අධිකරණ සේවා කොමිෂන් සභාෙවි හිටපු ලේකම්වරයකු වන විනිසුරු මංජුල තිලකරත්න මහතා අනුරාධපුර නව මහාධිකරණ විනිසුරුවරයා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් පත් කරනු ලැබ සිටී.
විනිසුරු මංජුල තිලකරත්න මහතා නව මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස අගවිනිසුරු කේ.ශ්‍රි පවන් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ පසුගිය තුන් වැනිදායි. මහාධිකරණ විනිසුරු ධූරයට පත් වන අවස්ථාව වන විට විනිසුරු මංජුල තිලකරත්න මහතා නාඋල දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කළේය.
1997 වසරේ රජයේ නීතිඥයෙකු ලෙස අධිකරණ සේවයට එක්ව ඇති විනිසුරු තිලකරත්න මහතා පසුව 2000 වසරේ මහේස්ත්‍රාත් ධූරයට පත්වී ගමිපහ, ඇල්පිටිය, මොරවක, රත්නපුර සහ නාඋල යන ප්‍රදේශ වල විනිසුරුවරයෙකු ලෙස සේවය කර ඇත.
හෙතෙම වසර 16 ක සේවා පලපුරුද්දක් ඇති විනිසුරුවරයෙකු වන අතර කලක් විනිසුරු තිලකරත්න මහතා අධිකරණ සේවා කොමිසන් සභාෙවි ලේකමිවරයා ලෙසද ක්‍රියා කලේය.
මේ අතර අනුරාධපුර මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කරමින් සිටි මහාධිකරණ විනිසුරු ධමිමික ගනේපොල මහතා කෑගල්ල මහාධිකරණයේ නව විනිසුරුවරයා ලෙස අධිකරණ සේවා කොමිසන් සභාව මගින් පත් කර තිබේ.
අනුරාධපුර නව මහාධිකරණ විනිසුරු තිලකරත්න මහතා අධිකරණ සේවා කොමිසන් සභාෙවි ලේකමි ධුරය දරන වාකවානුෙවි අධිකරණයට බලපෑමි එල්ල වන බව පවසමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම දෙස් විදෙස් වශයෙන් මහත් ආන්දෝලනයට තුඩු දුන් සිද්ධියක් විය.
අධිකරණ සේවා කොමිසන් සභාෙවි ලෙක්මි ධූරය දරමින් එම ආන්දෝලනාත්මක මාධ්‍ය නිෙවිදනය නිකුත් කිරීමෙන් පසුව මංජුල තිලකරත්න මහතාට 2012 වසරේ ඔක්තොබර් මාසයේ ගල්කිස්සේදී මැර ප්‍රාහරයක් එල්ල වූ අතර එම මැර ප්‍රාහාරයට සමිබන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත.
2008 වසරේ උතුරු මැද පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැති සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් පිරිසක් විසින් එවකට එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් කලමනාකාරවරයාව සිටි (රුසියාෙවි හිටපු තානාපතිවරයෙකු සහ උතුරු මැද පලාත් සභාො හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිවරයෙකු වූ) වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ නිවසට සහ වෛද්‍ය මධ්‍යස්ථානයට ගිනි තබා රුපියල් ලක්ෂ 500 ක දේපල හානියක් සිදු කිරිෙමි සිද්ධියට අදාල නඩුව සහ උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට ඇසිඩි ප්‍රාහාරයක් එල්ල කර ඇසක් අන්ධ කර ශරීරයේ ස්ථාන රැසකට බරපතල තුවාල සිදු කිරිෙමි සිද්ධියට අදාල නඩුව ඇතුළු ආන්දෝලනාත්මක නඩු කිහිපයක්ම අනුරාධපුර මහාධිකරණයේදී විභාග කරමින් සිටියේ මෙතෙක් මහාධිකරණ විනිසුරු ලෙස කටයුකු කදල ධමිමික ගනේපොල මහතා විසිනි.
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත
දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මංජුල තිලකරත්න අනුරාධපුර මහාධිකරණයට
උපුල් Monday, 08 February 2016 08:24 AM
මංජුල තිලකරත්න, අනුරාධපුර නව මහාධිකරණ විනිසුරුවරයාට මගේ සුබ පැතුම් (අ)