IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මගේ ප්‍රධාන අරමුණ වන්නෙ මෘදුකාංග ඉංජිනේරුවරියක් වීමයි

‘‘ඇත්තටම මම මේ ජනප‍්‍රිය කලාවට ආවේ අහම්බෙන්. පාසලේදී පවා මම තරමක් හෝ දක්‍ෂ වුණේ සංගීත අංශයටයි. ඉතින් නිරූපනය, රඟපෑමට කවදාවත් ඒවි කියලා නම් හිතුවෙ නැහැ. මියුසික් වීඩියෝවකට පෙනී සිටින්න කියලා මට අවස්ථාවක් ලැබුණා. ඒක ඇත්තටම අහම්බයක්. මගේ ඡායාරූප කීපයක් ෆේස්බුක් එකේ දැකලා ‘‘චමු ශ්‍රී’’ අයියා තමයි කතා කළේ. පෝල් අල්විස්ගෙ ‘‘ඔබ නැති දුක’’ ගීතයට තමයි පෙනී සිටියෙ. ඒකට මට හොඳ ප‍්‍රතිචාර ලැබුණෙ. එදා ඉඳලා දිගටම මියුසික් වීඩියෝවල රඟපෑමට ආරාධනා ලැබුණා.

මේ විදියට කලා ක්ෂේත‍්‍රයට පැමිණි ‘‘මියැසි සංදීපනී’’ අද රූපවාහිනී දැන්වීම් ක්ෂේත‍්‍රයට නැවතුව බැරි ශිල්පිණියකි. නමුත් වැඩි දෙනෙක් ඇය ගැන සොයන්නට බලන්නට විමසිලිමත් වූවේ හිරු නාලිකාව ඔස්සේ විකාශය වූ ‘‘වස්සානේ පේ‍්‍රමය’’ ටෙලි මාලාව නිසාය. එහි ‘‘ශාලින්‍යා’’ නමින් නපුරුම නපුරු චරිතයකට ඇය දායක වූවා. මේ විදියට මියුසික් වීඩියෝ, ටෙලි නාට්‍ය සහ දැන්වීම් නිරූපිකාවක ලෙස නිතර දකින්න ලැබෙන රුවක් වුවද, මේ මියැසි සංදීපනීගේ ජීවිතයේ ප‍්‍රධාන අරමුණ නම් මේ කිසි දෙයක් නෙවෙයි.

 

20160902Miyesi-1එහෙම නේද මියැසි?

මගේ ප‍්‍රධාන අරමුණ වන්නෙ මෘදුකාංග අංශයේ ඉංජිනේරුවරියක වීමයි. උසස් පෙළට පවා තොරතුරු තාක්‍ෂණ විෂයයට පෙනී සිටිය. සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවරියක වීමේ අරමුණ තිබියදී තමයි. අහම්බයකින් මගේ ජීවිතය වෙනත් පැත්තකට පෙරළුණේ.

 

ඒ කියන්නෙ දැන් ඒ අරමුණ නැද්ද?

දැනටත් තියෙන්නෙ ඒ අරමුණයි. නමුත් මියුසික් වීඩියෝ කලාවට ආ නිසා මගේ ජීවිතයට වැඩි වටිනාකමක් ලැබුණා. ඒ නිසා දිගින් දිගටම ලැබුණු ආරාධනා නිසා මේ ක්ෂේත‍්‍රයට මම අවංක වුණා. හැබැයි සොෆ්ට්වෙයාර් ඉංජිනියර් වීමේ අදහස තවම අත්හැරලා නැහැ.

 

මියුසික් වීඩියෝවලට අමතරව ඔබ පෙනී සිටි දැන්වීම් ගැන කිව්වොත්?

ඩයලොග්, HNB, CDB, කෝස්වේ පේන්ට්, මේ වගෙ ගණනාවකටම පෙනී සිටියා.

 

දැන් එතකොට ඔබගෙ වෘත්තිය රඟපෑමද?

තවම ඒක ප‍්‍රධාන රැුකියාව කරගත්තෙ නැහැ. අද මම අතිශය කාර්ය බහුල වෙලා නැහැ. ඒත් පසුගිය දිනවල ගෙදරවත් යන්න බැරි තරමට කාර්ය බහුල වුණා. ඒ නිසා කලාවේ ඒ නිර්මාණ ගැන හැර වෙන දෙයක් ගැන හිතන්න බැරි වුණා. දැන් මම මගේ ප‍්‍රධාන අරමුණ කරා යන්න  ඕනෑ. මුලින් ඉගෙනීම සාර්ථක කරගෙන පසුව ජීවිතයෙ එන විදියට මම තීරණය කරාවි.

