IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මඩ පින්තූරෙට තවත් විරෝධය

ලන්ඩන් නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිති සාමාජිකයින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරුපයක් "දෙමළ ඩයස්පෝරාව හමුවූ අවස්තාවක්" ලෙසට ප්‍රචාරය කිරීම පිළිබඳව ලන්ඩනයේ එජාප හිතවත්හු අප්‍රසාදය පළ කරති.

වික්‍රමසිංහ මහතා එජාප ශාඛා සාමාජකයින් හමුවුයේ ක්‍රිකල්වුඩ්හි ලිහිණියා නම්වූ  ජනප්‍රිය ශ්‍රී ලාංකිකඅවන්හලකදීය. එහි අයිතිකරුවන් වන්නේ සංග්‍රහ ශීලත්වය සහ හිතමිතුරුකම පිළිබඳව ලන්ඩන් නුවර බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ ඉමහත් ගෞරවයට පත්ව ඉන්නා උපාලී සහ මීපාලී ජෝතිරත්න යුවළයි.

ශ්‍රී ලංකාවේ ප්‍රචාරය කළ ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් එම  ප්‍රවෘත්තිය සමඟ ප්‍රදර්ශනය  කළ සියලුම ඡායාරූපවල සිටිනුයේ ලන්ඩන් නුවර එජාප ශාඛා සමිති වලට සම්බන්ධ අය බවත් "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බවත් " මේ පිළිබඳ අදහස් දැක්වූ එජාප හිතවතෙක් පැවසුවේය. 

මේ ආකාරයටම රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේදී එල් ටී ටී ඊ සාමාජිකයින් මුණගැසුණු බවට කියවුණු වැරැදි ප්‍රවෘත්තියක් සති අන්ත පුවත් පත් දෙකක ද පළකිරීම සම්බන්ධයෙන් එජාපයේ ලන්ඩන් ශාඛා සභාපති අධිනීතිඥ හර්ෂක කන්නන්ගර එම පුවත්පත් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා පියවර ගත් බවත් පවසා තිබිණි.

unnamed

 

 



අදහස් (0)

මඩ පින්තූරෙට තවත් විරෝධය

අනුෂා සමීරා Monday, 27 October 2014 03:25 AM

අයියෝ ගයාන්ගේ දැනුම. ඇත්ත දැනගෙන බොරුවට ආණ්ඩුවට කඩේ යනවා (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 27 October 2014 03:27 AM

මොකද මේ කට්ටිය ඔය තරම් බය වෙලා තියෙන්නේ. අනේ රනිල් මහත්තය කාව හම්බ උනත් අපේ මොකෝ. අපේ සල්ලි වලින් එයා ලන්ඩන් ගියෙත් නැහැ. අපේ උවමනාවට ලන්ඩන් ගියෙත් නැහැ. ඒක එයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ජනාධිපතිවරණයකදී දෙමල ඡන්ද ටික ගන්න ඩයස්පෝරාවේ සහය ඕනා. සමහර විට ඒකට ක්‍රමයක් හොයන්න ඇති. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 27 October 2014 03:36 AM

ඒක තමයි රොකී මහත්තයෝ අපිත් කියන්නේ. රනිල්ට බය කවුද?ප්‍රශ්නයට පිළිතුරු තියෙන්නේ ඔය පක්ෂය ඇතුළෙම තමයි.මහින්ද මහත්තයා නම් බය නැති බව අපි දන්නවා. (නි)

:       0       0

විජේතිලක Monday, 27 October 2014 03:37 AM

කවදත් මඩගහන්නේ මෙතුමාටමනේ. දැන් මිනිස්සු මේවා ගණන් ගන්නේ නැහැ (නි)

