මන්නාරම මඩු පාර අභය භූමිය ආසන්යේ පිහිටි පෙරියමඩු රක්ෂිතයේ ද මහා වනය කපා ජනපද ඉදිකරගෙන යයි. රජයේ ඇමැතිවරයකු මීට මුල්වී සිටිතියි කියති.
මෙම දැවැන්ත වන විනාශය මන්නාරම මඩු දේවස්ථානයේ සිට කිලෝ මීටර් 30ට ආසන්න දුරකින් පිහිටි පෙරිය මඩු රක්ෂිතයේ සිදුවෙමින් පවතින්නේ බරපතල ආකාරයෙනි. දැනටම එහි ස්ථිර නිවාස දෙසීයයකට ආසන්න ප්‍රමාණයක් ඉදි කර ඇත. තවත් නිවාස රැසක් ඉදිකැරෙයි.
පෙරිය මඩු නැගෙනහිර රක්ෂිතයේ වසර සීයකට වැඩි දැවැන්ත පලු, වීර, බුරුත, කළුවර ඇතුළු දැවැන්ත ගස් කපා දමා වනය ඉරන බව ද කියති.
එහි පදිංචිකරුවන් පවසනුයේ ප්‍රාදේශීය ලේකම් මගින් අක්කර භායගයක් දී ඇති බවයි. එහෙත් අක්කරයක් කැලේ කපා ගන්නැයි ඇමැති කී බව පදිංචිකරුවෝ කියති.
වන ජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී.රත්නායක මහතා මෙසේ කියයි.
‘ඔය කියන ප්‍රදේශය පෙරියමඩු පාර අභය භූමියට අයිති නෑ. කියලා තමා අපේ නිළධාරින් මට තොරතුරු දීලා තියෙන්නෙ නමුත් ඔය පෙරිය මඩු නැගෙනහිර ප්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයිති එකක්ද කියලා මම දන්නෑ. නමුත් මම නිළධාරින්ට උපදෙස් දුන්නා මේ පිලිබදව නිරතුරුව සෝදිස්සියෙන් ඉන්න කියලා. කොහොමත් ඔය කියන ප්‍රදේශය අපිට පවර ගන්න අපි කටයුතු කරනවා.‘
වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල් එස්.ඒ.අනුර හතුරුසිංහ මහතා මෙසේ කියයි.
‘ඔය කියන ප්‍රදේශය අපිට අයත් ප්‍රදේශයක් කියලා තමයි දැනට තොරතුරු ලැබි තියෙන්නෙ. මේක පෙරියමඩු නැගෙන හිර රක්ෂිතයට අයත් කැලෑව කියලා තමයි දැනට තොරතුරු ලැබෙන්නෙ. මේ සම්බන්ධව අපි සොයා බැලීමක් කර තියෙනවා එහිදී තහවුරු වුණේ. මෙහි වන විනාශයක් සිදු වෙනවා කියලා. හැබැයි ඔතන පරණ ගම්මානයක් කියලත් අපිට තොරතුරු තියෙනවා. නමුත් ඝණ කැලෑව දිහා බලපුහාම අපිට ඒක ගැටළුවක් වෙලා තියෙනවා. කොහොමටත් ජනාධිපතිතුමා මේ වෙද්දි මේ සියලු කටයුතු නතර කරන්න කියලා නියෝග දීලා තියෙද්දි අපි ඒ ගැන නිතර සෝදිස්සියෙන් ඉන්නෙ අද සවස (11) මේ පිළිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඊට පස්සෙ ඉතුරු තොරතුරු දෙන්නම්.‘
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මඩු වනාන්තරෙත් කපයි
ඉන්දික Tuesday, 12 May 2015 04:00 AM
ඡන්දෙ දුන්නේ ඔය ටික කරගන්නනේ. (නි)
සමන් Tuesday, 12 May 2015 05:02 AM
මෙහෙම අපරාධ කරන එකට නම් මාත් එකඟ නැහැ.මොනවා වුණත් පරිසරය ආරක්ෂා කරගන්න ඕනෑ. අනික කැලේ ඉන්න සත්තු ටික කොහේද පදිංචි වෙන්නේ (නි)
