කොහොමද සංගීත් එක්ක ගෙවෙන ජීවිතය?
හොඳයි. ගොඩක් ආදරෙන් සතුටින් කාලය ගතකරනවා.
දෙන්නා හඳුනගත්ත කාලය ගැන මතක් කළොත්?
අත්තම්මා ටෙලි නාට්‍යය කරන කාලෙදි තමයි අපි ගොඩක් සමීපව හඳුනා ගත්තේ. ප්‍රේම සම්බන්ධයක් ඇතිවුණේ ඒ කාලෙදි. ඒ කාලෙත් බොහොම සතුටින් ගෙවුණා. අපි විවාහ වෙලා ලබන 25 වැනිදට අවුරැද්දක්. ඒ කාලෙත් නොදැනීම වගේ ගෙවුණා.
සංගීත්ව තමන්ගෙම කරගන්න තිබුණ විශේෂත්වය ගැන කිව්වොත්?
එයා ගොඩක් නිහතමානියි. පොළොවේ පයගහලා ඉන්නෙ. හොඳ හදවතක් තියෙන ආදරයට ආදරය කරන කෙනෙක්. ඒ නිසා තමයි මම සංගීත්ට කැමැති වුණේ.
සංගීත් කියන නළුවයි, ඔයාගේ සැමියයි විදිහට ගත්තොත් කොහොමද ඒ වෙනස ඔයාට දැනෙන්නෙ?
රංගනයෙදි කැමරාවක් ඉදිරියේ අපි කරන්නෙ රඟපෑමක් කියන දේ ඔළුවේ තියෙන්න ඕනෙ. ඒක කැමරාවෙන් එළියට ඇවිත් පිටතදීත් කරන්න ගියොත් තමයි ප්‍රශ්න ඇතිවෙන්නෙ. සැබෑ ජීවිතයේදී සංගීත් බොහොම සුන්දර චරිතයක්.
සංගීත්ගේ මවත් පියත් දෙන්නම කලා ක්ෂේත්රයට සම්බන්ධයි. හතර දෙනාම මේ වැඩ බේරගෙන කරන්නෙ කොහොමද?
අම්ම නම් මෑතකදි තමයි රඟපෑමට එකතු වුණේ. එයා ගුරැවරියක්. ඉඩ තියෙන වෙලාවට තමයි රංගනයට දායක වෙන්නෙ. තාත්තා නම් ක්ෂේත්රයේ ප්‍රවීණයෙක්. දැන් අවුරැදු 30ක් 35ක් විතර ක්ෂේත්රයේ වැඩ කරනවා. ඇත්තටම මේ වගේ පවුලකට එකතු වෙන්න ලැබීම ලොකු භාග්‍යයක්. ලොකු පන්නරයක්. මම හරි වාසනාවන්තයි කියලා හිතෙනවා මේ පවුලට එකතු වෙන්න ලැබීම ගැන. අපි බොහොම සුහදව, සහයෝගයෙන් වැඩ කරනවා.
සංගීත්ගෙන් ඔයාට මොනවගේ සහයක්ද ලැබෙන්නෙ?
ගෙදර වැඩවලටත් ගොඩක් උදව් කරනවා. රෙදි හෝදනවා. අතු ගානවා. ඔය හැමදේම කරනවා. දැන් අපි වෙනම ගෙදරක ජීවත් වෙන්නෙ.
විවේක කාලය ගත කිරීමේදී සංගීත්ගේ කැමැත්ත මොන වගේද?
හරිම විනෝදයි. විවේකය අපි ගොඩක් සතුටින් ගතකරනවා. විනෝද ගමන් යනවා. සෙල්ලම් කරනවා. බයිසිකල් පදිනවා. සින්දු කියනවා. නටනවා. බොහොම විනෝදෙන් ඉන්නෙ. අපි ගැන නොදන්න කෙනෙක් නම් දැක්කොත් හිතන්නෙ අයියයි, නංගියි කියලා. ඒ තරමට සැහැල්ලුවෙන් ඉන්නෙ. හැබැයි අපිට අපේ වගකීම්, යුතුකම් අමතක වෙලා නෙවෙයි. ඒ හැම දෙයක්මත් ඉටුවෙනවා.
අමතක නොවෙන සිදුවීම් එහෙම ඕනෙ තරම් ඇති?
මේ ළඟදි අපි කිතුල්ගල ගියා. ගල්වල වැදි වැදී ගඟේ යන්න තියෙන්නෙ. එක තැනකදි අපි ගිය බෝට්ටුව ලොකු ගලක වැදිල පෙරලෙන්න ගියා. එදානම් හිතුවෙ කාටහරි ලොකු ඩැමේජ් එකක් වෙයි කියලා. ඒත් සංගීත්ගෙ හැකියාවෙන් බෝට්ටුව පෙරළෙන්නෙ නැතිව බේරැණා.
සංගීත්ගේ රංගන හැකියාව ගැන මොකද හිතෙන්නෙ? එයාගේ උපරිම රංගන හැකියාවන් පෙන්වලා තියෙනවද?
