IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මඩ ගොහොරුව අයියා නගෝ බිලි ගනී

පිළියන්දල වවනවත්ත ප්‍රදේශයේදී   කැස්බැව  බෝකුන්දර අලුතින් තනන මාර්යේ සෙල්ලම් කරමින් සිටි අය්යා නගෝ   දෙදෙනකු මඩගොහොරුවක ගිලී මියගොස් ඇතැයි ද, මළසිරුරු පිළියන්දල රෝහලේ තබා ඇතැයි ද පොලිසිය කියයි.

පී සී කවිදු කෂ්මීර (9) සහ කවිනි නිවර්තනා (7) එලෙස මිය ගියහ.

ඔවුහු මාකන්ද ශ්‍රී සුදර්ශන විදුහලේ දෙවැනි සහ හතර වැනි ශ්‍රේණිවල ඉගෙනුම ලබන් සිටියහ.

උපකාරක පන්තියකට සහභාගී වී මව සමග පැමිණි සිසුන් දෙදෙනා පාරට ගොස් සෙල්ලම් කර ඇති බවත්, එම අවස්ථාවේ මඩගොහොටුවට වැටී ඇති බවත් කියති.



අදහස් (0)

මඩ ගොහොරුව අයියා නගෝ බිලි ගනී

ටෘත් Sunday, 01 September 2013 10:07 PM

පව් පොඩි එඋන් දෙන්නා......මේ වයසට එනකන් හදාගන්න කොච්චර අමාරුද? (නි)

:       0       0

රොෂාන් Sunday, 01 September 2013 10:24 PM

පවු අහිංසක ළමයි! නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

ජයන්ත බණ්ඩාර Sunday, 01 September 2013 10:31 PM

දරුවෝ ගැන මේ වගේ ආරංචි ලැබෙනකොට මගේ පපුව හිරවෙනවා වගේ. අනේ අම්මේ තාත්තේ, ඔයාලගේ දරුවන්ට මේ වගේ දෙයක් වෙන්න කිසි ලෙසකින්වත් ඉඩ තියන්න එපා. (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 01 September 2013 10:42 PM

දෙමව්පියෝ තමුන්ගේ දරුවන් ගැන මීට වඩා සෙවිල්ලෙන් ඉන්න ඕනෑ. කොහොම වුනත් මේක විපක්ෂයට හොඳ මාතෘකාවක් වෙයි. මම කියන්නේ බොරු ද කියලා බලන්න හෙට. (නි)

:       0       0

සුදත් ශ්‍රී Monday, 02 September 2013 12:13 AM

මට හිතෙනවා, එක දරුවෙක් වැටෙන විට අනෙත් දරුවා එයාව බේරගන්න යන්න ඇති කියලා. දරුවො දෙන්නට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

සිසිර Monday, 02 September 2013 12:34 AM

දුවේ පුතේ, ඔබ දෙදෙනා මේ සසරෙන් මිදී දිව්‍ය ලෝකෙක ඉපදේවා! (නි)

:       0       0

දුලිප් Monday, 02 September 2013 12:40 AM

මෙවැනි දේ ගැන දෙමව්පියන් හා වගකිවයුත්තන් සැළකිලිමත් විය යුතුයි . මේ අසරණ ළමයි දෙන්නාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Monday, 02 September 2013 12:49 AM

මේ සිඟිති දරුවන් ගැන අපට ඇතිවන්නේ විශාල දුකක්. ඔබලාට නිවන් සුව පතමි. (නි)

:       0       0

නිරුත්තර Monday, 02 September 2013 02:20 PM

අපිට මේ රට හදන්න මොනවා හරි කරන්න බැරිද? (ස)

:       0       0

මංජු Monday, 02 September 2013 03:01 AM

දෙමාපියන්ගේ නොසැළකිල්ල නිසා මල් කැකුළු දෙකක් අකලට පරවුණා (නි)

:       0       0

විපුල Monday, 02 September 2013 03:05 PM

දෙමව්පියෝ කොහොම ඉවසන්න ද මේවා, රට පුරා අර සංවර්ධනය මේ සංවර්ධනය කියා කියා කොන්ක්‍රීට් ගොඩවල් දානවා. මේ වගේ දෙයක් වලක්වන්න කිසි ක්‍රියා මාර්ගයක් නැ. මම කිව්වේ පාර හදන එක වරැදියි කියලා නෙවෙයි. (ස)

