IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මොටර් රිය ඇළේ

ගල්ගමුව ගිරිබාව පාලු වැව මංසන්ධියේදී  රාජාංගනයේ වම්  ඉවුර ඇළට මෝටර් රියක් පෙරැළී ගිරිබාව පොලිස් ස්ථානයේ  කොස්තාපල්වරයකු මියගොස් ඇතැයි ගිරිබාව පොලීසිය කියයි.

ඔහු රාත්‍රි 11 ට පමණ සිය මොටර් රථයෙන් නිවස බලා යමින් සිටියදී  අනතුරට ලක්විය.

මිය ගිය ඩබ්ලිව් එම් සෙනරත් බණ්ඩාර (31) එක්දරු පියෙකි.

 

 



අදහස් (0)

මොටර් රිය ඇළේ

පී. Tuesday, 10 December 2013 06:23 AM

දවසක් හන්දියකදී වෙන වාහනයකින් ඇහුවා අතු පාරකට යන්න හැරෙන තැන දැනගන්න. මේක දැක්ක රාළහාමි මහත්තයා කිව්වා ඔහොමද වාහන එළවන්නේ, ගන්නවා ලයිසන් එක කියලා. මම කිව්වා මම මේ කාලෙකින් වෙන රටක ඉඳලා ආවේ. යාලුවෙකුගේ ගෙදරට හැරෙන තැන දැන ගන්න අනික් වාහනේ අයගෙන් පාර ඇහුවා කියලා. එහෙමද රට ඉඳලද ආවේ. එහෙනම් පොලිසියටත් සල්ලි ටිකක් දීලා පාර හොයා ගන්න මහත්තයා කියලා මට දඩ කොළයක් දුන්නා. මම දඩ කොළේ අරන් ආවා. වරද මම වෙන රටක ඉඳලා ඇවිල්ලා පාර අහපු ඒක. යුනිෆෝම් රජවරු තමා.හොඳ අයත් ඇති. මේ රාළහාමිට මම නිවන් සුව පතනවා. (නි)

:       0       0

ද සිල්වා Monday, 09 December 2013 05:26 PM

අධිකාරී මහත්තයෝ, ඕස්ට්‍රේලියාවේ පොලිසියේ නිලධාරීන් ගැන නම් ඔබ කියන සාධක ගැළපෙනවා.නමුත් ලංකාවේ පොලිසියකට ගියොත් පෙනේවි මෙහෙ නිලධාරීන් ක්‍රියා කරන්නේ පිටසක්වලින් අාවට වඩා අන්ත විදියට. මෙහෙ පොලිසියේ අවංක නිලධාරීනුත් ඉන්නවා නමුත් ඉතා සුළු ප්‍රතිශතයක්. ඔබ කියන පරිදි පොලිසියකට යාමට ප්‍රථම වෛද්‍යවරයකු හමුවී පරීක්ෂාවක් කරවාගැනීම සුදුසුයි, අද ශරීර සෞඛ්‍යයෙන් පොලිසියට යන මිනිස්සු එළියට එන්නේ වෙනස් විදියට. ඕස්ට්‍රේලියාවේ පොලිසිය ජනතාවට කතා කරන්නේ සර් කියලා. මෙහෙ මිනිස්සුන්ට කතාකරන වචන මෙහි ලිවිය නොහැක (නි)

:       0       0

ධනන්ජය Monday, 09 December 2013 05:33 PM

අධිකාරී කියන්නේ සහතික ඇත්ත,ද සිල්වා කියන විදිහට පොලිසියට ගන්නකොට එහෙනම් හැම දේම රාජසන්තක කරනවා ඇති (දිල්)

:       0       0

සජී Monday, 09 December 2013 05:57 PM

මම හිතන්නේ මෙතන සමහර අය අය අදහස් පළකරන්න ඕනෑවටද කොහෙද ඔහේ අදහස් පළකරනවා. ඔහුගේ මරණය වු විදිහ, පොලිසියේ මහත්වරු සොයා ගනීවි. පොලිස් රාළහාමි කෙනෙක් රාජකාරියට කාර් එකකින් එන එක ගැන සතුටුවෙන්න ඕනෑ අන් සැපතට ඊර්ෂ්‍යා නොකර. මම දන්නා පොලිසියේ රාළහාමිලා ඕනෑ තරම් ඉන්නවා වාහන තිබෙන. සමහරුන්ට පරම්පරාවෙන් එන ආදායම් මුදල් තිබෙනවා. ඒ අය තමන්ගේ කැමැත්ත අනුවයි තම වෘත්තිය තෝරාගෙන තියන්නේ. ඒවා හෙළා දකින්න හොඳ නැහැ. මියගිය එම නිළධාරියාට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

