IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


’’මැට්ටෝ කියලා දැනගත්තොත් අයි.එම්.එෆ් දෙනඑකක් නෑ’’

(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )

"අයි.එම්.එෆ් එක පොඩි  ඉන්ජෙක්ෂන් එකක්  ගැහුව කියල පිම්බෙන්න හදන්න එපා. මේ වගේ බොරුවට පිම්බෙන මැට්ටෝ ටිකක් මේ රටේ ඉන්නේ කියලා අයි.එම්.එෆ් එක දැනගත්තොත් ඉදිරියේදී සත පහක් දෙන  එකක් නැහැ" යැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

" මේවා දකින කොට අපිට කියන්න වෙන්නේ කපුටු කාක් කියලා තමයි" යැයිද  ඔහු සඳහන් කළේය.

වීරවංශ මහතා මෙසේ පැවසුවේ  ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ලංකා හොස්පිටල්  ආයතන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට එක දිගට බාධා කළ  අවස්ථාවේදීය.

විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

"ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලංකා හොස්පිටල් වල තියෙන රජයේ කොටස් විකුණන්න පසුගිය කැබිනට් මණ්ඩලයේදී තීරණයක් අරගෙන තියෙනවා.  මේ ලාභ ලබන ඒවා විකුණන්නේ ඇයි.

( ආණ්ඩු පක්ෂයෙන් දිගටම බාධා කිරීම්)

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:

මන්ත්‍රීතුමන්ලා නිශ්ශබ්ද වෙන්න.සභාව ගෙනියන්න බැහැ.

වීරවංශ මහතා:

කපුටු කාක් කියලා තමයි කියන්න වෙන්නෙ.

ජනාධිපතිතුමා කැමතිනම් පිළිතුරු දෙන්න. පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණනවා කියලා තමයි මුලින් කිව්වේ.ලාභ ලබන ඒව විකුණන්නෙ මොකටද. ලාභ ලබන ඒවා  ගන්නෙත් පිටරට අය නම් ඩොලර් පීඩනය අඩු වෙනවද වැඩි වෙනවාද. එ අය රුපියල් ඩොලර් කරල ගෙනියන්නෙ. කරුණාකරලා අයි.එම්.එෆ් එකෙන් අහල හරි මට මේකට පිළිතුරක් දෙන්න.



අදහස් (8)

’’මැට්ටෝ කියලා දැනගත්තොත් අයි.එම්.එෆ් දෙනඑකක් නෑ’’

Sri Lankan Wednesday, 22 March 2023 01:41 PM

උඹ බැරිවෙලාවත් IMF එක පැත්ත පලාතේ යන්න එපා

:       9       56

emalin Wednesday, 22 March 2023 01:47 PM

දැන් ඔහේ හිතාගෙන ඉන්නේ ඔහේ හරි උගතෙක් කියලද? ඔතන ඉන්න අමුම මට්ටන් අතරේ ඔහේ ඉන්නෙත් ඉදිරි පේලියේම තමයි . ඊට අමතරව ඔහේ හොර පාස්පෝට් හදල අහුවෙලා නඩුවකුත් යනවා නේද? මවර මන්ඩියේ මිට අවුරුදු 20 කට ඉහතදී පොඩි කඩයක් දාගෙන හිටපු ඔහේ අදවෙනකොට හොයාගෙන තියෙන වත්කම් කොමොමොද උපයගත්තේ කියලත් පොඩ්ඩක් කියමුකෝ බලන්න .

:       14       62

අරවින්ද මොනරවිල Wednesday, 22 March 2023 02:38 PM

විපක්ෂයේ ඉන්න කොට තමයි මුන්ගේ දේශප්‍රේමය උතුරන්නේ, රාජපක්ෂලා සමග හවුලේ හොරාකන කොට කිසිම ප්‍රශ්ණයක් නැහැ.

:       11       49

ThisahamiWednesday, 22 March 2023 03:49 PM

ඊ ළඟ චන්දෙදි ගෙදර යවන්න ඕන අමුම අමු මැට්ටෙක් තමයි මේ අප්පුහාමිත් . උඩ දෙකට යට දෙක කැපුවහම උත්තරේ බිංදුවයි කියල කිවේ මේ අමු මැට්ට නේද?

:       1       5

මොලේ Wednesday, 22 March 2023 03:12 PM

පාඩු ලබන ඒවා ගන්න තමුන්ට මොලේ අමාරුව තිබුණට කවුද කැමති පාඩු ලබන තේ කඩයක්වත් ගන්න.

:       0       3

විජයන්ති Wednesday, 22 March 2023 03:31 PM

ඔබතුමා ඉස්සර වගේ අඩිරාජවදී කුමන්තොරන් ගැන කියවන්න යන්න එපා පුරුද්දට.

:       0       3

Muditha Wednesday, 22 March 2023 03:57 PM

ඔතන ඉන්න අමුම මුත්තන් අතරේ ඔහේ ඉන්නෙත් ඉදිරි පේලියේම තමයි

:       6       28

ruwan Wednesday, 22 March 2023 04:21 PM

උඹත් එන්න ඒන්නම චාටර් වෙනව.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගඟේ - මූදේ මගී ප්‍රවාහනය අරඹන්න යයි
2025 අප්‍රේල් මස 22 6 0

රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ජල ප්‍රවාහයන් භාවිත කරමින් සංචාරක හා මගී ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


දූෂණ විරෝධී පනතේ අලුත් නියෝග පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 22 34 0

දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


දිළිඳු නිවාස ආධාරය වැඩි කරයි
2025 අප්‍රේල් මස 22 26 0

’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මල් කඩන්න ගිහින් දිය යට සැඟවෙයි
2025 අප්‍රේල් මස 22 30 0

පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.


කරෙයිනගර් ජැටිය ඉන්දු-ලංකා සහයෝගයෙන් හැදෙයි
2025 අප්‍රේල් මස 22 76 0

සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 50 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 538 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site