IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘මඩකලපුවේ උණුසුම පහව යයි‘

මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ආරාධනයක් අනුව එහි ගිය බොදු බල සේනා හා තවත් සංවිධාන කිහිපයක පිරිසක් හා තවත් පාර්ශවයක් අතර මඩකලපුවේදී හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවූ බව මඩකලපුව පොලිසිය කියයි.

සෙනසුරාදා මඩකලපුවේ පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහනකට එරෙහිව පොලිසිය උසාවි නියෝගයක් ලබාගෙන තිබූ අතර එහි ගිය පිරිසට මඩකලපුවට ඇතුළුවීමට නොදීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

මේ වනවිට එහි තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇතැයි පොලිසිය පවසයි.

web_3299801744989950038_nweb67963_2416315630322520663_n

 



අදහස් (0)

‘මඩකලපුවේ උණුසුම පහව යයි‘

මොහාන් Monday, 05 December 2016 02:03 AM

උදය, නොදන්නා දේවල් කියන්න එපා. මඩකලපුවේ සිංහලයන්ගේ ඉඩම් වෙන කවුරුත් අල්ලාගත්තේ නැහැ. සල්ලි වලට තියෙන ගිජුකමට සිංහලයෝ ඒවා විකුණුවා. (නි)

:       0       0

කිත්සිරි Monday, 05 December 2016 02:11 AM

උපතින් බෞද්ධ වන සියලු ශ්‍රී ලාංකිකයින්ට ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය තම ජීවිතය කර ගන්නට දිරි දිය යුතුයි. ඒ මඟින් නැවත ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් වනු ඇත. (නි)

:       0       0

නිමල් ලලිත Monday, 05 December 2016 02:13 AM

සිංහල බෞද්ධ අයිතියට විනකරන,එසේ කිරීමට වචනයකින් හෝ උදව් දෙන හැම කෙනෙකුටම ශාප වේවා. ඉතිහාසය නොදන්නා අප්පච්චිලා සිංහලයාට මේ රටේ ඉඩම් ටිකෙන් ටික අහිමි වෙන්නේ කෙසේද කියා සොයා බැලුවහොත් යෙහෙකි. (නි)

:       0       0

මෙන්ඩිස් Monday, 05 December 2016 02:33 AM

සාමය කරා ගමන් කිරීමට නම්, සුළු ජාතින් කියා ජාතික කොඩියට වෙනම පාට වැඩක් නැහැනේ. ජාතික ගීයට භාෂා දෙකකුත් වැඩක් නැහැනේ. (නි)

:       0       0

නිෂානි Monday, 05 December 2016 04:18 AM

මේ ස්වාමින් වහන්සේ යුද්ධය කාලේ ඉදන්ම මඩකලපුවේ අපේ සිංහලයන් වෙනුවෙන් කැප වුණ කෙනෙක්.ඒ බව හමුදාවේ ඒ පැතිවල හිටි උදවිය දන්නවා. (ම)

:       0       0

රෙහාන් Monday, 05 December 2016 05:08 AM

මෑතකාලීන ඉතිහාසයේ මම දන්නා තරමට ශ්‍රී ලංකාව තමා ත්‍රස්තවාදය තම රටින් මුලිනුපුටා දැමුවේ.... ඉන් ලැබූ නිදහස රටේ ඉදිරි සංවර්ධනය කරා රැගෙන යාමට අප කටයුතු කල යුතු වේ. ජාතීන් අතර සමගිය ස්ථාපයනය වීම ඉතාමත් අවශය කාල වකවානුවක, කුමන හෝ ආගමක පුද්ගලයින් ඊට තර්ජනයක් වන අයුරින් හැසිරෙත්නම්, එහි ඇති බැරෑරුම්කම වටහාදීම සියලුම ආගමික නායකයින්ගේ වගකීම ලෙස මම දකිමි. (ර)

:       0       0

හුසේන් මොහමඩ් - රියාද් Monday, 05 December 2016 06:15 AM

හැම ආගමකම කියලා තියෙන්නේ, අනිත් ආගම්වලට නිගරු කරන්න එපා කියලයි. (ම)

:       0       0

පහන් Monday, 05 December 2016 06:32 AM

මොහොමඩ් අනිත් ආගම වල සිද්ධස්ථාන අල්ලගන්න එපා කියල කියල නැද්ද ? (බ)

