IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මෝටර් රථයෙන් ආ මාරයා සිසුවා ඩැහැ ගනී

(තිසර සමල්) 

ඉපලෝගම  මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මෝටර් රථයක් හා පා පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන්   15 හැවිරිදි පාසල් සිසුවකු එම ස්ථානයේදීම ජීවීතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඉලුප්පල්ලම කුඹුක්කැන්ද ප්‍රදේශයේ පදිංචි කැකිරාව මධ්‍ය විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසී මාධ්‍යයෙන් ඉගෙනුම ලබන පුෂ්පික කසුන්ත සමරතුංග නම් සිසුවෙකි.

මහඉලුප්පල්ලම ප්‍රදේශයේම පවතින තොරතුරු තාක්ෂණ විෂයට අදාළ උපකාරක පන්තියක් නිමවී නිවසට තමන්ගේ පා පැදියෙන් පැමිණෙමින් සිටියදී වූ මෙම අනතුරින් මෙම සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට ලක්ව ඇත. එම සිසුවාගේ නිවසට මීටර 500 ක පමණ දුරින් මෙම අනතුර සිදුව තිබිණි.

සිසුවාගේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථය , සිසුවාගේද ගැටී මාර්ගයෙන් ඉවතට පැණ පෙරලීගොස්, අසල තිබූ දුරකථන කණුවකද ගැටී නතර වී තිබිණි.අනතුරින් පා පැදියට මෙන්ම මෝටර් රථයටද දැඩි අලාභ හානී සිදුව තිබිණි.

 



අදහස් (2)

මෝටර් රථයෙන් ආ මාරයා සිසුවා ඩැහැ ගනී

චින්තක Wednesday, 17 May 2023 06:27 AM

මෝටර් රථයට නම් රක්ෂණ ගෙවීම් ලැබේවි රියදුරුට නින්දයාමෙන් රියදුරාත් බේරේවි. ඒත් මේ අහිංසක රටට සම්පතක් වීමට සිටි දරුවා දෙමාපියන්ට සැමදා වේදනාවක් දේවි .එම දරුවාට අමාමහ නිවන්සැ ප ලැබේවා යි පතමි

:       0       6

Bunny Preena Wednesday, 17 May 2023 09:07 AM

බෙහොම කනගාටුදායක මරනයක්. විරුද්ධ දිශාවෙන් පැමිනි රිය අදික වෙගයෙන් පැමිණ එති බව සිදුව ඇතිදෙයින් සනාත වෙනවා. රියඳුරු බීමත්ව රිය පදවාව ඇති බවකුයි පෙනෙන්ට තියෙන්නෙ. එහෙමත් නැතිනම් පෙරකදෝරු උන්නෙහෙලා කියලා දෙනවා වගෙයි " නින්ද ගිය " බවක් හෝ " තිරින්ගවල අක්‍රිය වීඑමක් " කියන්ට ඉඩ තියෙනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 15 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 179 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 103 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 181 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 462 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 505 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 480 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site