:       0       0

දාස Monday, 27 October 2014 03:42 AM

ඇත්ත කොටි ඉන්නේ කොහෙද කියලා ජනතව දන්නවා. මිනිස්සු රැවටෙන්නේ එකපාරයි. ඕනෑනම් දෙපාරකුත් රැවටේවි. යමෙක් තුන්වැනි සැරේටත් රැවටෙනවා නම් ඔවුන්ගේ මොළ පරීක්ෂා කරගන්න වේවි (නි)

:       0       0

කුමාරි මාකාවිට Sunday, 26 October 2014 12:16 PM

ලන්ඩනයේ එජාපයේ සාමාජිකයන් හිතවතුන් ඕකට අප්‍රසාදය පල කලාට , සිද්දිය සත්‍ය සිද්දියක් කියා ලන්ඩනයේ මධ්‍යස්ත ලාංකිකයන් පවසනවා. අපි ඉන්නෙත් ඔහේ තමා. මඩ නාගන්න මඩ වලට බහින්නේ මොකටද ? (නදී)

:       0       0

ධම්ම Sunday, 26 October 2014 12:20 PM

මෙතුමා ඒ වාගේ වැඩත් කරන නිසා අපිත් හිතුවා මේක ඇත්තක් කියලා. (නදී)

:       0       0

හර්ෂ Monday, 27 October 2014 05:31 AM

බන්දුල පෙරේරා මහත්තයා සුපුරුදු පන් මල්ල අතට අරගෙන රනිල්ට කවුද බය කියලා අහනවා.බය නැත්නම් ඔයතරම් බොරු මඩ ගහන්නේ ආදරේටද? (නි)

:       0       0

බන්දු Sunday, 26 October 2014 12:27 PM

එහෙනං මේ මිනිස්සුත් ඇත්ත දන්නේ නැහැ වගේ. (නදී)

:       0       0

රොෂාන් Sunday, 26 October 2014 12:28 PM

මෙච්චර කලබල වෙන්නේ තව තව හොඳ, හොඳ පින්තුර තියනවද දන්නේ නැහැ. (නදී)

:       0       0

නිමල් රණසිංහ Sunday, 26 October 2014 12:36 PM

ඇත්තටම සිංහල ජාතිය ගැන තේරුම් ගන්න නම් මේ පිටර ටකටම එන්නම ඕනා. සත්‍ය විකෘති කිරීම අපේ ජාන වලම තියන දෙයක්ද? (නදී)

:       0       0

අසේල ද සිල්වා Sunday, 26 October 2014 12:42 PM

රනිල් ඔබ වැනි අවංක නායකයෙකු රටට නොලැබීම රටේම පවයි (නදී)

:       0       0

සිංහ Sunday, 26 October 2014 01:24 PM

එතකොට මැලේසියාවේ දෙමල කට්ටිය හම්බවෙන්න තිබුන එක නවත්තල සිංගප්පුරුවෙන් නොගිය එක? එ්කත් බොරුවක්ද? (නදී)

:       0       0

මුදිතා Sunday, 26 October 2014 01:27 PM

මන් කියනවා අහගෙන එල්.ටී.ටී තහනම ඉවත් කලෙත් රනිල් කියලා. එ්කත් බොරුද ? (නදී)

:       0       0

රුෂාන් සිල්වා Sunday, 26 October 2014 01:58 PM

මුදිතා හිතාගෙන ඉන්නේ යුරෝපා සංගමය රනිල්ගේ බුදලයක් කියලද? දැන්වත් අයි.ටී.එන් ප්‍රවෘත්ති බලන එක නවත්තන්ඩ. යුරෝපා සංගමය රටවල් 38ක එකමුතුවක්. එහෙව් අදිකරණයකින් තමා ඔය තීරණය අරන් තියෙන්නේ. සිද්ද වෙලා තියෙන වැඩේ වැරදියි. එ්ක ලංකාවට හොඳ නැහැ. එ්ත් එකට රනිල් පලිද. (නදී)

:       0       0

ජයන්ත Sunday, 26 October 2014 03:17 PM

කාගේවත් නොහැකියාවට රනිල් මහත්තයා පළිද? (නි)

