IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මෝටර් රථ මිල ඉහළට

එන්ජින් ධාරිතාව 1000 – 1500 දක්වා වන මෝටර් රථවල හා ත්‍රී රෝද රථවලට අයකරන බදු ගාස්තුව බ්‍රහස්පතින්දා (26) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවී ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම බදු රුපියල් මිලියන 2.6 සිට රුපියල් මිලියන 3 දක්වා වැඩිවී ඇතැයි කියති. ටොයෝටා ප්‍රියස් රථයක මිල රුපියල් මිලියන 3.3 සිට 7.7ක් දක්වා ඉහළ යන බව ඔවුහු කියති.

මෑත ඉතිහාසයේ වාහන මිල ගණන් මෙතරම් ඉහළ ගිය මුල්ම අවස්ථාව මෙය බවද වාහන අපනයනකරුවෝ කියති.

නිසාන් ලීෆ් ඉලෙක්ට්‍රික් මෝටර් රථවල තීදු බදු රුපියල් මිලියන 2.9 සිට 1.7 දක්වා පහත වැටී ඇත. ලොරි, බස් හා වෑන් ආදියේ බදු වැඩිවී නැති බවද වාර්තාවේ. 



අදහස් (0)

මෝටර් රථ මිල ඉහළට

ඉසුරන්දි Saturday, 28 May 2016 05:13 AM

බදු එකට දෙකක් ඉහළ දැම්මත් කාරි නැහැ අපේම කියලා නිෂ්පාදනයක් රට තුළ නිපදවනවා නම්. (නි)

:       0       0

කරුණාරත්න Saturday, 28 May 2016 05:14 AM

හැමෝම මේ ආණ්ඩුවේ බොරු වලට රැවටුනා! (නි)

:       0       0

සුදේශ් Saturday, 28 May 2016 05:26 AM

ලොකු ලොකු අයට මිලියන ගණන් වල වාහන නොමිලේ. අපිට? එන්නකො ආයේ ඡන්දෙ ඉල්ලන්න. (නි)

:       0       0

දිල්හාන් Saturday, 28 May 2016 06:29 AM

ඔන්න ඉතින් යහපාලුවන්ගේ වැඩ නැවත පෙන්නලා. එදා වේල අමාරුවෙන් හම්බකරගෙන කන මිනිසුන්ට බඩේ පහර ගහලා (නි)

:       0       0

නිශාන්ත Saturday, 28 May 2016 07:45 AM

යහපාලනය ගැන දැන් මොකද හිතෙන්නේ? (නි)

:       0       0

බණ්ඩාර Saturday, 28 May 2016 08:03 AM

මේකේ අදහස් දාන කුහකයෝ නිසාන් ලිප් එක අඩුවීම ගැන මොකුත් කියන්නේ නැහැ. අනේ මෙයාලා ගන්න කාර්! ගන්න අය කීයක් වැඩිවුණත් ගන්නවා (නි)

:       0       0

කසුන් Saturday, 28 May 2016 08:26 AM

බණ්ඩාර, ඔයා වගේ හිතන අය මේ රටට වාසනාවන්. (නි)

:       0       0

ඉන්දික Saturday, 28 May 2016 08:34 AM

වාහන මිල වැඩිවෙන එක බොහොම හොඳයි. පරිසර දූෂණය නවතාගන්න හොඳ වැඩක් (නි)

:       0       0

කුරුවිට සුනිල් Saturday, 28 May 2016 09:09 AM

අපේ කුලියාපිටියේ කර්මාන්ත ශාලාවේ වැඩ පටන්ගත්ත විගසින් කාර්වල මිල අඩුකරයි (නි)

:       0       0

දේවසිරි Friday, 27 May 2016 11:55 AM

රනිල්ලා එක සැරයක් බලයට අාවහම නැවත වසර 20 ක් බලයට එන්න බැරිවෙන්න වැඩ කරගන්නවා. (නි)

:       0       0

අමිල Saturday, 28 May 2016 09:25 AM

මිනිසුන්ගේ ආශාවන් වලට වැට බඳින ආණ්ඩුවකට වැඩිකල් පැවැත්මක් නැහැ. (නි)

:       0       0

බමුණුසිංහ Friday, 27 May 2016 01:15 PM

මගේ අම්මෝ! තිබෙන එක පරිස්සම් කරගන්න එක තමයි ලොකුම දේ. (නි)

