ඩයනා උදයංගනී
මත්තල ගුවන් තොටුපොළේ මාසික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන අතර එහි නඩත්තු කටයුතු වෙනුවෙන් වියදම රුපියල් ලක්ෂ 2500 බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මත්තල වෙනුවෙන් රටේ සෑම පුරවැසියෙක්ම රුපියල් 800 ක් ගෙවා තිබෙන බව කී අමාත්‍යවරයා දැනට කටුනායක ගුවන්තොටුපොළේ ආදායමත් මත්තල නඩත්තු කිරීමට වැයවන බව සඳහන් කළේය.
කටුනායක ඉදිකිරීමට තිබූ දෙවන ගුවන්තොටුපොළ නිසි අධ්‍යනයකින් තොරව මත්තලට ගෙනයාම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව ද ඇමතිවරයා කීවේය.
මෙය රජය සතුව තිබියදී එහි පාලනය භාරදීමට ඇති හැකියාව පිළිබඳව ඉන්දියානු ගුවන්තොටුපොළ අධිකාරියත් සහ ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ අධිකාරිය අතර සාකච්ඡා පවත්වමින් සිටින බව ද අමාත්‍යවරයා කීවේය. තවම ඒ සම්බන්ධව අවසන් නිගමනයකට පැමිණ නැති බව කී අමාත්‍යවරයා අවසන් නිගමනයකට පැමිණි වහාම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර රටේ ජනතාව අතර විවෘතව සාකච්ඡා කරන බව ද සඳහන් කළේය.
දේශපාලනමය හෝ ආර්ථිකය ගැන දැනුමක් නොමැති අය කුමන දේ කීවත් ඉදිරි දෂක දෙක සඳහා එය ආර්ථික වශයෙන් ගොඩනගා ගැනීමට මෙරට ගුවන් සේවා අධිකාරියට හැකියාවක් නැති නිසා එවන් පියවරක් ගැනීමට සිදුවන බව ද අමාත්‍යවරයා කීවේය.
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මත්තල ආදායම ලක්ෂ 12යි - වියදම ලක්ෂ 2500යි
saliya Monday, 30 July 2018 01:33 PM
මෙහි සාක්ෂි අධ්‍යයනය කලේ කවුරුන්ද? පරිසර වාර්තාව ට අනුමැතිය දුන්නේ කවුරුන්ද? මීට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලයේ සිටියෝ කවරහු ද? මෙවැනි ව්‍යාපෘති ඉදිරියේදී ක්‍රියාත්මක වේ නම් නවත්වන්නේ කෙසේද ?
samanTuesday, 31 July 2018 05:13 AM
ලංකාවට දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපලක අවශ්යෙතාවය ඇතිවූයේ 80 දශකයේ සිටය. ජේ.ආර්. ජයවර්ධන මහතා හිඟුරක්ගොඩ ප්‍රදේශයේ නව ගුවන්තොටුපලක් සෑදීමට උත්සහ කළත් ත්‍රස්තවාදය උත්සන්න වීමත් සමග එය නතරවිය. චන්ද්‍රිකා මතුගම ප්‍රදේශයේ නව ගුවන්තොටුපලක් සෑදීමට උත්සහ කළත්, එතුමියගේ අන් සියලු ව්‍යාපෘති මෙන් මෙයද අතරමග නතරවිය. 2003 වසරේ රනිල් මැතිතුමා මොනරාගල වැල්ලවාය ප්‍රදේශයේ ජාත්‍යන්තර ගුවන්තොටුපලක් සෑදීමට මුල්ගල තබා, මොනරාගල බණ්ඩාගේ බණ්ඩක්කා සිංගප්පූරුවට යවන බව කීවේය. දැන් වැල්ලවායට නුදුරින් හම්බන්තොට වරායටද ඉතාම ආසන්නව ගුවන්තොටුපලක් සාදා තිබේ. කටුනායක ගුවන්තොටුපල දිවාකාලයේ වසාතිබූ මාස තුනක කාලය තුල මත්තල ගුවන්තොටුපල ගුවන් ගමන් 400කට අධික ප්‍රමාණයක් කිසිඳු අනතුරකින් තොරව මෙහෙයුම් කර, ඉතා හොඳ තත්වයේ ගුවන්තොටුපලක් බව ඔප්පු කර ඇත. දැන් සිදුකළ යුත්තේ තමන්ට කරගැනීමට බැරිවූ දෙය අනුන් කළනිසා එයට ගැරහීම හෝ වී ගබඩා කිරීම නොකර, එය දියුණු කිරීමය.
