IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මීතොටමුල්ල කුණු ගඳ තව වැඩිවෙයි

කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද සඳහා තවත් අක්කර තුන හමාරක් ලබාගැනීමට කොළඹ නගර සභාව උත්සාහ කරන බව කියමින් අවට පදිංචිකරුවෝ මීතොටමුල්ල කුණු කන්ද අසල අද (27) උද්ඝෝෂණයක් පැවැත්වූහ.

උද්ඝෝෂකයෝ පාගමනින් වැල්ලම්පිටිය හා කොළොන්නාව නගර මැදින් ගොස් කුණු කන්ද අසලට පැමිණි අඛණ්ඩ උපවාසයක් ඇරඹූහ.

එයට ඇතුළුවන මාර්ගය අවහිර කරමින් උපවාස කිරීම හේතුවෙන් කුණු ලොරි පැමිණීමද නැවතී තිබූ අතර කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ.අනුර මහතා ඇතුළු නගර සභා නිලධාරීන් පැමිණ කුණු කන්ද ඉවත් කිරීමට මාස 6ක කාලයක් ලබාදෙන ලෙස  උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලා සිටියද ඔවුහු ඊට එකඟ නොවූහ.

මේ සඳහා තවත් ඉඩම් පවරා නොගන්නා බවට ලිඛිත පොරොන්දුවක් ලැබෙන තෙක් එම ස්ථානයෙන් ඉවත්නොවන බව කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සභාපති නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසීය.

meethotamulla_2015122760 meethotamulla_2015122760-2 meethotamulla_2015122760-3



අදහස් (0)

මීතොටමුල්ල කුණු ගඳ තව වැඩිවෙයි

නිශාන්ත Monday, 28 December 2015 04:14 AM

අනේ මන්දා මේවා කවදා අවසන් වෙයිද කියලා (නි)

:       0       0

ගගන Monday, 28 December 2015 04:19 AM

ඇත්තනේ. ඒ මිනිස්සු ජීවත්වෙන්නේ මිහිපිට අපායක (නි)

:       0       0

යහම්පත් Monday, 28 December 2015 11:43 AM

ඡන්දෙට කලින් නම් කුණු කඳු ඉවත්කරලා, කොළොන්නාව පමණක් නොව මුළු රටම සුවඳ දෙන රටක්, දුප්පතුන් නැති රටක්, යහපාලනය ඇති රටක් කරනවා කියලනේ කිවුවේ. දැන් බැලුවහම කොළොන්නාව පමණක් නොවේ මුළු රටම ගඳගසන, යහපාලනයක් නොපෙනෙන රටක් බවට පත්වෙලා වගෙයි අපිට නම් පෙනෙන්නේ (නි)

:       0       0

ජයරත්න Monday, 28 December 2015 04:24 AM

රාජේශ් ඛන්නාගේ අදහස් ඉතා හොඳයි. නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමට කිසිදු බලධාරියෙක් ඉදිරිපත් වෙයි කියා හිතන්න අමාරුයි. එනිසා ඔබ වැනි විෂය පිළිබඳ උනන්දුවන්නන් සහ විද්වතුන් සංවිධානය වී ඒ පිළිබඳ සැළසුම් සකස්කොට රජයට, විපක්ෂයට සහ ආයෝජකයන්ට ඉදිරිපත් කළයුතුයි. එවිට ඒ සඳහා ජනතා සහායද නොඅඩුව ලැබේවි. (නි)

:       0       0

රන්ජිත් Monday, 28 December 2015 05:18 AM

මේ කුණුගොඩ එක්ක මේ මිනිස්සු ජීවත්වෙන්නේ කොහොමද? (නි)

:       0       0

චිරාන් Monday, 28 December 2015 05:32 AM

අනේ මන්දා මේ රට කවදා හැදෙයිද කියලා (නි)

:       0       0

චින්තන Monday, 28 December 2015 05:34 AM

කුණු වෙන්කිරීම, දිරන කුණු ගෙදරම ප්‍රතිචක්‍රීකරණය, කුණු ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේදය ගැන මිනිසුන්ට දැනුමක් ලබාදෙන එක හොඳයි (නි)

:       0       0

උද්දික Monday, 28 December 2015 12:32 PM

මාධ්‍ය මගින් හෝ නැතිනම් වෙනත් නායකයෙක් ඉදිරිපත් වී හෝ මෙයට විසිදුමක් දෙනවනම් හොදයි. අඩුගානේ අපට කන්න විදියක්වත් නැහැ. ඒ තරම් ගද උහුලන්න බැහැ. පුලුවන්නම් හිතන්න. (ර)