 

කොහෙද මියැසිගෙ ගම?

මම උපන්නෙ මාතරදී. ඒත් හැදී වැඩුණේ සහ පාසල් ගියේ නුවරදී.

 

පාසල?

නුවර හිල්වුඞ් එකට ගියේ. පසුව  A/L කරන්න ජාත්‍යන්තර පාසලකට ගියා.

 

20160902Miyesi-2පාසල් ජීවිතය ගැන මතක් කළොත්?

පාසලේ අධ්‍යාපන කටයුතු වලට වගේම බාහිර කටයුතු වලට වැඩිපුර දායකත්වය ලබා දුන්නා. ක‍්‍රීඩාවලට සෑහෙන දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම විෂයයක් ලෙස සංගීතය කළා. එක්තරා අස්ථාවක සංගීතය නිසා ශිෂ්‍යත්වයක් පවා ලැබුණා. ඉන්දියාවේ රවීන්දනාථ ථාගෝරයන්ගේ සංගීත සරසවියට ගොස් ඉගෙන ගැනීමේ අවස්ථාවක් අපේ පාසලේ ශිෂ්‍යාවන් කීප දෙනෙකුට හිමිවුණා. ඒ අතරට මාත් ඇතුළත් වුණා. එය ජීවිතයේ ලොකු අවස්ථාවක් කිව්වොත් හරි.

 

දැන් මේ දවස්වල ‘‘මියැසි’’ මොනවද කරන්නෙ?

මේ දිනවල ටෙලි නාට්‍ය හතරක විතර වැඩ බාර ගෙන තියෙන්නෙ. එයින් දෙකකට රූගත කිරීම් සඳහා යනවා. රඟපෑ ටෙලි නාට්‍ය 4ක් විතර විකාශයට නියමිතයි.

 

මියැසිගෙ පවුලේ විස්තර කිව්වොත්?

අපෙ අම්මා විදෙස් ගතව සිටින්නෙ. තාත්තා සිටියෙත් විදෙස්ගතව. ඒත් දැන් මේ දිනවල ලංකාවේ. අපේ අයියත් විදෙස්ගතව සිටින්නෙ. අක්කා ලංකාවේ. අයියයි අක්කයි දෙන්නම විවාහකයි.

 

දැන් ඊළඟට මියැසිගෙ විවාහය?

අපෝ තවම අවුරුදු 22යි. මගේ ඉගෙනීම තමයි ප‍්‍රධාන අරමුණ. හැබැයි ඉතින් යෝජනා නම් බොහෝමයි. ඒත් තවම ඒ ගැන හිතන්න බැහැ. නිදහසේ සිටින තරමට අධ්‍යාපනය ගැන සැහැල්ලූවෙන් මනස යොදන්න පුළුවනි.

 

මියැසිට හොඳට ගීත ගයන්න පුළුවනි නේද?

මම ඊටත් වඩා සිංදු අහන්න ආසයි. හොඳ ගීත රසිකාවියක්. මේ දිනවල නිතර අහන්න ලැබෙන ‘‘වෙන් වී ගියත් පෙරදා’’ ගීතයට හරිම ආසයි.

 

කවුද වෙන් වී ගියේ?

කවුරුවත් නැහැ. මම ඒ ගීතයට හරිම ආසයි?

 

මියැසි ඔබ ගීතයක් වගේ සෞම්‍යයිද? නැත්නම් කුණාටුවක් වගේ රළුද?

මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. මගේ යාළුවෝ කවුරුහරි අමාරුවේ වැටෙන්න යනවා නම් මම ඊට වහාම මැදිහත් වෙලා එයින් එයාව බේර ගන්න හදන කෙනෙක්. අසාධාරණයේදී එය දැක දැක නිකම් ඉන්නේ නම් නැහැ. ආසාධාරණයට තදින්ම විරුද්ධයි. එතකොට නම් සුළි සුළඟක් වගේ ක‍්‍රියාත්මක වේවි.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

20160902Miyesi-3 20160902Miyesi-4 20160902Miyesi-6



අදහස් (0)

මගේ ප්‍රධාන අරමුණ වන්නෙ මෘදුකාංග ඉංජිනේරුවරියක් වීමයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 211 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 652 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1142 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 160 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 683 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 791 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site