IMG-LOGO

2024 ඔක්තෝබර් මස 20 වන ඉරිදා


මඩොල්සිම අනතුරකින් අටක් රෝහලට

(ප්‍රසාද් රුක්මල් )

මඩොල්සිම පිටමාරුව මාර්ගයේ පොල්වත්ත ප්‍රදේශයේ දී අද (19) රාත්‍රි වෑන් රථයක් මාර්ගයේ න් ඉවතට පැන වේල්ලක ගැටි සිදු වූ අනතුරකින් අටදෙනකු බරපතළ තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බව මඩොල්සිම පොලිසිය පවසයි .

අනතුරින් තුවාල ලබා ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි පිරිසක් යැයි පොලිසිය කීය .

මොවුන් මඩොල්සිම පිටමාරුව ප්‍රදේශයේ නෑදෑ නිවසක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු නුවරඑළිය බලා වෑන් රථයෙන් ගමන් කරමින් සිටියදී මෙසේ අනතුර ට පත්ව ඇතැයි පොලිසිය සදහන් කළේය .

අනතුරින් වෑන් රථයේ රියදුරු ට සුලු තුවාල සිදු වී ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුළ දොලොස් දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඉන් සිව්දෙනෙකු තුවාල නොලබා බේරි ඇති බවත් පොලිසිය පැවසීය .



අදහස් (1)

මඩොල්සිම අනතුරකින් අටක් රෝහලට

gamika Sunday, 20 October 2024 08:44 AM

මේ වගේ 60 ශ්‍රී පරණ වාහනවල යන්න වෙලා තියෙන්නේ අපේ රටට මේ අවුරුදු ගාණක් දේශපාලකයෝ කරලා තියෙන දේ නිසා තමයි. BMW, බෙන්ස් වල යද්දී සාමාන්‍ය ජනතාවට යන්න වෙලා තියෙන්නේ මේවගේ වාහනවල. ඒ යන්නෙත් මැරෙන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දික්උල්පත කිරිඔරුව මාර්ගය ගිලා බසී
2024 ඔක්තෝබර් මස 20 35 0

බණ්ඩාරවෙල බිදුනුවැව දික්උල්පත කිරිඔරුව මාර්ගය ගිලාබැසීමට ලක් වීමෙන් මාර්ගයේ මීටර් 25ක පමණ කොටසක් කැඩී විනාශ වී ගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ දි


වසර 10ට පොල් ගස් ලක්ෂ තුන හමාරක් කපලා
2024 ඔක්තෝබර් මස 20 36 0

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පසුගිය වසර දහය තුළ තුන් ලක්ෂ පනස් දෙදාහක් පොල් ගස් කපා දමා තිබෙනවා. පොල් අක්කර 4072 කට්ටිකර ඇති බව හිටපු ලේකම් ජාතික මූලික අධ්‍යය


විභාග වංචා වලට පියවර නොගත් විභාග කොමසාරිස් ඉවත් කරන්න
2024 ඔක්තෝබර් මස 20 116 0

වර්තමාන විභාග කොමසාරිස් ජෙනරාල්වරයා යටතේ අතිශයින්ම බරපතල විභාග වංචා දෙකක් සිදුව ඇති බැවින් සහ ඊට අදාළ නිසි පියවර නොගැනීම හේතුවෙන් වහාම විභාග කොමසාර


සැකසහිත ජීප් රථයක් ගෝනවලදී සොයා ගැනේ
2024 ඔක්තෝබර් මස 20 613 1

සැකසහිත සුඛෝපභෝගී ජීප් රථයක් කැලණිය ගෝනවල පාර ප්‍රදේශයේ කිසියම් පුද්ගලයකු දමා ගොස් තිබියදී අද(20)වැනි දා සොයාගත් බව කැලණිය පොලිසිය පවසයි.


වජිර යලිත් අනාවැකියක් කියයි
2024 ඔක්තෝබර් මස 20 1410 5

මේ යන මාර්ගය දෙස බලන විට නැවත ජනතාව අමාරුවේ වැටෙන බව හොඳින්ම පෙනෙන්නට තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.


ඇමැති විජිතට තල් සේවකයන්ගෙන් රතු එළියක්
2024 ඔක්තෝබර් මස 20 1840 4

තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට යන මාරියපිලෙයි සෙල්වින් මහතා සම්බන්ධයෙන් දූෂණ වංචා සහ අක්‍රමිකතා චෝදනා රැසක් පවතින හෙයින් ඔහු පත් ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 699 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 513 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site