IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මොඩ්ල්ස්ලා හොඳ නෑ කියනවා

20160311-ent-55

ශනලි වීරසිංහ නවක පරපුරේ නිරූපණ ශිල්පිනියක්. ඇය රොසෑන් ඩයස් හරහා ක්ෂේත්‍රයට පිවිසි ඇය ඉදිරියේදී රංගනයෙන් ඉදිරියට යෑමට වෙර දරයි.
 

20160311-ent-57කොහොමද model කෙනෙක් විදිහට field එකට අවේ?

රොසෑන් ඩයස් හරහා තමයි මම මේ field එකට අවේ. මගේ මුල් ගුරැවරයා රොසෑන් ඩයස්.

 

කොයි කාලේ වගේද field එකට ආවේ?

2014 මුල වගේ

 

ඇයි මේ වගේ ක්ෂේත්‍රයක් තෝරාගත්තේ?

පොඩි කාලේ ඉඳල තිබුණ ආසාවක්. ගොඩක් අය කිව්වා මේක හරියන්නෙ නෑ. ගැළපෙන්නෙ නෑ කියලා. අම්මා ඇරැණම ගොඩක් අය කිව්වේ මේක තෝරාගන්න එපා කියලා. හැබැයි field එකට ආවට පස්සෙ තාත්තත් කැමති වුණා. මම අදටත් පොඩ්ඩක්වත් පසුතැවෙන්නෙ නෑ මේ ක්ෂේත්‍රයේ ඉන්න එක ගැන.

 

ගොඩක් අය විරැද්ධ වුණේ මොන පදනමින්ද?

මෙහෙමයි ගොඩක් අය මේක දකින්නෙ පිට ඉඳන්නෙ. චෝදනා කරන ගොඩක් අය මේ ක්ෂේත්‍රයේ වැඩ කරන අය නෙවෙයි. එහෙම අය තමයි modelsලා හොඳ නෑ කියන්නෙ. ඒ වුණාට අපි දන්නවා මේ ක්ෂේත්‍රයේ ගොඩක් හොඳ අය ඉන්නවා කියලා.

 

මොනවද මේකෙන් ලැබුණ වරප්‍රසාද?

මම දැන් ටික ටික act කරන්න පටන් අරන් තියෙන්නෙ. මෑතකදි පටන් ගත්තේ. ඒ වගේම තමයි හොඳ ආදායම් මාර්ගයක්. අනිත් අතට මිනිස්සුන්ගේ ආදරය ලැබෙනවා.

 

කැපිලි කෙටිලි ගැන අත්දැකීම් නැද්ද?

කැපිලි කෙටිලි නම් ගොඩක් තියෙනවා. මම නම් ඒවා සාමාන්‍ය දේවල් විදිහට දකින්නෙ. මොකද ඒ වගේ දේවල් හැම තැනම වගේ තියෙනවනෙ.

 

අමතක නොවන විශේෂ අත්දැකීම් එහෙම ඇති නේද?

එහෙම විශේෂ දෙයක් නෑ. එකපාරක් හරනිගේ යාළුවෙක් මට ආසයි කියලා එයා කතාකරන්න දුන්නා. හැබැයි එයා ටික දවසකින් කතා කරන එක නැවැත්තුවා. එයා හිතුවා ඒකෙන් පස්සෙ හරිනියි, මායි තරහා වෙයි කියලා. හැබැයි අපිට එහෙම වුණේ නැහැ.

 

Field එකට ආවට පස්සෙ ලැබෙන ජනප්‍රියත්වයත් එක්ක සමහර වෙලාවට ඒ ජනප්‍රියත්වය වදයක් වුණ අවස්ථා නැද්ද?

මේකෙ ඉන්නකොට පොඩි හරි දෙයක් වුණොත් ඒක ඉක්මණට ලීක් වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනෙ වැරදි නොකර ඉන්න. විනෝදයට ගමනක් ගියත් ගෙදරට ආරංචි වෙනවා. අඩුම තරමේ මේ වයසට කරන පොඩි පොඩි හොර වැඩක්වත් අපිට කරන්න විදිහක් නැහැ.

 

ඔයාගේ ඉදිරි Target එක ගැන කියන්න පුළුවන්ද?

මම ටික කාලයක modeling නතර කරලා තියෙන්නෙ. ලොකු ආසාවක් තියෙනවා act කරන්න. ඒකත් දැන් පටන් අරන් තියෙන්නෙ. Acting වලින් ඉදිරියට යන්න ආසයි. හැබැයි modeling නතර කරන්නෙ නෑ.

 

ආශිකා

DESHAYA

20160311-ent-56

MORE-IMG



අදහස් (0)

මොඩ්ල්ස්ලා හොඳ නෑ කියනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 403 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 440 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 726 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 561 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 396 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 730 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site