:       0       0

බමුණු Friday, 27 May 2016 01:15 PM

මගේ අම්මෝ තිබෙන එක පරිස්සම් කර ගන්න එක තමෙයි ලොකුම දේ. අරගොල්ලන්ගේ බද්ද 1750 ලු නේද? (බ)

:       0       0

සුදත් Saturday, 28 May 2016 10:24 AM

සාමාන්‍ය මධ්‍යම පැලැන්තියට සහ රටට අාදායම් සොයා දෙන අයට තමයි මේ බදු වැඩිවීම. අනිත් අයට බදු නැතිමකරලා දැම්මා. ඔන්න බොලේ මේකට තමයි කියන්නේ යහපාලනය කියලා. මේ වචනයේ තේරුම දැන් තමා ටික ටික වැටහෙන්නේ. (නි)

:       0       0

රොහාන් Saturday, 28 May 2016 10:27 AM

හරිම හොඳ වැඩක්. ත්‍රීරෝද වලට තමයි වැඩි කරන්න ඕනෑ. පාරක යන්න බැහැ මේ අය නිසා. පොඩි තදබදය ලොකු කරන්නේ මේ ත්‍රීරෝද සහ යතුරුපැදි (නි)

:       0       0

සමන් - ඕමානය Friday, 27 May 2016 01:26 PM

අනේ අනිච්චං, කාර් ලාබ කරනවා, අපි වගේ පොඩි මිනිස්සුන්ටත් කාර් ගන්න පුළුවන් කරනවා කිව්ව අපේ යහපාලන ආණ්ඩුව! දැන් මක්කද කොරන්නේ? (බ)

:       0       0

සමන්මලී Saturday, 28 May 2016 10:31 AM

බදු වැඩිකිරීම ගැන මට නම් ප්‍රශ්නයක් නැහැ. යමක් පාලනය කරන්න මෙහෙම බදු ගහනවා ඇති. නමුත් අාදායමක් ගන්න නම් මෙහෙම බදු වලින් වැඩක් නැහැ. මගේ ප්‍රශ්නය, අපිට මෙහෙම බදු ගහලා, මන්ත්‍රීවරුන්ට ලක්ෂ 300-400 වටිනා වාහන නිකම් හෝ, නිකම් වගේ බලපත්‍ර වලට දෙන්නේ ඇයි? මෙහෙම ජනතාව රවටන්න මන්ත්‍රීවරුන්ට තියෙන අයිතිය මොකක්ද? (නි)

:       0       0

ආනන්ද Saturday, 28 May 2016 11:05 AM

හිතෙන්නේ නැද්ද මෙහෙම දෙයක්? හෙට අනිද්දම පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියට පර්මිට් එක දෙනවා. එයාලා ගෙන්වන වාහන වල බද්ද ලක්ෂ 300-400 අතර. අඩුම ගන්නේ ලක්ෂ 200-250 ට පර්මිට් එක විකුණා ගන්න අවස්ථාව ලැබෙයි නේද? ගෙදර පාවිච්චියට නම් අපේ ගානේ අමාත්‍යංශ වාහන තියෙනවානේ (නි)

:       0       0

සමන් මිනුවන්ගොඩ Saturday, 28 May 2016 11:18 AM

අනේ මගෙ කට! (නි)

:       0       0

දිලාන් Friday, 27 May 2016 01:34 PM

විට්ස් ලක්ෂ 6.8කින් නැවත ගණන් අඩුකරලා. පැසෝ ලක්ෂ 5 කින් අඩුකරලා.විසල් ෂටල් ඉන්සයිට් වගේ හයිබිඩ් නැවත ගණන් අඩුකරලා. ලී්‍ෆ් ඉලෙක්ට්‍රික් නැවත අඩුකරලා. මේපාර සරදියෙල් අයවැයක් අැවිල්ලා තියෙන්නේ. හැබැයි පෝසත් අයගේ වාහන ඹයවගේ වැඩිවෙලා තමයි. වාහන අලෙවි කරන සමාගම්වලට අාදායම අඩුවෙනවා තමයි. (බ)

:       0       0

සුසන්ත Friday, 27 May 2016 01:36 PM

මේ තමයි අපි බලාපොරොත්තු වුන වෙනස! (බ)

:       0       0

සචිත් ඉන්දික Friday, 27 May 2016 01:40 PM

මේ ජෝඩුව වැඩේ නියමෙට දෙනවා (බ)

