IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මිණිපුර 30ක් ලක්ෂ පහට වඩා බදු ගෙවති

රුපියල් ලක්‍ෂ පහට වැඩියෙන් ආදායම් බදු ගෙවනනෝ තිස් දෙනෙක්  රත්නපුරයේ සිටිති. පවිත‍්‍රා වන්නිආරච්චි ඇමැති වරියද, එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත‍්‍රී පී. අබේනායක මහතාද ඒ අතර වෙති. දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් එම්.ජේ. ගුණසිරි මහතා වෙතින් ඔවූහු රන් හා රිදී කාඞ්පත් ලදහ. වාර්ෂිකව රුපියල් ලක්‍ෂ හතළිහට වැඩියෙන් බදුගෙවන සිව්දෙනෙක්ද රන් කාඞ්පත් ලදහ. ව්‍යාපාරිකයෝද, වෛද්‍යවරුද, දේශපාලකයෝද, මෙම රන් හා රිදි කාඞ්පත් ලදහ. සබරගමු පළාත් සභා මන්ත‍්‍රී පීි. අබේනායක මහතා වාර්ෂිකව රුපියල් ලක්‍ෂ දහයකට වැඩියෙන් ආදායම් බදුගෙවයි. තාක්‍ෂණ කටයුතු ඇමතිනී පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය වාර්ෂිකව රුපියල් ලක්‍ෂපහට වැඩියෙන් බදු ගෙවන්නීය. අබේනායක මන්ත‍්‍රීවරයාගේ උපන්දිනය ද අදට යෙදී තිබිණි. ඔහුද පවිත‍්‍රා ඇමතිනිය වෙනුවට නියෝජිතයෝද ආහ. රත්නපුර දිස්ත‍්‍රික්කයේ ආදායම් බදු ගෙවන්නන් අටදහස් පන්සියයකට ආසන්න පිරිසක් සිටින බවත් ලක්‍ෂ පහට වැඩියෙන් බදුගෙවන සංඛ්‍යාව අසූපහකට ආසන්න බවත් නියෝජ්‍ය කොමසාරිස් කියයි. රුපියල් ලක්‍ෂ දෙක හමාරට වැඩියෙන් වසර දහයක් ආදායම් බදු ගෙවා ඇත්නම් බදු සහන යටතේ මෝරරියක් ගෙන්වීමට සහන මෙන්ම, විදෙස්ගතවිමේදී ගුවන් තොටුපලේදී ප‍්‍රභූ පුද්ගලයන්ට හිමි වරප‍්‍රසාද  සහ තෝරාගත් මුල්‍ය ආයතන කිහිපියකින් ණය මුදල් ලබා ගැනීමේදී සියයට එකක පොලී සහනයක්ද හිමිවන බව ඔහු පවසයි. වාර්ෂිකව ආදායම් බදු වැඩියෙන් ගෙවීමෙන් රන්කාඞ්පත්  හිමිකරගත් ව්‍යාපාර සමුහයක අධිපති සමන් උපසේන මහතා රන් කාඞ් පත දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් අතින් ලබාගත් අවස්ථාව.



අදහස් (0)

මිණිපුර 30ක් ලක්ෂ පහට වඩා බදු ගෙවති

පෙරේරා Thursday, 11 October 2012 09:24 PM

මම ලක්ෂ 1.8 ගානේ හැම මොසෙම ලංකාවට දානවා.. අපිට මොනවත්ම නැහැනේ.. බැරිවෙලාවත් පාචිච්චි කරපු දුරනථනයක්වත් දැම්මොත් ඒකටත් බදු ගහනවා.. අනේ අයියෝ..!(නු)

:       0       0

ආනන්ද Friday, 12 October 2012 09:48 AM

මේ අදහස් වල කිසිම ගැළපීමක් නැහැ. (නි)

