IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මඟුලට කෝටි 1933ක් වැය කරලා

(විමුක්ති එස් රුද්‍රිගු)

මැඩලේන් බ්‍රොක්වේ සහ ජේකොබ් ලග්‍රෝන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 1933 කට ආසන්න මුදලක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 59 ක්) වැය කරමින් පැවැත්වූ විවාහ උත්සවය පිළිබඳ සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇතිව තිබේ.

දින පහක කාලයක් පුරාවට ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රසිද්ධ ස්ථානවල පවත්වා ඇති 26 හැවිරිදි මැඩලේන් බ්‍රොක්වේ සහ ඇයගේ දීර්ඝ කාලීන පෙම්වතා වූ ජේකොබ් ලග්‍රෝන්ගේ විවාහ උත්සවය මේ වනවිට 21 වෙනි සියවසේ විවාහ උත්සවය ලෙස හඳුන්වා ඇත.මොවුන් දෙදෙනාම ඇමෙරිකානු ජාතිකයන්ය මෙම විවාහ උත්සවයට ප්‍රසිද්ධ ඇමෙරිකානු පොප් රොක් සංගීත කණ්ඩායමක් වන මරූන් 5 සංගීත කණ්ඩායම සහභාගී වී ඇති අතර එහිදී යුවළ වෙනුවෙන් පුද්ගලික සංගීත ප්‍රසංගයක්ද ඔවුන් පැවැත්වුවේය.එසේම  සුප්‍රසිද්ධ ප්‍රංශ මාලිගාවක් වන වර්සයිල්ස් මාලිගය විවාහ උත්සවයේ කොටසක් සඳහා වෙන්කර ගැනීමට මැඩලේන් සහ ජේකොබ් සමත්ව ඇත.ඔවුන් වර්සයිල්ස් මාලිගයේ රැයක් ගත කිරීමට තරම් වාසනාවන්ත වූවේය.එපමණක් නොව මැඩලේන් සහ ජේකොබ් විවාහ උත්සවයට සහභාගී වූවන් පුද්ගලික ගුවන් යානාවලින් පැරිස් නුවරට ගෙන්වා ගෙන තිබේ. ශ්‍රී ලංකා රුපියල් කෝටි 2815 ක් පමණ (ඇමෙරිකානු ඩොලර් මිලියන 86) වියදම් කරමින් 2018 වසරේ පැවැත්වූ ඊශා අම්බානිගේ විවාහ උත්සවයට තවමත් හිමිව තිබෙන අවධානය අඩු කිරීමට මැඩලේන් සහ ජේකොබ්ගේ විවාහ උත්සවය සමත් විය.

මෙම විවාහ උත්සවය වීඩියෝ දර්ශන සහ ඡායාරූප මැඩලේන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර මෙම විවාහ උත්සවය පිළිබඳ අදහස් දක්වන සමාජ මාධ්‍ය පරිශීලකයන් අනුමාන කර ඇත්තේ මෙම විවාහ උත්සවයේ වියදම මැඩලේන්ගේ දෙමාපියන් විසින් දරා ඇති බවයි. එසේම විවාහ උත්සවයක් සඳහා මෙවැනි මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් විවේචන එල්ල කර ඇත.ඇයගේ දෙමාපියන් මෝටර් රථ ක්ෂේත්‍රයට සම්බන්ධ අතර ඔවුන් දෙදෙනාම එම ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු දරන්නන්ය.



අදහස් (22)

මඟුලට කෝටි 1933ක් වැය කරලා

පියනන්ද Tuesday, 28 November 2023 11:51 AM

එයාලගෙ සල්ලි, එයාලට ඕන විදිහට වියදම් කරපු හැටි ගැන කතා කරන්න ඕන තරම් අය ඉන්නවා. ඒත් දුප්පත් මහජනතාවගෙ සල්ලි තමන්ට ඕන හැටියට කාබාසිනියා කරපු උන් ගැන කතා කරන්න ඉන්නේ තුන් හතර දෙනයි. ඕං සෝබාව.

