IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


මෝටර් රිය විදුලි කණුවක ගැටී තරුණයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ- )

බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී අද (16) අලුයම මෝටර් රථයක් අනතුරට පත්වීමෙන් එය පැදවූ තරුණයකු මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම අඳුන්වැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි වෙළඳ නාවිකයෙකු ලෙස රැකියාව කරන අකිල සංදීප නැමති 26 හැවිරිදි  තරුණයෙකි. ඔහු පවුලේ එකම දරුවාය.

සිදුවූ අනතුරින් මෝටර් රථයට මෙන්ම අධිබලැති විදුලි කණුවකට බරපතල අලාභ සිදුවිය. අනතුරත් සමගම බණ්ඩාරගම ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වු අතර පැයක පමණ කාලයක් තුළදී යළි යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩල සේවකයෝ පියවර ගත්හ.

මියගිය තරුණයා බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසට ගොස් යළි නිවස කරා බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ මෝටර් රථය පදවාගෙන පැමිණෙමින් සිටියදී ගම්මන්පිල වැව් තාවුල්ල මධ්‍යයේදී  මෝටර් රථය මාර්ගයෙන් ඉවත ඉවතට ගොස් අධිබලැති විදුලි කණුවක ගැටී  අඩි පහළොවක් පමණ බෑවුමෙන් පහළට රූරා ගොස් බණ්ඩාරගම ප්‍රදේශයේ සිට කැස්බෑව ප්‍රදේශයට ජලය රැගෙන යන   ජල නල පද්ධතියේ කොන්ක්‍රීට් බැම්මේ ගැටි මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

 

 

 



අදහස් (1)

මෝටර් රිය විදුලි කණුවක ගැටී තරුණයෙක් මරුට

MD Sunday, 16 February 2025 04:07 PM

ගෙන ආ ආයුෂ අවසන්. හිතවතුන්, ඥාතීන් හැකි පමණින් අවසන් කටයුතු වලට සම්බන්ධ වී ඔහුට අවසන් ආගමානුකූල කටයුතු සිදුකොට විසිර යන්න....

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අයවැය සාර්ථක වේවා
2025 පෙබරවාරි මස 21 112 0

අයවැය සාර්ථක වේවා කියා තමා අවංකව ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


අත්ටැක්ටරයක නගුලට සිරවී සෙබළා මරුට
2025 පෙබරවාරි මස 21 334 0

අත්ටැක්ටරයක ඉඩමක් හාමින් සිටි යුද හමුදා සෙබලෙකු එම ටැක්ටරයේ නගුලට සිරවී ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.


මිද්දෙණියේ පියා, දියණිය සහ පුතු ඝාතනයට තුනක් සැකපිට
2025 පෙබරවාරි මස 21 895 0

මිද්දෙනිය කඩේවත්ත හන්දියේදි සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.


අර්චුනා ගැන කමිටු වාර්තාව ආචාර කාරක සභාවට
2025 පෙබරවාරි මස 21 330 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වර


වත්තලට ගෙනත් වෙඩි තබා මරලා
2025 පෙබරවාරි මස 21 1470 0

උස්වැටකෙයියාව මෝගන් වත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.


‘‘ලෙජර් බ්ලොක්‘‘ මෙරට නියෝජිතයාට රටින් පිටවීම තහනම්
2025 පෙබරවාරි මස 21 676 0

ශ්‍රී ලාංකිකයන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළේ යැයි කියන මැලේසියාවේ සිට මෙහෙය වූ ලෙජර් බ්ලොක් (Ledger Block) මහා පරිමාණ පිරමීඩාකාර ජාවාරමේ දේශීය නියෝජිත ක


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 75 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 381 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 164 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site