:       0       0

නිරාන් Friday, 12 October 2012 09:51 AM

මම විදෙස් ගතවෙලා අවුරුදු 10 ක් පමණ ලංකාවට ලක්ෂ 190 ක් විතර එවලා තියෙනවා .අපේ ගැන බල්ලෙක්වත් බලන්නේ නෑ (ස)

:       0       0

රත්නායක Friday, 12 October 2012 03:04 PM

තෑගි ඔවුන්ට පමණි. විදේශ ගතවූවන්ට නැත. අපට බයිලා පමණි. (නි)

:       0       0

දමිත් Friday, 12 October 2012 10:33 AM

මොකද්ද මේ පව

:       0       0

රිස්වාන් - සවුදි Thursday, 11 October 2012 10:57 PM

වාර්ෂිකව ආදායම් බදු වැඩියෙන් ගෙවීමෙන් රන්කාඞ්පත් හිමිකරගත් ව්‍යාපාර සමුහයක අධිපති සමන් උපසේන මහතාට ඇතුළු සියළු දෙනාට අපගේ සුභ පැතුම්! මේක මගේ අදහසක් නොවෙයි. මම කිවුවේ රට ඉන්න අපටත් මේ වගේ ‍ගෞරවයක් ඕනෑ කියලා. ජාතික ආදායමෙන් වැඩි කොටසක් ලබාදෙන්නේ මැදපෙරදිග ඉන්න අපි. (නි)

:       0       0

වසන්ත Thursday, 11 October 2012 10:58 PM

මෙහෙම වෙන්නේ කාගේ වරදින්ද

:       0       0

ලක්ෂිත-ප්‍රංශය Thursday, 11 October 2012 11:17 PM

අපිට දෙන්නේ මොනවද? (නි)

:       0       0

ජීව Thursday, 11 October 2012 11:33 PM

බදු ගෙව්වයි කියලා තෑගි දෙන්න ඕනෑ නැහැ.ඒ අය අනිවාර්යෙන් බදු ගෙවන්න ඕනෑ. ඒක යුතුකමක්, ඒ වගේම නීතියක්. ඔය අය ලක්ෂ පහක් බදු ගෙවුවයි කිවුවට,හරියට ගණන් හදලා බැලුවොත් ලක්ෂ දහයකටත් වැඩියෙන් ගෙවන්න ඇති. ආදායම් බදු දෙපාර්තමේන්තුව නියම ගණන් හිලවු ඇති පොත් පත් බලන්නෙ නැහැ. සමහර ආදායම්, පොත් පත්වලත් නැහැ. ඉතින් කොහොමද ආදායම් බදු හරියට ගෙවුවයි කියන්නෙ. නැති එකාට නැහැම තමයි. නමුත් රටේ වැඩිදෙනකුට ආදායම් තියෙනවා. වැඩිවන බඩු මිළෙන් ජනතාවගෙන් ගසාකන ආදායම් කොහාටද යන්නෙ? රජය නියමිත ලෙස ජනතාවගෙන් බදු අය කරනවා නම්,චීනෙන් ගන්න ණය වලට සමාන මුදලක් රට තුලින් එකතු කරගන්න පුළුවන්.චීනෙට තවදුරටත් ණය වෙන්න ඕනෑ නැහැ.රජය කරන්න ඕනෑ ආදයම් නිලධාරින් වැඩි කරගෙන රටේ නියම බදු ආදායම ලබාගැනීමයි. (නි)

:       0       0

කෝලිත Friday, 12 October 2012 11:06 AM

ලංකාවේ කවුරුත් ඔහොම තමයි

:       0       0

සේනිකා Friday, 12 October 2012 12:15 PM

ඔය රට ඉන්න අය අපි අමතක කර නැත. ඔයාලා නිවාඩුවට ඇවිත් ආපහු යනකොට අපි සුළු දඩයක් අය කරගන්න එකම මදිද? (බියුරෝ ) (නි)

