IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


මගේ පළමු සිනමා රංගනය මේ වසරේදී දැකගන්න පුළුවන්

2017-01-12-ent-62

"ආදරය ගින්දරක්" ටෙලි නාට්‍යයේ "උපේක්ෂා" ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් දුෂේනි මියුරංගි තවත් නොබෝ දිනකින් අලුත් ටෙලි නාට්‍යයක් තුළින් රසික ඔබ හමුවීමට නියමිතය. ඒ ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කළ "නිසල සඳ ඔබ" ටෙලි නාට්‍යය තුළිනි. කලකට පසුව "තරුණයා" තරු කතාබහට එක්වූ දුෂේනි සිය අලුත්ම ටෙලි නාට්‍යය රංගනය හා ඉදිරි කලා නිර්මාණ පිළිබඳ තොරතුරු පැවසීමට %තරුණයා^ සමග මෙලෙස එක්වූවාය.

 

මේ දිනවල ඔබව අපි අලුත් ටෙලියක දකිනවා?

2017-01-12-ent-63ඔව්, ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කළ "නිසල සඳ ඔබ" ටෙලි නාට්‍යය තුළින්. මා මුලින් රඟපෑ "ආදරය ගින්දරක්" ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළ උපුල් ජයසිංහ මහතා ඇතුළු "නිල්වලා" කණ්ඩායම තමයි "නිසල සඳ ඔබ" ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. මේ ටෙලි නාට්‍යය ජනවාරි 20 වැනිදා සිට හිරු රූපවාහිනි නාලිකාව තුළ විකාශය වෙනවා.

 

අලුත් ටෙලියේ ඔබේ චරිතය දිග හැරෙන්නේ?

මේ දිනවල මෙහි ප්‍රචාරක පටයක් විකාශය වෙනවා. එහි මා දමිළ තරුණියක් සේම කෙළිලොල් දඟකාර තරුණියක් ලෙස ද්විත්ව චරිත නිරූපණය කරමින් රංගනයේ යෙදෙනවා. ප්‍රේක්ෂකයාට කුතුහලය පිණිස තමයි එම ප්‍රචාරක පටය නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් සෑබැ ලෙසම "නිසල සඳ ඔබ" ටෙලි නාට්‍යයේ මා රංගනයේ යෙදෙන්නේ "පංචලි" කියන කෙළිලොල් දඟකාර තරුණිය විදිහටයි.

 

හැමදාමත් අහිසංක පෙම්වතිය වෙන්නද බලාපොරොත්තුව?

දැනට නම් අදහස තියෙන්නේ අහිසංක පෙම්වතිය විදිහටම රසිකයන් අතරට යන්න. බොහෝ ආරාධනා ලැබුණා විවිධ චරිතවලට දායක වෙන්න. නමුත්, තවමත් මම අහිසංක පෙම්වතියගේ චරිතයට සීමාවෙලා වැඩ කරන්න කැමතියි. %උපේක්ෂා^ චරිතය හා අලුත් ටෙලියේ %පංචලී^ කියන චරිතය ගත්තොත් එය එකිනෙකට වෙනස්. මම කැමතියි අහිසංක පෙම්වතිය චරිතය තුළ යම් වෙනසක් කරන්න.

 

"උපේක්ෂා" කියන චරිතයට තවමත් ප්‍රතිචාර නම් අඩුවෙලා නැහැ නේද?

නැහැ. තවමත් බොහෝ දෙනෙකු මාව අඳුන්වන්නේ "උපේක්ෂා" විදිහට. මම දකින විදිහට එවැනි චරිතයක් හරහා මුලින්ම රඟපාන්න ලැබුණ එක මගේ කලා ජීවිතේ මා ලැබූ ලොකුම වාසනාවක් කියලා මට හිතෙනවා. විකාශය වෙන්න නියමිත %නිසල සඳ ඔබ^ කියන ටෙලි නාට්‍යයේ %පංචලී^ කියන චරිතයටත් එවැනි ඉහළ රසික ප්‍රතිචාර ලැබෙයි කියලා මා විශ්වාස කරනවා.

 

දුෂේනිට චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා නේද?

ඔව්, පසුගියදා මෙහි මුහුරත් උලෙළ පැවැත්වුණා. නමුත්, තවමත් චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ආරම්භ කරලා නැහැ. ඒ හින්දා ඒ සම්බන්ධව වැඩි විස්තර ඉදිරියේදි කියන්නම්.

 

"නිසල සඳ ඔබ" ටෙලියෙන් පස්සේ?

තවත් ටෙලි නාට්‍යය කිහිපයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධව තොරතුරු තවම මට විස්තරාත්මකව පැහැදිලි කරන්න බැහැ. "නිසල සඳ ඔබ" ටෙලියෙත් තවමත් රූපගත කිරීම් කරලා තියෙන්නේ කොටස් 15ක් විතරයි. ඉදිරියේදී මේ ලැබුණ ආරාධනත් එක්ක ටිකක් විතර කාර්යබහුල වෙන්න වෙයි කියලා හිතනවා.

 

මේ වැඩ කටයුතුත් එක්ක අධ්‍යාපන කටයුතු මඟහැරෙයිද?

දැනට මම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව හදාරනවා. පසුගිය කාලයේ නම් අධ්‍යාපන කටයුතු ටිකක් විතර මඟ හැරුණා. නමුත්, දැන් ආයෙත් ඒ වැඩවලට වැඩි දායකත්වයක් ලබාදීලා තියෙනවා. කොහොම වුණත්, මේ ගෙවිලා යන්නේ මගේ අධ්‍යාපන කටයුතුවල අවසන් අදියරය.

 

උදාවූ අලුත් අවුරුද්දේ දුෂේනිගේ බලාපොරොත්තු?

ගොඩක් තියෙනවා. එකක් තමයි මගේ පළමු චිත්‍රපටයට දායක වෙන එක. ඊට අමතරව "පැජනට්" එකක් සඳහා දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් ආරාධනා ලැබිලා තියෙනවා විදෙස් රටක තියෙන "පැජන්ට්" එකක් සඳහා ඉදිරිපත් වෙන්න. ඒ එක්කම කලා නිර්මාණවලටත් මේ උදාවුණ නව වසරේදී වැඩි කාලයක් යොමු කරන්න අදහස් කරමින් ඉන්නවා.

 

2017-01-12-ent-65
2017-01-12-ent-64



අදහස් (0)

මගේ පළමු සිනමා රංගනය මේ වසරේදී දැකගන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 894 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 137 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 328 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 473 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2163 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4214 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site