IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මටත් අවශ්‍ය වෙලා තිබුණා සුපුරුදු චරිතයෙන් මිදිලා එවැනි දෙයක් කරන්න

2016-11-02-ent-62

මෑත කාලීනව තරුණ හදවත් ආකර්ෂණය කරගත් රංගන ශිල්පීන් අතර ප‍්‍රධාන තැනක් උසුලන කලාකරුවෙකු ලෙස රොෂාන් රණවන හඳුන්වාදිය හැක. ඔහු මුලින්ම රංගන ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ මීට අවුරුදු 10කට පමණ පෙර තිරගත වූ "හිරිපොද වැස්ස" චිත‍්‍රපටයෙනි. රොෂාන් කලා ක්ෂේත‍්‍රයට පැමිණ නොබෝ කලකින්ම පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනාගත් අතර, එය නොඅඩුව රඳවා තබාගැනීමටද ඔහුට හැකිවී තිබේ. මේ දිනවල තිරගත වන චිත්‍රපටයක් පිළිබඳව කතාබහ කිරීමට "තරුණයා" සමග ඔහු මෙලෙස එක්විය.

 

මේ දිනවල තිරගත වන "රන් දේදුන්නක්" චිත්‍රපටය ගැන කතා කළොත්?

2016-11-02-ent-58චිත්‍රපටයේ නම "The Rainbow", එහෙමත් නැතිනම් "රන් දේදුන්නක්". මේ චිත්‍රපටය ක්‍රියාදාම සහ ආදරණීය ගණයට අයත් චිත්‍රපටයක්. ප්‍රථම වතාවට මම කරපු ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙසත් මෙය හැඳින්වීමට පුළුවන්. මේ චිත්‍රපටය තුළින් කතාබහ කරන්නේ කාලීන මාතෘකාවක් පිළිබඳවයි. එනම්, දේශපාලන වාතාවරණය තුළ ආසාධාරණකම් සිදුවන කාලෙක ජනමාධ්‍යවේදිනියක් සහ ගමකින් පැමිණෙන තරුණයෙක් එකතු වෙලා දේශපාලඥයන්ගෙන් වෙන ආසාධාරණකම්වලට විරුද්ධව සටන් කරන ආකාරය තමයි මෙහි ඉදිරිපත් වෙන්නෙ. ඉතිං ඒ දේ අදත් කාලීන මාතෘකාවක් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේක බයිස්කෝප් එකක්. ආදරය, සටන්, සිංදු මේ හැමදෙයකින්ම මික්ස් වෙච්ච පවුලේ හැමට නැරඹිය හැකි චිත්‍රපටයක්.

 

ප්‍රේමාන්විත නළුවෙකු ලෙස බොහෝ දෙනා හඳුන්වන ඔබ මෙහිදී ක්‍රියාන්විත නළුවෙක් වෙනවා?

මාව ප්‍රේක්ෂකයන් දැක්කේ %ආසයි මං පියාඹන්න^, %සුවඳ දැනුණා ජීවිතේ^ වැනි චිත්‍රපටවල මම රඟපෑ චරිතය තුළින්. මෙහිත් ප්‍රේමාන්විත පැතිකඩක් තියෙනවා. නමුත් ඊට වඩා තියෙන්නේ ක්‍රියාදාම පැත්ත. නලින් රාජපක්ෂට ඕන වුණා ප්‍රේක්ෂකයන් මාව දැකපු නැති පැත්තකට ගෙන යන්න. මමත් පෞද්ගලිකව ඒ දේට කැමැති වුණා වගේම මම හිතනවා ඒදේ සාර්ථක වුණා කියලා. මටත් අවශ්‍ය වෙලා තිබුණා සුපුරුදු චරිතයෙන් මිදිලා එවැනි දෙයක් කරන්න.

 

ඒ චරිතයට ඔබගෙන් සාධාරණයක් වුණාද?

මෙහෙමයි, ඒ දේ ප්‍රේක්ෂකයන් තමයි ඇත්තටම තීරණය කරන්න ඕනේ. මට කියන්න බැහැ මම ඒ චරිතය 100෴ක් හරියට කළා කියලා. මම කරපු චරිත ගැන මම සෑහීමකට පත්වෙනවා.

 

ඒ කියන්නේ ඔබට හැඟෙන්නේ නැද්ද නැවත චිත්‍රපටය නැරඹුවායින් පසුව මීට වඩා දෙයක් ඔබෙන් ඒ චරිතයට විය යුතුව තිබුණා කියලා?

අනිවාර්යෙන්ම, ඕනෑම කෙනෙක්ට මම හිතන්නේ ඒ වගේ දෙයක් හිතෙනවා ඇති. මටත් දැන් හිතෙනවා මීට වඩා දෙයක් කරන්න තිබුණා කියලා.

 

නවක නිළියක් මේ සඳහා දායක කර ගැනීම පිළිබඳව යමක් කිව්වොත්?