කුමාර් Tuesday, 12 May 2015 05:22 AM
කවදා අපේ රට නීතියකට අනුව පෙළගැසේවිද??? (නි)
දුමින්ද Tuesday, 12 May 2015 05:31 AM
සුළු ජාතික ඡන්ද- සන්හිඳියාව සියල්ලට ඉහළින් (නි)
රසික Monday, 11 May 2015 02:37 PM
ඡන්දෙ දුන්නු අය මේවා ගැන බලා ගනිත්වා. (හේ)
අතුල Monday, 11 May 2015 02:53 PM
කවුද ඇමති කියලා කියන්න බැරිද??(හේ)
චතු Monday, 11 May 2015 03:03 PM
මේ දේවල් කරන ඇමති කව්ද ? විල්පත්තුවේ ඇමතිමද? මොන බලපුලුවන්කාරකමක්ද මෙයාට තියෙන්නේ ? (නදී)
කසුන් ධර්මවංශ Monday, 11 May 2015 03:03 PM
රටට තියෙන ආදරයයි සහජීවනයයි තමයි මේ. මේ අය මේ රට විනාශ කරන්නේ මේක මව්බිම කියල හිතන්නේ නැති නිසා (නදී)
කමල් Tuesday, 12 May 2015 06:47 AM
ඉන්දික ඔයාගේ ප්‍රතිචාර මහින්දගේ වගේමයි (නදී)
අසංක Tuesday, 12 May 2015 06:53 AM
මොකෝ ඇමතිගේ නමට බයද ? (නදී)
අසංක Tuesday, 12 May 2015 06:55 AM
කොටි 1000 කින් හොඳයි මේ අයට වඩා (නදී)
විපුල Monday, 11 May 2015 04:05 PM
ඇමතිගේ නම මොකක්ද? ඇයි පොලිසිය මේවා දකින්නේ නැත්තේ? (නි)
අරුණ Monday, 11 May 2015 04:21 PM
මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
අබේරත්න-ටෝකියෝ Monday, 11 May 2015 04:26 PM
දැන් සනීප ඇති කට්ටියකට (නි)
අබේරත්න-ටෝකියෝ Monday, 11 May 2015 04:34 PM
කොටි ඉඩම් අල්ලාගන්න යුද්ධ කළා. තවත් සමහරු ඉඩම් අල්ලාගන්න ශුද්ධ කළා. (නි)
ජයන්ත Monday, 11 May 2015 04:57 PM
ඉතුරුවෙලා තිබෙන කැලයත් විනාශ කළහම බොන්න වතුර නැතුව කට ඇරගෙන ඉන්න වෙයි. (නි)
රණසිංහ Monday, 11 May 2015 05:31 PM
මේවා මේ දවස් 100 කළ දේවල්ද? මේ අයත් මේවට ඉඩදුන්නොත් ඡන්දෙ දුන් අය බලාගනිත්වා!! කොටි ඉන්න කාලේවත් කැලේට අත තිබ්බද? මේ විනාශය අනිවාර්යෙන්ම නවතා දමනු! (නි)
සරත් Monday, 11 May 2015 05:43 PM
මුස්ලිම්වරු කල්පනා කරන්න ඕනෑ ලංකාවේ අන්‍යාගමිකයින්ට තිබෙන නිදහස (නි)
චන්ද්‍රා Monday, 11 May 2015 06:28 PM
අපෙන් වැටුප් ගන්නා රජයේ නිලධාරීන් පත්ව ඇත්තේ අපේ දේ රැකීමටයි. නමුත් ඔවුන් හරියට දන්නෙ නැහැ අයිතිය පිළිබඳවවත්...? (නි)
විජිත් Monday, 11 May 2015 06:30 PM
එහෙනම් ඒකත් ඉවරයි... (නි)
උපාලි Tuesday, 12 May 2015 01:34 AM
පසුගිය පාලනයේදී සිදුවුණ දේවල් දැන් යහපාලනයේදී වඩා වැඩියෙන් වෙනවා වගේ. (නි)
කෝසල Tuesday, 12 May 2015 03:25 AM
අනේ මෙහෙමත් අපරාධ! (නි)