මීතොටමුල්ල කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු අද (5) පෙරවරුවේ ආරම්භ කළ බව බස්නාහිර පළාත් සභා ආරංචි පවසයි.
බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සහ කුණු කන්ද ඉවත් කර එම කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කටයුතු භාරව සිටින එංගලන්ත සමාගමක් වන ‘එස්ජේපී වේස්ට් ටු එනර්ජි ප්‍රයිවට් ලිමිටඩ්‘ හි කාර්ය මණ්ඩලයද අද පෙරවරුවේ මීතොටමුල්ලට ගියහ.
එංගලන්ත සමාගමේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේ ඉම්රාන් අලි ය.
කුණු කන්දේ ඇති කුණු දිනකට ටොන් 4000 බැගින් අවුරුදු 6ක් ඇතුළත ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක
හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මීතොටමුල්ල කුණු කන්ද යයි
රෝස් Thursday, 05 May 2016 12:45 PM
මේ තීරණය ගැන නම් ඇත්තටම සතුටුයි ගොඩක් (නි)
නිමල් ලලිත Friday, 06 May 2016 02:25 AM
ඉසුරන්දි, ඔබ හරි. මේවාට ප්‍රධාන හේතුව දේශපාලන බලපෙරේතයන්, තම වගකීම ඉටු නොකරන නිලදරුන් සහ ජනතාවයි. අපිටත් බැහැනේ ගෙදර එකතුවෙන පුළුස්සා දැමිය හැකි කුණු පුළුස්සා අඩුම වශයෙන් ඉතිරි ටික හෝ කුණු ගොඩට දැමීමට. (නි)
නිලුපුල් Monday, 09 May 2016 09:05 AM
විෂ ද්‍රව්‍යත් ඉතුරු කරලා ඉවරයි. ගස් වැවීම කියන්නේ මූලික අදහස විතරයි. එක කරන්නේ කොහොමද අභියෝග මොනවද කියන එක සොයා බලන්න වෙනවා. මතුපිටින් දැකලා යම්කිසි කරුණක් කියලා විරෝදය පාන එක නිවැරදි නැහැ.(හේ)
විපුල Thursday, 05 May 2016 05:10 AM
අවුරුදු 6 කියන්නේ කල් වැඩි . නමුත් හොදයි (බ)
ඉරේෂ් එස් කුමාර Thursday, 05 May 2016 05:10 AM
කුණු ප්‍රතිචක්‍රීකරණය කරන එක වඩා හොදයි.මිනිසුන්ට හොදට හුස්මගන්න පුළුවන් වීම ලොකු දෙයක්. (ර)
ගනප්‍රිය Thursday, 05 May 2016 05:11 AM
දැන්වත් කුණු විධියටම එකතු කරන්න එපා. ආරම්භයේදිම ප්‍රතිචක්‍රියකරණ කරන්න. (ර)
ප්‍රියා Thursday, 05 May 2016 01:34 PM
කොහොමහරි කමක් නැහැ මේක ඉවත්වෙනවා නම් ඇති (නි)
රජිත් Thursday, 05 May 2016 05:49 AM
මෙන්න හොඳ වැඩක්. කොළඹ ලස්සන කරන හරිම සහ කල්පවතින ක්‍රමය . කලින් ලස්සන කරනවා කියලා කලේ පිට ඔපයට සල්ලි නාස්ති කරපු එක. (ර)
බණ්ඩා Thursday, 05 May 2016 06:09 AM
මෙන්න යහපාලනේ හොද වැඩ ...(බ)
මානවසිංහ Thursday, 05 May 2016 06:22 AM
කොලොන්නවෙ අපිට සතුටුදායක දෙයක්. (බ)
රනිල් Thursday, 05 May 2016 06:23 AM
අවුරුදු හයක්, අයියෝ මෙයාලා මාසයයිනේ යන්නේ ඕකට ආණ්ඩුව ඉවරවෙනකම්ම ඉඳී වගේ (බ)
ජමල්ඩීන් Thursday, 05 May 2016 06:25 AM
හොඳ වැඩක් ජයවේවා (බ)
නිලුපුල් Thursday, 05 May 2016 06:38 AM
ඕක පස් වලින් වහල ගස් හිටවන්න. කොච්චර සුන්දර කඳු යායක් වේවිද. (බ)
අනුරාධා මහපටුන Thursday, 05 May 2016 07:15 AM
නිලුපුල්, එතකොට ප්‍රතිචක්ක්රිකරණය කරන්නේ ? ටිකිරි මොලේ. ලංකාවේ හැම කුණු කන්දම සුන්දර කඳුයායක් කලොත් වැඩිවෙන ජනගහනයට මොකද වෙන්නේ? (ර)
ධම්ම Thursday, 05 May 2016 03:37 PM
