IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


'මොඩල්' කියන්නේ වටින වෘත්තියක්

20160825Ishi-1නිරූපිකාවක් ලෙස ඉතා කෙටි කාලයක් තුළදී නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් ඉෂු ඉදන්තොට සමගින් මෙවර 'සාරවිට' තරු කතා බහ අපි අරඹන්නට බලාපොරොත්තු වුණෙමු. නිරූපිකාවක් ලෙස දිගු ගමනක් යන්නට අපේක්ෂාවෙන් පසුවන ඉෂු රංගනයට ඉදිරි කාලයේදී එක්වීමටද බලාපොරොත්තුවෙන් සිටියි.

 

පුංචි කාලේ නිරූපිකාවක් වෙන හීනය ඉෂුට තිබුණද?

පුංචි කාලේ ඉඳලා මම රංගනයට, නර්තනයට දක්ෂ කෙනෙක්. ඉතින් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී හිටියාට පස්සේ නිරූපිකාවක් විදිහට වැඩ කරන්න මට අවශ්‍ය වුණා. නමුත්, ඊට කලින් මගේ උනන්දුව තිබුණේ රූපලාවණ්‍ය පැත්තට. ඉතින් ඒ පිළිබඳව හැදෑරීම් කළා. පස්සේ මගේම කියලා රූපලාවණ්‍යාගාරයක් පටන් ගත්තා.

 

20160825Ishi-2නිරූපිකාවක් වුණේ කොහොමද?

රූපලාවණ්‍යගාරයේ වැඩ කරන කොට මට අවස්ථාව ලැබුණා. තරුණි පුවත්පතේ මුල් කවරය සරසන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා යම් පිරිසක් හඳුනගන්න පුළුවන් වුණා. ඊට පස්සේ තමයි නිලු මොඩල් ඇකඩමි එකට සම්බන්ධ වෙලා එහි සාමාජිකාවක් වුණා. ඔය විදිහට තමයි නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණේ.

 

දැන් කොපමණක් කල්ද නිරූපිකාවක් විදිහට වැඩ කරන්න අරගෙන?

ලොකු කාලයක් නැහැ. මම හිතන්නේ මාස 06ක් විතර ඇති දැන් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා.

 

ඔබ මෑතකදී රූපරාජිනි තරගයකටත් සම්බන්ධ වුණා නේද?

ඔව් 'Revlon miss univers 2016' පැජන්ට් එකට ඉදිරිපත් වුණා. තරගය තිබුණේ අගෝස්තු 16 වැනිදා. අවසන් තරගකාරියන් 12 අතරට ආවා මම. මට හම්බ වුණේ 08 වැනි තැන. ඒ වගේම 'Best Figure' ලෙසත් මම එහිදී සම්මාන දිනාගත්තා.

 

ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම්වලට දායක වෙලා නැද්ද?

කඳුරට වෙළෙඳ දැන්වීම්ට දායක වුණා. ඊට අමතරව ගීත රූප රචනා කිහිපයකටත් දැනට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම මම කෙටි චිත්‍රපටයක රඟපාලා තියෙනවා.

 

රංගනයට පැත්තට යොමු වෙන්න කැමතිද?

ඔව්, ලොකු කැමැත්තක් තියෙනවා. ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම රංගනය පැත්තට මම යොමු වෙනවා.

 

අද ලංකාවේ මොඩල් කෙනෙක්ට තියෙන තැන කොහොමද?

ඇත්තම කිව්වොත් ලංකාවේ සංස්කෘතියත් එක්ක මිනිස්සු නිරූපිකාවක් දිහා බලන විදිහ වෙනස්. එක එක පුද්ගලයක් එක දකින්නේ විවිධ කෝණවලින්. මම හිතන විදිහට නම් 'මොඩල්' කියන්නේ වටිනා වෘත්තියක්.

 

නිරූපිකාවක් විදිහට ඉලක්ක තියෙනවාද?

මගේ ටාගට් එක තමයි 'ටොප් මොඩල්' කෙනෙක් වෙන එක. එක මගේ පළමුවැනි ටාගට් එක. ඒ වගේම පසුවට 'ඉන්ටර්නැෂනල් මොඩල්' කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ හැම දේම කරන්නේ මට ගැළපෙන දේවල්වලින් විතරක් කියලත් මතක් කරන්න ඕනා.

 

උදව් කළ අය ගැනත් සඳහනක් කරමුද?

මගේ අම්මා, තාත්තා දෙන්නව මේ වෙලාවේදී මතක් කරන්න ඕනා. ඒ වගේම මගේ අනෙකුත් පවුලේ සාමාජිකයන් සියලු දෙනාම. නිලු සේනානායක, අර්ජුන් සේනානායක, මට 'මිස් යුනිවර්ස්' පැජන්ට් එකේදී පුහුණු කළ ලෝ චෑන් වොන්ග් හා මගේ ළඟින් ඉන්න හැමෝම අය මට උදව් කළා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - ඉසුගේ ෆේස්බුක් ගිණුම

 

20160825Ishi-3 20160825Ishi-4



අදහස් (0)

'මොඩල්' කියන්නේ වටින වෘත්තියක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 104 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 61 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 615 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 357 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1829 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 691 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site