:       0       0

හිරන්ත Thursday, 11 October 2012 06:11 PM

පිට රට ඉදලා විදේශ විනිමය උපයලා ගෙවුන් තුලාව සමාන කරන අයටත් පුස් කොලයක්වත් දුන්නොත් නරකද?(නු)

:       0       0

කීර්ති Thursday, 11 October 2012 06:46 PM

රුපියල් ලක්‍ෂ දෙක හමාරට වැඩියෙන් වසර දහයක් ආදායම් බදු ගෙවා ඇත්නම් බදු සහන යටතේ මෝටෝරියක් ගෙන්වීමට සහන මෙන්ම, විදෙස්ගතවීමේදී ගුවන් තොටුපලේදී ප‍්‍රභූ පුද්ගලයන්ට හිමි වරප‍්‍රසාද සහ තෝරාගත් මුල්‍ය ආයතන කිහිපයකින් ණය මුදල් ලබා ගැනීමේදී සියයට එකක පොලී සහනයක්ද හිමිවන බව ඔහු පවසයි. එතකොට ගල්ෆ් වල දුක්විදගෙන අවුරුදු 10-15ක් ති‍ස්සේ රටට විදේශ විනිමය ලබා දුන්න අපිට මොනවද තියෙන්නේ? (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 11 October 2012 06:55 PM

රජයේ සේවකයෙකුගෙ අවුරුද්දෙම පඩි එකතු කෙරුවත් ලක්ෂ දෙකක් නැහැ. ඒක නිසා අපි හෑමෝම මෙයාලට සුභ පතමු. (නි)

:       0       0

චන්දුසිරි Thursday, 11 October 2012 07:03 PM

හිරන්ත ඇත්තට විදේශවල ඉන්න සේවකයන්ටත් එහෙම තෑගි ක්‍රමයක් දුන්නොත් හොදයි..!(නු)

:       0       0

ජයන්ත Friday, 12 October 2012 05:23 AM

ඔය ගෙවන රුපියල් වලට නම් රථ වාහන ගෙන්න බැහැ,අපි එවන එවවලින් තමා ඒක පුළුවන්,ඒඋනාට අපිට හුලන් (නු)

:       0       0

වසන්ත Friday, 12 October 2012 12:58 PM

මේකේ මුස්ලිම් අය කී දෙනෙක් ඉන්නවද? එයාලා ළග තමයි‍ වැඩියෙන්ම සල්ලි තියෙන්නේ. (නි)

:       0       0

වරුණ Friday, 12 October 2012 07:43 AM

අපරාදේ නේ

:       0       0

ජීවක Thursday, 11 October 2012 07:30 PM

අයියෝ මැද පෙරදිග ඉදං වහල් වැඩ කොරලා විදේශ විනිමය ගේන අපේ අම්මලාට මුකුත්ම නැතැයි.. අනේ පව්.. ලොකු ලොකු අයටමයි කිරි.. දුප්පතුන්ට කැකිරි..!(නු)

:       0       0

අසේල Friday, 12 October 2012 08:18 AM

හරිම සතුටුයි. බලන්න අපේ රටේ ඇති නැති පරතරය බිංදුවයි නේද? (නි)

:       0       0

කුරුවිට Friday, 12 October 2012 01:14 PM

රට ඉන්න අපිට කදුලුයි, දහඩියයි, ගින්දරයි විතරයි. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 11 October 2012 07:39 PM

ආ... බදු ගෙවනවාද? ඒක හොදයි. අපි ඉතින් කොච්චර විදේශ විනිමය එවුවත් අපිට එහෙම දෙයක් නැහැ නොවැ. (නි)

:       0       0

කුරුවිට Friday, 12 October 2012 01:27 PM

සමන් උපසේන කියන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්න හොදම ව්‍යාපාරිකයෙක්. අපි අපේකම අගය කළ යුතුයි. (නි)

