IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මඟුලක් කතා කරනවා

20161202sara-1පහුගිය දවසෙ මියගිය විජය නන්දසිරි කියන නළුවා ගැන පොඩි දෙයක් ලියන්න ඕන කියලා හිතුවා. විජය මියගිය මොහොතෙම විජය ගැන ලියන්න කට්ටිය පෝලිමක් හිටියට දැන් විජය ගැන ලියන්න උනන්දුවක් කාටවත් නෑ. තව කවුරුහරි ප්‍රසිද්ධ කලාකරුවෙක් මියයනකම් ඔය ශෝක ප්‍රකාශ ලියන්න බලාගෙන ඉන්න අයට පොඩි විවේක කාලයක් හම්බවෙලා තියෙන්නේ.

විජය නන්දසිරි ගැන ලියන්න හිතුණ හේතුව තමයි මේ දවස්වල තිරගතවෙන විජය නන්දසිරි අන්තිමට රඟපාපු චිත්‍රපටය කියලා කියන ‘64 මායම්’ චිත්‍රපටය බලපු එක, මේ චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹලා වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාවෙන් එළියට ආවට පස්සෙ හැමෝම ඇහුවෙ ෆිල්ම් එක ගැන මොකද කියන්නේ කියලා. මම එහෙම අහපු හැමෝටම කිව්වේ “චිත්‍රපටය ගැන කියන්න මහලොකු දෙයක් නෑ ඒ කොහොම වුණත් මේක බලන්න විජය නන්දසිරි ජීවතුන් අතර නැතිවුණු එකනම් ලොකු දෙයක්” කියලා.

විජය නන්දසිරි කියන්නෙ අතිශය වේගයෙන් වසර කිහිපයක් තුළ සිනමාවේ, වේදිකාවේ, ටෙලි නාට්‍ය‘යේ නැතුව බැරි චරිතයක් වුණු නළුවෙක්. ඒ වේගයටම මිනිහට වැඩක් හම්බවුණා.

ඒ වැඩ හම්බවුණු වේගය වැඩිකමටම විජය නන්දසිරිගෙ රඟපෑමත් ඒ වේගයෙන්ම ඒකාකාරී වුණා. ඒක නිසා අන්තිමට විජයට ලොකු මුදලක් ඉතුරු කරන්න පුළුවන් වුණාම හොඳ රඟපෑමක් ඉතුරු කරලා යන්න බැරිවුණා. ඒකෙ අවාසනාවන්තකම උදාහරණය තමයි අන්තිමට රඟපෑවා කියලා ප්‍රචාරය කරමින් දැන් තිරගතවෙන ‘64 මායම්’ චිත්‍රපටය.

මෑත කාලයේ විජය නන්දසිරිගෙ දියාරුම රංගනයක් දැකපු චිත්‍රපටයක් තමයි ‘64 මායම්’ කියන්නේ. ඇත්තටම ඒක නම් විජය අන්තිමට රඟපාපු චිත්‍රපටිය විජය ජීවතුන් අතර හිටියත් රඟපෑම නවත්තන එක හොඳයි කියලා හිතෙනවා. මොකද ඒ රඟපෑම ඒ තරම්ම චොරයි. චොරයි කියන්නේ චොරේ චොරයි.

විකට නළුවෙක් වුණාට පස්සේ එකම තාලේ චරිත තොග ගණනින් විජයට ලැබීම නිසා විජයටම තමන් කරන චරිතෙ මොකද්ද කියලා පැටළුණා කියලයි අපිට නම් හිතෙන්නෙ. ඒත් මෑත කාලේ විකටයෝ කියලා බිහිවුණු නළුවෝ බුරුත්ත අතරේ විජයට කැපී පේන්න පුළුවන් වුණා.