:       0       0

සුසන්ත Friday, 27 May 2016 01:40 PM

කාර් ගන්න හිතන් ඡන්දෙ දුන්නු අයට දැන් කාර් තියා ත්‍රිවිලයක්වත් ගන්න බෑ. ඉතින් අගමැතිට මිලියන 6000 වාහන, විදානේ ඇමතිලට මිලියන 750 වාහන, අනිත් ඇමතිලට මිලියන 300-400 වාහන දෙන්නනම් ඡන්දෙ දීපු අයගෙන් මෙහෙම බදු ගහන්න වෙනවා තමයි. (බ)

:       0       0

නිමල් Saturday, 28 May 2016 12:46 PM

මට නම් සතුටුයි. ඉන්දියන් ඒවා වැඩිවෙලා නැහැනේ. අපි වගේ පොඩි මිනිසුන්ට ඉන්දියන් තමයි මහත්තයෝ (නි)

:       0       0

සමන් Friday, 27 May 2016 02:10 PM

අර අක්ක කෝ දැන් කාර් එකක් ගන්න හිටිය අනේ පව් බොරු වලට අපිත් රැවටුනා (බ)

:       0       0

ජයන්ත Saturday, 28 May 2016 02:17 PM

අනිල්, ගිය ආණ්ඩුවට ඡන්දේ දීලා ගහපු බදු වලටත් අපි පවු ගෙවුවා. මේ ආණ්ඩුවෙටත් එහෙමයි. තවම ජනතා ආණ්ඩුවක් නැහැ. ඒ නිසා ඔය වගේ බයිලා කතා සාධාරණ නැහැ. සියල්ලම කාලීන හේතු සාධක එක්ක බැලිය යුතුයි. (නි)

:       0       0

මහින්ද Saturday, 28 May 2016 02:21 PM

මෙය සාමාන්‍යකරණය නොකරන්න මන්ද? පොහොර මිල වැඩි වෙනකොට රජයට පක්ෂපාති අය කලින්ම උද්ඝෝෂණ කළා. පසුගිය රජය කරන්න ගත් වැඩත් නැහැ, අළුත් වැඩත් නැහැ. සෑම භාණ්ඩයකම මිල විතරක් වැඩියි (නි)

:       0       0

චින්තක Saturday, 28 May 2016 02:25 PM

මෙයාලා කොහොමත් ඉන්නේ ටික කාලයක් හින්දා එම කාලෙට පොඩි මිනිහට දෙන්න තියෙන සේරම දඬුවම් දීලා වගෙයි යන්නේ. (නි)

:       0       0

නිම්මි Saturday, 28 May 2016 02:51 PM

මේ ගෙවෙන්නේ ගුණයක් නැති ජාතියකට කළකම් පළදෙන කාලයක්. (නි)

:       0       0

උපුල් Saturday, 28 May 2016 03:15 PM

දේවසිරි හරියටම හරි (නි)

:       0       0

රෙක්ස් Saturday, 28 May 2016 04:51 PM

මයික්‍රෝ ගැන කතාකරපු නිසා කියන්නේ, ඇත්තටම ඕක කරන්නේ රටට හානියක්. ජපන් වාහනයක් අවුරුදු තිහකට වැඩිය පවතිනවා. මයික්‍රෝ වැඩිම වුණොත් අවුරුදු දහයයි. නඩත්තු වියදමත් වැඩියි. සමස්තයක් වශයෙන් ගත්තම රටට පාඩුයි. (නි)

:       0       0

නාලක Saturday, 28 May 2016 05:14 PM

මෙතන අදහස් දාන වැඩිදෙනෙකුට ආර්ථිකය ගැන දැනුමක් නැහැ. මහරජ ගත්ත ණය ගෙවලා අයවැය පරතරය නැතිකරනතුරු ලංකාව සංවර්ධිත රටක් කරන්න බැහැ. හැමදේම පෙනෙන්න තිබුනත් දියුණුව ඔප්පුකරන්නේ නැතුව හැමදාම සංවර්ධනය වන රටක් කිය කියා ඉන්න බැහැ. ඒ නිසා පටි තද කරගන්න. යහපාලනයට බැනලා වැඩක් නැහැ (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 27 May 2016 03:27 PM