:       0       0

අමන්දා Sunday, 26 October 2014 03:37 PM

බුද්ධිමත් ජනතාව මීට වඩා සිතිය යුතුයි (නි)

:       0       0

නන්දා - කිංස්ටන් Sunday, 26 October 2014 03:43 PM

කුමාරි මාකාවිට, රනිල් කොටි කණ්ඩායම් හමුවුණ බවට සත්‍ය තොරතුරු සහ ඡායාරූප ඔබ ළඟ තිබේ නම් ඒවා අදාළ තැන්වලට යවන්න. (නි)

:       0       0

ගුණසිරි Sunday, 26 October 2014 03:50 PM

රනිල් මහතා කාලයට ඔබින නායකයෙක්. ලෝකේ පිළිගත් උගත් විනයක් සහ සදාචාරසම්පන්න හොරකම් දුෂණ වංචා නැති අවංක නීතිගරුක නායකයෙක්. මෙතුමාගේ සේවය ලබාගන්න අපි පින්කර නැත. එය රටේ අවාසනාවකි. (නි)

:       0       0

හිරු Sunday, 26 October 2014 03:52 PM

එ් වුණාට කොටිතහනම ඉවත් කරන්න සිදුවුණේ වෙන වෙන හේතු නිසා කියලත් කියන කට්ටිය ඉන්නවා නේද? (නි)

:       0       0

වික්‍රම Sunday, 26 October 2014 03:56 PM

අනේ අම්මෝ! මුදිතා වගේ අයනේ ලංකාවේ වැඩිහරියක් ඉන්නේ (නි)

:       0       0

ගයාන් Sunday, 26 October 2014 03:58 PM

රුෂාන්, වැරැද්ද රනිල්ගේ නෙමෙයි, එජාප ක්‍රමවේදයේයි. යුරෝපා සංගමයේ තීරණ රජය අපහසුතාවයට පත්කිරීමට හෝ එජාපයට වාසි සහගත තත්වයක් ඇතිවන පරිදි පදනම් වී ඇති බව අපිට තේරෙනවා. එල්ටීටීඊ තහනම ඉවත්කිරීම ලක් රජය අපහසුතාවයට පත්කිරීමට කළ දෙයක්. (නි)

:       0       0

මාගලී Sunday, 26 October 2014 03:59 PM

මුදිතා කොහේ ඉන්න කෙනෙක්ද? රනිල් කියන දේ යුරෝපය අහනවා නම් මොනවා කරන්න බැරිද? (නි)

:       0       0

ලංකා Sunday, 26 October 2014 04:00 PM

ඔය කට්ටිය මම දන්නවා. (නි)

:       0       0

චමිල Sunday, 26 October 2014 04:25 PM

මුදිතා , පිටරටවල අධිකරණ එක එක්කෙනාට ඕනෑ තීරණ දෙන්නේ නැහැ. ඒවා ස්වාධීනයි (නි)

:       0       0

අයෝමා Sunday, 26 October 2014 04:26 PM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

අයිවන් Sunday, 26 October 2014 04:26 PM

ලංකාවේ තරම් ඉක්මනින් ඇඳගන්න සහ අන්දන්න පුළුවන් ජාතියක් ලෝකයේ වෙන ඉන්නවද කියලා මට නම් සැකයි. (නි)

:       0       0

බවර් පැරිස් Sunday, 26 October 2014 04:39 PM

මෙවැනි බොරු ප්‍රචාරය කරන, මහජනයා මුලාකරන අය පරාජය කරන්න මහ ජනතාවට මෙය හොඳම ශාක්ෂියක් වනු ඇත. (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 26 October 2014 05:02 PM

මඩ අනුන්ට විසිකරන විට තමන්ගේ ශරීරයේත් තැවරෙනවා (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Sunday, 26 October 2014 05:19 PM

