IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මඩකලපුව ගුවන් පථය ජනපති අතින් විවෘත වෙයි

මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ප්‍රතිසංස්කරණය කරන ලද ගුවන් පථය සහ මගී පර්යන්තය අද (10) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කැරිණි.

නවීකරණය කරන ලද ගුවන් පථයට ගොඩබැස්වූ පළමු ගුවන් යානයෙන් ජනපති එහි පැමිණියේය.

රුපියල් මිලියන 1143ක් වැය කර සැකසූ නව ගුවන් පථය මීටර් 1560 ක් දිගින් යුත් අතර මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා සඳහා පහසුකම් සලසමින් එය නවීකරණය කර තිබේ.

අමාත්‍ය දයා ගමගේ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

DSCN7297 DSCN7300 DSCN7307



අදහස් (0)

මඩකලපුව ගුවන් පථය ජනපති අතින් විවෘත වෙයි

අචින්ත Monday, 11 July 2016 07:45 AM

මහින්ද හදපුවා නේද මේ? (නි)

:       0       0

සුමනපාල Monday, 11 July 2016 01:58 AM

මැටිපහනගේ කතාව ගොඩක් අය තේරුම්ගෙන නැහැ. (නි)

:       0       0

නිම්මි Tuesday, 12 July 2016 03:30 PM

සුජිත් අපේ සල්ලි නම් ගිහින් ඉල්ලා ගන්නකො. (බ)

:       0       0

මැටිපහන Sunday, 10 July 2016 11:41 AM

කලින් එක්කෙනා හිටියනම් මෙතන දඬු මොනරයක් රෙජිෆොර්ම් වලින් හදල, චන්නගේ කට්ටිය නටල, භාතිය-සන්තුෂ් සින්දු කියල, රණ විරුවෝ පැරිෂුට් වලින් පැනල, බලන්න තිබුන විවෘත කරන අපුරුව. මෙයාගේ වැඩ නම් කිසි ගතියක් නෑ. (බ)

:       0       0

ඉන්දික Sunday, 10 July 2016 12:22 PM

මේක හදන්න මුදල් පාස් කළෙත් වැඩ ඇරඹුවෙත් කලින් හිටපු කෙනා අවුලක් නෑ නේද ? (බ)

:       0       0

ෂාන් Sunday, 10 July 2016 12:26 PM

මැටිපහනට මැටි මොලයක් තියෙනවා කියල නම් අපිට පේනවා (බ)

:       0       0

සුජිත් Monday, 11 July 2016 03:53 AM

ටිකිරිගේ කතාව හරි. හුඟ දෙනෙක් හිතන්නේ පෞද්ගලික සල්ලි වලින් හැදුවා කියලා. මේවා අපේ සල්ලි. (නි)

:       0       0

අරුණ Monday, 11 July 2016 04:02 AM

මගේ රට දිනෙන් දින සෞභාග්‍ය කරා ළංවේවා! (නි)

:       0       0

ගයාන් Sunday, 10 July 2016 12:51 PM

ඔව්, සින්දු කියල කෝටි ගානක් ජනතා මුදල් නස්තිකරනවා කියන එක මැට්ටන්ට තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. (බ)

:       0       0

කපුගේ Monday, 11 July 2016 04:16 AM

මැටිපහනගේ හැර අනිත් අයගේ හිත් වල නම් තියෙන්නේ මැටි කියලයි මට හිතෙන්නේ (නි)

:       0       0

නුවන් තිවංක Sunday, 10 July 2016 01:14 PM

මැටි පහන, කලින් හිටිය කෙනා හදන්න පටන් ගත්ත ඒවා තමා මෙයා දැන් විවෘත කරන්න යන්නේ. ඉතින් අණබෙර ගහල ඒවා කරන්න බැනේ ...නෝන්ඩි වෙනවනේ (බ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 11 July 2016 04:27 AM

කලින් කෙනා කළත් දැන් කෙනා කළත් මේවා ජනතාවගේ මුදල් වලින් කරන වැඩ. ඒ කාලේ මේවට ගත් ණය ගෙවන්නේ අපි. මේවා කාගෙවත් බූදල් නොවෙයි. හැබැයි එයා හිටියා නම් මෙතනට දෙතුන් දෙනෙක් යන්නෙත් නැහැ, රංචු පිටින් ගිහින් බෙරගහලා සින්දු කියලා බලන්න තිබුනා කරන වැඩ ගොඩ. (නි)

:       0       0

අතුරා Monday, 11 July 2016 04:33 AM

දැන් මහින්ද හදපු ඔක්කොම එයාම පටන්ගත්ත ඒවාද? කවුරු කළත් අපේ සල්ලි. එයාලා ගෙදරින් ගෙනවිත් කළේ නැහැනේ. (නි)

:       0       0

ගයාන් Sunday, 10 July 2016 03:05 PM

මැටිපහන, මේ විවෘත කරන්නේ කලින් ජනාධිපති හදපු ඒවා. (ර)