akilaTuesday, 31 July 2018 08:15 AM
ඒකාධිපති පාලකයෙක් ඉන්නකොට ඔය අනුමැතිය දෙන නොදැන අයගෙන් එයාට වැඩක් නැහැ
nisha Tuesday, 31 July 2018 09:26 AM
එදා රජතුමා කියන දේවල් ඇහුව කියලද හිතන්නේ ? පවුලට කොමිස් එනවද කියල විතරයි බැලුවේ
Raveendra Monday, 30 July 2018 01:33 PM
එදා මේ කිසිවකට විරුද්ධ නොවී " නගුට හොයාගන්නවත් බැරි තැනක හංගගෙන" ඉඳලා දැන් තුට්ටුදෙකේ වීරයෙක් වෙන්න හදනවා.. අනේද කියන්නේ.. අපේ මහජනතාව නියෝජනය කරනවා යයි කියන තවත් අම්බරුවෙකි.
සෙනෙවි Monday, 30 July 2018 01:53 PM
නිසි අධ්‍යනයකින් තොරව මත්තල ගුවන් තොටුපොල ඉදි කළා නම් එවකට පරිසර අමාත්‍යාංශයේ ඇමැතිවරයා ලෙස එයට අනුමැතිය දුන් චම්පිකට වගකීමෙන් බැහැර විය නොහැකිය..
බන්ධුලTuesday, 31 July 2018 06:27 AM
සෙනෙවි ඔයා හිතන්නෙ ඒ කාලේ ඇමැති මණ්ඩලයක් තිබුණ කියලද? මම හිතන්නේ ඔයා තාම ඉස්කෝලෙ යන පොඩි ළමයෙක්...
sampath Monday, 30 July 2018 01:58 PM
කුමන පක්ෂයක හිටියත් ඔබ රටට වැඩක් කරන ඇමැති වරයෙකි. නමුත් ඔබටත් මෙතැනදී වැරදුනි. මත්තල අවට රජයේ ඉඩම් කිහිපයක් ගබඩා ඉදිකිරීමට ලබාදී සියලුම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා මත්තලට යොමු කර බලන්න. ඉලක්ක කරගෙන හම්බන්තොට ඉදිකරන්න දකුණු ආසියාවේ ලොකුම නිදහස් වෙළඳ කලාපය. එවිට ඔබට තේරේවි මෙහි වටිනාකම සහ සිතේවි ඔබට වරායත් අපටම තිබුණා නම් කියා.
mohanTuesday, 31 July 2018 08:13 AM
ඇමතිට බැහැ ගුවන් යාන යොමු කරන්න, කිසිදු ගුවන් සමාගමක් කැමති නැහැ මත්තල ගොඩ බස්වන්න. අනික එහෙම ගොඩ බස්සල කොළඹට ඒවා ගෙන්න යන ප්‍රවාහන වියදම දරන්නේ කව්ද?
