IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මඩු වලිගෙන් තැලීමේ කතාවට ලොකු ප්‍රසිද්ධියක්

ස්පාඤ්ඤ පොප් ගායක එරිකේ ඉග්ලියාසිස් ‘සෙක්ස් ඇන් ලව්‘ සංගීත රාත්‍රිය පැවැත්වූ කොළඹ වේදිකාවට   ප්‍රේක්ෂිකාවක සිය සිය තන පටය ගලවා විසි කිරීම හා තවත් පිරිසක් වේදිකාවට නැඟුනු සිද්ධිය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා ජනපති කළ ප්‍රකාශයට ලොව පුවත්පත් ප්‍රසිද්ධියක් දුන්නේය.

අශිෂ්ඨ ගැහැනුන් වේදිකාවට නැගීමේ එම ප්‍රසංගය සංවිධානය කළ අයට විෂ සහිත මඩුවලිගයකින් තැලිය යුතු යැයි ජනපති කී කතාව ඔවුන්ගේ සිරස්තලයට යොදා ගෙන ඇත.

මත්පැන් බී සිටි ප්‍රේක්ෂකයන් සම්බන්ධයෙන් ජනපති කෝපයෙන් කතා කළ බව ද ලන්ඩන් ටයිම්ස් පත්තරය කියයි.

ලයිව් ඉවෙන්ට්ස් නම් සමාගම මේ ප්‍රසංගය සංවිධානය කළ බවත්, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර යන ක්‍රිකට් ක්‍රීඩකයන් එහි අයිතිකරුවන් වන බවත් එම පත්‍රය සඳහන් කරයි.

සිදුවූ අඩුපාඩුවලට සංගක්කාර හා මහේල ජයවර්ධන කණගාටුව පළ කළ බව ද එම පත්‍රය කියයි.

876e16ae-ad8d-11e5_1035054c

 



අදහස් (0)

මඩු වලිගෙන් තැලීමේ කතාවට ලොකු ප්‍රසිද්ධියක්

සල්ගාදු පැරිස් Wednesday, 30 December 2015 04:39 PM

දැන් මේ සංගීත සංදර්ශනයට සහභාගිවුණ පොප් සංගීත ගායක එන්රික් මඩු වලිගයට බයේ යන එන මං නැතුව ඉන්නවද දන්නෙත් නැහැ (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Wednesday, 30 December 2015 05:07 PM

මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

ශාමින්ද Thursday, 31 December 2015 10:46 AM

විදෙස් ගායකයා ගෙන්වූ ප්‍රසංගයේ දී මුලින් ම බොහෝ සංවාද ඇති වූයේ එහි සහභාගි වූ රසික රසිකාවන්ගේ හැසිරීම පිලිබඳව ය. මෙරට මුදල් එලෙස පිටට යෑම, ග්‍රීසිය ගිය පාරේ වේගයෙන් ගමන් කරමින් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාවට කෙසේ බලපානවා දැයි කිසිවෙක් ප්‍රශ්න කෙරුවේ නැත. අැඟලුම් කර්මාන්තයට අමතරව මෙරට යැපෙන්නේ මැදපෙරදිගට ලේ මස් නහර විකුණා වහල්කම්කොට මවුවරුන් උපයනා මුදලිනි. ඒ ගෙන එන මුදලින් මේ පිටට ගිය මුදල සැලකිය යුතු මුදලක් නොවන්නේ යැයි කිව හැකි ද? මිතුරනි එන්න. නැව ගිලුණත් බෑන් චූන් දමමු. (ර)

:       0       0

සොපී Wednesday, 30 December 2015 05:24 PM

ඇමරිකාව ඇඟට පතට නොදැනී අපේ රටට සුක්ෂමව කරන විනාශය ගැනත් මෙහෙම අදහස් පළකරනවා නම් අපි කැමතියි (නි)

:       0       0

වසන්ත Wednesday, 30 December 2015 07:30 PM

ඒක නොසිතූ ආකාරයට ජනප්‍රිය වුණා තමයි... (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Wednesday, 30 December 2015 08:01 PM

ලංකාවේ මත්කුඩු ගෙන්වන අයට, මිනීමරුවන්ට, ස්ත්‍රී සහ ළමා දුෂකයන්ට නොදෙන නොකෙරෙන දඬුවම් මොකටද මේ සංගීත සංදර්ශනයකදී සිදුවූ සුළු දෙයකට? මේවද ලංකාවේ අපරාධ? තුමාට මේකට වඩා අනෙකුත් අපරාධ සහ දුෂණ පෙනෙන්නේ නැද්ද? අනෙක මහජන මුදලින්ද දන්නෙ නැහැ ඔය මඩු වලිග ගන්නෙත්? (නි)

