IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මගේ සිත්ගත් චරිතය තමයි 'දේවි'

2016-08-04-ent-29

තරු පිරිස් අතර වඩාත් ජනප්‍රිය ටෙලි නාට්‍යය හා සිනමා නිළි තාරුකා වන්නිආරච්චි සමගින් අද "සාරවිට" තරු කතා බහ අපි දිගහැරියෙමු. මේ දිනවලද ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබ හමුවට එන ඇය ඉදිරියේදී තවත් සිනමා නිර්මාණ කිහිපයකින්ද ඔබ හමුවට පැමිණීමටද නියමිතව සිටින්නීය.

 

පසුගිය කාලයේදී ඔබ විදෙස් ගත වෙලා හිටියා කියලා ආරංචියි?

2016-08-04-ent-24ඔව්, සුනිල් ආරියරත්න මහත්මයාගේ අලුත් චිත්‍රපටයක රූපගත කිරීම් කටයුත්තක් සඳහා තායිලන්තයට ගියා. මීට දින කිහිපයකට පෙර තමයි ලංකාවට ආවේ. තවත් නොබෝ දිනකින් මේ චිත්‍රපටයේ ඉදිරි රූපගත කිරීම් කටයුතුවලට නැවතත් දායක වෙනවා.

 

චිත්‍රපටය ගැන සඳහනක් කරනවා නම්?

චිත්‍රපටය නම් කරලා තියෙන්නේ "අලි කතාව" කියලා. මෙය ඓතිහාසික කතා පුවතක් රැගත් චිත්‍රපටයක්. නමුත්, චිත්‍රපටය ලේබල් ගත කරලා තියෙන්නේ ළමා චිත්‍රපටයක් කියලා. මෙහි මා නැවතත් රජ බිසවකගේ චරිතයක් නිරූපණය කරනවා. මීට පෙර මම "මහරජ ගැමුණු" චිත්‍රපටයේ විහාර මහා දේවි කියන වීර චරිතයට පණ පෙව්වා. මේ දිනවල විකාශය වන ජැක්සන් ඇන්තනි මහත්මයාගේ "සිරි රජ" ටෙලි නාට්‍යයේ "පුන්නා" කියන බිසවගේ චරිතයට දායක වෙලා තියෙනවා.

 

"සිරි රජ" කියන්නේ ඔබට විශේෂිත ටෙලි නාට්‍යයක්ද?

ඇත්තටම ඔව්. මොකද මා දැනට ටෙලි නාට්‍ය 43කට අධික ප්‍රමාණයක රඟපාලා තියෙනවා. ඒ නාට්‍ය අතරින් මා අභියෝගාත්මක රංගනයේ යෙදුණ චරිතයක් තමයි "සිරි රජ" හි "පුන්නා" බිසවගේ චරිතය. මෙහි සටන් ජවනිකා පවා තියෙනවා. මා පළමු වතාවට තමයි එවැනි සටන් ජවනිකා ඇතුළත් චරිතයක් රඟපෑවේ. ඒ වගේම ජැක්සන් ඇන්තනි මහත්මයා වගේ ප්‍රවීණයෙකුගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීමත් මා ලැබූ භාග්‍යයක්.

 

මේ දිනවල ඔබව ටෙලි නාට්‍ය කිහිපයකින්ම අපි දකිනවා?

ඔව්. සමන් කුමාරගේ "එරන් ලන්දු" ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා. එහි මා රඟපාන්නේ "නදී" කියන චරිතය. ඒ නාළිකාවෙම විකාශය වන චන්දන සමරසේකරගේ "සමනලියක් ඉකිබින්දා" ටෙලි නාට්‍යයේ "සෙව්වන්දි" කියන චරිතය මම රඟපානවා. ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන ජැක්සන් ඇන්තනිගේ "සිරි රජ" නාට්‍යයෙත් මා රඟපානවා. එහි මා චරිත නිරූපණය කරන්නේ "පුන්නා" කියන රජ බිසවගේ චරිතය.

 

තවමත් ඔබ රඟපෑ "දේවි" කියන චරිතය බොහෝදෙනෙකුගේ මතකයේ තියෙනවා?

ඔව්. එයට හොඳම උදාහරණය තමයි මා සංචාරය කළ තායිලන්ත සංචාරයේදී පවා බොහෝදෙනෙකු හමුවෙලා මා සමගින් ඒ චරිතය ගැන කතා කළා. සමහරක් අය මාව අඳුනා ගත්තෙත් "දේවි" කියන නමින්. මා රඟපෑ ටෙලි නිර්මාණ අතරින් මගේ සිත්ගත් චරිතය තමයි "දේවි" කියන්නෙ.

 

ඔබ දැන් නර්තනය අත්හැරලාද?

නැහැ. ඉදිරියේදී නැවතත් මාව නර්තන ශිල්පිනියක් විදිහට දැකබලා ගන්න පුළුවන් වේවි. මොකද, ඉදිරියේදී හිරු රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කරන රියලිටි තරගයකට මාව තෝරා ගෙන තියෙනවා. ඊට අමතරව සුරාජ් මාපා අයියගේ ප්‍රසංගයක් සඳහාත් මම පසුගිය කාලයේදී නර්තන ශිල්පිනියක් විදිහට දායක වුණා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - චානුක කුලසේකර

 

2016-08-04-ent-22
2016-08-04-ent-28

2016-08-04-ent-27
2016-08-04-ent-26
2016-08-04-ent-25
2016-08-04-ent-23
2016-08-04-ent-21
2016-08-04-ent-20



අදහස් (0)

මගේ සිත්ගත් චරිතය තමයි 'දේවි'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 25 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජනපති කටුවාපිටියට යයි
2024 ඔක්තෝබර් මස 06 27 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 117 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 62 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 58 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 376 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39153 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site