Ranga Monday, 30 July 2018 02:05 PM
ඉතින් ඉන්දියාවට මොලේ උණද... එහෙම පාඩු බිස්නස් ඇඟේ ගහගන්න..?
mohanTuesday, 31 July 2018 08:15 AM
ඉන්දියාවට කිසිම සනීපයක් නැහැ, ඔවුන්ට මේක වැදගත් ආරක්ෂක මර්මස්තානයක් වශයෙන්. ඔවුන් මේක මාසෙකට කෝටි ගානක් වියදම් කරලා නඩත්තු කරලා කිසිදු වැඩක් නොගෙන සිටීවි.
amila Monday, 30 July 2018 02:20 PM
මත්තල නම් මහා අපරාධයක්... කිසිම ඉවක් බවක් නැති සංවර්ධනයේ තව අනිටු ප්රථිඵලයක්. කටුනායක, ගුවන් යානේ ඉඳල එක්කන් යන බස් වල ඒ/සී නෑ. අලුත් ටර්මිනල් එකෙන් පරණ කොටසට ආවම බලන්න කැතයි. ආගමන විගමන එකේ අය අපි දිහා බලන්නේ එයාලගේ සල්ලි වලින් රට ගිහින් ආව වගේ මූනේ හිනාවක් නෑ. පිටකොටුවේ ගියා වගේ ඩියුටි ෆ්‍රී එකෙන් එද්දී වෙළෙන්දෝ පස්සෙන් එනවා. ගමන් බලපත්‍රයේ එලවුන්ස් එක ඉල්ලනවා. බෑග් එන බෙල්ට් එක ගල් යුගේ එකක්. රට ඉඳන් එද්දී පණ යනවා සෙනග මැද්දෙන් ට්‍රොලි එක තල්ලු කරද්දී. කාර් පාර්ක් එකක්වත් නෑ. වාහනේට බෑග් එක දාගන්නකන්වත් ඉන්නේ නෑ පොලිසියෙන් විසිල් ගහනවා. එකම යුද්ධයක්. අඩු පාඩු අනන්තයි. මෙහෙන් යද්දී බෑග් උස්ස උස්ස ස්කෑන් එකට දාන්න ඕන තැන් දෙක තුනකදී... මනුස්සයෙක්ට නිවී සැනසිල්ලේ ගමනක් යන්න එන්න අමාරුයි කටුනායකින්. මේ නාස්ති වුණු සල්ලි වලින් කටුනායක නවීන තාක්ෂණය තියන සුපිරි තත්වයේ ගුවන් තොටුපලක් කරන්න තිබ්බා.
NuwanTuesday, 31 July 2018 08:10 AM
පැහැදිලිවම සහතිකවම ඇත්ත , ඔබේ කටේ මසුරන් දාන්න ඕන , ඔය ගැන දන්නේ මත්තලින් රට ගිහින් ආපු කෙනෙක්ම විතරයි . මත්තල් කියන්නේ රට යන එන කෙනෙකුට වද දෙන්න තියන ස්ථානයක්
abaranTuesday, 31 July 2018 08:32 AM
නියම කතාව .....ඒත්....රටේ ජනතාව වගේද පවුලේ උදවිය.. රට වගේද ගම ...ගම හැදුනොත් රට හැදෙයි...පවුල දියුණු උනොත් මුළු ජනතාවම දියුණුයි වගේ තමයි...
de silva berlin Monday, 30 July 2018 02:58 PM
මට ලියන්නට දෙයක් නැත. සාලිය සහ රවින්ද්‍ර යන මහත්වරු ලියන්න අවශ්‍ය සියලුම දේවල් ලියා ඇත.
RaveendraMonday, 30 July 2018 04:41 PM
ඇත්තෙන්ම එදා හිටිය හරකුන් මෙදා නොමැත. මෙදා සිටින හරකුන් එදා හිටියේ නැත. එමෙන්ම එදා හිටිය හරකුන් මෙදා මී හරකුන් වී ඇත.