:       0       0

පෙඩ්රික් Thursday, 11 October 2012 07:48 PM

රුපියල් ලක්ෂ දෙකහමාරට වැඩියෙන් අවුරුදු දහයකට වැඩියෙන් ලංකාවට එවපු කට්ටියට නරකද බදු සහන වාහන බලපත්‍රයක් දුන්නොත්..!(නු)

:       0       0

කපුගේ Friday, 12 October 2012 06:57 PM

අයියෝ දෙයියනේ

:       0       0

සම්පත් Friday, 12 October 2012 08:46 AM

මේකේ මුල, මැද , අග සම්බන්ධයක් නෑ වගේ (ස)

:       0       0

හිල්මි Thursday, 11 October 2012 07:55 PM

ඉස්සර රත්නපුරේ මැණික් ව්‍යාපර කොරලා ආණ්ඩුවට වැඩිපුර බදු ගෙව්වේ මුස්ලිම් මිනිසුන්.. දැං අපේ අය බැහැලා මේවට..!(නු)

:       0       0

කපිල Friday, 12 October 2012 01:41 PM

අපිට කොහෙන්ද බූල් බල්ලෝ? (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 12 October 2012 01:43 PM

ශිරන්, ඇත්තටම අපි වසරකට එවන මුදල මේ කට්ටිය වසරකට ගෙවපු ලක්ෂ 5 ට වඩා වැඩියි. අපට රන් කාඩ්පත් එපා. සාධාරනයක් ඉටු කරන්න. (ස)

:       0       0

සුජාන් Friday, 12 October 2012 01:53 PM

ලක්ෂ 190ක් තියෙනවනේ. තව මොනවද බලන්න කියන්නේ? ඔයාට පුලුවන්නම් අපිවත් බලාගන්න. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 12 October 2012 09:03 AM

මෙහි ඉහත (පෙ.ව. 8.18 දක්වා) සියලු දෙනාම ඉදිරිපත් කර ඇති අදහස් ඉදිරි අයවැයකදී වගකිව යුත්තන්ගේ සැළකිල්ලට ලක්විය යුතුයි. කෝටි ගණන් බදු පැහැර හරින ඇතැම් ව්‍යාපාරිකයින්ට වඩා දෙපාර්තමේන්තුව ලුහුබඳින්නේ ඊයේ පෙරේදා පොඩි කඩ කැල්ලක් දමාගත් අහිංසකයින්වය. ඒකත් වෙනස් වෙනවානම් හොඳයි. (නි)

:       0       0

සරත් Friday, 12 October 2012 09:07 AM

පෙරේරා මහත්තයාගේ කතාවනම් හරි (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 11 October 2012 08:50 PM

වාර්ෂිකව ආදායම් බදු වැඩියෙන් ගෙවීමෙන් රන්කාඞ්පත් හිමිකරගත් ව්‍යාපාර සමුහයක අධිපති සමන් උපසේන මහතාට ඇතුළු සියළු දෙනාට අපගේ සුභ පැතුම්..!(නු)

:       0       0

රිස්වාන් - සවුදි Thursday, 11 October 2012 09:01 PM

රටේ ජාතික අදායමෙන් වැඩිම ප්‍රමාණයක් අපි වගේ මැදපෙරදිග සහ වෙනත් රටවල ඉන්න සියලු දෙනාම ලබාදෙනවා. නමුත් අවුරුද්දකට වතාවක් අයවැය විවාදයේදී නිකම් මතක් කරනවා පමණි. අපිත් රටේ ජාතික ආදායමේ කොටස් කාරයෝ. (නි)

:       0       0

බණ්ඩාර Friday, 12 October 2012 02:44 PM

මිලියන ගණනක් හම්බ කරලා ලංකාවට එවපු මට, මම ලංකාවට එවපු පෙට්ටිය දිහා බලලා ටැක්ස් ගැහුවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 5 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 56 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 88 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1863 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 498 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39702 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site