:       0       0

පහන් Monday, 05 December 2016 06:37 AM

මංගලාරාමයේ දායකයන්ට කොටින්ම ලංකාවේ පුරවැසිකම නැහැ .ජාතික හැදුනුම්පතක් හදාගන්න විදිහක් නැහැ .අඩුම තරමින් සමෘද්ධි කුපනයක්‌ නොදීම, ග්‍රාම සේවක වාර්තාවක්‌ ලබා නොදීම, හැඳුනුම්පතක්‌ ලබා ගැනීමට නොහැකිවීම, වසර තිහ හතළිහක්‌ වගා කළ ඉඩම් තණ භූමි කියලා අල්ලා ගන්න හදද්දී ඒවාට කිසිම බලධාරියෙක්‌ කතා කරන්නේ නැහැ.බුදුපිළිම තැන්පත් කරන්න එපා කියල අධිකරණ නියෝග අරගෙන .ගල් කණු, සිරිපතුල් ගල් ආදී ඉපැරණි පුරා වස්‌තු ඩෝසරයකින් ගලවලා ගොඩ ගහලා. ඉපැරණි දාගැබක්‌ මුදුනින් කණු සිටුවලා කටුකම්බිවලින් වැට ගහලා. (බ)

:       0       0

රම්සි Monday, 05 December 2016 07:44 AM

මුන්වහන්සේ මෙච්චර දත කන්නේ සිංහලය වෙනුවෙන් . (ර)

:       0       0

සම්පත් Sunday, 04 December 2016 01:39 PM

බොරු කලහාකාරී වැඩනේ.(හේ)

:       0       0

මොහොමඩ් Sunday, 04 December 2016 01:47 PM

සියලුම ජාතිනේ අපි සාමය කරා ගමන් ගනිමු (හේ)

:       0       0

මුණසිංහ Monday, 05 December 2016 09:10 AM

අපි ඇහින් දැකපු දේ අනුව උතුරු නැගනහිර පන්සල් වෙහෙර විහාර වලට අත්වෙගෙන යන ඉරණම ඛේදජනකයි. පොතුවිල් මුහුදු මහා විහාරය බොහොම අමාරුවෙන් රැක ගන්න ස්වාමීන් වහන්සේ දැඩි උත්සාහයක නිරත වෙනවා. (ම)

:       0       0

සංජු Sunday, 04 December 2016 02:32 PM

බෝධිපුජා කියන්නේ විරෝධතාවයක් ද? අනේ මෙහෙමත් යහපාලනයක්. කොටි සමරනකොට නැට්ට හංගගන්න පොලිසිය අපිට තමයි ලොකු පාර්ට්.. (බ)

:       0       0

දයානි Monday, 05 December 2016 09:22 AM

මුන්වහන්සේ දිවි පරදුවට තියලා මේ පන්සල ආරක්ෂා කරන්නේ මුන්වහන්සේට කාලෙක පටන් අන්තවාදීන්ගෙන් කරදර තියෙනවා.මේ සිද්දිය අපි මුල ඉදලම දැක්කා .හරිවැරදි කාගේද කියලා ලෝකෙම ඉන්න අය දකින්න ඇතිනේ (ර)

:       0       0

ප්‍රියන්ත Sunday, 04 December 2016 02:44 PM

කොහොමද පාරවල් ටික. ඕව මහින්දගේ වැඩ. (බ)

:       0       0

දෙව්මිත් Sunday, 04 December 2016 03:21 PM

සංජු හරි (හේ)

:       0       0

ශෂිකා Sunday, 04 December 2016 03:49 PM

මඩකලපුවේ සිංහලයින්ට වෙන අසාධාරනකම් කවුරුවත් දකින්නේ නැහැ,දුක ඒකයි (හේ)

:       0       0

කලණ Sunday, 04 December 2016 04:00 PM

රටේ සාමය ගොඩනගමු (ර)

:       0       0

ගාමිණී Sunday, 04 December 2016 04:18 PM

සාමකාමිව විසදුන එක ගැන සතුටුයි (ර)

:       0       0

සමීර Sunday, 04 December 2016 04:43 PM

මෙවැනි කලහකාරී වැඩ නවත්තල එකා මෙන් ඉමු (ර)

:       0       0

චින්තක Monday, 05 December 2016 10:23 AM

මේ අවදිය තරම් සිංහල බෞධයාට ,වෙහෙර විහාරස්ථාන වලට අවමන් වෙන කාලයක් තිබුණේ නැහැ (ම)

:       0       0

සිරිල් Sunday, 04 December 2016 05:27 PM

ලංකාවේ ඉස්ලාම් ත්‍රස්තවාදයක් ඇතිවුනොත් එය පරාජය කිරීම හිතන තරම් ලෙහෙසි නොවනු ඇත. ප්‍රභාකරක් බිහිකර කරන්න බැරිවුණා වැඩේ අන්තවාදීන් ලවා කරවන්න උත්සාහ කරන රටවල් අපි ළඟින්ම ඉන්නවා. මේක කවුරු කවුරුත් හිතේ තියාගෙන දුර දක්නා නුවණින් කටයුතු කළොත් අනාගතයට හොඳයි. (නි)

:       0       0

නිලාම් Sunday, 04 December 2016 05:33 PM

සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා..! (නි)

:       0       0

ලංකා Sunday, 04 December 2016 05:40 PM

අපි දැක්කනේ මේ උන්නාන්සේ කළුතර ගිහින් කරපු දේ... මේ වැඩේ මෙයින් ගියා ඇති. තවත් ලේ වැගිරවීමක් නැතුව. තව ජාතිවාද අපිට එපා (නි)

