මඩු රක්ෂිතයේ සිට යාපනය බලා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් එක්ලක්ෂ විසිහත්දහසක් පමණ වටිනා බුරුත දැව කඳන් 16 ක් දහයියා ගෝනි වලින් වසා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු මඩුපාර අඩවි වන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව මඩුපාර අඩවි වන නිලධාරීහු කියති.
සැකකරු හා ඔහුගේ ලොරි රථය සමග බුරුත දැව කදන් තොගය අඩවි වන නිලධාරීහු තම බාරයට ගෙන (20) දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර බුරුත දැව තොගය රාජ සන්තක කිරිමට මන්නාරම මහේස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතා නියෝග කළේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ජය ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
අනුර කුමාර දිසානායක ගම්පහ දිස්ත්‍රික් තැපැල් ඡන්ද 33226 ලබා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මඩු රක්ෂිතයේ බුරුත කැපුවාට ලක්ෂයක දඩ
සෙනරත් Thursday, 22 October 2015 03:53 AM
මෙහෙමත් පරිසර පාළුවෝ? (නි)
අංගොඩ ලාල් Wednesday, 21 October 2015 02:11 PM
දැවවල වටිනාකමටත් අඩුයිනේ දඩය ? එතකොට රක්ෂිතයට කල හානියට , පරිසර විනාශයට දඩය කොහොමද ගණනය කලේ ? ඒ කියන්නේ රුපියල් 50 ක් වටිනා පාන් රාත්තලක් හොරකම් කලොත් දඩය රුපියල් 50 ට අඩුයිද? ලංකාවේ වැරදිකරන්නන් අඩුකරගැනීමට නම් දඩ වැඩි කරන්න ඕනේ !(රේ)
විජයබාහු Wednesday, 21 October 2015 02:31 PM
පලවෙනි වතාවට වෙන්න ඇති ඕක කරන්නේ ඇත්තේ.(හේ)
කුමාර Wednesday, 21 October 2015 03:27 PM
මරු මරූ ... මාත් පටන් ගන්නවා ... ලක්ෂයක් කියන්නේ බොහොම පොඩි ගානක්... ඒ වගේද බුරුත! ඉඳල හිටලා කළුවර,.(රේ)
දුමින්ද Thursday, 22 October 2015 05:45 AM
පරිසරය රැකගන්නේ සමුළුවලින් විතරද ? (ම)
සරත් Wednesday, 21 October 2015 05:40 PM
බුුරැත කඳන්16 ක් වටින්නේ රුපියල් 125,000.00 ද?මේකට නම් දේශපාලන්ඥයෙක් සම්බන්ධ අැති..(රේ)
අමල් Thursday, 22 October 2015 08:07 AM
අපොයි මෙහෙමත් අපරාධ! (නි)