නුවන් Monday, 09 December 2013 11:35 AM

රූපයේ දිස්වන ආකාරයට නම් මරණයක් විය හැකි අනතුරක් නොවෙයි වගේ. වාහනයේ හිටියට ජලයේ නොගිලී ඉන්න පුළුවන් මට්ටමක නේ ජලය තිබෙන්නේ.(නදී)

:       0       0

රවී Monday, 09 December 2013 12:09 PM

සැකයක් නැද්ද? (නදී)

:       0       0

මාධවන් Monday, 09 December 2013 12:11 PM

නුවන් ඕක හිමින් සැරේ වතුරෙ පාවෙන්න ගත්තෙ නැහැනෙ. ගැඹුර තරමට යට ගිහිල්ලා උඩ එන්නෙ. ඒ වෙලාවෙ සීට් බෙල්ට් දාගෙන හිටියනං ටිකක් අමාරුයි ඇරගන්න. තේරුණැයි. මියගිය අයට නිවන් සුව! (නදී)

:       0       0

චමින්ද Monday, 09 December 2013 12:49 PM

අඩුවෙන් ගිලුනට කම්පනය මරණයට බලපාන්න ඇති. (ස)

:       0       0

දයා අලහකෝන් Monday, 09 December 2013 12:57 PM

මාදවන්ගෙ නිගමනය මමත් අනුමත කරනවා.සමහර විටක මදුවිතක් අරගෙන නොතිබුණාම කියලා අපට කියන්නත් බැහැනෙ. (ස)

:       0       0

ශාන්ති Monday, 09 December 2013 12:59 PM

තරුණ ජිවිතයක් අපරාදේ, හදිසි අනතුරක්ද, නැත්නම් ? නිවන් සැප ලැබේවා (ස)

:       0       0

ඕෂන් Monday, 09 December 2013 01:18 PM

ප්‍රශ්නයක් ?? (ස)

:       0       0

සචින්ත රුපුන් Monday, 09 December 2013 01:48 PM

කොහොම මැරුණත් ජිවිතයක් වටිනවා. ඒ නිසා මෝඩ අදහස් දාන්න එපා...! (ස)

:       0       0

සම්පත් Monday, 09 December 2013 08:40 PM

මෙයා හොද කොල්ලෙක්. (නි)

:       0       0

සිරිපාල Monday, 09 December 2013 01:53 PM

දැන් ඉතින් කොහොමහරි මරණයක් වෙලානේ .. මරණ පරීක්ෂණය කරන්නැතිව ඉමුද අයුබෝවන්ට ... මිය ගිය අයට නිවන් සුව !!! (ස)

:       0       0

ඔසන් සලාම් - කටාර් Monday, 09 December 2013 01:54 PM

මින්පසු ඇල මාර්ග වල වාහන පදවන්නන් ආසන පටි පැලඳීම තහනම් කළ යුතුය. (ස)

:       0       0

ද සිල්වා Monday, 09 December 2013 01:58 PM

අද රටේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 160 කට වැඩි, කාර් එකෙන් රාජකාරියට යන්න එන්න කොස්තාපල්ට රාජකාරියට අමතරව හොඳ ආදායම් මාර්ගත් තිබුනා වෙන්න ඕනේ. මට මේ ගැන සැකයි. මේ අනතුර දුටු කෙනෙකු නැද්ද? (ස)

:       0       0

ප්‍රසන්න Monday, 09 December 2013 02:55 PM

තියෙන්නම ඕනා.(නදී)

:       0       0

ජිලෝ Monday, 09 December 2013 03:10 PM

ජීවිතං අනියතං මරණං නියතං. (එතකන් ජීවිතං යහපතින් ගතකරන්) (ස)

:       0       0

හේරත් Monday, 09 December 2013 03:12 PM

සිල්වා මහත්තයෝ, පොලිසියේ කොස්තාපල් මහත්වරුන්ටත් කාර් එකක යන්න පුළුවන්. ඇයි පටු විදියට හිතන්නේ. පොලිසියේ ඉන්න හැමෝම එක වගේ නෙමෙයි. එහෙම ලියන එක වැරදී එයාලටත් කාර් ගන්න පුළුවන්. (ස)