:       0       0

මදුසංක Monday, 11 July 2016 05:20 AM

මේවා මහින්ද පටන්ගත් ඒවා නේද දැන් මෙහෙම විවෘත කළාට? (නි)

:       0       0

ජයරත්න Monday, 11 July 2016 05:22 AM

අද සිටින පාලකයන් ඔය විවෘත කරමින් යන්නේ හිටපු කෙනා හදපු දේවල් තමයි. මේකට මුදල් වෙන්කළේ 2015 අවසන් කාලයේ නම් 2014 වසරේදී නායයෑම් ගංවතුර ආදියෙන් අවතැන්වූවන් අනාථ කඳවුරු වල සිටියදී යුද්ධයකුත් නැති රටේ හමුදා කඳවුරක ගුවන් පථයක් සෑදීමට කෝටි සිය ගනනක් වැය කිරීම නොකළයුතු දෙයක්. (නි)

:       0       0

නිම්මි Sunday, 10 July 2016 03:21 PM

විවෘත කරන්නේ කලින් කෙනා හදපුව තමයි. මැටි පහනට නම හොදට ගැලපෙනවා. (ර)

:       0       0

දිනේෂා Sunday, 10 July 2016 04:11 PM

මැටිපහන, මේවට උඩ පනින්න විදියක් නැහැ මේ රජයට. මොකද මේවා හදන්න අපේ බදු මුදල් වලින් ගෙවන්න ණය මුදල් හොයලා දුන්නේ කලින් කෙනානේ. (නි)

:       0       0

වෙල්ගම Monday, 11 July 2016 05:41 AM

යුද්ධයක් නැති නිසා හමුදා කඳවුරු ඉවත් කරනවා නම්, අවි ආයුධ විකුණලා දානවා නම් දැන් මොකටද මේ හමුදා කඳවුරට ගුවන් පථයක්? (නි)

:       0       0

වෙල්ගම Monday, 11 July 2016 05:43 AM

අතුරා, දැනුත් ඉතින් අපි බදු ගෙවනවානේ. අපේ සල්ලි වලින් ඒ කාලේ මොනවාහරි කළා කියමුකෝ. දැන් මොනවද කරන්නේ? අපිට මොනවද ලැබුන සහන? නිකන් කඩේ යන්න එපා. තමුන් ගැන රට ගැන හිතන්න, දේශපාලුවෝ ගැන හිතන්නේ නැතුව (නි)

:       0       0

රුචිර Sunday, 10 July 2016 04:28 PM

කලින් එක්කෙනා හැදුවේ අලුත් ඒවා. ඒක නිසා ඒවා සින්දු කියලා විවෘත කරන්න පුළුවන්. මේ විවෘත කරලා තියෙන්නේ පරණ පාවිච්චි කරපු එකක්. (නි)

:       0       0

ජනක Sunday, 10 July 2016 05:58 PM

අපේ ඉන්න බහුතරයකට ඕනෑ අඬබෙර ගහලා සෝබන දාලා මේවට වටිනාකමක් දෙන්න. තවම තේරුම් ගන්න බැහැනේ හැබෑට (නි)

:       0       0

අයිරාංගනී Sunday, 10 July 2016 07:35 PM

මේවා දකිනකොට අපිට ආඩම්බරයි (නි)

:       0       0

ද සිල්වා Sunday, 10 July 2016 07:58 PM

අඩුතරමේ මිලියන 100 වත් වියදම් කරලා උත්සවයක් තියන්න එපායැ. ඇයි ඉතින් ජනතාව ඉන්නවනේ ණය ගෙවන්න (නි)

:       0       0

විමලරත්න Sunday, 10 July 2016 08:04 PM

දැන්නම් රටේ ඇසට පෙනෙනා සංවර්ධනයක් වෙනවා (නි)

:       0       0

මොහාන් Sunday, 10 July 2016 08:00 PM

කිසිදෙයක් නොදන්නා මිනිස්සු මේකේ පඬිවරු වගේ අදහස් දානවා. මේකට සල්ලි පාස්වුණේ 2015 අන්තිම කාලේ. ඒවාට කලින් එක්කෙනාගේ සම්බන්ධයක් නැහැ. කෝටි ගණන් වියදම් නොකර මේ කළ දේ අගය කරන්න ඕනෑ. (නි)

:       0       0

ටිකිරි Sunday, 10 July 2016 08:36 PM

මෙතැන අයට නොතේරුනාට මේක පටන්ගත්තේත් මේක අවසන් කළේත් මහජන මුදලින්. කාගෙවත් පුද්ගලික ධනයක් නො‍වේ. මෙතෙක් සිටි දේශපාලුවෝ හැමතිස්සෙම කළේ මහජන මුදල් මතින් ගොස් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය සහ පවුලේ අය හිතවතුන්ගේ නම් ප්‍රසිද්ධ කරගත්ත එක. (නි)

:       0       0

සිරි Sunday, 10 July 2016 09:32 PM

මේ දවස් වල වෙන සංවර්ධන වැඩත් රටේ නොවෙන එකේ මේකත් ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 7 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 680 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 875 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1941 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1065 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2637 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site