IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මෙගා බයිට්‘ බයිට් වෙයි

මිහිර සිරිතිලක නළුවා සාපරාධි බිය ගන්වා ඔහුගේ බිරියගෙන් මුදල් කොල්ලකෑමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවූ සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ජේ.එම්. ජයසුන්දර මහතා ඉදිරියේ පැවැති හදුනා ගැනීමේ පෙරෙට්ටුවේදී නළුවා  විසින් හදුනා ගනු ලැබීමෙන් පසු  ශරීර ඇප මත මුදා හරින ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්    ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා  නියෝග කළේය.

රංගන ශිල්පීන් වන ඩබ්ලිය.එස්. පැට්‍රික් මයුර සහ ඩබ්ලියු. චරිත් කාන්චනමාල ප්‍රනාන්දු යන දෙදෙනා මෙසේ හදුනා ගනුලැබූ සැකකරුවෝය. පෞද්ගලික  රූපවාහිනි නාළිකාවක වැඩ සටහන් ඉදිරිපත් කරන්නකු වන රිමාන්ඩ් බාරයේ පසුවූ සෙසු සැකකරු   එස්.එච්.සුනෝජ් ප්‍රනාන්දු   හදුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරනු ලැබුයේ නැත.

කොන්දේසි සහිතව පැමිණිල්ල සමථයට පත්කර ගැනීමට පැමිණිලි පක්ෂය ඉදිරිපත්ව ඇති බවද අධිකරණයේදී කියවිණි. පැමිණිල්ල විභාග කළ කොච්චිකඩේ පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට වැඩිදුර කරුනු වාර්තා කළේය.

 වැඩිදුර විභාගය දෙසැම්බර් 10 වැනිදාට කල්තබනු ලැබීය.

රූපවාහිනී නාලිකාවකින් විකාශය වන ‘මෙගා බයිට්‘ නම් වැඩසටහනකින් මිහිර සිරිතිලක මහතා අපහසුතාවට පත් විණැයි මේ නඩුව පවරා තිබිණි.



අදහස් (0)

‘මෙගා බයිට්‘ බයිට් වෙයි

පාලින්ද Thursday, 12 September 2013 02:08 PM

ලෝකේ හිනස්සන මෙගා බයිට් (දී)

:       0       0

චරිත සේරසිංහ ස්විස් Thursday, 12 September 2013 02:11 PM

සමහර නාලිකාවල ඔවුන් විහිලු දමනකොට ඔවුන්ම හිනාවෙලා,තව කලින් පටිගත කරපු සිනහවක් දමලා ඔවුන්ම සන්තෝෂ වෙනවා (නි)

:       0       0

නිමර්ශන උබේසිරි Thursday, 12 September 2013 02:18 PM

ඕනෑම කෙනෙක් ඔය වගේ වුනාම හරියට අසරණ වෙනවා . මොවුන්ව ටීවි එකට ගෙනාපු අයට ගහන්න ඕන. (ස)

:       0       0

ලලිත් Wednesday, 18 September 2013 11:05 PM

සමතයකට පත්වීම මෙවැනි අයට උඩගෙඩි දීමකි. උපරිම දඬුවම් දීම මිස සමාදානය අනුමත නොකරමි. එසේ කලොත් පමණි ඉස්සරහටවත් අනෙක් අය හැදෙන්නේ . මෙවැනි අමන වැඩ කරන කාට උනත් උපරිම දඬුවම් ලබාදිය යුතුමය. මිනිසුන් වේදනාවට පත්කොට සිනාසීමට තරම් අප ජාතිය පහත වැටී තිබීම කනගාටුවකි. (අ)

:       0       0

ප්‍රනාන්දු Friday, 13 September 2013 07:26 AM

ඕව ඉතින් ගොන් වැඩ තමා....දැන් ඔක්කොම ඇතුලට වෙලා මෙගා බය්ට් රගපානවා ඇති .(අ)

:       0       0

අමල් Thursday, 12 September 2013 02:57 PM

මට මතක් වුනේ නවක වදේ. අන්න උන්ට නම් මේවා විහිලු. (ස)

