IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මෝටර් රථ අලංකරණයට අදාල තහනම් කොටස් පිළිබඳ ගැසට් නිවේදනය ලබන සතියේ

(නිමල කොඩිතුවක්කු)

මෝටර් රථ අලංකරණයට අදාල තහනම් කොටස් පිළිබඳ ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කරන බව වාහන නියාමනය , බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවසීය.

ඒ අනුව තහනම් කර ඇති අලංකරණ කොටස්  හැර සෙසු අමතර කොටස් අලංකරණ උපකරණ වාහන සඳහා යොදා ගැනීමේ හැකියාව ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.

ත්‍රීරෝද රථ සහ මෝටර් රථ අලංකරණයට සිදුකර ඇති ඉල්ලම් සලකා බලා මෙම තීරණය ගත් බවද  රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ක්‍රීඩා සමාජයක ලියාපදිංචි වූ වාහන වලට එම අලංකරණ කොටස් සඳහා විශේෂ අවසරයක් ලබාදෙන බවද අමුනුගම මහතා සඳහන් කළේය.

එන්ජින් ධාරිතාව 450 සිට 1000 දක්වා ධාරිතාව සහිත යතුරු පැදි ආනයනය කිරීමට අවසර නොදෙන බවත් ඒ පිළිබඳ කැබිනට් තීරණය ගැනීමට පෙර ආනයනය කර ඇති යතුරුපැදි  ලියාපදිංචි කිරීමට පමණක් අවසර දෙන බවද ඔහු කියා සිටියේය.

එම යතුරුපිදි ලියාපදිංචි කිරීම සඳහා රුපියල් ලක්ෂ 8 ක අධිභාරයක් ගෙවීමට සිදුවන බවත් අමුණුගම මහතා කීවේය.

එමෙන්ම ලියාපදිංචි කිරීමේ දී ගැටලු මතුව ඇති ජිප් රථ සහ මෝටර් රථ ලියාපදිංචි කරගැනීමට සහන කාලයක් ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (7)

මෝටර් රථ අලංකරණයට අදාල තහනම් කොටස් පිළිබඳ ගැසට් නිවේදනය ලබන සතියේ

Bamunuarachchi Monday, 14 September 2020 04:37 PM

මෙච්චර දඟලන්න ඕනෑ නැහැ... ත්‍රීවීලර් තහනම් කළා නම් ප්‍රශ්න විසඳෙනවනේ.

:       229       371

ranaTuesday, 15 September 2020 01:31 AM

කරයි, මෙයාගේ මහනුවර ලොකුම කට්ටිය රෝද තුනේ කට්ටිය...

:       0       0

DilanTuesday, 15 September 2020 03:41 AM

ඔව්. ඒ විතරක් නෙවෙයි තව ප්‍රශ්න ගොඩක් විසඳෙනවා.

:       0       15

RaveendraTuesday, 15 September 2020 05:04 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.. වැඩි පිරිසක් අපගේ මෙම අදහස්වලට විරුද්ධ වනු ඇත. එනමුත් මෙය කිව යුතුමයි. කාරුණිකව සමබරව සිතමු. මෙම ත්‍රීවිල් රැකියා නිසා රටට අහිමි වී ඇති වටිනා තරුණ ශ්‍රමය අති විශාලය.. එමෙන්ම මෙම ත්‍රීවිල් නිසා සමාජයට නීතිවිරෝධී, දුරාචාර ක්‍රියාවන් අඩුවී ඇද්ද, වැඩිවී ඇද්ද අමුතුවෙන්ම කිව යුතු නැත. එලෙසම මාර්ග නීතිරීතිවලට අවනත වන්නෝ කව්රුන්ද යන්නද නොරහසකි. මේවා තහනම් කිරීමට "නොහැකිම නම්" ඉතාමත් තදබල නීතිරීති යටතේ මෙම රැකියාව කිරීමට ඉඩදීම මෙන්ම නිසි ලෙස ඒවා හොඳින් නිරීක්ෂණය කිරීමේ වැඩි බලතල ක්‍රමයක් තිබිය යුතුමයි. කිසියම් හෝ නිතිවිරෝධී ක්‍රියාවක් ත්‍රීවිල් රියදුරෙකුගෙන් සිදුවුවහොත් දඩමුදල් මෙන්ම "ජීවිත කාලයටම ත්‍රීවිල් රියදුරු බලපත්‍රය තහනම් කළ යුතුමයි". මෙම අදහස් වලින් අප කිසිවිට අනෙකුත් රියදුරන්ගේ නීතිවිරෝධී ක්‍රියාවන් අනුමත කිරීමක් හෝ සාධාරණීකරණය කිරීමක් නොකරන බවත් දැන්වීමට කැමැත්තෙමු.

:       0       116

BamunuarachchiWednesday, 16 September 2020 04:01 AM

මහත්තයෝ වචන 500 කියන දේ අපි සමහර විට වචන 5න් කියනවා. ඒක ලියන කලාව තේරුම් ගැනීම බුද්ධි මට්ටම අනුවයි.

:       0       0

මුණසිංහ Tuesday, 15 September 2020 02:13 AM

ඉතා හොඳයි. ඒ වගේම මාර්ග නීති හරියටම ක්‍රියාත්මක කරවන්න. තනි මංතීරුවල මෝටර් සයිකල් සහ ත්‍රී විලර් වමෙන් ඉස්සර කිරීම දැන් නීතියක් බවට පත්වෙමින් තියෙනවා. වහාම ඊට එරෙහිව කටයුතු කරන්න.

:       0       0

Kamal Koyrala Tuesday, 15 September 2020 05:31 AM

450 CC සිට 1000CC දක්වා ගෙන්වීම තහනම් නමුත් පාලකයන්ගේ සහ ඔවුන්ට මුදල් පොම්ප කරන මුදලාලිලාගේ අයට අවසරය දුන්නේ කොහොමද.? දැන් තහනම් කරන්නේ මොකටද.?

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 163 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
2024 නොවැම්බර් මස 19 465 0

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.


අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 409 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 662 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 1692 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 967 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27037 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18881 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1871 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site