IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මොඩලින් කරන්නත් හැමෝටම බෑ

2016-08-02-ent-82

රාජධානියක මෙන්ම පුරාවස්තුවලින් ගහණ ප්‍රදේශයක සිට නිරූපණ ක්‍ෂේත්‍රයට පිවිසි ඇය ස්ත්‍රී ලාලිත්‍යයකින් හෙබී රුවත්තියකි. සංගීතයට වඩාත් ඇලුම් කරන ඇය කලා උපාධිධාරිනියක වීමට පියවර මනිමින් සිටින්නීය. මිචෙල් සඳරේඛා නම් වන ඇය, නිරූපණය පිළිබඳ හදාරා ක්‍ෂේත්‍ර‘යෙහි දිගු ගමනක් යෑමට සිහින දකිමින් සිටින්නීය. "සාරවිට" අප සමගින් මෙලෙස පිළිසඳරක නිරත වූවාය.

 

ඔබ ගැන විස්තර කිව්වොත්?

2016-08-02-ent-84මගේ නම මිචෙල් සඳරේඛා. ගම දඹුල්ලේ. වයස අවුරුදු 22යි.

 

කොහොමද නිරූපණයට එකතු වුණේ?

මම එකතු වුණේ මහරගම ශ්‍රී ලංකා තරුණ සේවා සභාවෙන් පටන් ගත්තා මොඩලින් ඇකඩමි එකක්. ඒකට අයදුම් කරලා ඒ අතරින් තේරුණා. රජයෙන් පවත්වපු ජාත්‍යන්තර දේවල්වලට අපේ කණ්ඩායමක් සම්බන්ධ වුණා. රොසෑන් ඩයස් මිස් විසින් තමයි අපිව පුහුණු කළේ. ඒ හරහා විවිධ දේවල්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එහෙම තමයි නිරූපණයට එකතු වෙන්න අවස්ථාව හිමිවුණේ.

 

ඇයි නිරූපණය කියන ක්ෂේත්‍රයට යොමුවෙන්නේ?

නිරූපණයට පැත්තට යොමුවෙන්න කිසිම අදහසක් තිබුණේ නැහැ. මම උසස් පෙළට හැදෑරුවේ සංගීතය. ගායනය පැත්තෙන් මට හැකියාව තියෙනවා. ඒ පැත්තෙන් ඉදිරියට යන්නයි හීනයක් තිබුණේ. අහඹු දෙයක් තමයි නිරූපණයට එන්න ලැබීමයි. මොඩලින් කරන්නත් හැමෝටම බෑ. මේක මම ආසාවෙන් කරන දෙයක්.

 

නිරූපණය දැන් රැකියාවද?

නෑ. මේක මං කරන්නේ ආස නිසා. ජොබ් එක නෙවේ. මම කැලණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිය හදාරනවා. ඒ වගේම සැලොන් එකක් පටන් ගන්න ඉන්නේ.

 

නිරූපණය ගැන ඔයාගේ අදහස?

නිරූපණය කියන්නේ හැම කෙනෙක්ටම කරන්න බැරි දෙයක්. නියමිත පුහුණුවක් තියෙන්නම ඕනේ. කැමරාවක් ඉදිරියට ගිය පලියට නිරූපිකාවක් වෙන්න බැහැ. අද බලන බලන හැමතැනකම නිරූපිකාවන්. නමුත් ඔවුන්ගේ ගමන සාර්ථක නැහැ. ඒ වගේම හරි විදිහට හිටියොත් දිගු ගමනක් යන්න පුළුවන් ක්ෂේත්‍රයක්. ගොඩක් අය නොදන්නකමට විවිධ කතා කියෙනවා. නමුත් ක්ෂේත්‍රයට ඇවිත්ම ලබන්න ඕනේ. එතකොට කොයිතරම් සුන්දරද කියලා තේරෙනවා. කැපිලි කෙටිලි නැතුවාම නෙමේ. නමුත් මට ක්ෂේත්‍රයට ආවාට පස්සෙ ගොඩක් සුන්දර යාළුවො කිව්වොත් මං නිවැරදියි.

 

රංගනයට එන්න කැමැත්තක් නැද්ද?

මම කැමතියි. මේ වෙන කොට පොඩි දේවල් සඳහා දායක වෙලා තියෙනවා. හොඳ දෙයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම පුහුණුවක් ලබමින් අත්දැකීම් එක්ක ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

 

කවුරුදු හරි උදව් කරපු පිරිසක් ඉන්නවාද?

අනිවාර්යෙන්ම ඉන්නවා. රොසෑන් ඩයස් මහත්මිය මතක් කරන්න ඕනේ. ඒ වගේම මගේ අම්මා, අප්පච්චි, මගේ යාළුවෝ අය තමයි. වචනයකින් හරි උදව් කරපු හැමදෙනාවම මතක් කරනවා.

 

නිරූපිකාවක් දිහා ඇයි ගොඩක් අය වැරදි විදිහට බලන්නේ?

මෙහෙමයි ඒක තීරණය වෙන්නේ තමන් ක්ෂේත්‍රයේ වැඩ කරන විදිහ අනුවයි. සමහර එක්කෙනෙක්, දෙන්නෙක් කරන වැඩ නිසා හැමෝම දිහා එහෙම වැරදියට බලන්නේ. නමුත් හරියට ගමනක් යනවානම් ඒක තමා මොනදේ කළත් නියම විදිහ. නිරූපණ ක්ෂේත්‍රය තුළ විතරක් නෙමෙයි, ඕනෑම ක්ෂේත්‍රයක් තුළ හරි විදිහට ගමනක් යන්න පුළුවන් නම් එක් තමයි හරිම විදිහ.

 

2016-08-02-ent-83
2016-08-02-ent-81
2016-08-02-ent-80
2016-08-02-ent-79
2016-08-02-ent-78
2016-08-02-ent-77
2016-08-02-ent-76
2016-08-02-ent-75
2016-08-02-ent-74



අදහස් (0)

මොඩලින් කරන්නත් හැමෝටම බෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 294 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 426 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 785 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 915 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 683 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 653 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site