:       0       0

මදුසංක Thursday, 12 September 2013 07:23 PM

මෙගා බයිට් හොදයි එත් මෙතැනදී සීමාව ඉක්මවා ගියා. කවුරු කොහොම කීවත් වැඩසටහන් ඉදිරිපත කරන සෑම කෙනෙකුටම නිසි පුහුණුවක් දිය යුතුයි. (දී)

:       0       0

නාත් රණසිංහ Thursday, 12 September 2013 03:16 PM

ඉතින් කමල්, වෑන් වලින් ගිහින් උස්සන එකත් ලංකාවේ සංස්කෘතියේම කොටසක් තමයිනේ. (නි)

:       0       0

කුමාර Thursday, 12 September 2013 07:34 PM

මෙගා බ්යිට් තුල තියෙන්නෙ පර පීඩක කාමුකත්වය .මේක මානසික රෝගයක් (දී)

:       0       0

සදේශ් Thursday, 12 September 2013 07:51 PM

මෙගා බයිට් වැඩසටහන බයිට් වුණා.. (දී)

:       0       0

ගවේෂ් Saturday, 14 September 2013 02:16 PM

මෙවැනි ඉතාමත් බරපතල ලෙස දුර දිග නොයන විදියට එම අවස්ථාවට සම්බන්ද වන පුද්ගලයට හානියක් නොවන පරිදි සිදු කල යුතුයි.(නදී)

:       0       0

චන්දි Friday, 13 September 2013 08:58 AM

දෙසැම්බර් 10 වෙනිදාට මිහිරි කියයිද දන්නැහැ !!! ඔන්න මම උබලව බයිට් කරා කියලා (නැත්නම් අවසානයේදී මයික් එකක් අරන් මිහිරි අහවිද දන්නැහැ මොකද මේ වැඩසටහන ගැන හිතෙන්නේ ,ඇත්තටම ඔයා බයිට් උනාද කියලා ) (ස)

:       0       0

ලසන්ත Thursday, 12 September 2013 03:41 PM

ජාතික නාලිකාවකින් නම් මේ වගේ මිනිසුන් අපහසුතාවයට පත්වන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ නැහැ ........මේවා හරියන්නේ මෝඩයන්ට....... දැන් තේරෙනවා නේද? ජාතික නාලිකාවක තියෙන ප්‍රමිතිය.......(දී)

:       0       0

පොඩි පුතා Thursday, 12 September 2013 03:42 PM

ඒ නාලිකාව නිකං බයිට් උනා (දී)

:       0       0

සදීප Thursday, 12 September 2013 03:43 PM

මේ මෙගාබයිට් කට්ටියට හොද දඩුවමක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මුළු ටීවී නඩයම ගිගාබයිට් වෙයි (නි)

:       0       0

අසෝක Thursday, 12 September 2013 03:50 PM

මේ සිද්ධියෙන් පස්සේ මමත් මේ වැඩසටහන බැලුවා. කිසිම කමකට නැහැ වැඩිහරියක්. අනේ! පොඩි ළමයෙකුට ඉගෙන ගන්න දෙයක් ,වැඩිහිටියෙකුට මොලේට ගන්න දෙයක් ඔය එක ටිවී චැනල් එකක හරි දානවද? (නි)

:       0       0

මිනිපෙ Thursday, 12 September 2013 08:32 PM

අපේ අයියලා පිටරට වැඩසටහන් කොපි කරලා,ඔහේ කරනවා. හැම දෙයකටම, සීමාවක් හා රතු ඉරක් තිබෙනවා.ඒ නිතිය ආරක්ෂා කරන්න.(නදී)

:       0       0

ඇල්ෆා Thursday, 12 September 2013 03:54 PM

මිහිර කියපු විදියට එයාගේ අම්මට හෝ එයාගේ බිරිඳට මොනවහරි වුණා නම් මොකද කරන්නේ ? සල්ලි වලින් ගන්න පුලුවන්ද ජිවිතේ? (නි)

