IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මට තව සතියකින් වගේ පුතා ලැබෙන්න තියෙන්නේ

2016-10-22-ent-50

හිටපු රූ රැජන පුෂ්පිකා ද සිල්වා මේ දවස් කිහිපය ගත කරන්නේ ඇඟිලි ගනිමින්. ඒ පුංචි පුතු දැකීමේ ආසාවෙන්. තව සතියකින් පමණ ඒ දවස උදාවෙනවා කියලා තමා පුෂ්පිකා හදසරට කිව්වේ. උතුම් වූ මව් පදවිය ලබන්න දින කිහිපයකට පෙර හදසර ඇය සමඟ කළ කතාබහයි මේ.

 

කොහොමද පුෂ්පිකා ජීවිතේ?

2016-10-22-ent-47මට තව සතියකින් වගේ පුතා ලැබෙන්න තියෙන්නේ. ඉතින් පුංචි පුතාව දැකීමේ සතුටින් දින ගනිමින් ඉන්නවා.

 

‘බේබි ෂවර්’ උත්සවය ගැන කතා කළොත්?

ඔව්. ඒක සාමාන්‍යයෙන් කරන්නේ බබා ලැබෙන්න සති දෙකකට තුනකට කලින් වගේ. තමන්ගේ යාළුවො ඇවිත් සුභ පතලා, තෑගි බෝග දීලා තමන්ගේ මානසික සුවය වැඩි වෙන්නත් එක්ක සතුටින් ඒ කාලය ගතකිරීම තමා බේබි ෂවර් එකක් කීරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ.

 

පුෂ්පිකා බලාපොරොත්තු වුණෙත් පුතෙක්ද?

එහෙම නැහැ. ලැබෙන දරුවා දුවෙක්ද පුතෙක්ද කියලා නම් නෙවෙයි. හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේම මමත් තිලංකත් බලාපොරොත්තු වෙන්නේ නිරෝගී දරුවෙක්.

 

තිලංකගෙන් ලැබෙන ආදරය ගැන කතා කළොත්?

ඔව්. මම හිතන්නේ කාන්තාවන් කියන්නේ ගොඩක් ආදරය බලාපොරොත්තු වෙන අය. ඉතින් මමත් එහෙමයි. ගොඩක් ආදරය, කරුණාව, රැකවරණය කියන දේ බලාපොරොත්තු වුණු කෙනෙක්. තිලංකගෙන් මම ඒ බලාපොරොත්තු වුණු ආදරය කරුණාව රැකවරණය කියන දේ උපරිමයෙන් ලැබෙනවා. ඒ නිසා මම හැමවෙලේම හිතන්නේ මම හරිම වාසනාවන්තයි, ඒ වගේ ආදරයක් ලැබීම ගැන.

 

කොහොමද පුෂ්පිකාට ගෙදරින් ලැබෙන සහයෝගය?

උපරිම සහයෝගයක් මට හැමෝම ලබාදෙනවා ඒ වගේම මගේ අම්මා, තාත්තා, තිලංකගේ අම්මා තාත්තා නංගි සහ ආච්චිත් සීයත්, මේ හැමෝම මාව ආරක්ෂා කරනවා. හොඳට රැක බලාගන්නවා. ඒක ඇත්තටම හරි වටිනා දෙයක්.

 

පුෂ්පිකා දරුවා ලැබුණට පස්සෙත් ආයෙත් නිරූපණ ක්ෂේත්‍රයට එනවද?

නැහැ. එහෙම බලාපොරොත්තු නම් නැහැ. මොකද මම යන්න ඕනේ ඉහළම තැනට ගියා. මට බලාපොරොත්තුවක් තිබ්බේ ලෝක රූ රැජින තරගෙට යන්න. ඒක තමා මේ ලෝකේ තියෙන ලොකුම පැජන්ට් එක. එතනින් එහාට මට තිබ්බේ මගේ විවාහය ගැන බලාපොරොත්තුව වගේම හොඳ මවක් වෙනවා කියන එක. දැන් ඉතින් ඒ වෙනුවෙන් තමා මගේ කාලය කැප කරන්නේ. මම හිතන්නේ මගේ සිහින මම නිසි වයස තුළ ඉටුකරගත්තා. දැන් හොඳ බිරියක් සහ හොඳ මවක් විදියට මගේ පවුල් ජීවිතය රැකගැනීම තමා මගේ ජීවිත කාලයටම තියෙන එකම බලාපොරොත්තුව. එහෙම නැතුව මට යන්න වෙන තැනක් නැහැ. ලස්සන, ජනප්‍රියත්වය කියන දේ තාවකාලිකයි. කාන්තාවක් විදියට ලබන්න පුළුවන් උතුම්ම පදවිය තමා මව් පදවිය. මොන දේ ලැබුණත් වැඩක් නැහැ, මවක් වෙන්න බැරිනම්. මම හිතන්නේ මවක් වෙන හැම ගැහැනියක්ම අංගසම්පූර්ණ කාන්තාවක් කියලා.

 

විදෙස් ගතවෙන්න එහෙම අදහසක් නැද්ද?

මම නම් එදා ඉඳන්ම පිටරටවල ජීවත් වෙන්න ආස නැහැ. මම මගේ රටට ආදරය කරන තරම් මම වෙන කිසිම රටකට ආදරය කරන්නේ නැහැ. තිලංකත් එහෙමයි. ඉතින් ඒ නිසා පදිංචියට නම් අපි විදෙස් ගතවෙන එකක් නැහැ. නමුත් විදෙස් රටවල සංචාරය කරලා එන්න නම් ආසයි. ඒ නිසා අපි ගිහින් ඒවී.

 

අනාගත බලාපොරොත්තු මොනවද?

බලාපොරොත්තු කියලා ලොකු දේවල් නැහැ. මගේ පවුල් ජීවිතය, මගේ පවුලේ උදවිය සහ තිලංකගේ පවුලේ උදවිය සමඟ සහයෝගයෙන් සතුටින් හොඳින් ගතකිරීම, ඒ වගේම මගේ දරුවන් වෙනුවෙන් කාලය කැප කරලා එයාලගේ ඉගෙනීම් කටයුතුවලට, ජීවිතේ සාර්ථකත්වය කරා යන්න ඒ අයට ආදර්ශමත් මවුපියන් විදියට ජීවත් වීම තමා එකම බලාපොරොත්තුව.

 

අනූෂා රණසිංහ / සේයාරූ අනුග්‍රහය I studio 3000

 

2016-10-22-ent-49
2016-10-22-ent-48
2016-10-22-ent-46
2016-10-22-ent-45
2016-10-22-ent-44
2016-10-22-ent-43
2016-10-22-ent-42
2016-10-22-ent-41
2016-10-22-ent-40
2016-10-22-ent-39
2016-10-22-ent-38
2016-10-22-ent-37



අදහස් (0)

මට තව සතියකින් වගේ පුතා ලැබෙන්න තියෙන්නේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 27 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 125 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 630 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 369 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1427 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 321 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39724 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 47 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1242 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site