IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මැණික් බුදු පිළිමයක් කෝටි 600 කට විකුණන්න යද්දී අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ කේෂර ගුණතිලක)                    

නිල් මැණිකකින් නිර්මාණය කරන ලද පෞරාණික වටිනාකමක් යුත් අඟල් දෙකක පමණ වූ බුදු පිළිමයක් රුපියල් කෝටි 600 මුදලකට විකිණීම සඳහා  සූදානම් වූ  හිමි නමක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු  මොණරාගල කුඹුක්කන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 

මොණරාගල  කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.සැකකරුවන් පැමිණි නවීන පන්නයේ මෝටර් රථයක්ද පොලීසිය භාරයට ගෙන ඇත.
 
ලද තොරතුරක් මත වෙස්වලාගෙන ගිය පොලිස් නිලධාරීන් තිදෙනෙකු මුදල් ලබා දී  බුදු පිළිමය මිලදී ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හිමිනම අනුරාධපුරය, වහමැල්ගොල්ලෑව ප්‍රදේශයේ විහාරස්ථානය සිටින හිමිනමකි. සැකකරුවන් දෙදෙනෙකු කාලතුවක්කු රෙජිමේන්තුවේ සහ විජයබා රෙජිමේන්තුවේ සේවය කරන රඹෑව, මහකනදරාව පදිංචි දෙදෙනෙකි. අනෙක් සැකකරු පරිගනක ඩිප්ලෝමාධාරියෙකු වන අතර ඔහු මුරුතලාව, පිලපිටිය ප්‍රදේශයේ  පදිංචිකරුවෙකි.

පොලිස්බාරයට  ගත් බුදු පිළිමය බර ග්‍රෑම්  37 මිලි ග්‍රෑම් 200 වේ.උස සෙන්ටිමීටර් 05 කි.පළල සෙන්ටි මීටර් 2.1.ඝනකම සෙන්ටිමීටර් 1.5 කි.

මෙම බුදු පිළිම වහන්සේ  නිල් මැණිකකින් නිර්මාණය කළ නිධානයක තිබූ එකක් බව සැකකරුවන් පවසා ඇත. වටිනාකම නිසි ලෙස තවමත්  ගණනයක කළ නොහැකි බව පොලීසිය සඳහන් කරයි. 

එම බුදු පිළිමය බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු නිධානයකින් ගත් බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලීසිය කියයි.

 අත්අඩංගුවට ගත් බුදු පිළිමය ටොයෝටා වර්ගයේ මෝටර් රථය සහ සැකකරුවන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


 

( බිමල් ශ්‍යාමන් - ඡායාරූප ) 


 (කේෂර ගුණතිලක -ඡායාරූපය) 



අදහස් (10)

මැණික් බුදු පිළිමයක් කෝටි 600 කට විකුණන්න යද්දී අල්ලයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 05 October 2020 05:20 AM

අනිවාර්යයෙන්ම මේ පිළිම වහන්සේ නිධානයකින් ලබාගත් දෙයක් වෙන්න ඇති. අපේ පැරණි මුතුන්මිත්තන් මොන තරම් දහමට ලැදි මිනිසුන් වෙන්නට ඇති ද මෙවැනි මැණික කින් මේ පිළිම වහන්සේ නෙලලා තියාගන්න. ඒකට දැන් මිනිසුන් ඕනම දෙයක් මිල කරන්න තමයි බලන්නේ. එහෙත් බලන්න බලන්න ඕනේ තියෙන බෞද්ධකම.

:       4       38

rocky Monday, 05 October 2020 06:13 AM

ඔය ඉන්නේ, අම්මපා මේ අය බෞද්ධයෝද.?

:       2       18

Raveendra Monday, 05 October 2020 08:41 AM

අප සියලුම මාධ්‍යවලින් නැවත නැවතත් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙවන් පාඩදයින්ගේ, පල් හොරුන්ගේ, දූෂිත නිලධාරීන්ගේ මෙන් සමාජයට අහිතකර කිසියම් දෙයක් හෝ කළ අයගේ සියලුම තොරතුරු පැහැදිලි ඡායාරූප සහිතව පල කරන ලෙසයි. එය මාධ්‍යය මගින් මහජනතාව වෙනුවෙන් කරන්නාවූ මහඟු සේවයකි. එබැවින් මොවුන්ගේ ඡායරූප සහිත සියලු විස්තර පලකරන මෙන් නැවතත් සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු.

:       2       11

sampath Monday, 05 October 2020 12:05 PM

මෙය කෞතුකාගාරයට බාර දෙනවද?

:       0       7

විජිත් Monday, 05 October 2020 12:25 PM

හා හා මොනවත් කරන්න එපා. ඔය ඉන්නේ උතුම් වූ සඟ පරපුර... හිමිකෙනෙකුයි, රට බේරාගත් රණවිරුවෝ දෙන්නෙකුයි. ඔන්න ඔහේ යන්න අරින්න. උසාවියට ගියත් කොන්ද කඩලා තියෙන නඩු කාරයින් දෙන තීන්දුව ඕකමයි. බුදු පිළිමය කටුගෙයින් තියන්න. හෙට රෑට කන් ගැට්ටෙක්ව හදලා කටුගෙට වහලෙන් බස්සලා බුදු පිළිමය උස්සයි.

:       2       13

බද්රානි Monday, 05 October 2020 12:59 PM

බලාගෙන ගියාම, වර්තමානයේ පමණක් නොවෙයි, අතීතයේදී පවා බුද්ධාගමට අරක්ගෙන ඉඳලා තියෙන්නේ බහිරවයින්. සමහරවිට එදත් කෞතුකාගාරයෙන් රාජසිංහ රජතුමාගේ කඩුව හොරකම් කළ වර්ගයේ අමනයින් සිටින්නට ඇති? ඒකනේ බිමේ වලලාවත් ඕවා බේරගන්න බැරි? විකුණන්න ගිය කෙනාව නෙමේ.. මිලදී ගන්න ගිය කෙනාව අල්ලන්නේ නැද්ද? සමහරවිට ඉතින් ඔය පිළිම වහන්සේව නොමිලේම ලබා ගනියි.. ඒ තරම් මුදලකට මිලදී ගන්න ගිය පුද්ගලයාම.. අපි නොදන්නවයි තක්කඩින්ගේ තරම..

:       1       9

ලක්නා මාරසිංහ Tuesday, 06 October 2020 01:00 AM

බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ.

:       1       2

ලංකානාථ Tuesday, 06 October 2020 06:33 AM

හොංකොං වල ඕන තරම් ගන්න තියනවා ඔහොම බුදු පිලිම කැම්ති අය කියන්න ඕව මැනික් නෙවෙයි කවාට්ස් කියන පාෂාණය කිලෝ ගානට විකුනන්නේ අනික් ඔය පිලිමයේ ශ්‍රී ලාංකික නිර්මාණ ලක්ෂණ නෑ චීන බුදු පිලිමයක් වගේ.

:       3       3

Nuwan Tuesday, 06 October 2020 08:47 AM

ඕක ඉතින් නතර වෙන්නේ මහරජාණෝගේ යන්තර මන්තර කුටියෙන්... බොරු නම් බලන්නකෝ..!!!

:       1       5

Hasith Wednesday, 07 October 2020 06:36 AM

කෝටි 600ක්? ඔය ගාන හරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 220 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2101 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2726 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 6197 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 951 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 2032 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24471 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18845 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1833 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site