:       0       0

සමන් Sunday, 04 December 2016 06:38 PM

සිංහලයින්ට අසාධාරණයක් වෙලා තියනවා නම් එ්කට හරි විසඳුමක් හොයන්න ඕනෑ. අපි දැක්කනේ අපේ හාමුදුරුවෝ සැදැහැ සිතින් බෝධි පූජාවකට ආරාධනා කරපු විදිය.... යමක් කරන්න ඕනෑ ක්‍රමයක් තියනවා. කලබලේට කරන්න ගියොත් කිසිදෙයක් හරියන්නේ නැහැ. ලොකු කාලගෝට්ටියක් වෙන්නත් තිබුනා. (නි)

:       0       0

ප්‍රීති Sunday, 04 December 2016 09:36 PM

ජාතිය ආගම ඉස්සරහට දාලා මෝඩයෝ රවට්ටලා ගෝත්‍රික ජන්ම ගති ඉස්මතු කරන්න හරිම පහසුයි නේද? වීරයෝ වෙනුවට රටේ හැමතැනම පුස්සෝ ඉස්මතුවෙලා. ඒ අය එලොවටත් නැහැ, මෙලොවටත් නැහැ. (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ Sunday, 04 December 2016 09:50 PM

මහින්දගේ සල්ලිද ප්‍රියන්ත? (නි)

:       0       0

ලාල් Sunday, 04 December 2016 10:44 PM

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්. එයට ගරුකළ යුතුයි. (නි)

:       0       0

සංජු Sunday, 04 December 2016 11:14 PM

කරන්නෙම මෝඩ වැඩ. මහා වීර දිනය දවසේ දේවල් සියල්ලම අපි දන්නවා. හැබැයි මේකට විතරක් පොලිසිය දාගෙන නටනවා... (නි)

:       0       0

චන්න Sunday, 04 December 2016 11:41 PM

ප්‍රියන්ත, පාරවල් හොඳයි. කිලෝමීටරයට රුපියල් කෝටි 45යි. (නි)

:       0       0

සත්‍යා Monday, 05 December 2016 12:08 AM

ප්‍රියන්ත, ඔය පාරවල් ටික හදලා ඉවර වෙනකොට මහින්දගේ පවුලේ අයගේ "කල්ල මරේ" බව රටේ ජනතාවගෙන් ලක්ෂ 62ක් දැන සිටියා. ඔබ ඒක නොදැනගන්න හේතුව මහින්ද හදපු පාරවල් වල අලංකාරය බලමින් දිගටම කඩේ ගිය නිසා. දැන්වත් "බලන් කඩතුරා හැර දෑසේ"! (නි)

:       0       0

සමන් Monday, 05 December 2016 12:25 AM

පවුල් 200-300 ඉන්න තැන්වල පන්සල් වැහෙනවා. පවුල් 6-7 කට පන්සලක් හදාෙගන රණ්ඩුවෙනවා.මේවට උඩෙගඩි දෙනවා තව සමහරු. මෙය තවත් අවුලකට මුල පිරීමක් නෙමෙයිද? මෙය අාගමික ප්‍රශ්නයක් නොව ජාතිවාදී ප්‍රශ්නයක් අැතිකිරීමට ගන්නා උත්සාහයකි. දුර යන්න කලින් විසඳීම රටට ලාභයකි. සිදුවූ පසු පැලැසතර දැමීමට වඩා ඉක්මනින් විසඳීම වඩා උචිතය. (නි)

:       0       0

ලුම්බිණි Monday, 05 December 2016 01:00 AM

හමුදාව එක යුද්ධයක් අවසන් කරනකොට හාමුදුරුවරු තව යුද්ධයක් ඇති කරන්න වගෙයි උත්සාහ කරන්නේ. (නි)

:       0       0

උදය Monday, 05 December 2016 01:31 AM

සමන්, මඩකලපුවේ පවුල් 6-7කට වැඩිය ගොඩක් හිටිය. ඔයා දන්නේ නැත්නම් හොයලා බලන්න. කොටි කලබල නිසා ඒ අය මඩකලපුව අත්හැරලා ගියා. දැන් ඒ අයගේ පාරම්පරික ඉඩම් වෙනත් අය බලෙන් අල්ලාගෙන. නිකන් නොදන්නා දේවල් කියන්න එපා. ඔයාලා මඩකලපු එන්න ඇත්තේ බීච් එකේ නාලා විනෝද වෙන්න ඇති. (නි)

:       0       0

තිළිණ Monday, 05 December 2016 01:52 AM

දැන් මිනිසුන්ට ඕනෑ ප්‍රශ්න නැතුවට ප්‍රශ්න ඇතිකර ගන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1446 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1945 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1499 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8493 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2464 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10458 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site