අභ්‍යන්තර අමාත්‍යාංශයේ මෙට්රාෂ් 2 මොබයිල් ඇප්ලිකේෂනයේ නව සංස්කරණයට ප්‍රංශ, ස්පාක්‍ද්ක්‍ද, උර්දු සහ මලයාලම් යන අමතර භාෂාවන් 4 ක් එක් කිරීමත් සමගින් ඉන් විදේශිකයන් වැඩි පිරිසකට සේවා සළසා ගැනීමේ පහසුව ලැබී ඇත.
අභ්‍යන්තර අමාත්‍යංශය විසින් මෙට්රාෂ් 2 හරහා ලබාදෙන සියලුම සේවාවන් දැන් අරාබි සහ ඉංග්‍රීසි භාෂාවද ඇතුළුව භාෂා 6 කින් ලබාගැනීමේ හැකියාව ඇත.
මෙට්රාෂ් 2 වෙතින් ඇනරොයිඞ් සහ අයිඕඑස් ජංගම දුරකථන හරහා ඊ-සේවාවන් 120 කට වැඩියෙන් ලබාදෙන අතර මේ සේවාවන් බහුතරයකටම ඉලෙක්ට්‍රොනිකව ප්‍රවේශ වී සම්පූර්ණ කිරීමේ පහසුව හිමිවෙයි. එවිට එම සේවා ලබාගැනීම සඳහා අභ්‍යන්තර අමාත්‍යාංශයේ සේවා මධ්‍යස්ථාන වෙත ළඟාවීමට අවශ්‍ය නැත.
මෙම සේවාවන්ට නේවාසික බලපත්‍ර, ඇතුළු වීමේ වීසා, රටින් පිටවීමේ බලපත් සහ ආපසු පිටව යාමේ වීසා මෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවට අදාළ සේවාවන්ද වෙයි.
“අමතර භාෂාවන් 4 ක් එක් කිරීමත් සමග සියලුම ඇයැදුම්පත් භාෂා 6 කින් ලබාගන්න පුළුවන් නිසා මෙට්රාෂ් 2 ඇප්ලිකේෂනයට විශාල පිරිසකට ප්‍රවේශ වීමේ හැකියාව ලැබී තිබෙනවා” යනුවෙන් පවසන්නේ තොරතුරු පද්ධති අධ්‍යක්ෂ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් බි්‍රගේඩියර් අබ්දුල් රහ්මාන් අල් මලිකි මහතා ය.
“දැන් මෙට්රාෂ් 2 ග්‍රාහකයන් ගණන 241,000 ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. මීට තනි තනි පුද්ගලයන් මෙන්ම සමාගම්ද අයත්. මෙට්රාෂ් 2 ඇප් එක හරහා සේවාවන් 120 ක් පමණ ඉලෙක්ට්‍රොනිකව ලබාගැනීමේ හැකියාව තියෙනවා” යැයි ඔහු පවසයි.
මේ වන විට ගනුදෙනු විශාල ප්‍රමාණයක් මෙට්රාෂ්2 හරහා සම්පූර්ණ කරගන්නා බවද බි්‍රගේඩියර්වරයා පවසයි.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෙට්රාෂ් 2 ඇප්ලිකේෂනයට තවත් භාෂා 4 ක් අලුතින් එක්වෙයි