විජය අන්තිම වතාවට රඟපාපු චිත්‍රපටය කියලා මාර්කට් කරමින් යන ‘64 මායම්’  චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුදේශ් වසන්ත පීරිස්. සුදේශ් කියන්නේ 80 දශකයේ හොඳට දුවපු කොමර්ෂල් ෆිල්ම් හදපු සුනිල් සෝම පීරිස්ගෙ පුතා. හැබැයි අන්තිම සුනිල් සෝම පීරිස් හැදුවෙත් ‘අලී සුරතල්’ ජාතියේ මෙලෝ රහක් නැති චිත්‍රපටි. ‘64 මායම්’ සුනිල් ටී. ප්‍රනාන්දුගෙ 64 වෙනි චිත්‍රපට නිෂ්පාදනය. සුනිල් ටී. ප්‍රනාන්දු තරම් චිත්‍රපටවලට සල්ලි වියදම් කරපු නිෂ්පාදකයෙක් මෑත කාලේ නැති තරම්. සුනිල් කරපු චිත්‍රපට 64 න් ඇත්තටම කටක් ඇරලා චිත්‍රපටි කියලා කියන්න පුළුවන් ඒවා තියෙන්නේ කීයෙන් කීයද කියන එක වෙනම හොයල බලන්න ඕන කාරණයක්. ‘වැඩිහිටියන්ට පමණයි’ ලේබල් එකෙන් චිත්‍රපට හදලා අතිශය වැඩිහිටියන්ට උපරිම වින්දනයක් සපයපු සුනිල් ටී. දැන් එයාගෙ ට්‍රැක් එක ටිකක් මාරු කරලා වෙන වැඩවලටත් අත ගහනවා. එකෙන් මිනිහා තමන්ගේ වැඩිහිටියන්ට පමණයි සිනමා අතීතය අමතක කරවන්න හදනවා වගේ. හැබැයි සුනිල් ටීගෙ මැදිහත්වීම උඩ දක්ෂ තරුණ සිනමාකරුවො කීප දෙනෙකුගෙ අතරමග හිරවෙලා තැබුණු චිත්‍රපටි කීපයක්ම රිදී තිරයට ආවා. කොහොම නමුත් දිගින් දිගටම සිනමාවේ රැඳී ඉන්නත් මොකක්ම හරි කැසිල්ලක් තියෙන්නත් ඕන.

20160830Sara-1

 

සුනිල් ටී.ගෙ ‘ඇගේ වෛරය’ චිත්‍රපටයෙ ආදායමෙන් චිත්‍රපටි සංස්ථාවේ සේවකයන්ට බෝනස් ගෙවපු අතීත කතාවකුත් අපි අහලා තියෙනවා.

විජය නන්දසිරිට  අවසන් කාලයේ සිදුවුණු රංගන අභාග්‍යයට වගකියන්නත් ඕන එයාම තමයි. ඕනෑම කෙනෙක් එකවගේ චරිතයකින් දෙකකින් ජනප්‍රිය වුණාම දිගින් දිගටම ඒ ජාතියේම චරිත ලැබෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඒ පුද්ගලයා දැනගන්න ඕන එකෙන් තමන්ට ගැළපෙන දේ විතරක් තෝරගෙන කරන්න. එහෙම නැතුව මුදල හෝ වෙනයම් කාරණයක් මුල්කරගෙන දොඩම්ගොඩ බදාගන්න ගියාම වැඩේ දෙල් වෙනවා තමයි.

අන්තිමට ගොඩක් කලාකරුවො පත්වෙන ආර්ථික අපහසුතාව උඩ ඕනෑම චරිතයක් රඟපාන්න පෙළඹෙන්න පුළුවන්. විමල් කුමාර ද කොස්තා ‘ ආටක නාටක’ කියන මෝඩ ජොක්වල රඟපෑම උදාහරණයක් හැටියට කියන්න පුළුවන්. ඒත් අපි දන්න තරමට විජය නන්දසිරිට එහෙම ආර්ථික අහේනියක් තිබුණෙ නෑ. එහෙම වෙලත්  විජය මේ වගේ තැනකට වැටිච්ච එක ගැන අපිට තියෙන්නේ කනගාටුවක්.

‘64 මායම්’ චිත්‍රපටයේ මංගල දර්ශනය පෙන්නද්දී බැරි වෙලාවක් විජය නන්දසිරි ජීවතුන් අතර ඉඳලා එයත් ඒකට ඇවිත් චිත්‍රපටිය නරඹලා එළියට එනකොට කවුරු හරි ‘කොහොමද විජය අයියා චිත්‍රපටිය’ කියලා ඇහුවනම් හෘද සාක්ෂියට එකඟව විජයට කියන්න වෙන්නෙ ‘සිකුරු හතේ’ චිත්‍රපටියෙදී නිතරම කිව්වා වගේ ‘මඟුලක් කතා කරනවා’ කියලා තමයි.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

මඟුලක් කතා කරනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 593 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4409 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2000 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8764 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1479 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 425 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site