එන්ජින් ධාරිතාව 1000 – 1500 දක්වා වන මෝටර් රථ වලට වැඩි බදු අය කළාට කමක් නැහැ. එහෙත් ත්‍රී රෝද රථ වලට බදු වැඩි කළොත් එය පොදු ජනයාට, විශේෂයෙන් එමගින් රැකියාව කරන අයට බලවත් ආර්ථික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දෙමුහුන් රථයක් වන ප්‍රියස් රථයක මිල දෙගුණයකින් වැඩි වුනෙත් නිසාන් ලීෆ් රියක බදු මිල අඩු වුනෙත් කොහොමද ? (බ)

:       0       0

බණ්ඩාර -කැකිරාව Friday, 27 May 2016 03:28 PM

මේ දේ යහපාලන ආණ්ඩුව කලින්ම කරන්න තිබුණු බොහොම හොද වැඩක් .,එතකොට අපේ ලංකාවේ හදන මයික්‍රෝ කාර් එකට හොද වටිනාකමක් ලැබෙයි. (බ)

:       0       0

කුමාර Friday, 27 May 2016 03:29 PM

පුදුම ආණ්ඩුවක් මේක.....හම්බ කරගත්ත මුදලින් කාර් එකක් ගන්න හිතුව එ්කත් කෑවා (බ)

:       0       0

කුමාර Friday, 27 May 2016 04:24 PM

කවුද කිව්වේ බණ්ඩාර මයික්‍රෝ හදන්නේ ලංකාවේ කියලා? (නි)

:       0       0

සමන්ති Saturday, 28 May 2016 09:49 PM

අපි වාහන තියා අපේ රබර් වලින් මකන කෑල්ලක්වත්, මිනිරන් වලින් පැන්සලක්වත් හදන්නේ නැහැ. වැඩිය තියා ගෙදර පොල්ගාන්න හිරමනයක්වත් තිබුනත් වෙලාවක් නැහැ. හැබැයි නිකන් දෙනවා නම් ඕනෑදෙයක්. අපේ බොහොම උජාරුවට කියන ස්වයං රැකියා වලින් රටට නව නිෂ්පාදනයක් නැහැ. (නි)

:       0       0

අරුණ Friday, 27 May 2016 04:56 PM

මීට වසර එකහමාරකට කලින් සීඝ්‍ර දියුණුවක් තිබුණු රට අද යුද්ධය තිබුණුදාටත් වඩා අසරණ වෙලා! මේ විදිහට තවත් වසර 4 යනකොට අපිට ඉතියෝපියාවේ පදිංචිවෙන්න වෙයි. (නි)

:       0       0

සනත් Friday, 27 May 2016 05:09 PM

ත්‍රිරෝද රථ වලට බදු වැඩිකළාට කමක් නැහැ. ත්‍රිරෝද රථ නිසා පාරවල් හොඳටම අවහිර වෙනවා. ඉස්සර පැය භාගෙන් ගිය ගමනට දැන් පැයකට වැඩිය ගතවෙනවා. තව ටික කාලයකින් ඒ ගමනට පැය දෙකක් විතර යයි ත්‍රිරෝද ගෙනල්ලා පාරවල් තවත් පිරෙව්වොත්. (නි)

:       0       0

අසේල Sunday, 29 May 2016 01:52 AM

ඇල්ටෝත් වැඩි වෙනවද?

:       0       0

බුද්ධික Friday, 27 May 2016 05:40 PM

බණ්ඩාර හරිම බුද්ධිමතෙක්නේ. ඔයා මයික්‍රෝ කාර් ගත් කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ (නි)

:       0       0

රත්නසිරි Friday, 27 May 2016 06:09 PM

නන්දලාල්, ත්‍රීරෝද වලට තම වැඩි කරන්න ඕනෑ. රටේ තිබෙන වැරදි වැඩ ඔක්කම කරන්නේ මේවාවල. පාසැල අවසන්වුණ ගමන් යන්නේ ත්‍රීරෝද එළවන්න. අනෙක් කර්මාන්ත වලට වැඩට මිනිස්සු නැහැ (නි)

:       0       0

නිහාල් Friday, 27 May 2016 07:11 PM

ලාබෙට කාර් එකක් ගන්න යහපාලනයට ඡන්දෙ දෙන්න කියපු අක්කා දැන් මොකද කියන්නේ? අපි සේරම අමාරුවේ දැම්මා (නි)

