IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මට රඟපාන්න චිත්‍රපටයක් ලැබුණා

2016-10-27-ent-78

නිරූපණයට එක්ව කෙටි කාලයකදීම රංගනයටද අත්පොත් තබන්නට හැකිවු රුචිකා හර්ෂණි සමගින් මෙවර "සාරවිට" තරු කතා ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වුණේමු. මේ දිනවල ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වන "කොළඹ අපි ආවා" ටෙලි නාට්‍යයේ දකින රුචිකා ඉදිරියේදී තවත් ටෙලි නාට්‍යය කිහිපයකින්ද අප හමුවට පැමිණිමට සුදානමින් සිටියි.

 

රුචිකා කියන්නේ දැන් රංගන ශිල්පිණියක්?

2016-10-27-ent-79ඔව්, මේ දිනවල නිරූපණයට වඩා මම රංගනය පැත්තට තමා යොමු වෙලා තියෙන්නේ. නමුත්, ලැබෙන කාල වෙලාව අනුව නිරූපණ කටයුතු වලටත් සම්බන්ධ වෙලා වැඩ කරනවා. මම ක්ෂේත්‍රයට ආවේ 2015 අවුරුද්දේ. කසුන් රණසිංහ ගායනා කළ %පපුවට හුරු නැති ආදරේ^ රූප රචනාවට පෙනී ඉඳලා. ඒ ගීතය නිර්මාණය කළේ සිරස නාලිකාවේ තරිදු කංකානම්ගේ.

 

මේ දවස්වල වැඩිපුර ප්‍රතිචාර හම්බ වෙන්නේ?

"කොළඹ අපි ආවා" කියන චරිතයට. ගොඩ දෙනෙක් මාව දැක්කහාම කතාකරනවා. වෙනදාට වඩා යම් පිරිසක් මාව අඳුනගෙන තියෙනවා කියලා හිතෙනවා. ඊට අමතරව "මේරියන්ස්" සංගීත කණ්ඩායම ශිවන්ත ප්‍රනාන්ඳු ගායනා කරන "පරවි මලක්" කියන මියුසික් විඩියෝවට රංගනයෙන් දායක වුණා. ඒ හරහාත් යම් පිරිස් මාව අඳුන ගෙන තියෙනවා කියලා හිතනවා.

 

ඊට අමතරව?

මේ වැඩ කටයුතු වලට අමතරව මම පසුගිය ටිකේ දායක වුණ වෙළෙඳ දැන්විම් කිහිපයක් මේ දිනවල විකාශය වෙනවා. "සෙලාන්" බැංකුව, "විජය" ප්‍රඩක්ට්ස්, "ඇන්ලීන්" කිරි හා "එටිසේලාට්" කියන වෙළෙඳ දැන්විම් වලට මම පෙනී සිටියා.

 

චිත්‍රපටයකත් සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා නේද?

ඔව්, දැනට සාකච්ඡා මට්ටමින් යනවා. බොහෝ විට ලබන අවුරුද්දේ ඒ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ආරම්භ කරන්න නියමිත වෙලා තියෙනවා. ඒ චිත්‍රපටයේ මම කරන්නේ උප ප්‍රධාන චරිතයක්. මගේ ලොකු කැමැත්තක් තිබුණා පුංචි කාලේ සිනමා නිර්මාණයක දායක වෙන්න. දැන් ඒ හිනේ සඵල වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි ඒ ගැන.

 

ක්ෂේත්‍රයට යොමු වෙච්ච මුල් කාලේදී ඔබ රැකියාවකත් නිරත වුණා නේද?

ඔව්, නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණ මුල් කාලයේදී මම රැකියාවක් කළා. මාස හතක කාලයක් තමයි මට රැකියාව කරන්න ලැබුණේ කලා කටයුතු එක්ක රැකියාවක් කරන එක අමාරු වුණ නිසා මම එකෙන් අයින් වුණා. දැන් මම මුලීකත්වය දීලා තියෙන්නේ නිරූපණ පැත්තටයි රංගනය පැත්තටයි.   ‍

 

අලුත් කෙනෙක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඕනෑම දෙයක පැති කිහිපයක් තියෙනවා. ඉතින් හැමදේකින්ම හොඳ දේ විතරක් තෝරගන්න අපි බුද්ධිමත් වෙන්න ඕනා. ඉතා ඉක්මනින් ඉහළ යන්න කෙටි මාර්ගත් තියෙනවා. නමුත්, ඉක්මන් ගමනක් යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉක්මන් ගමන කෙටි කියනවනේ. ඒ හින්දා මම කැමතියි මේ ක්ෂේත්‍ර තුළ හෙමින් ගමනක් යන්න. ‍

 

මොනවද ඉලක්ක?

දක්ෂ රංගන ශිල්පිණියක් වෙන්න තමයි මගේ ලොකුම ඉලක්කය. ඊට පස්සේ සම්මානයක් ලබා ගැනීම. නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනා ගැනීම වගේම රසිකයන් අතර ජනප්‍රිය නිරූපිකාවක් වෙන්නත් කැමතියි.

 

බුද්ධික සේනාධීර

 

2016-10-27-ent-77
2016-10-27-ent-76



අදහස් (0)

මට රඟපාන්න චිත්‍රපටයක් ලැබුණා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 81 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 253 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 378 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 134 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 760 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 517 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 75 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1250 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site