ඇත්තටම අධ්‍යක්ෂකවරයාට අලුත් මුහුණක් අවශ්‍ය වෙලා තිබුණා. අපි හැමතිස්සෙම අලුත් කෙනෙක් හඳුන්වා දෙන්න ඕනේ. නැත්නම් හැමදාම සිනමාව එක තැන පල්වෙනවා. මම හිතන්නේ ටනාෂා දක්ෂ නිරූපණ ශිල්පිනියක්. අපි එයාව මෙම චිත්‍රපටයට සම්බන්ධ කරගත්තා. චරිතයට අවශ්‍ය ඒ හැමදේම ටනාෂාට තිබුණා කියලා කියන්න පුළුවන්. මමත් හිතනවා ඇයත් මෙයට උපරිම දායකත්වයක් ලබා දුන්නා කියලා. මේ මොනදේ උනත් ප්‍රේක්ෂකයන්ට තමයි හැමදේම බාරදෙන්න ඕනේ. මොකද චිත්‍රපටය තිරගත වෙන්න පටන් අරන් තාම සති දෙකක් වගේ කාලයක් තමයි ගතවෙලා තියෙන්නේ.

 

නවක අධ්‍යක්ෂකවරු සිනමාවට අවතීර්ණය වීම පිළිබඳව ධනාත්මක පැත්තක් ඔබ දකිනවාද?

අනිවාර්යෙන්ම ධනාත්ම පැත්තක් තියෙනවා. අපේ චිත්‍රපට ඒකාකාරි විදිහට ගිය කාලයක් තිබුණා. අලුත් අධ්‍යක්ෂකවරු ක්ෂේත්‍රයට ඇවිල්ලා වෙනසක් කරන්න ඕනේ. තරුණ අධ්‍යක්ෂකවරු එකතු වෙන්න ඕන. අලුත් විදිහට හිතන, රැඩිකල් විදිහට හිතන වෙනස් පිරිසක් මෑත කාලයේදී සිනමාවට එකතු වුණා. ඒක විය යුතුයි. නැත්නම් අපේ සිනමාව වටා ඉන්න ප්‍රේක්ෂකයන් අපිට නැති වෙන්න පුළුවන්. ඒකකාරී සිනමාවක් සඳහා කවුරුත් කැමති නැහැ. වෙනස් යමක් අලුත් අධ්‍යක්ෂකවරුන්ගෙන් දැක්කා. නවකයන් එක්කත් මම වැඩ කළා. මෑතකදී %උලත් එකයි පිලත් එකයි^ අධ්‍යක්ෂණය කරපු හර්ෂ උඩකන්ද එක්ක වැඩකළා, දැනටත් ඔහුගේ නව චිත්‍රපටයක් සඳහා දායක වෙලා තියෙනවා.

 

සිනාම ප්‍රේක්ෂකයන්ට මෑතක සිට සිනමාව පිළිබඳව ඉහළ අවබෝධයක් තිබෙනවා. ඉතිං ප්‍රේක්ෂකයන් රඳාපවත්වා ගැනීමට සිනමාව කොතනටද යා යුත්තේ?

මීට අවුරුදු 10කට කලින් තිබුණු සිනමාව නෙමේ අද තියෙන්නේ. අලුත් අධ්‍යක්ෂකවරු ක්ෂේත්‍රයට එනවා. අලුත් අත්හදා බැලීම් ක්ෂේත්‍රය තුළ සිදුවෙනවා. ගුණාත්මක නිර්මාණ මෙන්ම කසිකබල් නිර්මාණත් මේ එක්කම සිනමාවට ආවා. වාණිජකරණය වුණ හොඳ චිත්‍රපට පවා ආවා. ඒ දේවල් ප්‍රේක්ෂකයන් වැලඳ ගන්නවා. කවුරුත් දන්නවා මෑත කාලේදී ජනප්‍රිය වුණු චිත්‍රපට මොනාද කියලත්. ඒ දේවල් ප්‍රේක්ෂකයන් වැලඳ ගත්තා. හොඳ දේවල් බැලුවා, අනිත් දේවල් ප්‍රතික්ෂේප කළා. ඒදේ මගේ චිත්‍රපටයටත් වෙන්න පුළුවන්. වෙන කෙනෙකුගේ චිත්‍රපටයකටත් වෙන්න පුළුවන්. අලුත් විදිහට හැමදේම හිතන්න ඕනේ. නිර්මාණයක් කොපි කළත්, සාර්ථකව කර ගන්න ඕනේ. එවැනි පසුබිමක් තුළ නිර්මාණ බිහිවීමේදී ප්‍රේක්ෂකයාව අද අපට අපේ සිනමාව තුළ රඳවා ගැනීමට හැකියාව තියෙනවා.

 

ඉදිරි කටයුතු ගැන යමක් සඳහන් කළොත්?

මම මේ දවස් ටිකේ අලුත් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා දායක වෙනවා. හර්ෂ උඩකන්ද විසින් අධ්‍යක්ෂණය කරනු ලබන %ෆේස් ටු ෆේස්^ තමයි ඒකේ නම. මම ඒ චරිතය පිළිබඳව කතා කරන්න කැමති නැහැ. මොකද ඒක ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඉන් මාව දැකලා නැති වෙනස්ම විදිහට බලාගන්න පුළුවන් වේයි කියලා මම හිතනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-11-02-ent-63
2016-11-02-ent-61
2016-11-02-ent-60
2016-11-02-ent-59
2016-11-02-ent-57
2016-11-02-ent-56
2016-11-02-ent-55



අදහස් (0)

මටත් අවශ්‍ය වෙලා තිබුණා සුපුරුදු චරිතයෙන් මිදිලා එවැනි දෙයක් කරන්න

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 94 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 298 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 210 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 212 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 155 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 534 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39811 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site