:       0       0

අවන්ත Friday, 27 May 2016 07:43 PM

දැන් ඉතින් වාහන ගන්නවා බොරු (නි)

:       0       0

දුමින්ද Friday, 27 May 2016 09:25 PM

ලංකාවේ හදන මයික්‍රෝ? බණ්ඩාර, ඕකේ මොනවද ලංකාවේ හදන්නේ? නට් එකක්, බෝල්ට් එකක්? වාහනේ කෑලි ගළවලා ගෙනල්ලා නැවත මෙහෙ සම්පුර්ණයෙන් අමුණනවා. ලංකාවේ හදන?? (නි)

:       0       0

ශානක Friday, 27 May 2016 10:53 PM

ඔව් ඔව් බණ්ඩාර, ලැබෙයි මෙහෙම යනකොට (නි)

:       0       0

වසන්ත Friday, 27 May 2016 11:43 PM

අර කාර් ගන්න හිටපු කාන්තාවන්ගේ හීන ...? ඔබට සතුටුද දැන්? (නි)

:       0       0

රාධා Friday, 27 May 2016 11:45 PM

නන්දලාල් ද සිල්වා, විදුලියන් පමණක් වැඩකරන වාහන වලට බදු අඩුකර ඇත (නි)

:       0       0

ජානක Sunday, 29 May 2016 04:05 AM

වාහන තදබදයට හොද විසදුමක්.ඇල්ටෝ වැඩි වෙන්න නැ.(ම)

:       0       0

අනිල් Saturday, 28 May 2016 12:07 AM

හරිනම් ක්‍රමයක් ගෙනෙන්න ඕනෑ ආණ්ඩුවට ඡන්දෙ දීපු උදවියට විතරක් මේ බදු වැඩිවීම් බලපාන විදියට. එයාලගේ වැඩ වලට මුළු රටේම මිනිස්සු වන්දි ගෙවන්න එපැයි මේ යන විදියට. (නි)

:       0       0

නිලන්ත Sunday, 29 May 2016 04:49 AM

ඔබට සතුටුද දැන්? (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 29 May 2016 04:53 AM

කළගුණ නොදත් ජාතියට මෙහෙම වෙලා මදි (නි)

:       0       0

රංජිත් Sunday, 29 May 2016 05:03 AM

මේ රට යන විදිය ගැන හරිම කණගාටුයි. ආණ්ඩු මාරුවන විට වාහන බදු ඉතාම වැරදි විදියට සංශෝධනය කරනවා. කිසිදු සාමාන්‍ය මිනිහෙකුට වාහනයක් පිළිබඳ අරමුණක් තියාගන්න බැහැ. මේ සඳහා හොඳම ක්‍රමය බස් ගාස්තු ඉතාම අවම කර එය සේවාවක් පමණක් කර මගීන් එයට හුරුකිරීමයි. 2022 වනවිට මා අනුමාන කරනවා ත්‍රී රෝද රථ මෙරට මගී ප්‍රවාහනයට යොදා නොගනීවි කියලා (නි)

:       0       0

නෙවිල් Saturday, 28 May 2016 01:48 AM

දැන් ඉතින් ජීවත්වෙනවාටත් ගානක් ගෙවන්න වෙන කාලයක්. ඡන්දෙ ගත්තේ කොහොමද කියලා හිතන්නෙවත් නැහැ. අාර්ථිකය වට්ටලම දැම්මා. අායෙත් ඡන්දයක් තිබුණොත් නම් බලය ගන්නවා බොරු. (නි)

:       0       0

මහින්ද Saturday, 28 May 2016 02:01 AM

දැන් අඬලා වැඩක් නැහැ. රනිල් මීට ඉස්සර දවසක තරුණ තරුණියන්ට බ්‍රේස්ලට් දුන්නා. දැන් අඩු ගානකට කාර් දුන්නා. සැපයි නේද වෙනස?? (නි)

:       0       0

යසපාල Saturday, 28 May 2016 02:09 AM

යහපාලනය ගැන කුමක් කියමුද? (නි)

:       0       0

ශානක Sunday, 29 May 2016 05:39 AM

මොන කරුමෙකට මේ රටේ අපි ඉපදුනාද මන්දා? (නි)

