(නිමල කොඩිතුවක්කු)
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල වලින් සේවා ලබාගැනීමේදී හඳුන්වා දුන් දුරකථන අංක අවලංගු කර 0112 677 877 යන නව දුරකථන අංකය හදුන්වා දෙන බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුනුගම මහතා කොළඹදී අද(30) පැවසීය.
කලින් හදුන්වා දුන් දුරකථන අංක සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවත් රාජ්‍ය අමාත්‍යවරයා ස`දහන් කළේය.
නව දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරාම සේවා වෙන් කරගැනිමේ පහසුකම් සලසා ඇතැයිද කොළඹදී මාධ්‍ය හමුවක් කැ`දවමින් දිලූම් අමුනුගම මහතා මේ බව පැවසීය.මේ වනවිටත් සිදුකර ඇති සේවා වෙන්කරගැනීම් ඒ අයුරින්ම වලංගුව පවතින බවත් ඔහු කියා සිටියේය.මෙම දුරකථන අංකය ඔස්සේ දිනයක්, වේලාවක්, වෙන්කර ගැනීමේදී අමතර කිසිදු අයකර ගැනීමක් සිදු නොවන අතර සාමාන්‍ය දුරකථන ගාස්තු පමණක් අයකරනු ලබයි.
මෙම දුරකථනය හරහා කාලය වෙන්කර ගැනීමේදී දුරකථන අංකය ජාතික හැදුනුම්පත් අංකය ඇතුලත් කිරීමෙන් අනතුරුව වෙන්කර ගත් දිනය සහ වේලාව සඳහන් කෙටි පණිවුඩයක් ජංගම දුරකථනයට ලැබෙන බවත් එම කෙටි පණිවුඩය ආරක්ෂක අංශ වලට පෙන්වීමෙන් අනතුරුව එම පුද්ගලයාට අදාල රාජකාරිය කරගෙන යෑමේ හැකියාව පවතින බවත් ඔහු පැවසීය.
මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් ආයතන වලට දැනට පවතින ආරක්ෂක අංශ වලට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ආරක්ෂක අංශ ද අනුයුත්ත කර ඇති බවත් ඔහු පැවසීය.
මෙම දුරකථන අංකය ඔස්සේ ලියාපදිංචි වන අයගේ දුරකථන අංකයට ලැබෙන කෙටි පණිවුඩය තිබෙන අය පමණක් ඇතුලත් කරගන්නා ලෙසට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවද ඔහු කියා සිටියේය.
පිටත ඇති රියදුරු පාසල් නොයෙක් ආකාරයට ජනතාවගේ මුදල් ගසා කෑම නතර කිරීම ස`දහා පොලිසියේ විශේෂ විමර්ශණයක් ආරම්භකර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරනය කලේය.
වංචා දූෂණ සම්බන්ධ පැමිණිලි ඇත්නම් 011 2875 191 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සදහා මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතාද එක්ව සිටියේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සේවා සඳහා නව දුරකතන අංකයක්
wm.wickramapala Sunday, 20 October 2024 09:55 PM
එක්දින සේවාව යටතේ හිමිකම් පවරා ගැනීම...