:       0       0

මහේෂ් Monday, 02 September 2013 09:26 PM

දුවේ,පුතේ,ලබන ආත්මේ මේ පාරක හරියට යන්න බැරි මෙහෙවු රටේ ඉපදෙන්නෙ නැතුය ලෝකේ හොඳ රටක ඉපදෙන්න.ලංකාව කියන්නේ හරියට පාරක්වත් නැති රටක්.ඔබට අවසානයේ නිවන් සුව! (නි)

:       0       0

පියල් Monday, 02 September 2013 06:57 AM

දෙමව්පියෝ වැඩිහිටියෝ දරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඔනී ! ඊට පස්සේ කාටවත් දොස් කියල වෙඩක් නැත ! (අ)

:       0       0

ගාමිණී Monday, 02 September 2013 03:15 PM

දරු දෙදෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. අදාල නිලධාරීන් මේවට වග කිව යුතුයි. (ස)

:       0       0

දිලානි Monday, 02 September 2013 07:12 AM

ඔබ දෙදෙනාට නිවන්සුව ලැබේවා !(අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 02 September 2013 07:39 AM

මේවා නිකන් යන්න දෙන්න එපා , නගර සබාවට නඩු දාල වන්දි ඉල්ලන්න එතකොට නැවත මේ වගේ දේවල් වෙන එකවත් වලක්වා ගන්න පුළුවන් (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 02 September 2013 07:39 AM

මේවා නිකන් යන්න දෙන්න එපා , නගර සබාවට නඩු දාන්න (අ)

:       0       0

නෙතුමි Monday, 02 September 2013 08:09 AM

මෙවැනි ස්ථාන ගැන බලධාරින් ඇයි විමසිලිමත් නැත්තේ,, පව් අසරණ ජීවිත 2ක් නැතිඋනා, (අ)

:       0       0

සුනිල් Monday, 02 September 2013 10:29 PM

සංවර්ධනයේ ප්‍රතිලාභ ගමට ලැබී ඇත! (නි)

:       0       0

ජගත් ලියනගේ Monday, 02 September 2013 08:12 AM

දෙමව්පියන් දරුවන් ගැන මීට වඩා සෙලකිලිමත් විය යුතුයි. (අ)

:       0       0

දහම් Monday, 02 September 2013 03:45 PM

නිලධාරී පළි. වැඩ බිම් වලට යන්නේ ඇයි? දෙමව්පියන්ගේ නොසැලකිල්ල. (ස)

:       0       0

ජනක වෙල්ලප්පිලි Sunday, 08 September 2013 04:35 PM

මම මේ ගැන දුක්වෙනවා ඇත්තටම දෙමව්පියන් ලමින් ගැන සොයා බලනවා මදි දෙමව්පියන් කොච්චර කාර්යබහුල උනත් ළමය ගැන සොයා බලන්න ඕන මීට වඩා අනිත් අයවත් මේක ආදර්ශයක් කරගන්න (දී)

:       0       0

සමන් Monday, 02 September 2013 08:47 AM

ඔබලාට නිවන් සුව

:       0       0

ම සිරිපාල Monday, 02 September 2013 08:53 AM

එකම කතාවක වෙළුම් දෙකක් --------------------- පිළියන්දල-එගොඩවත්ත ප්‍රදේශයේ දී එකම පවුලක කුඩා දරු දෙදෙනෙකු කෙසෙල්කොටයක ආධාරයෙන් ඔරු පැදීමටගොස් ජීවිතක්ෂයට පත්ව තිබේ. මඩවගුරක ගිළීමෙන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ නව හැවිරිදි කවිඳු හෂ්මිර නමැති පිරිමි දරුවෙකු සහ හත් හැවිරිදි කවිනි නිවර්තනා නමැති දැරියකි. ඊයේ සවස මෙම ඛේදවාචකය සිදුව ඇති අතර දරුවන්ගේ මෘත ශරීර මේවන විට පිළියන්දල රෝහලේ තබා ඇති බව පොලීසිය පවසයි.