:       0       0

ඩිලාන් Saturday, 28 May 2016 02:41 AM

ජේ.ආර්.ජයවර්ධන මහතාට පමණයි සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලදී ගතහැකි මට්ටමකට වාහන මිල පවත්වාගෙන යා හැකිවුයේ. මේ රටේ එදා වාහන නොතිබුන නිසා එදා ඒක සාධාරණයි. ඒ ක්‍රමය දිගටම අදටත් යන නිසා වාහන මිල වැඩිකළාට මන්ත්‍රීවරුන්ට දැනෙන්නේ නැහැ. එදා රු.ලක්ෂයේ ජීප් රථය අවුරුදු තිස් ගණනක් පාවිච්චි කරලත් අද රුපියල් ලක්ෂ 5ක් පමණ වෙනවා. ඔන්න අපේ රටේ වාහන මිල ගණන් වැඩිවුණ තරම. (නි)

:       0       0

පකීර් Sunday, 29 May 2016 05:47 AM

මේගොල්ලන්ගේ තියෙන්නේ සුමාන ගණන් වලට වෙනස් කරන ආර්ථික ප්‍රතිපත්ති. 1500න් එහා පදින්නේ සල්ලි කාරයෝ. ඔවුන්ගේ මිනිස්සු ටිකත් බේරාගත්ත. කොහොමද ආර්ථක ප්‍රතිපත්ති. (නි)

:       0       0

නාලක Sunday, 29 May 2016 05:46 AM

අනේ නියමයිනේ! දැන් බලන්නකො අපේ ලංකාවේ අරුම! (නි)

:       0       0

නිශාන්ත Saturday, 28 May 2016 03:01 AM

මහජනතාව දැන් මේවට ඉවසලා නිදාගෙන හිටියා ඇති. පාරට බැහැලා උද්ඝෝෂණය කළයුතුයි. අපිත් ඡන්දෙ දුන්නා රැවටිලා. වාහනයක් ගන්න බලාපොරොතුවෙන් සිටි අයගේ සංවිධානයක් හදා වාහන මිල පහල දමනතුරු උද්ඝෝෂණය කළයුතුයි (නි)

:       0       0

නාලක Sunday, 29 May 2016 05:52 AM

අදහස් උදහස් කෙසේ වෙතත් කාර් ගණන් යාම හිතට අමාරු , චන්දෙ නම් දුන්නේ නැහැ (රේ)

:       0       0

නාලක Sunday, 29 May 2016 05:54 AM

ඔබට සතුටු ඉ ද දැන් (රේ)

:       0       0

අරවින්ද Saturday, 28 May 2016 03:13 AM

ත්‍රී රෝද රථ ගෙන්වන එක නවත්වනවා නම් හොඳයි. මම ප්‍රවාහන ඇමති වුණා නම් දැනට ත්‍රී රෝද රථ තියෙන අයගේ ත්‍රී රෝද රථ පවතින තක්සේරු මිලට රජය මැදිහත්වෙලා මිලදී ගන්නවා. ඒ අයට තීරු බදු රහිතව රුපියල් ලක්ෂ 6 ක් වගේ මුදලකට නැනෝ කාර් එකක් ගන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙනවා. මිලදී ගන්න ත්‍රී රෝද රථ බංගලිදේශය වගේ රටවල්වලට ප්‍රතිඅපනයනය කරන්න පුළුවන්. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 28 May 2016 03:22 AM

මේ විදිහට වාහන වලට බදු අයකරන්නේ නැතුව කොහොමද මැති ඇමතිවරුන්ට සුපිරි වාහන ගෙන්වන්නේ? ඒවාට සල්ලි හොයාගන්න තියෙන එකම ලේසිම ක්‍රමය මේක තමයි. (නි)

:       0       0

නිලාන් - කටාර් සිට Saturday, 28 May 2016 03:23 AM

මේ තියෙන්නේ ලොකු ලොකු වෙනස්කම්. දැන් රටම ඉල්ලපු වෙනසේ ප්‍රතිඵල ලබෙන්න පටන් අරගෙන වගෙයි. (නි)

:       0       0

නිලාන් - කටාර් සිට Saturday, 28 May 2016 03:24 AM

තිලක් ඩුබායි තාම නිදි ඇති. උන්නේහෙට මේවා පෙනෙන්නේම නැහැ. (නි)