යන්නේ කොහෙද මල්ලේ පොල්. රෑ වැටුණු වළේ දවල් වැටෙයිද? පැණි රස කනකොට කනකොට කනකොට තිත්ත වෙනවලු. සත්‍යය කවදාහෝ ජයගනු නියතයි. එතෙක් බලා සිටිමු (නි)

:       0       0

රාමන් Sunday, 26 October 2014 05:32 PM

දකුණු අප්‍රිකාවේ රම්ෆොසා සමඟ කොටින්ගේ ඉල්ලීම් ඉටුකිරීමට කටයුතු කළේ කවුද එතකොට? (නි)

:       0       0

අංජලිකා Monday, 27 October 2014 08:32 AM

කොහොම වුණත් බල ලෝබය නිසා ජාතිය පාවා දීම සිංහලයා තුල එදත් තිබුණා . අදත් තියනවා. (අ)

:       0       0

දයාල් Sunday, 26 October 2014 06:00 PM

ඇයි වගකිවයුත්තන් කතානැත්තේ? (නි)

:       0       0

රත්නපාල Sunday, 26 October 2014 06:05 PM

කුමාරි, මම දන්නවා ඔබතුමිය ගැන.මමත් ඉන්නේ ඔහේ තමයි.කරුණාකරලා මේ ඡායාරූපයේ ඉන්න ද්‍රවිඩ ජාතිකයින් කවුද කියලා කියන්න.මේකේ ඉන්නේ ඔක්කොම සිංහල පුද්ගලයෝ.නිකම් බොරුවට කතා හදන්න එපා. (නි)

:       0       0

සුපුන් Monday, 27 October 2014 08:44 AM

රනිල් මහත්තයට ජනවාරියේ සධාරණයක් ඉටුකරන්න තමා රටම බලන් ඉන්නේ.....ආණ්ඩුවට රැවටුන කාලය ඉවරවෙලා ගොඩක් කල්...(අ)

:       0       0

රන්ජිත් Sunday, 26 October 2014 06:45 PM

මම එකක් නම් හොඳින්ම දන්නවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ' හොරෙක් ' නොවෙයි. ජනතාවගේ සල්ලි හොරකම්කළ නායකයෙක් නොවෙයි. එය විශේෂයි. (නි)

:       0       0

යටගම Sunday, 26 October 2014 06:57 PM

මොකක්ද හැබෑටම මේ කතාව? (නි)

:       0       0

යසිරු Sunday, 26 October 2014 07:02 PM

ඉතින් එම අවන්හල අයිති ශ්‍රී ලාංකික යුවලගෙන් ඇත්ත දැනගන්න පුලුවන්නේ! (නි)

:       0       0

හේමාල් Monday, 27 October 2014 09:06 AM

කුමාරි, දැන් එංගලන්තයේ කඩේ යන වැඩේට පත් වෙලා ඉන්නේ ඔයා වගේ පේනවා. (බ)

:       0       0

විරංග Sunday, 26 October 2014 07:02 PM

කුමාරි, නිකන් බොරු කියන්න එපා.අපි ඉන්නෙත් ඔහේ තමයි. එම අවන්හල අයිති ශ්‍රී ලාංකික යුවලගෙන් ඇත්ත දැනගන්න (නි)

:       0       0

ගිහාන් Monday, 27 October 2014 09:10 AM

ගහන්න තිබෙන හැම මඩක්ම ගහනවා. තවම කියාගන්න බැරි වුනේ මේ මනුස්සයාගේ හත්මුතු පරම්පරාව කොටි කියල විතරයි. (බ)

:       0       0

ජිම් Sunday, 26 October 2014 07:08 PM

දේශපාලන වාසිපතා කරන මේ වගේ මඩ ප්‍රචාර හරිම අප්‍රසන්නයි (නි)

:       0       0

යසපාල Sunday, 26 October 2014 07:10 PM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

යොමාල් Sunday, 26 October 2014 07:10 PM

තමන් නිවැරදි නම් මොකටද බයවෙන්නේ? (නි)

