ටෙලිනාට්‍යය කිහිපයකින් ඔබ දැක ඇති නිමාෂා සෙව්වන්දි වැන්ටොඩ් සමගින් මෙවර "සාරවිට" තරු කතා බහ අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වුණෙමු. නිරූපිකවක ලෙස ක්ෂේත්‍රයට එක්ව කෙටි කාලයකින්ම රංගන ශිල්පිනියක් වන්නට වාසනාවන්ත වූ ඇය ඉදිරි කාලයේදී වැඩි දායකත්වයක් නිරූපණයට මෙන්ම රංගනයටද ලබා දෙන්න බලාපොරොත්තු වෙන් සිටියි.
නිරූපිකාවක් වෙන්න කලින් ඔබ රංගන ශිල්පිනියක්?
ඔව්. ළමා නිළියක් විදිහට මම නිරූපිකාවන් වෙන්න කලින් වැඩ කළා. ඊට අමතරව වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට පුංචි කාලේ කටයුතු කරලා තියෙනවා. ඒත්, අධ්‍යාපන කටයුතුත් එක්ක දිගින් දිගටම නිළියක් විදිහට වැඩ කරන්න මට නොහැකි වුණා.
එතකොට නිරූපිකාවක් වුණේ කොහොමද?
පුංචි කාලේ ඉඳලා නිරූපිකාවක් වෙන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. නමුත්, මගේ ඡායාරූප ටිකක් ගන්න ආපු කෙනෙක් හරහා තමයි මම නිරූපණයට සම්බන්ධ වුණේ. දැනට මාස 7ක් විතර ඇති නිරූපිකාවක් විදිහට වැඩ කරන්න අරගෙන.
දැනට කරලා තියෙන කලා කටයුතු මොනවද?
ටෙලිනාට්‍යය නම් බොහොමයක රඟපාලා තියෙනවා. "සපිරිවර", "ආටක නාටක", "මකර දඩයම", "සෙවණැලි" හා "දේදුනු" කියන නාට්‍යවල රඟපාලා තියෙනවා. ඊට අමතරව මංජුල පුෂ්පකුමාරගේ හා පන්සිලු මනෝහරගේ ගීත දෙකක රූප රචනාවලටත් දායක වෙලා තියෙනවා.
නිළියක් වුණ ඔබ නිරූපණය පැත්තට යොමු වෙන්න හිතුවේ ඇයි?
මට ඒ ක්ෂේත්‍රයට යොමු වෙන්න හැකියාවක් තියෙනවා කියලා හිතුණා. ඒ නිසා තමයි නිරූපිකාවක් විදිහට වැඩ කරන්න හිතුවේ. නමුත්, මම ලොකුවට ඒ පැත්තට යොමු වෙලා වැඩ කරන්න කැමති නැහැ. මොකද, දැනටත් මම අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා ඉන්න නිසා.
අධ්‍යාපන කටයුතු කිව්වේ?
දැනට මම කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරනවා.
රඟපාන්නද? නිරූපණයටද? නිවේදිකාවක් වෙන්නද කැමති?
මම ඒ තුනටම කැමතියි. නමුත්, වර්තමානයේ නම් වැඩි කැමැත්තක් තියෙන්නේ නිරූපිකාවක් විදිහට වැඩ කරන්න.
නිරූපිකාවක් කිව්වාහම අද ගොඩ දෙනෙක් බලන්නේ විවිධ පැතිකඩවලින්?
ඔව්. ඒත්, අපි කරන දේ හරියට කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. සමහර කිහිප දෙනෙක් කරන දේවල් නිසා තමයි ඔය තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. නිරූපණ ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ඕනෑම ක්ෂේත්‍රයක වැරදි කරන අය ඉන්නවා. ඉතින් තමන් කරන දේ හරියට තමන්ට හානියක් නොවන විදිහට කළොත් මම දකින්නේ නැහැ ඒකේ වැරැද්දක්.
මොනවද ඉලක්ක ඔබගේ?
ලොකුම ඉලක්කය තමයි උපාධිය සම්පූර්ණ කරලා කථිකාචාර්ය කෙනෙක් වෙන එක. ඊට අමතරව නිරූපණ ක්ෂේත්‍රය තුළ හෙමින් හොඳ ගමනක් යන්න.
කවුද උදව් කළේ?
මේ ගමන යන්න මට අම්මා තමා ගොඩක්ම උදව් කළේ. අම්මා තමා හැම වෙලාවෙම මාත් එක්ක වැඩවලට යන්නේ. ඒ වගේම තාත්තා, නංගී මගේ පවුලේ හැමෝම පුළු පුළුවන් විදිහට මට උදව් කරනවා. ඉමාෂ්, චතුර, මාධව, ඉෂාන්, රොමේෂ්, ශාන් අයියලාත් ගොඩක් උදව් කරනවා. ඊට අමතරව නිකි අක්කා ඇතුළු නිරූපණ ක්ෂේත්‍රයේ මගේ යාළුවෝ. මේ හැමෝම මේ වෙලාවේ මතක් කරනවා.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මට කථිකාචාර්ය කෙනෙක් වෙන්න ඕනා