:       12       200

මැක්ස් Tuesday, 28 November 2023 01:19 PM

මෙම ඇමරිකානු ජාතික යුවල මෙතරම් මුදලක් වියදම් කලේ කොයි ලෙසකින් ද කුමන ව්‍යාපෘතිවලින් මුදල් ගසා කාලා ද යන වග අපගේ අනුර කුමාර සහෝදරයා ජනපති වූ වහාම පරීක්ෂණයක් පවත්වනු ඇත. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලී චන්ග් නෝනා ද ඊට තම උපරිම සහයෝගය ලබා දෙනු ඇත්තේ අයගේ වර්තමාන ශ්‍රී ලාංකීය දේශපාලන මිතුරා වන්නේ අකුදී සහෝදරයා වීම හේතුවෙනි. එම පරීක්ෂණය අවසන් වනතුරු ජවිපෙහි කුප්‍රකට ෆයිල් මිටි කීපයට තව දුරටත් තුබූ තැන්වලම තිබෙන්නට වනු ඇත.

:       109       73

දම්මික විජේසිංහ Wednesday, 29 November 2023 03:39 PM

මැක්ස් ගොයියගේ නැට්ටේ හිටන් ගොම... ජානගත බයි ස්වරූපය...

:       10       37

වීරSaturday, 02 December 2023 08:19 AM

ඕක ඔහේගේ පරම්පරාවේ ලෙඩක්. ඔහෙගේ තාත්තාටත් ඔය වගේ මොංගල් ගතියක් තිබුණාද හලෝ...!

:       0       11

chandaniSaturday, 16 December 2023 12:11 AM

වෙන රටවල මගුල් ගැන හොයන්න තරම් මොලේ අමාරුවක් අනුර කුමාර මහත්මයාට නැහැ. එතුමා හොයන්නේ මේ ශ්‍රී ලංකාවේ හොර දේශපාලුවන් හොරා කාපු මහජනයාගේ මුදල් පිළිබඳවයි. වල්බූරු නිදහස අනවශ්‍ය විදිහට පාවිච්චි කරන ඉඳුල් කන කකුල් දෙකේ හරක් ගැන මොන කතාද?

:       0       0

බද්රානි Tuesday, 28 November 2023 03:34 PM

මැක්ස් ගොයියා, ජානගත උපන්ගෙයි මෝඩයෙක් වගෙයි කතාවෙන් පේන්නේ...හොරුන් ඉවත ලන කටු ලෙවකමින් උද්දාමයට පත්ව අනෙක් අයට බුරන එක හපන්කමක් කියලද ඔහේ හිතාගෙන ඉන්නේ...රෝයල් වෙඩින් එකේ ඉවත ලන ඉඳුල් ගැන හිතලා සෑහෙන්න කනගාටු හිතිලා වගෙයි..? අනුන්ගේ ඉඳුල් කනවා වෙනුවට, උසස් වර්ගයේ සුනඛ ආහාර පවා ලෝකයේ තියන බව දන්නවද..? කොහෙද ඉතින් සුනඛ ආහාර මිලත් ලංකාවේ සෑහෙන ගනන්නේ...

:       7       35

CITIZEN Tuesday, 28 November 2023 04:43 PM

ඕවත් මගුල්ද ?අපේ සමහරු මගුල් කෑවේ සතයක් වියදම් නොකර

:       2       37

Perera Tuesday, 28 November 2023 05:11 PM

නාමල්, තව මගුලක් කරගන්නවා නම් ඔන්න බලාගන්න තරන විදිහ.

:       2       31

Nandalal DE SILVA - France Tuesday, 28 November 2023 05:13 PM

පුදුම වෙන්න එපා. ප්‍රංශය කියන්නේ ලෝකයේ තිබෙන සුන්දරතම රටයි. නව යුවලට අපේ සුබපැතුම්..!