Thilina Monday, 30 July 2018 03:27 PM
එදා මේ ගුවන්තොටුපල විවෘත කරද්දී මේ මනුස්සයත් එතන හිටියා නේද? ඒ කැබිනට් මණ්ඩලයේ ඇමැති කෙනෙක් වෙලා හිටියා නේද? එදා හොඳ වුණාට අද නරකයි නේද? මෙච්චර පාඩු ලබන එකක් ඇයි වෙන රටක් මිලදී ගන්නේ? කරුණාකර මේවාට පිළිතුරු දෙන්න
nihal Monday, 30 July 2018 03:53 PM
මත්තල අාදායම නැත්තේ මත්තල ගුවන් තොටුපළෙන් ගුවන් යානාවලට අවශ්‍ය සැපයුම දෙන්න බැරි නිසා, ගුවන් තොටුපළක තියන පහසුකම් අනුව තමා යන සමාගම් කැමති වෙන්නේ ගුවන් තොටුපළ පාවිච්චි කරන්න. ඉතින් එහෙම ඒවා නැති වුණාම එන්නේ නැහැ කවුරුවත්. මේක හදන කොට ඒවා ගැන සැලකිල්ලක් දක්වලා නැහැ. වරායටත් එහෙම තමයි වෙලා තියෙන්නේ. මොනවා වුණත් රට ලෝකයට ණය වුණු එක... අැර වෙන ඉතුරුවක් නැහැ අපිට.
සතයපාල Monday, 30 July 2018 04:50 PM
මත්තලට ගුවන් යානා නොඑන්න ප්‍රධානතම හේතුව තමයි ගමනාන්තය ලෙස මත්තල ගුවන්තොටුපොල තෝරා ගන්නා මගින් ප්‍රමාණවත්ව නොමැති නිසාය. හිස් ගුවන් යානා මත්තලට එවා ආර්ථික වශයෙන් පාඩු ලබන්නට කිසිදු ගුවන් සමාගමක් කැමති නැත. ප්‍රවාහන පහසුකම් හා සංචාරක හෝටල් සාප්පු, සංකිර්ණ වැනි නාගරික පහසුකම් නොමැති රටේ අති දුෂ්කර ප්‍රදේශයක ඉදිකර ඇති මෙම ගුවන් තොටුපොල තම ගමනාන්තය ලෙස තෝරා ගැනීමට කිසිදු ගුවන් මගියෙකු කැමතිවේ යයි සිතිය නොහැකිය. ශක්‍යතා අධ්‍යයන වාර්තා කුමක් කිව්වත් මත්තල අසාර්ථක වෙන බව දැනදැනම එය හැදුවේ රටට හෙන ගැහුවත් තමන්ගේ සිහින සැබෑ කර ගැනීමට හා එයින් ලැබෙන කොමිස් මුදලට ඇති කෑදර කම නිසායි. එදා කැබිනට් මණ්ඩලයේ සිටියවුන් මේ බව නොදැන සිටියාද කියා ඇසීම තරම් ඔලමොට්ටල කමක් තවත් නැත. කැබිනට් මණ්ඩලයේ මතය විමසා රට සංවර්ධනය කරන්න තරම් රාජපක්ෂලාට ඉවසීමක් හෝ ශීලාචාරකමක් තිබුණේම නැත. පාඨලි චම්පිකලාගේ ජාතිවාදි දේශපාලනය සමග එකඟවීමට නොහැකි වුවද ඔවුන් එදා ආණ්ඩුවෙන් එළියට ඇවිත් රාජපක්ෂ පවුල බලයෙන් පහළට ඇද දැමීමට හවුල් වූයේ රජපක්ෂලාගේ අධිපතිවාදී පාලනයයි. අද පාඨලී චම්පිකලා කතා කරන්නේ එදා කළ නොහැකි වූ කතාය.