කොළඹ කුණු බත්තල් මගින් ගෙනගොස් පුත්තලමේ සිමෙන්ති කම්හලට හුණුගල් සපයා අවසාන වූ වලවල් වසා දමන්න යෝජනාවක් තිබුනා නේද.(බ)
නිලුපුල් Thursday, 05 May 2016 08:55 AM
අනුරාධා, එක කන්දකට එහෙම කරලා බලමු. හිතාගන්නවත් බැරි හොඳ ප්‍රතිපල ලැබෙන්න ඉඩ තියෙනවා. (ර)
ලාල් Thursday, 05 May 2016 09:01 AM
මේක හොඳ වැඩක්. එත් මේක වවාගෙන කන, දෙශපාලක තුමාලටනම් දුක හිතෙයි. (ර)
පාල Thursday, 05 May 2016 09:17 AM
ඔය කුණු කන්දට දවසකට මිනිස්සු ගෙනත් දාන කුණු වල බර ටොන් 6000 ට වැඩ වැඩිනම්, ඔය කුණු කන්ද ජීවිතේට හිස් වෙන්නෑ. (ර)
අසංක Thursday, 05 May 2016 09:31 AM
අවරුදු 6ක්? ඒ කාලේ තුල මෙතනට කුණු දාන එකක් නැනේ? (ර)
ලලිත් Thursday, 05 May 2016 10:53 PM
පටන්ගන්න විදියෙන්ම හිතාගන්න පුළුවන් වැඩේ කෙරෙන විදිය (නි)
අනුර කොලොන්නාව Thursday, 05 May 2016 09:55 AM
එස් එම් මරික්කාර් මහතාට පින් සිදුවන්නට ඔහුගේ මැදිහත් වීමත් නිසා මේක ඉක්මනින් මෙහෙම ඉවර වුණ එක කොලොන්නාවට සිදුවූ යහපතක් , අපේ ඡන්දය මරික්කාර් මහතාට (බ)
නවරත්න බණ්ඩාර Thursday, 05 May 2016 10:10 AM
කව්රු කරත් මේවා හොඳ වැඩ. (ර)
අබරන් Thursday, 05 May 2016 10:11 AM
දිනකට ටොන් හාරදහස බැගින් අවුරුදු හයකට ගණනය කරලා බලන්න කොපමණ විශාල කුණු කන්දක්ද කියලා.... (ර)
බමුණු ආරච්චි Thursday, 05 May 2016 11:20 PM
මේවට මුල්වී අවුරුදු ගණනාවක්ම සාලිය වික්‍රමසිංහ මන්ත්‍රීලා වගේ අය සටන් කළා. මේක ඊයේ පෙරේදා කළ උද්ඝෝෂණයක ප්‍රතිඵල නොවෙයි. (නි)
ඉසුරන්දි Thursday, 05 May 2016 04:23 AM
ඇයි අපේ දේශපාලුවන්ට බැරි මේවා කරට අරගෙන යම් වැඩකටයුත්තක් කරන්න උනන්දුවෙන්න. එ්කත් පිට සමාගමකට පවරලා. (බ)
ඒකනායක Thursday, 05 May 2016 04:44 AM
දිරාගිය කුණු ප්‍රතිශක්ති කරණය කළ නොහැක . කළ හැක්කේ ඒවා කොම්පෝස්ට් බවට පත් කිරීමය (බ)
ශාන්ත Thursday, 05 May 2016 04:46 AM
මේ සඳහා ඉදිරිපත් වීමට දේශීය සමාගම් නැතිද ? අපේ කුණු ටිකෙනුත් ප්‍රයෝජන ගන්නේ විදේශීය සමාගම්. (බ)
සෆින් Sunday, 08 May 2016 07:19 AM
පස්වලින් වැහුවා කියලා කදු වෙන්නේ නම් හරිම හොදයි ...නමුත් වහගෙන් පොළොව යටට දාන නොදිරන කුණු විෂ ද්‍රව්‍ය ඉතිරිකරන්නේ අපේ දරුවන්ටද ? අනෙක ඉදිරියේදී එන කුණුවලට ස්ථිර විසදුමක් ඕනේ නැද්ද ... මම හිතන්නේ අපි ඔලුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ කියලයි.(හේ)
අමල් පෙරේරා Thursday, 05 May 2016 11:09 AM
කරන්න යන වැඩේට අපගේ සහයෝගය ලැබෙනවා.(හේ)
තබුක් සිල්වා Thursday, 05 May 2016 11:13 AM
සෞදියේ නම් මෙවැනි කුණු කදු පස් පුරවලා සමතලා කර ලස්සන කර ගස් වවනවා කාලයක් ගියාට පසු බැලුවම කුණු කන්දක් තිබුනද කියලා ඔයන්න බැහැ. (ර)
සෑම් Thursday, 05 May 2016 12:06 PM
එංගලන්තෙත් එහෙමයි. මේක එංගලන්තේ සමාගමක් නම් මොකද එක සුදු මහත්තයෙක්වත් නැත්තේ. මට නම් සැකයි. අනික අවුරුදු හයක්. මේක මොකක් හරි බොරුවක් වෙන්න ඕනේ.(හේ)
බන්දුල Thursday, 05 May 2016 12:32 PM
ලංකාවේ අයට මේ වැඩ කරන්න දැනුම නැතුවාට පිටරට නම් කුණු බිස්නස් එක ඉතා ලාබ ලබන ව්‍යාපාරයක්. (නි)