:       8       31

Jude perera Tuesday, 28 November 2023 08:51 PM

නාමල් බේබි ගමටම ලයිට් දාලා බිලත් අවුරුදු 5 ක් නොගෙවා ඉඳලා දවස් හතක මගුල් කෑවේ කොහොමද කියලා හෙව්වා නම් කල්ල මරේ

:       0       33

Tharindu Niroshana Walimunige Wednesday, 29 November 2023 09:24 AM

රිනාත්මක වාර්තාකරනය සාංප්‍රදාය කරගත් ලාංකීය ජනමාධ්‍ය මෙවන්නක් ගැන මීට වඩා කුමක් කියන්නද? රිනාත්මක ජනමාධ්‍යට හුරු ඌ ලාංකිකයන් මීට වඩා කොමෙන්ටුවක් ලෙස කුමක් ලියන්නද? මේක උබල දාන්නෙ නෑ කියල දැනගෙනම, මොකක්දෝ හදාගත්ත කේන්තියක් හිතේ තියාගෙන ඔන්න ඔහේ ලියල දැම්ම...

:       3       10

විල්සන් කරූ Wednesday, 29 November 2023 06:05 PM

ඕවත් අපෙන් හොරා කාපුවා තමයි පොඩ්ඩක් ඉන්නකෝ... NPP ආණ්ඩුවක් යටතේ අපි හොරු අල්ලනවා...

:       14       11

Bamunuarachchi Wednesday, 29 November 2023 09:17 PM

ඕවා ගණන් ගන්න එපා. මගුලට සේවා සපයපු අය පොහොසත් වුණා. මගුලට ආපු අය හොඳට කාලා බීලා ගියා. තව ටිකදවසකින් කියාවි දෙන්න ඩිවෝස් වුණා කියලා. එහෙමයි ඔය කතන්දරේ ඉතිරි කොටස...

:       4       4

ඒබ්‍රහම් Wednesday, 29 November 2023 10:44 PM

Max ගොයියො .. අනුරට ඊට වඩා වැඩ තියෙනවා. සේරටම කලින් මේ රට කාබාසීනියා කරපු හොරු ටික අල්ලලා ඉන්න වෙනවා.

:       4       11

Shaaan Thursday, 30 November 2023 05:56 AM

රාජපක්ෂ අපේ සල්ලි හරියට වියදම් කරනවා

:       0       9

NIHAL PEIRIS Thursday, 30 November 2023 10:08 AM

සල්ලි තියෙන අය ලොකුවට මගුල් ගන්නවා අපේ සාමාන්‍යය පවුල් වල අයත් බංකු ලොන් ගහලා හරි ලොක්වට ගන්නවා . ඒ ඒඅයගේ කැමැත්ත.එාවට අපි විවෙචන කරත් එ අය කියන්නෙ ජිවිතයටම ගන්නේ එකයි ඒක අපි ලොකුවට කරනවා කියලයි. අපේ සල්ලි නෙමෙයිනේ . අන් අයගේ දේවල් වලට ඉර්ෂ්‍ය නොකරමු. ඇත්තෝ කති බොති නැත්තෝ එවා දිහා බලාගෙන විවෙිචන කරයි , ඉර්ෂ්‍ය කරයි .

:       0       8

Asoka Thursday, 30 November 2023 07:53 PM

සාර්ථක විවාහ දිවියකට සුබපැතුම්...!

:       0       6

Pradeep Friday, 01 December 2023 06:40 AM

රට හරක් දෙන්නෙක්

:       3       3

anuranga Friday, 01 December 2023 12:41 PM

මැක්ස්-ගොංකමට කියවන සත්තලං පුතා

:       1       6

ජී ජී සන්ද්‍යා කුමාරි Friday, 01 December 2023 03:06 PM

අපේ රටේ මැතිඇමැති වරුන්ගේ දරුවන්ගේ මගුල් ගෙවල් කරන්නේ රටේබදු එකතු කරන මුදල් වලින්නේ... ඒ රටවල්වල වියදම් කරන්නේ දෙමාපියන්ගේ දේපළ... ඒකයි වෙනස...!

:       0       11

Chandima Tuesday, 05 December 2023 12:46 AM

අපේ කාණු කටාත් පුතාගේ මගුල අරලියගහ මන්දිරේ තිබ්බා නේද?

:       0       5

Roshan Friday, 15 December 2023 03:28 PM

කාගෙන්වත් හොරාකාලා, කොමිස් ගහලා උපයපු සල්ලි නෙමෙයිනේ. ඇයි මේ ලංකාවේ අයට මෙච්චර උණ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 871 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1202 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 82 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 802 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 360 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1100 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39484 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site