:       0       0

ජනහිත Monday, 28 December 2015 05:54 AM

මේ කුණු කන්ද සම්පතක්. ඇයි ඒක ප්‍රයෝජනයට ගන්නේ නැත්තේ? මේ පිළිබඳව ඇමෙරිකාව වගේ රටවලින් අවශ්‍ය දැනුම ලබාගත හැකි නේද? ඒක කළා නම් රටට ලොකු ධනයක් ලැබෙනවා. මට හිතෙන හැටියට නම් ඔතන ඊට වැඩිය දෙයක් තිබෙනවා. (නි)

:       0       0

ජයරත්න Monday, 28 December 2015 01:20 PM

උද්දික, ඔබ කොලොන්නාවේ කෙනෙක් නම් ඔබට පුලුවන් ඒ සදහා මූලිකත්වය ගන්න. ෆේස්බුක් හරහා හෝ සංවිධානය වී මෙයට විසදුමක් සොයමු. (බ)

:       0       0

රොකී Sunday, 27 December 2015 02:14 PM

ඔහොම වුනේ හිරුනිකාගේ කචල් එකෙන් පස්සෙද? (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 27 December 2015 02:19 PM

මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමට හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා ලොකු උත්සායකයක යෙදුණා , කරුමෙට ඔහුට ආසනය අහිමි වුනා , කොලොන්නාව සහ මීතොටමුල්ල අවට කුණු ගඳින් පිරි නගරයක් වෙලා (බ)

:       0       0

ජයරත්න Monday, 28 December 2015 06:28 AM

හැමෝගෙම අදහස් හොඳයි. නමුත් ක්‍රියාකාරීව දායකවීමට ක්‍රමවේදයක් නැහැ. (නි)

:       0       0

සේනක Sunday, 27 December 2015 03:04 PM

කෝ මේ අපේ කොලොන්නාවේ වර්තමාන අභීත, කටකාර සුරු විරු දස්කම් දක්වන වීර සෙබළිය? (බ)

:       0       0

සුමිත්‍රා Sunday, 27 December 2015 04:25 PM

සේනක එයාට නහයක් තියෙනවද ඟද සුවද දැනෙන්න. (ස)

:       0       0

යහම්පත් Sunday, 27 December 2015 08:09 PM

මා දන්නා පරිදි හිරුනිකා චන්දය ඉල්ලුවේ කොලොන්නාවෙන් නොව කොළඹය , කොලොන්නාවෙන් ඉල්ලුවානම් උඩිම්ම පරදිනවා සැකයක් නැහැ , ඇය ගැන කොලොන්නාවේ බහුතරය සිටින්නේ පැහැදීමකින් නොවේ , එ් නිසාය මරික්කාර් මහතා කොලොන්නාව ආසනයෙන් වැඩිම චන්දයකින් දිනුවේ , මෙම කුණු ප්‍රශ්නයට මරික්කාර් මහතා මැදිහත්වී ඉක්මනින් විසඳුමක් ලබා දේය කියා විස්වාස කරමි. (ස)

:       0       0

රාජේශ්කන්නා Sunday, 27 December 2015 11:26 PM

ක්‍රමානුකූල කුණු පාලන ක්‍රම අනුගමනය කිරීමෙන් එය ක්‍රමයෙන් මුදල් උපයන මාර්ගයක් බවට පත්කර ගැනීමට හැකි බව නගර සභාව නොදැන සිටීම කණගාටුවට කරුණක්. අතහැර දමන ලද විශාල ගල්වලවල්වල පතුල පිලිගත් ක්‍රමවේද අනුව සකසා කුණු සහ පස් ක්‍රමානුකූලව තට්ටු වශයෙන් පුරවා ඒ අතරට යෙදූ නල පද්ධතියක් මගින් කුණු මගින් නිපදවෙන ගෑස් පොළව මතුපිට පිහිටවූ මිනි ගෑස් ටර්බයිනයක් මගින් දහනයකර විදුලිය නිපදවිය හැකිය. විශාල මුහුදු තීරයක් ජලජ පරිසරයට කිසිසේත්ම හානි නොවන ක්‍රම යොදා ගල් බැමිවලින් වෙන්කර එම ප්‍රදේශය දහනය කරන ලද කුණුවලින් පිරවීමෙන් පලදායී බිම් තීරයක් බවට පත්කළ හැකිය. දැනට විශාල මුදලක් වැයකර ඉදිවන වරාය නගර ව්‍යාඍතිය අඩු වියදමකින් හා උසස් පලදායිකතාවයකින් කිරීමට තිබූ අවස්ථාවද අප මගහැර ඇත. (ස)

:       0       0

මුණසිංහ Monday, 28 December 2015 01:40 AM

මේ කුණු කන්දට තව අක්කර 3.5 ක් ගන්න නියෝග කරලා තියෙන්නේ කවුද එතකොට? (නි)

:       0       0

විජිත් Monday, 28 December 2015 01:58 AM

මොනයම් දෙයකට හරි, දේශපාලඥයෙක් ගෑවුණොත් පළාතම ගඳ ගහනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1078 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 740 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1141 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 831 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 504 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 913 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site