IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මට අවුරුදු 25ක් සපිරෙද්දිම මම කලා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා

2016-05-04-ent-47

සුසිල නිෂ්පාදනයක් වූ "සල් සපූ නා" ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි ෂනාලි වීරසිංහ මේ දිනවල කාගෙත් ආදරය දිනාගත් යොවුන් රංගන ශිල්පිනියකි. සතියේ දින පහ තුළම සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "සල් සපූ නා" ටෙලි නාට්‍යයේ "ආලියා" ලෙස ඔබ හමුවට එන ඇය වසර කිහිපයක් තිස්සේ වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක ලෙසද කටයුතු කර ඇත. "ආලියා" ලෙස සිය පළමු ටෙලි නාට්‍යය රංගනයට පිවිස ඇති ෂනාලි දැනට බොහෝ වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා ප්‍රමාණයකටද දායක වී තිබේ.

 

2016-05-04-ent-46මෙය ඔබගෙ පළමු රංගනයද?

ඔව්, මීට කලින් මම වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනාවලට පෙනී ඉඳලා තියෙනවා. නමුත්, රංගන ශිල්පිනියක් විදිහට ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ "සල් සපු නා" ටෙලි නාට්‍යය හරහා.

 

"ආලියා" කියන්නේ නම් අහිසංක චරිතයක්. ෂනාලිත් ඒ වගේද?

අපෝ නැහැ. "ආලියා" කියන්නේ අහිංසක, තැන්පත් චාම් ගතිපැවතුම් ඇති කෙනෙක්. නමුත්, ෂනාලි කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. චුට්ටක් ඇත්නම් තරහත් යනවා.

 

ෂනාලිට තාම අවුරුදු 19යි. කලා ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්නද කල්පනාව?

නැහැ. මට අවුරුදු 25ක් සපිරෙද්දිම මම කලා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා. ඒක තමයි මගේ ඉලක්කය. දැන් මට අවුරුදු 19යි. තව අවුරුදු 6ක් ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්න පුළුවන්. ඒ කාලය තුළ මා රංගනය පැත්තෙන් යන්න තියෙන සියලු ඉලක්කවලට යන්න බලාපොරොත්තු වෙනවා.

 

සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න ඔබට ආරාධනා ලැබුණොත්, ඔබ භාර ගන්නවාද?

අනිවාර්යෙන්ම භාරගන්නවා. මොකද, සිනමාවට සම්බන්ධ වෙනවා කියන්නෙ මගේ තවත් එක් හීනයක් තමයි. හැබැයි ලැබෙන ආරාධනය මට කරන්න පුළුවන් හොඳ චරිතයක් වෙන්න ඕනි.

 

ෂනාලිට උදව් කළේ කවුද?

අම්මා, තාත්තා, රොසෑන් ඩයස් මහත්මිය, "සල් සපූ නා" ටෙලි නාට්‍යය කණ්ඩායම. සුසිල නිෂ්පාදන ආයතනය වගේම "ආලියා" චරිතයට මාව තෝර ගත්තු තුෂාරි අබේසේකර අක්කවත්, ඇයගේ අම්මවත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කර සිටිනවා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 

2016-05-04-ent-44
2016-05-04-ent-43
2016-05-04-ent-42

 



අදහස් (0)

මට අවුරුදු 25ක් සපිරෙද්දිම මම කලා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 99 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 82 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 707 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 20 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 72 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 838 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38429 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site