:       0       0

ජනතාව Monday, 02 September 2013 08:57 AM

පුංචි දරුවෝ නොවෙයි ල්ලොකු කෙනෙක් උනත් ඔය මඩ ගොහොරට වැටුනත් සිදුවනුෙය් ඔය සිදුවීමමයි. දරුවෝ සෙල්ලම් කරන්න කැමතියි. පාරක් සාදන විට උනත් ඒය මහ ජනතාවට හිරිහැරයක් ෙනාවන විදියට සිදු කිරීම වගකිවයුත්තන්ෙග් යුතු කමක් සහ වග කීමකි. (දී)

:       0       0

කටා මාමා Monday, 02 September 2013 08:58 AM

මල් කැකුළු දෙක මිලින උනාදෝ අපේ පවට... (දී)

:       0       0

නෙත්මාල් Monday, 02 September 2013 09:04 AM

මේවගේ අනතුරු ස්ථාන ආවරණය කල යුතුයි .පව් කිරිසප්පයෝ දෙන්න. නිවන්සුව පතමු. (දී)

:       0       0

නිශාන්ත Monday, 02 September 2013 09:14 AM

උදේම දුටු දෙයින් මොහොතකට හදවත නැවතුනා දුවේ පුතේ, ඔබ දෙදෙනා මේ සසරෙන් මිදී දිව්‍ය ලෝකෙක ඉපදේවා (දී)

:       0       0

අසෝක Monday, 02 September 2013 09:30 AM

අපේ රටේ මිනිස්ජීවිත වලට කිසිම වටිනාකමක් නැති බවට තවත් හොද නිදසුනක්.ඔය වල හාරපු අයට සහ , පළාතේඉන්න මිනිස්සුන්ට ඔයවගේ අපරාදයක් වෙයි කියල කලින් හිතුනේ නැද්ද. දඩුවන්නම් දෙන්න ඕන . එත් ඉතින් මේක ශ්‍රී ලංකා වනේ. වැඩක් වෙන එකක් නැහැ . නමුත් මේවට කම්පාවෙන සුළු පිරිසක් හරි රටේ ඉන්නබව කියන්න ඕන නිසා ලියනවා (දී)

:       0       0

අසංග Monday, 02 September 2013 10:11 AM

අනේ දුවේ පුතේ මේ පුවත දැක්කම හිත වාවගන්න බැරිඋනා....මෙවන් අකල් මරනෙකට ජාති ජාතිත් ගොදුරු නොවේවා......නිවන්සුව ලැබේවා......! (දී)

:       0       0

සමීර සාලින්ද Monday, 02 September 2013 04:16 PM

ආසියාවේ ආශ්චර්ය. රටක් වටිනා ළමයින් දෙදෙනක්. නිවන් සුව දරුවනි !! මෙවන් කුරිරු රටක නැවත නොඉපදේවා ! (ස)

:       0       0

නාලක වලිවිටිගොදගේ Monday, 02 September 2013 10:16 AM

ඔබ දෙදෙනාටම නිවන් සුව පතනවා (දී)

:       0       0

රනා Monday, 02 September 2013 10:17 AM

අපේ රටේ සංවර්ධනයේදී ...ආරක්ෂක විදි භාවිතය එතම අඩුය. (දී)

:       0       0

බණ්ඩාර කුවේට් Monday, 02 September 2013 10:21 AM

පැටියනේ මෙවන් විපතක් සංසාරයේ ඇති නොවේවා .දෙදෙනාට නිවන් සුව පතමු (දී)

:       0       0

ප්‍රියන්ත Monday, 02 September 2013 10:33 AM

දෙමාපියෝ මීට වඩා දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න ඕන (දී)

:       0       0

රෝහණ Monday, 02 September 2013 10:36 AM

මාර්ග සංවර්දන අධිකාරිය මීට වැඩ සැලකිලිමත් විය යුතුය කරන්නම් වලේ වැඩ කිරීමෙන් මෙවෙනි අහිංසක දරුවන්ගේ ජිවිත බිලිවිමෙන් එම පාඩුව එයාලට දැනෙන්නේ නැහැ. මනුසත්වය කියන එකේ තිබෙන්න ඕනේ (දී)

:       0       0

රෝහණ Monday, 02 September 2013 10:39 AM

දෙදෙනාටම නිවන් සුව ලැබේව (දී)

:       0       0

චන්දි Monday, 02 September 2013 10:45 AM

දින 3කින් පත්තරේ පොඩ්ඩක් බලන්න ගත්තේ !!! ළමා මරණ දෙකක් ඇග හිතල වෙලා ගියා.., මොනවා ලියන්නද කියල හිතා ගන්නත් බැහැ..., දරු දෙදෙනාට නිවන් සුව පතනවා (දී)