:       0       0

රාමන් Sunday, 26 October 2014 08:02 PM

එයා කවුද කියලා හැමෝම දන්නවා (නි)

:       0       0

ජයවර්දන Sunday, 26 October 2014 08:54 PM

ඔච්චරට දේවල් හොයපු අයට ඇයි බැරිවුණේ ඔය ඡායාරූපයේ ඉන්න රනිල් හැර අනෙක් අයගේ නම් ‍හොයන්න? ඕක බොරු මඩ ගැහිල්ලක් බව ඒකෙන්ම තේරෙනවා. මේ වගේ වැඩ අපේ සමහරක් ඇත්ත කියලා පිළිගන්නට තරම් මෝඩයි (නි)

:       0       0

රොෂාන් Sunday, 26 October 2014 09:26 PM

මඩ නාගන්න මඩ වළට බහින්නේ මොකටද? (නි)

:       0       0

නිශාන්ත Sunday, 26 October 2014 09:42 PM

අපිට, රටට ජාතික නායකත්ත්වයක් අවශ්‍යයි. අපි හැමෝම ඒ වෙනුවෙන් එකතුවෙමු. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Sunday, 26 October 2014 11:35 PM

කවුරු කවුරුත් බලයට එනතුරු කියන්න පුළුවන් හැම සින්දුවම කියනවා. ගහන්න පුළුවන් හැම බෙර පදයම ගහනවා. නටන්න පුළුවන් හැම නැටුමම නටනවා. (නි)

:       0       0

මහීපාල Monday, 27 October 2014 12:42 AM

කොහොමත් දේශපාලකයින් මෙවැනි ඡායාරූප වලට හරි බයයි (නි)

:       0       0

ඩජය Monday, 27 October 2014 12:54 AM

මේ ඡායාරූපයේ ද්‍රවිඩ ජාතිකයින් හිටියත් එහි වරදක් තියෙනවද කියලා දැනගන්න මම කැමතියි. (නි)

:       0       0

උදය Monday, 27 October 2014 12:58 AM

කාගේහරි ළඟ තව තව ඡායාරූප තියෙනවා නම් එවන්නකෝ. (නි)

:       0       0

යාපා Monday, 27 October 2014 01:30 AM

ඔහු ඇත්තෙන්ම හොඳ පුද්ගලයෙක් (නි)

:       0       0

ප්‍රසංග Monday, 27 October 2014 01:31 AM

රනිල් වැනි අවංක නායකයෙක් තවත් ඉන්නවා නම් කියන්නකෝ, මේ රටේ (නි)

:       0       0

නලීන් Monday, 27 October 2014 01:34 AM

අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 27 October 2014 01:43 AM

දෙමළ ඩයස්පෝරාව හමුවීම මඩගැසීමට තරම් දෙයක්ද? (නි)

:       0       0

ශාන්ත Monday, 27 October 2014 02:39 AM

ඕවා පතුරවන්නේ පරාජිත දේශපාලක නපුංසකයෝ. (නදී)

:       0       0

රොකී Monday, 27 October 2014 02:48 AM

යුරෝපා සංගමයට බලපෑම් කරලා කොටි තහනම ඉවත් කරන්න රනිල්ට පුළුවන් වුණා නම් ඔහු ලෝකයේම මහා බලවත් නායකයෙක් වෙන්න ඕනෑ. එහෙනම් ඔහුට පුළුවන් වෙයි ජිනීවා හුටපටෙත් බොහොම ලේසියෙන් විසඳාගන්න නේද? ඇයි එහෙම හිතන්නේ නැත්තේ? උන්නැහේට මඩ ගහන්නේ අපහාස කරන්නේ වෙන කිසිම දෙයක් නිසා නොවෙයි, බය හින්දා! (නි)

:       0       0

නුවන් Monday, 27 October 2014 03:02 AM

මේ ඡායාරූපයේ වරදක් තිබේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 557 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 966 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 815 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1584 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 464 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 234 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site