:       0       0

උදය Monday, 09 December 2013 03:28 PM

වාහනයේ කාර්මික දෝෂයක් නිසා සිදු උනූ විපතක් වෙන්නත් පුළුවන්.(නදී)

:       0       0

ඉසුරු Tuesday, 10 December 2013 02:00 AM

ඇයි මෙහෙම මරණයක් අත් වුණේ? (නි)

:       0       0

ද සිල්වා Monday, 09 December 2013 04:06 PM

හේරත් මහතයෝ මම ලියුවේ (අද රටේ වාහන , වාහන අමතර කොටස් සහ ඉන්ධන මිල සලකල බලලා ) වෙන ආදායම් මාර්ගයක් තිබෙන්න ඕනේ කියල විතරයි. ඒක වැරදි ආදායම් මාර්ගයක් කියල මම ලිවුවේ නැහැ, පොලිස් කොස්තාපල් වරයෙකුගේ වැටුපෙන් මෙවැනි දෙයක් කිරීමට අපහසු බවයි මගේ වැටහීම. මම පටු විදියට හිතල නැහැ. පුළුල් විදියට හිතල උපකල්පනයක් පමණි කලේ. සමහර විට මොහු උපතින්ම සාමාන්‍ය ධනයක් ඇති පුද්ගලයෙක් වෙන්න පුළුවන්., නමුත් පින්තුර බැලුවම මෙම ඇල මාර්ගය එච්චරම ගැඹුරු නැහැ , මේ සාධක සියල්ල විශ්ලේෂණය කරලා බැලුවහම මෙහි යම්කිසි රහසක් තිබෙන බවයි මගේ වැටහීම (ස)

:       0       0

අධිකාරී - ඕස්ට්‍රේලියා Monday, 09 December 2013 04:10 PM

බුද්ධිමත් අදහස් පල කරන්න. මෝඩකම් ප්‍රදර්ශනය නොකරන්න. පොලිසියේ අයට වැටුප් ලැබෙන් නැද්ද?? බිරින්දෑවරු රැකියා කරන්නැද්ද?? පරම්පරාවෙන් තියෙන ආදායම් නැද්ද?? පොලිසියට පිටසක්වලින් එන අයද බදවා ගන්නේ. ඔය මහත්වරු වෛද්‍යවරයෙකු හමුවෙලා පරීක්ෂාවක් කරගත්තොත් හොඳයි වගේ මට හිතෙන්නේ. තමන්ගේ තියෙන කැත දුෂිත මෝඩ අදහස් නොදා ඉන්න. (ස)

:       0       0

අධිකාරී Tuesday, 10 December 2013 04:02 AM

සිල්වා මහත්තයා, ඔබතුමා ලංකාවෙද ජීවත් වන්නේ? නැත්නම් වෙන කොහෙවත්ද? ඔබතුමා ලංකාවේ පොලිස් නිලධාරීන් කීපදෙනෙක් යොදාගෙන සමීක්ෂණයක් කරන්න, පොලිසිය ඇතුළේ මහජන සේවය සදහා පමණක් රජයෙන් ලැබෙන සොච්චම් මුදලට වඩා කොපමණ මුදලක් වැය කරනවද කියලා. මම පොලිසියේ නොවුණත් ඒ ගැන දන්නවා. බොහෝ පොලිසියේ අය මහජනයාගෙන් ඉල්ලන්න බැහැ කියලා තමන්ගේ පඩියෙනුත් වියදම් කරනවා. ඒවා දන්නේ නැතුව කතා කරන්න එපා. පොලිසියේත් ඉන්නේ අපේම පවුල් වලින් බැදුන සහෝදරයෝ. ඒක නිසා උඩ බලාගෙන කෙළ ගහ ගන්න එපා. රටේ පුරවැසියන් වෙනුවෙන් තරුණ කාලය ද කැපකරමින් සේවය කර අකාලයේ මියගිය නිලධාරී මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

නිශ්ශංක Tuesday, 10 December 2013 02:34 PM

සිල්වා මහත්තයා 95% අධිකාරී 5% (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 3 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 109 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 391 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 531 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 78 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 456 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14546 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site