:       0       0

පුෂ්පා Saturday, 28 May 2016 03:27 AM

ඉඩ මදි පුංචි රටවල් දියුණු වෙනකොට වාහන ගැනීම නවතන ක්‍රම අනුගමනය කළයුතුයි. එය හරි ක්‍රමයක්. නමුත් මෙතන තියෙන වැරැද්ද මිනිසුන්ට වැදගත් ලෙස යාමට හැකි ලෙස පොදු ප්‍රවාහනය දියුණු නොකර මෙවැනි දේවල් කිරීමයි. (නි)

:       0       0

උපුල් Saturday, 28 May 2016 03:34 AM

ඉලක්කම ගැන දැනගත්තට මුදල් ඇමැතිට මිනිස්සු ගැන, ආර්ථිකය ගැන අවබෝධයක් නැ. අගමැතිට කොහොමත් නැ. ඉතින් ඊළඟ ඡන්දෙන් පස්සේ අවරුදු 20ක් 30ක් විපක්ෂේම තමයි. අවුරුදු 68ක් ලෝකෙට ණය වෙච්ච ඒවා එක අවුරුද්දෙන් ගෙවන්න දගලනවා. (බ)

:       0       0

කසුන් ධර්මවංශ Sunday, 29 May 2016 06:57 AM

මම යහපාලනයට විරුද්ද කෙනෙක් එත් මේ වාහන මිල ඉහල දැමීම මම දකින්නේ හොද දෙයක් විදියට. විශේෂයෙන්ම ඉන්දියන් තිරෝද රථ ඇත්තටම රටට බරක්. ඒ වගේන ප්රියස් කියන්නේ හැමෝම පදින වහනයක් නෙමෙයි එක නිසා එක එච්චර දැනෙන්නේ නෑ. හැබැයි නිසාන් ලීෆ් එක ලක්ෂ 25- 30 අතර දෙන්න පුලුවන්නම් එක මේ රටට ගොඩක් හොදයි. (රේ)

:       0       0

ජයරත්න Saturday, 28 May 2016 03:38 AM

කාටවත් දොස් කියල වැඩක් නැහැ. ආණ්ඩු පත්වෙන්නෙ ජනතාවගෙ ඡන්දයෙන්. අපේ රටේ බහුතරයක් මිනිස්සු ඡන්දය භාවිතා කරන්නෙත් දේශපාලන මතවාද දරන්නෙත් රට ජාතියේ සුබ සිද්ධිය ගැන හිතල නෙවෙයි. තමන්ගේ පෞද්ගලික ලාබ ප්‍රයෝජන ගැන හිතලා. ඉතින් එවන් ජාතියක ඉරණම තමයි මේ. (බ)

:       0       0

නාලක Saturday, 28 May 2016 03:44 AM

ආනයනකරුවන්ගේ සංගමය මුදල් අමාත්‍යංශයේ කොටසක්ද (බ)

:       0       0

දර්ශන Saturday, 28 May 2016 03:54 AM

අනිල් දැන් ආණ්ඩුවට ඡන්දෙ දුන්නු අය හොයා ගන්නවත් නෑ (බ)

:       0       0

බණ්ඩාර Saturday, 28 May 2016 04:27 AM

ජපානයේ ටෝයටා සමාගමත් වාහන කොටස් වෙන වෙනම සැපයුම් කරුවන්ගෙන් ලබාගෙන කොටස් එකලස් කර වාහනයක් නිපදවලා තමයි මෙහාට එවන්නේ,ඉතින් අපේ රටේ තියෙන මයික්‍රෝ සමාගමත් මේදෙමයි කරන්නේ. (කෞ)

:       0       0

අභය Saturday, 28 May 2016 04:31 AM

මොන පිස්සුවක්ද මේ කරන්නේ වෙන රටවල වාහනවලට බොහොම අඩු ගානක් ගන්නේ ඕනෙම රටක දුප්පත්ම මිනිහගේ ඉඳල පොහොසත් මිනිහ දක්වා හැම කෙනෙකුටම වහනයක් මිලදී ගැනීමේ අය්තියක් තියනවා මේ රජය එය අයිතිය නෙති කරනවා (කෞ)

:       0       0

ප්‍රියංකර Saturday, 28 May 2016 04:42 AM

දුප්පතාගේ ත්‍රීරෝදයත් වැඩිකරලා බඩට ගහන ආණ්ඩුවට ඉක්මනට ගෙදර යන්න ලැබේවා කියලා දෙවියන්ට කියන එකතමයි කරන්නේ අපි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 301 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 225 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 595 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 273 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 88 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 270 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38661 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site