:       0       0

ගෞරියෙල් Wednesday, 30 December 2015 08:09 PM

ඒ වගේ කඩවසම් කොල්ලෙක් දැක්කහම තමන්ට තමන් ඉන්න තැන මොකක්ද, කරන්නේ මොකක්ද කියලා අමතක වෙන්න ඇති (නි)

:       0       0

සේනක Wednesday, 30 December 2015 09:13 PM

මේ ජවනිකාවේ තිත්ත ඇත්ත කුමක්දැයි අපිට සිතාගැනීමට අපහසු නොවේ (නි)

:       0       0

විතානගේ Wednesday, 30 December 2015 11:44 PM

ලෝකයා මේවා බල බලා හිනා නොවන්නේද? තිසරපටයකින් ජීවන වියදම්, රැකියා, අධ්‍යාපන, සංවර්ධන ප්‍රශ්න වසාදැමිය හැකිද? (නි)

:       0       0

විජිත් Thursday, 31 December 2015 01:21 AM

"නඩුත්" ඒගොල්ලන්ගේ, "බඩුත්" ඒගොල්ලන්ගේ. (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Thursday, 31 December 2015 01:28 AM

මහේල සහ කුමාර් සංගක්කාර වැනි අප දේශයට කීර්තියක් ගෙනදුන් ලක් පුතුන් අපේ අයට මෙවැනි දසුන් පෙන්වීමට පෙළඹීම කණගාටුවට කරුණකි. විවිධ හේතුන් නිසා දැන් පසුබෑමට ලක්වී ඇති අපේ නර්තන ශිල්පීන්ගේ රැඟුම් විදේශිකයන්ට පෙන්වීමට ඔවුන් තීරණය කළහොත් රටට විදෙස් විනිමය මෙන්ම අපේ සංස්කෘතිය ලොවට දැක්වීමට හොඳ රුකුලක් වනවා නොවේව්ද? (නි)

:       0       0

සමන් Thursday, 31 December 2015 02:16 AM

කොළඹ ප්‍රධාන පාසලක අපේ සංගීත කණ්ඩායමක ගායකයෙක් මීට වසර කීපයකට පෙර අසභ්‍ය විදියට ගීත ගායනා කරපු බවත් අපිට මතකයි (නි)

:       0       0

ජයාත් Thursday, 31 December 2015 02:14 AM

මෙයාලා ලොකු ප්‍රතිරූප ගොඩනඟාගෙන හිටියට හිතලා බලන්න මොනවද මේ අය දැන්වීම් වලින් විකුණන්නේ නැත්තේ කියලා. සිමෙන්ති, කිරිපිටි, තීන්ත, කමිස... හැබැයි අපේ රටේ ගරුකටයුතු ක්‍රීඩකයොත් හිටියා දැන්වීම් වලට නොගිය (නි)

:       0       0

ඉන්දික Thursday, 31 December 2015 02:23 AM

මීටවැඩිය දේවල් ඔය සමහර ලොකු ඉස්කෝලවල වෙනවා බිග් මැච් කාලෙට. ඒවා ගැන කතා නැහැ (නි)

:       0       0

ඉන්දික Thursday, 31 December 2015 02:28 AM

මේකට අර යහපාලනයට කඩේ ගිය ගායකයන් මොකද කියන්නේ? (නි)

:       0       0

තුසිත Thursday, 31 December 2015 03:02 AM

ලංකාවට මත්කුඩු ගෙන්වන අයටත්, මිනීමරුවන්ට, ස්ත්‍රී සහ ළමා දුෂකයන්ටත් පළමුව මඩු වලිගෙන් තලන්න ඕනෑ (නි)

:       0       0

රන්ජිත් Thursday, 31 December 2015 03:22 AM

ජනාධිපතිතුමා මේ රටේ දරුවනට හොද අාදර්ශවත් වැඩිහිටියෙක් එතුමා ආගමට සංස්කෘතියට ගරු කරන නායකයෙක් (ම)

:       0       0

ගමගේ Thursday, 31 December 2015 05:38 AM

ජනපතිගේ පුතාටත් බෑනටත් තලන්න වෙනවා නේද ඒ දෙන්නත් එ්ක බලන්න ගියාලු නේද (බ)

:       0       0

හේමන්ත Thursday, 31 December 2015 05:53 AM

මට හිතෙන්නේ අපි තාම නොදියුණු ජාතියක් කියල. සමාජයේ කොටසක් විශේෂයෙන් ම තරුණ පරම්පරාව ලෝකයත් එක්ක ඉදිරියට යද්දී තවත් ගතානුගතික කොටසක් තම විවේචන ඉදිරිපත් කරන්නේ බොහොම ග්‍රාම්‍ය විදියට . අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය කිව්වට එය ඇතුලේ ඉන්දියානු, යුරෝපීය වික්ටෝරියානු ගති ලක්ෂණ අඩු වැඩි වශයෙන් තියනවා ....(බ)