mohan Monday, 30 July 2018 06:07 PM
බඩ පිරෙන්න කන්න නැති කෙන්යාවේ අයත් කියන්නේ කෙන්යාව ලංකාව වගේ කරන්න එපා කියලා. අපි හරි අගේ ඇති වැඩක් කළේ අපේ කතිරේ පාවිච්චි කරලා. අපිට ෆ්‍රී වයිෆයි දෙනවා කිව්ව ගමන්, නොමිලේ සිල් රෙදි දෙනවා කිව්ව ගමන් අපි වහල්ලු. මේ රට තව අවුරුදු 2500ක් ගියත් වහල් රටක්. ඉංග්‍රීසි පාලනයෙන් අපි නිදහස් කරගත්තු උත්තම වීරචරිත ඉතිහාස ගත වැරැද්දක් කළා. එ් තමයි ලංකාව තව තවත් වහළුන් කිරීම උදෙසා මෙවැනි දේශපාලන අම්බරුවන්ට රට බාරදීම. තද වැඩි නම් සමාවෙන්න.
saman Monday, 30 July 2018 06:34 PM
මත්තල විකුණන්න ඕනෙ නැහැ. කටුනායක ගුවන් හමුදා කඳවුර මත්තලට රැගෙන යන්න තිබුණා. එහෙනම් කටුනායක තවත් දියුණු කරන්න තිබුණා. බලන්න අද කටුනායකට ඇරලවන්න හෝ රැගෙන එන්න යන අයකුට ඉන්නවත් ඉඩක් නැහැ. පාරේ සිකුරුටියන්ගෙන් බැණුම් අහගෙන ඉන්න වෙලා තියෙන්නේ. ලෝකේ කොහෙවත් මෙහෙම නැහැ.
mahesh Monday, 30 July 2018 06:56 PM
මට නම් මෙයාගේ මුහුණ පෙනෙන්නේ ටාසන්ගේ වගේ. (වැඩ බැරි)
sisira Tuesday, 31 July 2018 01:45 AM
වී ගබඩා කලානම් මීට වඩා වැඩි ආදායමක් ලබා ගන්න තිබුනනේ.
Ajith Tuesday, 31 July 2018 02:05 AM
ඉන්දියාවට අපේ අයට ඇති ප්‍රශ්න කිසිවක් නැත. කියන මිලක් ගෙවා, කියන කොමිස් මුදලක්දී, මත්තල පමණක් නොව පලාලි මිලදී ගැනීමටත් සැරසෙයි
rohana Tuesday, 31 July 2018 02:16 AM
මහත් වරුණේ එක තමයි වෙනස. එදා කැබිනට් ඇමතිවරු හිටියේ නමට හැමදේම සහෝදර සමාගමට ඕන විදියට. අද නිදහස වැඩියි කියලයි මට හිතෙන්නේ ඒ දවස් වල විරුද්ද පක්ෂේ කෙනෙකුට මොකුත් කියන්න පුළුවන් වුනාද මාධ්‍යයට?
rohana Tuesday, 31 July 2018 02:17 AM
මහත්වරුනේ, එ්ක තමයි වෙනස... එදා කැබිනට් ඇමතිවරු හිටියේ නමට. හැමදේම සහෝදර සමාගමට ඕනෑ විදියට.... ඒ මදිවට කුමාරයත් ඇමැතිවරුන්ට කතා කලේ කැත විදියට නේද? ඇයි ඒවා අමතකද? අද නිදහස වැඩියි කියලයි මට හිතෙන්නේ... ඒ දවස් වල විරුද්ධ පක්ෂයේ කෙනෙකුට මොකුත් කියන්න පුළුවන් වුණාද?
Tharindu Tuesday, 31 July 2018 02:43 AM
හැරෙන්නේ පොල් පැලෙත් විකුනන්න!
