වෘත්තිමය රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස තම ජීවිතය ගත කරන ඇය නිරුපණය තම විනෝදාංශයක් ලෙස ජීවිතයට එක් කරගනිමින් මේ වනවිට ප්‍රේක්ෂකයන් අතරට එන සාරවිට සමග එක් වන ඇය සඳු යශෝදරා.
කොහොමද සඳුනි මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල සැලෝන් එකේ වැඩ කටයුතුත් එක්ක නිරුපණය සඳහා ලැබෙන ආරාධනා භාරගෙන වැඩ කටයුතු කරගෙන යනවා.
නිරූපණයට යොමු වෙන්න හිතුණේ ඇයි?
මම නිරූපණයට ආසයි. ආදරෙයි. ඒනිසාම වෙන්න ඇති මට අවස්ථා ලැබුණා. අවස්ථාවන් ලැබෙන්න ලැබෙන්න මම මේ කේෂ්ත්‍රයට ළංවුණා. ඒ හරහා තමයි මම නිරූපණ ගමන ආරම්භ කළේ.
මේ වෙනකොට Music වීඩියෝ සඳහා අවස්ථා ලැබිලා තියනවද?
ඔව්.
ඔබ සහභාගි වුණ Music Video ගැන කිව්වොත්?
මම මේ වෙනකොට Music Video තුනකට සහභාගි වෙලා තියනවා. ‘පවසනු ප්‍රේමියේ’, ‘පෙර භවයක’, ‘ආදරෙන් පැතූ ඔබේ’ මේ ගීත තුන සඳහා මම දායකවෙලා තියනවා.
සඳුනි මොන වගේ ආරධනාද භාර ගන්නේ?
මගේ වෘත්තීය රූපලාවණ්‍ය ශිල්පය. මම ඒ දේට මූලිකත්වය දීල තමයි අනිත් වැඩ කටයුතුවලට යොමුවෙන්නේ. මගේ වෘත්තියට බාධාවක් නොවන අරාධනා ලැබුණොත් මම ඒක භාර ගන්නවා.
සඳුනිගේ මේ ගමනට උදවු කළ අය කවුද?
මම මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ෂා විරාජ් අයියව. එයා තමයි මගේ මේ ගමනට ලොකු ශක්තියක් වෙන්නේ. Music Video සඳහා මාව යොමු කළේ ෂා විරාජ් අයියා. ඉතින් මේ වෙලාවේ එයාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඊට පස්සේ චාරුක, දිල්හාර ඒ දෙන්නවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ වගේම මගේ අම්මා. අම්මා මට ලබාදෙන නිදහස මේ දේවල් සඳහා යොමු වෙන්න අම්මත් මට ගොඩක් උදවු කළා. මේ වෙලාවේ අම්මවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ නංගිත් ආදරෙන් මතක් කරනවා.
සටහන සහ ඡායාරූප - ඉෂාන් සංජීව
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මගේ වෘත්තියට බාධාවක් නොවන මගේ කැමත්ත අනුව සියලු දේ බාරගන්නවා