IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


මඩොල්සිම ඇකිරිය මාර්ගයේ ප්‍රදේශයේ නායයාමක්

(ප්‍රසාද් රුක්මල්) 

පස්සර මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ 25 කනුව ප්‍රදේශයේ අද (16) රාත්‍රි සිදු වූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇණ හිට ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි .

පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ 25 කනුව ප්‍රදේශයේදී මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටී ඇති අතර ,වර්ෂාවත් සමඟ මේ වනවිටත් පස්කදු මාර්ගයට කඩා වැටෙමින් පවතින බව මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච් .පී දිසානායක මහතා පැවසීය .

එම පස්කදු කඩා වැටෙන ස්ථානයේ මාර්ගයට කඩා වැටී මේ අනතුරුදායක ලෙස විශාල ගල්පර්වතයක්ද තිබෙන බව පොලිසිය සදහන් කළේය .

කෙසේ වෙතත් මාර්ගය ට කඩා වැටී ඇති විශාල පස්කන්ද ඉවත් කිරිමට අපහසු බවත්, පවතින වර්ෂාවත් සමඟ තවදුරටත් පස්කදු කඩා වැටෙන හෙයින් එම ඉවත් කිරිමේ කටයුතු සිදු කිරීමට බාධාවක් වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි .

මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගය වෙනුවට මැටිගහතැන්න අම්බලම හරහා ලුනුගල පස්සර මාර්ගය භාවිතා කරන්නැයි මඩොල්සිම පොලිසිය රථ වාහන රියදුරන්ට දැනුම් දෙයි .



අදහස් (0)

මඩොල්සිම ඇකිරිය මාර්ගයේ ප්‍රදේශයේ නායයාමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි බිලට කොමිසම - ලංවීම හැප්පෙයි
2024 දෙසැම්බර් මස 16 25 0

ලංකා විදුලිබල මණ්ඩලය තවත් මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇතැත් පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ග


ක්‍රීඩා අමාත්‍යවරයා ඔලිම්පික් කමිටුවට තදට සිටියි
2024 දෙසැම්බර් මස 16 237 0

ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුදය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව නිදහසේ කරගෙන යෑමට තවදුරටත් බාධාවක් නොවිය යුතු බවත් සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිදහස


මැලේසියානු මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2024 දෙසැම්බර් මස 16 106 0

ශ්‍රී ලංකාවේ මැලේසියාවේ මහ කොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (16) හමුවිය.


මීටියාගොඩදී පියාට - දියණියට වෙඩි තැබූ 4ක් මාට්ටු
2024 දෙසැම්බර් මස 16 342 0

මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් එහි සිටි පියකුට සහ දියණියකට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4


ජනපති ඉන්දියාවේ ලොකු ව්‍යාපාරිකයෝ හමුවෙති
2024 දෙසැම්බර් මස 16 410 0

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්


ජාතික පුස්තකාලය කවියක් කරන්න රත්න ශ්‍රී ට වරමක්
2024 දෙසැම්බර් මස 16 427 0

ප්‍රවීණ කිවියර,ගේය කාව්‍ය රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ⁣ධුරයේ අද (16) වැඩ බාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 208 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 210 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 104 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site