ලුම්බිණි Tuesday, 31 July 2018 02:50 AM
දේශපාලනයට යටත්ව පටන් ගත් ඕනෑම ව්‍යාපෘතියක් මේ වැනි තත්වයකට පත් වෙනවා. බොහෝ ඉස්සර නිලධාරින් ඇමතිට උපදෙස් දුන්නා. අද ඇමති නිලධාරීන්ට උපදෙස් දෙනවා. පරිසරයට හානි වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ දේශපාලකයා. නිලධාරීන් ඒකට ගැලපෙන විදියට වාර්තාව හදනවා. ඉතින් මෙවැනි දේවල් පුදුම වෙන්න දෙයක් නැහැ.
maraya Tuesday, 31 July 2018 02:54 AM
ජනතාව රුපියල් 800ක් ගෙවලා තියෙනවනම්, ඔයාලටද මේක අයිති ජනතාවටද? විකුනන්න කියන අයිතිය තියෙන්නේ ජනතාවට නේද? කරගන්න බැරිනම් අයින් වෙලා යන්න. මේක අපේ රට. එක අඟලක් විකුනන්න දෙන්නේ නෑ
Senarath Tuesday, 31 July 2018 03:42 AM
මෙයා තමා එදා මත්තල ගැන ලොකු කතා කිව්වෙත්. අද කියනවා ආදයම ලක්ෂ 12 ක් කියල මෙය අමුලික බොරුවක් දැනට මාස කිහිපයකට කලින් කටුනායකට ගොඩබාන්න බැරි තරම් විශාල ගුවන් යානයක් මත්තලට ගොඩ බෑවා. එකෙන් ලැබුණු ආදායම විතරක් රුපියල් ලක්ෂ 12 කට වැඩි. මේ ලදී ඉදල මත්තලට ආපු ගුවන්යානයක් එකත් මෙයාල නවතල. එකෙන් කතරගම, අම්පාර වැනි ප්‍රදේශ වලට මගින් යන්න එන්න පහසුක සලසා ගත්ත. අද එකත් නැහැ. මේ හදන්නේ, බොරු කතා කියල මත්තලත් විකුණගන්න අවශ්‍ය වටපිටාව සකසන එක. ඒවාට මෙයා හරිම දක්ෂයා. කෝ මෙයාගේ මහකොළඹ සංවර්ධන සැලැස්මේ වැඩ දැනට අවුරුදු 3ක් ඉවරයි . ඒ උනාට කතාව දොලාවටත් ඉහලින් , ගමන ඉබි ගමනින් වත් නැහැ.
sanjaya Bandara Tuesday, 31 July 2018 03:43 AM
ආදායම රුපියල් ලක්ෂ 12ක් . වියදම රුපියල් ලක්ෂ 2500 .මේවා ගන්න හරක් ඉන්නවද... නැත්නම් අපි හරක් කියලා හිතනවද ....
Chandima Tuesday, 31 July 2018 03:44 AM
මෙන්න මේ ගොල්ලෝ වගේ අයගෙන් තමයි රටට හානි වැඩි. එදා මහා ලොකු පරිසර අමාත්‍යවරයා. මේ පළාතේ ඉන්න කුරුල්ලෝ වන සත්තු නිසා මෙච්චර විශාල වියදමක් කරලා හදන ගුවන් තොටුපොල භාවිතා කල නොහැකි එකක් වෙන්න පුළුවන් කියල නිකමටවත් කිව්වද? එහෙමනම් ඕක කරන්නේ නැහැ නේද? ඔය ඉංජිනේරු මොලේ මොන කෙහෙම්මලකට ගන්නද දැන් ඉතින්. අර එළදෙන වික්ක වගේ දැන් ඉතින් ආයෝජනය කියන ලේබලේ ගහල වාසි උන්ට පාඩු අපිට කියල දෙන්නද හදන්නේ. අනික මෙයා වාහන දුම් බද්ද පටන් ගත්ත. ආණ්ඩු අපේ සල්ලි වියදමට ගත්ත විතරයි. පරිසරයට කිසිම සෙතක් එකෙන් වෙන්නේ නැහැ. මෙයා මුකුත් ඒ ගැන කියන්නෙත් නැහැ.