:       0       0

චමල් Monday, 02 September 2013 10:45 AM

සිංහල ජාතිය වඳ වෙනවා . ඉන්න එවුන් ළමයි හදන්නෙත් නැහැ . හදපු අයව පරිස්සම් කර ගන්නෙත් නැහැ . එක අතකට ආශ්චර්ය කරා යනකොට ඔය වගේ පාරවල් හදන්න වලවල් කපල ඒවා ඕන කෙනෙකුට බැහැල නාන්න තියල තියෙන එකෙත් ප්‍රශ්නයක් නැහැ . (දී)

:       0       0

දිල් Monday, 02 September 2013 11:04 AM

අනේ දුවේ පුතේ මේ පුවත දැක්කම හිත වාවගන්න බැරිඋනා....මෙවන් අකල් මරනෙකට ජාති ජාතිත් ගොදුරු නොවේවා......නිවන්සුව ලැබේවා......! (දී)

:       0       0

නිශාඩ් Monday, 02 September 2013 04:54 PM

බොහොම දුක්මුසු පුවතක්. නොසැළකිලිමත්කමට දැඩි දඬුවම් ලබා දියයුතුයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 02 September 2013 04:56 PM

පාරවල් හදලා දීලා තව වන්දිත් ගෙවන්න කියලද කියන්නේ.දරුවන් ආරක්ෂා කරන්න දෙමාපියන් දැන ගන්න ඕනනේ.රජයෙන් දරුවන් ආරක්ෂා කරන්න කියලද කියන්නේ. (ස)

:       0       0

අනුර Monday, 02 September 2013 11:11 AM

මාර්ගය ඉදිකරන සමගම, ඉංජිනේරුවන් සම්පුර්ණයෙන් වගකිවයුතුය. ආරක්ෂක පියවරවල් ගැන තැකීමක් දැනුමක් නැත (දී)

:       0       0

සුරංජිත් Monday, 02 September 2013 11:18 AM

එක්සත් රාජධානියේ මෙහෙම දෙයක් වුනා නම් අඩුම ලක්ෂ 500ක් වන්දි ගන්න පුළුවන් අදාල ආයතනයෙන්. ලංකාවේ වුනත් බැරි නැහැ. නමුත් වැඩි දෙනෙක් ඒ ගැන දන්නේ නැ. ළමුන්ගේ ජීවිත වලට පණ දෙන්න බැරි බව ඇත්ත. ඒත් ආයේ එහෙම වෙන එක වලක්වා ගන්න පුළුවන් නීති මඟට බැස්සොත්. මේක කියවන කවුරු හරි ධානපතියෙක්, සංවිධානයක් ඒ සඳහා ඉදිරිපත් වුනොත් මහත් ආනිසංසයක්. බලයට කෑදරව නිතර නඩු මඟට බහින දේශප්‍රේමින්ට මේ අහිංසක ජීවිත නොපෙනෙන්නේ ඇයි. (ස)

:       0       0

පවන් Monday, 02 September 2013 05:20 PM

හදවත නවතිනවා මේ වගේ දේවල් ඇහුවහම ...පවු අහිංසක දරුවෝ දෙන්නා ..ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවා දරුවනේ! මේවා නොවෙන්න දෙමව්පියන් වගබලාගන්න ඕනෑ (නි)

:       0       0

නමීත Monday, 02 September 2013 11:50 AM

දෙමාපියන්ගේ නොසැලකිල්ලත්, මාර්ග සංවර්ධන අධිකාරියේ නොසැලකිල්ලත් නිසයි මේ වගේ විපතක් සිදුවුනේ.. පුතේ..දුවේ.. මෙවන් අකල් මරනෙකට ජාති ජාතිත් ගොදුරු නොවේවා....!! ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවායි.. ප්‍රාර්ථනා කරමි..!!! (ස)

:       0       0

ලොයිඩ් Monday, 02 September 2013 01:05 PM

තම ගෙවල් අසල අනතුරුදායක තැන් තියෙන දෙමව්පියන් මීට වැඩිය සැලකිලිමත් විය යුතුයි . (ස)

:       0       0

කුමාර Sunday, 01 September 2013 09:45 PM

දරුවන්ට නිවන්සුව ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 3739 8

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1456 2

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4272 4

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 403 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4081 13

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2349 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33911 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23954 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 471 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site