සංගීත් දක්ෂ කෙනෙක්. තාම එයාගේ උපරිමයෙන් වැඩ කරල නෑ. උපරිමය එළියට ඇවිත් නෑ. මට හිතෙන්නෙ එයා චරිත කිහිපයකට කොටුවෙලා. එතනින් එහාට ගිහින් විවිධත්වයක් තියෙන, පිස්සෙක්ගෙ, හිඟන්නෙකුගේ, මැරයෙක්ගේ වගේ චරිත වුණත් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා.
(සිනාසෙයි) ඇත්තටම උදාරිත් එක්ක ගෙවෙන පවුල් ජීවිතය ගොඩක් සුන්දරයි.. හරිම සැහැල්ලුවෙන් ගෙවෙනවා.
ප්‍රේමවන්තයන්ව හිටිය කාලේ සුන්දර මතක සටහන් ඇති?
ඕන තරම් තියෙනවා. හැමදාම වගේ අලුත් අත්දැකීමක්. යාළුවෙන්න try කරපු කාලේ තමා නියම. ඒවා හැබැයි උදාරි තමයි ලස්සනට කියන්නෙ. උදාරි පෑන් කේක් කන්න ආසයි. ඔය කාලේ තමා අත්තම්මා drama එකේ Shooting තිබුණේ. මොනව වුණත් මට බෑනේ උදාරිට විතරක් පෑන් කේක් හදාගෙන යන්න. අම්මට කියන්නත් වෙනවනෙ. ඉතිං මම කරන්නෙ අර 30ක් 40ක් විතර ඉන්න set එකටම අම්මට කියලා පෑන් කේක් හදාගෙන යනවා.
හැබැයි මුලින්ම කරන්නෙ උදාරිට ගිහින් අල්ලනවා, ඇති තරම් ගන්න කියලා. ඔහොම එයා කැමති දේවල් කරලා තමයි යාළු කරගත්තේ.
උදාරිව තමන්ගේ ජීවිතේට ළං කරගන්න ඕනෙ කියලා හිතුවේ ඇයි?
උදාරි හරි අහිංසකයි. ඕන කෙනකුට උදව් කරනවා. සත්තුන්ට ගොඩක් ආදරෙයි. ඒ වගේම තමයි ඕනම දේකට ඇහුම්කන් දෙනවා. ඒකට මම හරි කැමතියි. ආසයි. හැමෝටම උදව් කරගෙන හැමෝටම ඇහුම්කන් දීගෙන තමයි උදාරි තමන්ගෙ වැඩ කරන්නෙ.
උදාරිගේ රංගන හැකියාව ගැන මොකක්ද ඔයාගේ තක්සේරැව?
උදාරිට හොඳ රංගන හැකියාවක් තියෙනවා. මම ආසාවෙන් බලන් ඉන්නවා ඉදිරියේදී මීට වඩා හොඳින් රංගනයට දායක වෙන්න අවස්ථාව ලැබෙයි කියලා. ඒ වගේම එයා හොඳ Singer කෙනෙක්. හොඳ dancer කෙනෙක්. අවුරැදු 2 1/2 වගේ කාලේ ඉඳන් තමයි උදාරි නර්තනය ඉගෙන ගන්න පටන් අරන් තියෙන්නෙ. Acting range එකත් හොඳයි. හොඳ වැඩ කොටසක් කරන්න පුළුවන් කෙනෙක්.
ඔයාගේ වැඩවලට එයාගෙන් ලැබෙන සහය මොනවගේද?
අපි දෙන්නා දෙන්නෙක්ව සිටි කාලය වගේ නෙවෙයි අපි එක්කෙනෙක් බවට පත් වුණාම. මගේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නෙ උදාරි.
උදාරිගේ විලාසිතා ගැන මොකද හිතන්නෙ? ඒ වෙනුවෙන් ඔයාගේ සහයක් ලැබෙනවද?
ඇත්තටම උදාරි එයාට ගැළපෙන අලුත් විලාසිතා කරනවා. විලාසිතා ගැන උනන්දුයි. මමත් උදව් කරනවා. එයාට හොඳ ගැළපෙන විලාසිතා කළාට මගේ ප්‍රශ්නයක් නෑ. මම වුණත් මුල් කාලේ විලාසිතා ගැන උනන්දු කෙනෙක් නෙවෙයි. මගේ ඇඳුම් පැළඳුම් පවා වෙනස් කරලා ලස්සන කරලා ගත්තේ උදාරි.
ඉදිරි සැලසුම් ගැන එහෙම අලුත් තොරතුරක් දෙන්න පුළුවන්ද?
වැඩ කිහිපයක් Plan කරගෙන යනවා. චිත්‍රපටයක් කරන්නත් සූදානමක් තියෙනවා. ඒ නිසා ඒ ගැන වැඩි විස්තරයක් කියන්න විදිහක් නැහැ. තව අපි දෙන්නා සින්දුවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ටිකක් fast beat එකේ සින්දුවක්.
පුංචි අමුත්තෙක් ගැන බලාපොරොත්තුවක් නැද්ද?
ඒ ගැනත් අපි Plan කරලා තියෙන්නෙ. තව අවුරැදු 3කින් විතර ඒ ආරංචිය දෙන්න පුළුවන්.
ආශිකා
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මගේ මහත්තයා රෙදිත් හෝදනවා ගේත් අතුගානවා