NuwanJ Tuesday, 31 July 2018 05:11 AM
මම දන්න විදියට නම් වරාය සහ ගුවන් තොටුපල එකාබද්ධව කර්මාන්ත නගරයක් මෙම සැලසුමේ තිබුනා එය ක්‍රියාත්මක කරලයි මෙවායේ ලාබ ගන්න පුලුවන් වන්නෙ නැතිව තනි තනිව ලාබ පාඩු ගනන් හදන්න බෑ මේ තරම් නරක තැනක ආදායම් ලබන්න බැරිනම් ඉන්දියාව හරි චීනය හරි අරගන ආදායම් ගන්නෙ කොහොමද? නැතිනම් අපේ බැරිකම ද? වැඩක් නැති එකක් ගන්න රටවල් පොරකන්නෙ මොකද?
Dayana Tuesday, 31 July 2018 05:36 AM
අනේ ඉතින් ඕක කියන්නේ පාටලීනේ. අපි නොදන්න පාටලී. කතාව නම් උපරිමයි හොරා කෑමත් කෝටියයි. ඒත් වැඩ නම් බින්දුවයි. තව්සන්ඩ් ටෝක්ස් නෝ වර්ක්ස්.
Perera Tuesday, 31 July 2018 06:09 AM
දැන් අවුරුදු කීයක් වෙනවද බලයට ඇවිල්ලා, ඇයි එ්ක දියුණු කරන්න ඔයගොල්ලන්ට බැරි, නම නිසාද?
Shan Tuesday, 31 July 2018 06:26 AM
මේකේ ලියන අය දැන් චම්පිකට බනිනවා. වෙන කවුරුවත් නෙමෙයි මේවා තනිකරම මහින්දගේ වැඩ. ඒක කියාගන්න කොන්ද පණ නැත්නම් කටවහගෙන ඉන්න. රටේ අවශ්‍යතාවයට නම් ගුවන් තොටුපලක් හදන්න තිබුනේ අනුරාධපුරේ. එක එක්කෙනාගේ මානසික ලෙඩ නිසා රටේ ආර්ථිකය නැතිවෙනවා.
appuhamy Tuesday, 31 July 2018 07:11 AM
ලැජ්ජා නහර සිඳ බිඳ ගත් දේශපාලකයෙකුගේ සුපිරි අඳෝනාව !!!
Aaryan Tuesday, 31 July 2018 07:29 AM
ශ්‍රී ලංකාවේ අපනයනයට වඩා දෙගුණයක් ආනයනය වැඩී. ....... නරකද ලංකාවම එකපාර විකුණා දැම්මා නම්.....
Hafeel Tuesday, 31 July 2018 08:03 AM
හරි මෙයා කව්වා වගේ මත්තල පාඩුයි, රටේ සෑම පුරවැසියෙක්ම මත්තලට රුපියල් 800 ක් ගෙවා තිබෙනවා. මහින්දට තමයි ආර්ථික දෙනුමත් නැහැ, ජාතියන්ත්තර සහයෝජයක් නැහැ. නමුත් මෙයාගේ ආර්ථික ඔස්තාර් රනිල්ට බැරිද මේක ආදායම් ලබන ආයතනයක් හැටියට දියුණු කරන්න? මොකද්ද මේගොල්ල කිව්වා නේද රනිල්ට රටේ ආර්ථික දියුණු කරන්නත් පුළුවන්, රටේ ණය බර අඩුකරන්නත් පුළුවන්, ජාතියන්තර සහයෝගයත් තියන බව.
Bandara Tuesday, 31 July 2018 09:45 AM
හඩ මිස මේ වගේ වැඩ බැරි මහත්වරු සිටින රටක ලක්ෂ 12 ක් එන එකනම් හිතාගන්නවත් බැහැ......
jayampathi Tuesday, 31 July 2018 07:47 PM
රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ.. වටිනා කියන දේ විකිණිය යුතුය රටේ.. අමන දනන් කෑගැසුවත් හතර වටේ.. ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ..