IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මත්තලදී කුරුල්ලෙක් හැපෙයි

ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අවත් එෆ්.ඉසෙඩ් 551 දරණ ගුවනයානය මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර  ගුවන්තොටුපලට ගොඩ බැස්සීමේදී   එහි කුඩා කුරුල්ලෙක් වැදුනු බව වාර්ථා වෙයි.

එය අද උදෑසන 6.05 ට පමණ  මගීන් 127 දෙනෙකු රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මත්තල හරහා ඩුබායි බලා යාමට  එය ගුවන් ගත වී අැත.

ගුවන් යානය  මත්තල ගොඩ බෑමට නියමිතව තීබී අැත්තේ අද උදෑසන 6.45 වන විට අතර උදෑසන 6.40 ට පමණ කුරුල්ලා වැදී ඇති බව වාර්ථා වෙයි.

මේ හේතුව නිසා යානය යළි පරීක්ෂා කිරීමට සිදුවිය. එය  පැයකුත් විනාඩි 7 ක් පමා වී මත්තල සිට  ඩුබායි බලා පිටත් විය.

මත්තලින් මගීන් දෙදෙනෙකු පමණක් ගුවන් යානයට ගොඩ වී ඇත.

 

 



අදහස් (0)

මත්තලදී කුරුල්ලෙක් හැපෙයි

තිලක් -ඩුබායි Thursday, 15 January 2015 04:37 AM

ඔන්න තිබෙනවා කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කර කළ සංවර්ධනය. (නි)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 15 January 2015 04:38 AM

මට නම් නිකන් ගුවන් පතක් දුන්නත් මත්තලින් නම් එන්නේ /යන්නේ නැහැ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 15 January 2015 04:44 AM

කුරුල්ලෙක් හරි ඉන්න එකත් ලොකු දෙයක් (නි)

:       0       0

ටානියා ෆොන්සියානු Thursday, 15 January 2015 04:50 AM

මගීන් 3 ක් වෙන්න බන්දුල අයියාවත් නග්ගන්න තිබුනේ. (බ)

:       0       0

සුජිත් Thursday, 15 January 2015 04:53 AM

ගුවන්යානා එන්නේ නැහැ කීවනේද ? මේවා ? කුරුල්ලෝ ඇමෙරිකාවේ ගුවන් තොටුපොලවල්වලත් හැප්පිලා තියනවා. (ර)

:       0       0

ඩී.උපුල් Thursday, 15 January 2015 04:54 AM

මිනිස්සු දෙන්නෙක් ගන්න ගුවන් යානයක් ගොඩ බානවා? (ර)

:       0       0

තිලක්-කුවෙට් Thursday, 15 January 2015 05:02 AM

රටේ පාලකයන්ගේ අමන වැඩවලට අරගන්න නය මුදල් අපට තියා අපේ දරුවන්ටවත් ගෙවා නිමකරන්න බැහැ (නදී)

:       0       0

සෑම් Thursday, 15 January 2015 05:17 AM

අවුලක් නැහැ පරම්පරාවෙන් උරුම උන බූදලයෙන් නේ හැදුවේ. අපි ගෙවන බදු මුදල් වලින් නම් අපිත් දුක් වෙන්න ඕනේ මේ ගැන. මොකද අපි ගොඩක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් තමයි මේ ගොල්ලන්ට ඕන විදිහට වියදම් කරන්නේ. ඉතින් වැඩකට නැති ගුවන් තොටුපොළක් මොනා කරන්නද ? කෞතුකාගාරයක් තමයි කරන්න වෙන්නේ ස්කොල ළමයින්ට. එ්කෙන් හම්බ වෙන ටිකට් සල්ලි වලින් හරි නඩත්තු කරන්න (නදී)

:       0       0

දකුණේ සිල්වා Thursday, 15 January 2015 05:20 AM

මත්තල ගුවන්තොටුපල අධි අවදානම් ගණයට වැටෙන ගුවන් තොටුපලක් කියලයි මම අහලා තියෙන්නේ. සමහර රක්ෂණ සමාගම් මත්තලට එන ගුවන් යානා රක්ෂණය [කුරුල්ලන්ගේ ප්‍රශ්නය නිසා] කරන්නේ නැහැ. ඒ නිසා තමයි මත්තලට බොහෝ ගුවන් සමාගම් ඒමට අකමැති. (නදී)

:       0       0

නිලාන් Thursday, 15 January 2015 05:28 AM

මත්තල කුරුල්ලෝ, හම්බන්තොට ගල් අනේ මන්දා (දිල්)

:       0       0

දමිත් Friday, 16 January 2015 04:27 AM

ලංකාවේ දේවල් අගය කරන්න. මේක හෑල්ලුවට ලක්කර තිබෙන මිනිසුන්ටයි කියන්නේ. මත්තලින් දෙන්නෙක් නැග්ගට කමක් නැහැ. කවදාහරි මේකත් බණ්ඩාරනායක ගුවන්තොටුපළ වගේ වෙයි.මේවගේ ලොකු ව්‍යාපෘතියක් කරනකොට ඒකේ ප්‍රතිඵල ඉක්මනට ලැබෙන්නේ නැහැ. කාලයක් ගතවෙනවා. මොනවා නැතත් ලංකාවේ දෙයක් අගය කරන්න සිංහල මිනිසුන්ට තේරෙන්න ඕනෑ. කවුරු මේක කොහොම හැදුවත් මේක ලංකාවේ සම්පතක්. (නි)

:       0       0

ශාන්ත Thursday, 15 January 2015 10:58 AM

මේක හදපු එක ඇත්තටම ඔයාලට වැරැද්දක් වගේ වුනාට සමහර අයට ඒක ලොකු වාසියක්. මෙකේ වැදගත් කම දන්නේ මේක පාවිච්චි කරන අයයි.(හේ)

:       0       0

නාලක Thursday, 15 January 2015 05:40 AM

ගුවන් යානා විතරක් නෙමෙයි කුරුල්ලන්ටත් රක්ෂණයක් ඕන කර තිබේ.(හේ)

:       0       0

කරුණාපාල Thursday, 15 January 2015 11:02 AM

මේ පොඩි කුරුල්ලෙක් නිසා ඔය ගමන පැයක් පරක්කු වුණා කියන්නේ මේක ලොකු කතාවක්.(හේ)

:       0       0

දයා අලහාකෝන් Thursday, 15 January 2015 05:49 AM

අනේ මන්දා රටේ සල්ලිවලට කරපු දෙයක් (නදී)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 15 January 2015 05:50 AM

මත්තල ගුවන්තොටුපල ආරම්භ කල කාලේදී එයාර් ඇරාබියා කියන ගුවන සමාගම ගුවත් පතක් විකුණා ගන්න බැරිව අන්තිමට දිරාම්ස් 275 (රුපියල් 9790 ) දක්වා අඩු කලා. එ්ත් විකුණා ගන්න බැරිව අත ඇරලම දැම්මා. එ්කයි සත්‍ය. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 15 January 2015 05:50 AM

මොකට හැදුවද මන්ද කුරුළු විමානෙක. පරිසර වේදීන් විරුද්ද වෙන්න බියක් දක්වන්න ඇති මගේ හිතේ අර කේන්දර කාරය වගේ. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 15 January 2015 05:51 AM

අපරාදේ අපේ සල්ලි. (නදී)

:       0       0

රවී Thursday, 15 January 2015 05:52 AM

දැන් ඉතින් මේවාට කතා කරන්න ගියොත් කියාවි යහපාලනයට අනුව අනිත් උදවිය හදපු ගුවන් තොටුපළවල් වලට අනම් මනම් කියන එක අකැපයි නේද කියලා. නැතිනම් මේක පලි ගැනීමක් කියාවි. (නදී)

:       0       0

කරුණාපාල Thursday, 15 January 2015 11:23 AM

බලාගෙන මහත්තයෝ, ඔය පොඩි කුරුල්ලව ලොකු ෆ්ලයිට් වල හප්පා ගන්න එපා. පැයක් නෙමේ, දින ගානකට වැඩේ ප්‍රමාද කරන්න වෙයි. මොකටත් ඔය කුරුල්ලට නිතරම මෛත්‍රිය වඩන්න හුරු වෙන්න එතකොට හදිසි අනතුරු සිදුවෙන එකක් නැහැ. (නදී)

:       0       0

ගුණපාල Thursday, 15 January 2015 06:05 AM

කුරුල්ලෙක් වැදුනා කියලා ගමන පැයක් පරක්කු කරන්නේ ඇයිද?(හේ)

:       0       0

අනිල් රෝහණ Thursday, 15 January 2015 06:08 AM

තුන්වෙනි මඟියා හැටියට අපේ බන්දුලවත් පටවාගෙන ගියානම් කොතරම් අගේද. (බ)

:       0       0

කුරුවිට Thursday, 15 January 2015 06:16 AM

කුරුල්ලත් අලුත් ආණ්ඩුව එනකම්ම බලාගෙන ඉඳල (බ)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 15 January 2015 06:37 AM

දැන් ඉතින් ඔය ගුවන් තොටුපොල මොකක් කරන්නද බලා පොරොත්තු වෙන්නේ? (බ)

:       0       0

සල්ගාදු- ප්‍රංශය Thursday, 15 January 2015 07:27 AM

මේ කුරුල්ලාත් අධිරාජ්‍ය විරෝදී කුමන්ත්‍රණයක සහකරුවෙක්ද දන්නේ නෑ, මත්තලට එන ගුවන් යානා නැති කරන්න , (හේ)

:       0       0

වීරප්පන් Thursday, 15 January 2015 12:56 PM

ගුණපාල මහත්තයෝ,කුරුල්ලෙක් හැපුනහම ගුවන් යානය මෙතරම් ප්‍රමාද වුනේ මොකද කියලා ඔබතුමා අහනවා. ඔබතුමා මෙවැනි සරල දෙයක් වත් නොදැනීම ගැන හරි පුදුමයි. එනිසා මෙසේ ගුවන් යානය ප්‍රමාද වීමට හේතුව දන්නා කෙනෙකුගෙන් අහගන්න. (නදී)

:       0       0

නිත්‍යා නන්ද Thursday, 15 January 2015 07:42 AM

පරිසර සංරක්ෂණය ගැන නව රජය උනන්දු වෙයි කියා බලාපොරොත්තු වෙනවා (නදී)

:       0       0

මොහොමඩ් ඛාන් Thursday, 15 January 2015 12:59 PM

මැද පෙරදිග වැඩ කරන කුමාර් දැන් ලන්ඩන් වලද ඉන්නේ ? (නදී)

:       0       0

සුගුනවති Thursday, 15 January 2015 01:03 PM

මත්තල මාසික ආදායම රු.16,000/= කියලා කවුදෝ කියනවා මම අහගෙන. (නදී)

:       0       0

පිටිගල- මිලානෝ Thursday, 15 January 2015 08:17 AM

ප්ලේන් නග්ගනකොටයි බස්සනකොටයි කුරුල්ලන්ට වෙඩි තියන්න දාලා හිටපු නිල් ටී ෂර්ට් අඳින කොල්ලෝ ටිකත් පැනලා ගිහිල්ලා වගේ.(හේ)

:       0       0

කුමාර් Thursday, 15 January 2015 08:27 AM

ලන්ඩන් ගුවන් තොටුපලෙත් කුරුල්ලෝ හැපෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 297 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 223 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 588 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 272 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 88 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 269 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38661 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site