමක් !!! ඉතා අගය කළයුතු වැඩක් හැමටම ඉතා හොද ආදර්ශයක්.(නු)

:       0       0

බුද්ධික Monday, 13 August 2012 08:10 AM

අනේක වාරයක් පින්. අහිංසක දරුවන් වෙනුවෙන් කළ අගය කළ යුතු වැඩක්. (නි)

:       0       0

බුද්ධික Monday, 13 August 2012 08:15 AM

ඔබ සියලු දෙනා මතු බුදුවේවා! (නි)

:       0       0

ක්‍රිෂ් Saturday, 11 August 2012 07:51 AM

වැඩේනම් ගොඩක් හොදයි. ප්‍රසිද්ධිය බලගෙන නැතුව මේ වගේ වැඩ කරන අය ගොඩක් ඉන්නවා. මෙයා දේශපාලනයට එන්නද හදන්නේ. එහෙම නැත්තම් වටිනා වැඩක්. ප්‍රසිද්ධිය නොදී කලානම් ගොඩක් වටිනවා. (නු)

:       0       0

සුසන්ත Saturday, 11 August 2012 07:50 AM

පව් අනේ පුංචි පැටව් ටික..!! (නු)

:       0       0

සෙතුල් Saturday, 11 August 2012 07:57 AM

මැක්ස්......(ස)

:       0       0

මේනක ඉතාලිය Saturday, 11 August 2012 09:12 PM

මෙම වැඩේට මගෙන් සුභපැතුම්.!!(නු)

:       0       0

සංජීව Saturday, 11 August 2012 08:37 AM

අපිටත් ආසයි මේවගේ දෙයක් කරන්න (දී)

:       0       0

සරත් -නුවර Saturday, 11 August 2012 08:41 AM

ඇත්තටම අගය කල යුතු වැඩක් . එත් දරුවන්ගේ දෙමුපියෝ කොයි තරම් දුකක් උහුලනවා ඇද්ද . හැම දරුවෙක්ම ඉක්මනින්ම සුව වේවා !!!!!!!. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1523 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2032 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1519 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8594 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2475 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10521 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40125 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site