:       0       0

ලකී Friday, 13 September 2013 09:38 AM

කිසි වැඩකට නැති වැඩ සටහනක්. (නදී)

:       0       0

විරාජ් Monday, 16 September 2013 10:47 PM

මේවගේ දේවල් තියෙන්නත් ඕනි.. මේක ටිකක් බරපතල සීන් එකක් . එකයි අව්ල් ... සමහර නාලිකා වලින් අනුන්න්ගේ කුණු අදිනවා . මේ වගේ වෙනස් දෙයක් කරන එවන්ට මඩ ගහනවා. මිහිර අහිංසක නළුවෙක් . එක ඇත්ත.. එත් මෙතන තියෙන්නේ යටින් යන සීන් එකක් (අ)

:       0       0

අශෝක Thursday, 12 September 2013 11:16 AM

තුට්ටු දෙකේ මදිය ,,,,අනේ මන්ද මේ විගඩම් අපිටත් බලන්න උනානේ (දී)

:       0       0

අමිල කටුනායක Thursday, 12 September 2013 11:22 AM

මිහිරට අමිහිරි අද්දැකීමක් (දී)

:       0       0

සඳරුවන් Thursday, 12 September 2013 11:25 AM

දැන් ලංකාවේ පෙන්නන හැම රියැලිටි වැඩසටහනක්ම පිටරට රූපවාහිනී චැනල් වලින් කොපි කරපුවා. ලංකාවේ නිර්මාණ යට යනවා. කිසිම හැදියාවක් සංවරයක් නෑ මේ රියැලිටි ටීවී වැඩසටහන් වල. (ස)

:       0       0

ඩොනල්ඩ් Thursday, 12 September 2013 11:33 AM

මෙගා බයිට් .. අතින් කයිට්..!! (ස)

:       0       0

පිටිගල Thursday, 12 September 2013 09:57 PM

කිසිම තේරුමක් නැති තුට්ටු දෙකේ බහුබූත මල විකාරයක් විතරයි.හැබැයි පහත් රුචිකත්වයෙන් නරබන්නන්ට, ගැලරියට නියමයි. (දී)

:       0       0

දමින්ද Thursday, 12 September 2013 11:35 AM

විහිලු නොවෙයි මේවා

:       0       0

වරුණ Thursday, 12 September 2013 11:39 AM

අපේ රටවල් වලට මේ වගේ වැඩ සටහන් ඔබින්නේ නැහැ?ඕව යුරෝපයටනම් ඔබිනවා එමිනිස්සු සල්ලිවලට කරන්න දේවල් නැතුව ඉන්නේ?අපේ රටේ මිනිස්සු පොඩි පීඩනයකින්ද ජීවත් වෙන්නේ?ඔය වැඩෙන් බය උන බය විල්ලට ඒ මනුස්සය හාට් ඇටක් එකක් හැදිලා මලනම් අන්තිමට සොරි කියල වන්දියට පොඩි ගානක් දීල මට මුකුත් මතක නැහැ කියල ශේප් වෙයි (දී)

:       0       0

මංචා Thursday, 12 September 2013 11:50 AM

මේ වැඩේ නම් කිසි සේත්ම අනුමත කරන්න බැහැ (දී)

:       0       0

කමල් Thursday, 12 September 2013 11:58 AM

අන්තර්ජාලය හරහා මේ කියන මෙගාබයිට් එකේ කොටස් කිහිපයක් බැලුවා යුරෝපයේත් හාස්‍ය උත්පෝදක වැඩසහටන් තියනවා, ඔවුන් හාස්‍යයට ලක්වන්නාගේ ආත්මය නැති කරන්නේ නැහැ. තමන්ගේ සංස්කෘතියට ගැලපෙන්න තමයි වැඩසටහන හසුරවන්නේ. අවශ්‍ය සම්පත් හොදට භාවිතා කරනවා.

:       0       0

සත්‍යපාල Thursday, 12 September 2013 12:12 PM

මෙලෝ හසරක් නොදන්නා එවුන් රූප පෙට්ටි වලට, වැර්ලස් රේඩියෝවට, පත්තර කන්තෝරුවලට රිංගලා මුන්ගේ ඔළු ගෙඩි වලට එන ඕනෙම දෙයක් නව නිෂ්පාදනයක් කියලා එලියට දාල රට විනාශ කරලා ඉවරයි.මට වෙලාවකට හිතෙනවා මේ රට ගොඩ ගන්න බැරි තරමට ගොඩක් දුර ගිහින් නිසා ඉතිරි ටිකත් විනශ වෙන්න අපිත් මොන මොනවහරි පිස්සු ටිකක් නටලා විනාසේ ඉක්මන් කරන එක හොඳඳ කියලා. හරියට අර බේරගන්න බැරිම දුක් විදින ලෙඩෙක් මැරෙන්න ඉන්ජක්ෂන් එකක් ගහනවා වගේ.ඇයි කරන්නෙම පිස්සු වැඩනේ.මේ රටේ මිනිස්සු..තනිකර කෙලින්නේ පිස්සු.....// (ස)

:       0       0

චින්තක Thursday, 12 September 2013 12:16 PM

නැවත තිබ්බොත් බලාගෙනයි (දී)

:       0       0

රාජා Thursday, 12 September 2013 12:20 PM

මොකෙක්වත් නොකරන මෝඩ වැඩ ආයුබෝං

:       0       0

පිටිගල මිලානෝ Thursday, 12 September 2013 12:22 PM

ප්‍රේක්ෂකයන් ආදරේ කරන නළු නිළියන්ට හාස්‍යය මුසුවූ නොසිතු අපහසුකාරී අවස්ථාවන්ට මුහුණ දෙන්න ඉඩ සලසමින් කරන වැඩ සටහන් ලෝකයේ ඉතාමත්ම ජනප්‍රියය. නමුත් 'මෙගා බයිට්' නමැති වැඩ සටහන මේ පිලිබඳ 'මෙලෝ හසරක්' නොදන්නා නුපුහුණු පිරිසක් කරන, ඔවුන්ම බයිට් වෙමින් තම මෝඩකම එම වැඩසටහන බලන මෝඩයින්ට පෙන්වන වැඩසටහනකි. මිහිරි සිරිතිලක කෙසේ වෙතත් ඔහුගේ 'රෝම කූපයක්' වත් මෙම වැඩ සටහනින් පෙන්වීම උසස් රංගන ශිල්පියෙකුට කරන අපහාසයකි. (මෙම සිද්ධිය වාර්තා වීමෙන් පසු මම මෙම වැඩසටහන් කීපයක් නැරඹුවෙමි). (දී)

:       0       0

දමයන්ති Thursday, 12 September 2013 12:22 PM

මෙතුමා කල මේ වැඩේ මම හද පතුලෙන්ම අගය කරනවා. නඩු දාන්න තිබ්බේ මිරත් ඉස්සර මහත්තයෝ (දී)

:       0       0

ජයන්ත Monday, 16 September 2013 06:08 AM

මේ වගේ චැනල් තහනම් කරන්නේ නම් මැනවි . මේ චැනල් එක මීට කලිනුත් අද බාල වැඩක් කළා .මේවා බලන අයටත් මොලේ කචල්.(නදී)

:       0       0

සේරම් Thursday, 12 September 2013 12:27 PM

ඔය කියන නාලිකාව තුට්ටු දෙකේ වෙඩසටහන් කරන්නේ . එකේ නිවේදක නිවේදිකාවන් බොහොම අමාරුවෙන් විහිලු කරගන්නවා .පසුබිමින් යන සිනහව පටිගත කරපු එකක් වාදනය කරන ගමන් . රටේ සංකෘතිය කන නාලිකාවක් . සල්ලි ගෙවනවා එක අසනවට . මේවට තමා මෙගා බයිට් කියන්නේ

:       0       0

වරුණ Thursday, 12 September 2013 12:29 PM

මේ නාලිකා දුවන්නේ කගේ සල්ලි වලින්ද කියල දන්නවනේ?අනික යුද්ධේ කලේ වැරදි පුවත් කියල මුළු මාද්‍ය ජාලයම තහනම් කරා.මේ මාද්‍ය ජාලයම වැහුන කියන්නේ තමන්ගේ අවසානය බව දැනගත් නිසා පොඩි බල්ටියක් ගහල ගොඩ දා ගත්ත අන්න එහෙම මාද්‍ය කලාවක් තමා තියෙන්නේ? (දී)

:       0       0

චාමර Thursday, 12 September 2013 12:37 PM

මේව මොඩ සතුටු ,දෙයක් කරන්න බැරි උන්ට තැන දුන්නම මේවගේ දේවල් වෙනව.කොහේහරි දැකපු විගඩමක් මෙහෙත් නටන්න යනව.(දී)

:       0       0

සම්පත් Thursday, 12 September 2013 12:39 PM

අවංකවම කිව්වොත් මේ වැඩසටහන බලලා අපි ගොඩක් සතුටු වෙලා තියනවා. මෙගා බයිට් කියන්නේ ඒකේ එක අංගයක් පමණි.සීමාවට වැඩියෙන් ගියහම ඕක තමා වෙන්නේ. (ස)

:       0       0

දර්ශන Thursday, 12 September 2013 12:42 PM

මෙවැනි දේවල් පොදුවේ අනුමත කිරිමට නොහැක.මන්ද එය හුදෙක් පුද්ගලිකත්වයට හානි වන අයිරින් කිරිම වැර්දිය (දී)

:       0       0

ෆර්සානා Thursday, 12 September 2013 12:51 PM

සම්පත් කියන්නේ සම්පුර්ණයෙන් ඇත්ත. (ස)

:       0       0

මංගල Thursday, 12 September 2013 11:37 PM

මෙගා බයිට් එකෙන් දේශපාලන වාසි ගන්න බැරිද

:       0       0

ප්‍රදීප් Thursday, 12 September 2013 12:54 PM

මේ වගේ වැඩසටහන් මේ වන කොට සෑම රටකම විකාශනය වෙනවා. නමුත් මේ වගේ ලොකු වෙලාවක් ඒ සඳහා ගත කරන්නේ නැ. ඇත්තටම කලාකරුවන් මේ වැඩසටහනින් ගොඩක් අපහසුතාවයට පත්වෙනවා.. දෙයක් දරාගන්න බැරි දෙමාපියන් අපි අතර ඉන්නවා.. ඇත්තටම මේ වගේ දෙයකින් ඒ අයගේ ජිවිත බයිට් කරන්න හොඳ නෑ. (ස)

:       0       0

ධම්මි Tuesday, 17 September 2013 02:11 PM

මිහිර නිවැරදිම තීරණය අරගෙන තියෙන්නේ , මිහිරට මගෙන් මල් මිටක් (නි)

:       0       0

සුපුන් Thursday, 12 September 2013 01:07 PM

මහා මෝඩ වැඩ, කිසිම හරයක් නැති දේවල්..... (ස)

:       0       0

ප්‍රසන්න Thursday, 12 September 2013 05:33 PM

"අනුන්ට කළ දේ තමන්ට පල දේ....." (නි)

:       0       0

ප්ස්න්ප්.සරම් Monday, 16 September 2013 01:30 PM

මටනම් නිකන් පිස්සුවගේ මෙය....... (දී)

:       0       0

සුනිල් Thursday, 12 September 2013 01:12 PM

නියම මෙගා බයිට් එක දැන්නේ තියෙන්නේ... නිෂ්පාදක, අධ්‍යක්ෂක සහකරුවෝ ඔක්කොම කූඩුව ඇතුලේ එකට රඟපානවා ඇති. (දී)

:       0       0

උපුල් Thursday, 12 September 2013 01:14 PM

ඇත්තටම මේ නාලිකාව ප්‍රවර්ධනය කරන්නේ රටට නොගැලපෙන දේවල්. අපේ සංස්කෘතියේ තව කෙනෙක්ට රිද්දල හිනා වෙන දේවල් අනුමත කරන්නේ නැහැ. (දී)

:       0       0

අජා-කැනඩා Sunday, 15 September 2013 07:31 PM

මෙගා බයිට් කරන අයයි, බලන අයයි, හිංසා විදින අයයි ඔක්කොම අපායේ. විහිලුවට නාන තැනකදී මිතුරාගේ ඇඳුම් හංගුවා නම් පෙරේත ලෝකේ ඇදුම් නැතිව උපන් හැටි ලෝවැඩ සගරාවේ ඇති කියවා බලාගන්න. බුදු හිමිට හොන්ද කල නොහැකි හිසේ ඇම්ම හැදුන හේතුව කියවා බලන්න.

:       0       0

රකිත් Tuesday, 17 September 2013 07:21 AM

අද රටේ රුපවාහිනී නාලිකාවල පෙන්වන බොහෝ දේවල් මෙගා බයිට් තමයි. සමහර ටෙලි නාට්‍ය, වැඩ සටහන් මෙලෝ රහක් නැහැ. මේ තරම් රසිකයින්ගේ රසඥතාවයට හානි සිදුවූ කාලයක් මතක නැත. සමහර වැඩ සටහන්වල ඉදිරිපත් කරන සෘතියෙන් තොර ගායනා බලන විට, මේ කියන්නේ සින්දුද නැතහොත් කවිද යන්න විටෙක සිතේ. සමහර වැඩ සටහන් ඉදිරිපත් වන්නේ සිංහල කැවූ කැඩිච්ච ඉංග්‍රීසියෙනි. එහි, සිංහලත් වැරදියි, ඉංග්‍රීසිත් වැරදියි. සමහර රුප රාමුවලින් පෙන්නන්නේ ගීතයේ තේරුමට හාත්පසින් වෙනස් දෙයකි. (නි)

:       0       0

ජයසූරිය Thursday, 19 September 2013 12:23 PM

කිසියම් කෙනෙකුට හානිකර දෙයක් විකාශය කිරීමෙන් එම නාලිකාව පහත් පෙලේ නාලිකාවක් බවට පත්වේ. (නි)

:       0       0

මංගල කොලොන්නාව Friday, 13 September 2013 04:38 PM

පිටිගල කිව්වා වගේ මේවා හොඳ ලාබාල නුගත් ගැලරියට සහ පහත් පෙලේ රුචිකත්වයක් තිබෙන අයට . අනුන්ගේ දේවල් කොපි කරන විදියක් තියෙනවා . බයිට් කිරීමේත් ප්‍රමිතියක් තියෙනවා . මෝඩයන්ට රුපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාවල රැකියා දුන්නම ඇති වන ප්‍රතිපල. (ස)

:       0       0

බොස්ටන් වික්‍රම Monday, 16 September 2013 07:17 PM

ඔවුන් පෙරට වඩා මෙගා බයිට් යැයි කියා අමුතුම බයිට් එකක් කරති (නි)

:       0       0

ඉන්දු යු කේ Thursday, 12 September 2013 01:49 PM

සත්‍යපාලගේ කතාවත් හරි බලාගෙන යනකොට. ඒත් අපේ රට ගැන දුකයි. මේ සමහර මාධ්‍ය රට කනවා හරි හරියට. මේවට වග කියන්න ඕන ඒ ආයතන වල ලොකු පුටු වල ඉන්න අය... කෝ දැන් ඉස්සර තිබුණු විනය සහ මාධ්‍ය සදාචාරය??? (දී)

:       0       0

ප්‍රතිනි Thursday, 12 September 2013 06:28 PM

පිස්සන්ට රස්සා දුන්නාම ඒවා වෙනවා. පොතක් කියවන්න පුරැදු කළා නම් ඉවරනෙ (දී)

:       0       0

ගයාන් Saturday, 14 September 2013 12:52 AM

පහත් වැඩ මේවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 220 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 65 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1269 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 502 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1187 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 231 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30104 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23672 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site