:       0       0

සිංහ Thursday, 31 December 2015 05:59 AM

දහම් පාසල් ලමයි ඉන්න සභාවක කියන කතා ද මේ? ජනපතිට කතාවක් පවත්වන්න දැනුමක් නැතිනම්, උපදේශක වරැ ලියා දෙන දෙයට වඩා දෙයක් මුවින් පිට නොකළ යුතුයි...(බ)

:       0       0

සිරි Thursday, 31 December 2015 06:00 AM

මේ වගේම අපේ රටේ බස් රථ වල කනක් ඇහෙන්න නැතිව දාන, හැමදාම එක එක විදිහට එකම සින්දු ටික කියන ප්‍රසංග වේදිකාවල කරන කුනුහරප වැඩ ගැනත් යමක් කීවොත් නරකද? (බ)

:       0       0

අබය Wednesday, 30 December 2015 11:20 AM

කොහෙවත් නැති කෙනෙක් අපේ සල්ලිත් අරගෙන මාරුවුණා. දැන් රටම ගිනි අරගෙන... (නි)

:       0       0

සරත් - සෞදි Wednesday, 30 December 2015 11:39 AM

මඩු වලිගෙන් තලන්න ඕනේ ජන්දෙ දීපු අයට (ම)

:       0       0

නිහාල් Wednesday, 30 December 2015 11:42 AM

මඩු වලිගෙන් තලන්න ඕනෑ සංදර්ශනයක් සංවරව නොබලන අයටයි, ප්‍රසිද්ධ ස්ථානවල මත්පැන් විකුණන අයටයි, එම ස්ථානවල අන් අයට කරදරයක් වන ලෙස හැසිරුණු අයටයි. (නි)

:       0       0

මංගල Wednesday, 30 December 2015 11:59 AM

මඩු වලිගෙත් හොඳ වැඩියි මෙහෙම මිනිසුන්ට (නි)

:       0       0

ගොඩ්ෆ්‍රී Wednesday, 30 December 2015 12:04 PM

මත්පැන් බී අශෝභන ලෙස හැසිරුණු ප්‍රේක්ෂකයන්ට තැලිය යුතු විදිය ජනපති කී විදිය හොඳ වැඩිය. මන්ද ඔවුන් නිසා සංවිධානය කළ අයටත්, රටටත් අපකීර්තියක් ඇතිවූ බැවිනි. (නි)

:       0       0

සනත් Wednesday, 30 December 2015 12:27 PM

ප්‍රසිද්ධිය ලැබුනත් ඒකෙන් ඒ රටවල ඇතිවුණ ප්‍රතිරූපය නම් හොඳ එකක් නෙමෙයි. මොකද එවැනි ප්‍රසංග ඉතාමත් සාමාන්‍ය දේවල් ඒ රටවල. අනික ඔය සිද්ධිය ජාතික ප්‍රශ්නයකුත් නෙමෙයි. මේ රටේ ඕනෑතරම් ප්‍රශ්න තිබෙනවා කතා කරන්න. (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 30 December 2015 01:06 PM

අපේ අදහස් වලට තැනක් දෙන ලංකාදීප එසැණට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

කුමාර් Wednesday, 30 December 2015 01:36 PM

මේ සිද්ධියට අනවශ්‍ය ප්‍රචාරය ලැබුන එකෙන් රටට වුණ හානිය මුල් සිද්ධියට වඩා වැඩි බවයි මගේ නම් අදහස (නි)

:       0       0

තමර Wednesday, 30 December 2015 02:44 PM

තනපටයක් ගිය දුර! (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 30 December 2015 02:41 PM

මේවට සහභාගි වෙන්නේ සමාජයේ එක පැළැන්තියක්. එමනිසා කවුරුවත් මේවට කලබල වෙන්න ඕනෑ නැහැ (නි)

:       0       0

පියසේන Wednesday, 30 December 2015 03:05 PM

එතුමා ඒ කතාව කිවුව නිසා ගොඩක් ප්‍රශ්න වැළකුනා (නි)

:       0       0

සිල්වා Wednesday, 30 December 2015 03:10 PM

ජනාධිපතිතුමාට අපහාස වෙන්න එම ප්‍රකාශය යොදාගන්න එක හොඳ නැහැ (නි)

:       0       0

එඩ්වඩ් Wednesday, 30 December 2015 03:54 PM

මම නම් එතුමා කියපු කතාවට එකඟයි (නි)

:       0       0

චන්න Wednesday, 30 December 2015 04:05 PM

ජනාධිපතිතුමා ගත් තීරණය නිවැරදියි. එතුමා කතානොකර හිටියා නම් සමහරු මෙය ලොකු ප්‍රශ්නයක් ලෙස කතාකරන්න තිබුනා. (නි)

:       0       0

යහම්පත් Thursday, 31 December 2015 09:49 AM

අනේ මන්දා?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 680 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 937 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1392 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2537 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3332 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35056 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24043 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site