IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මත්තල කටුගෙයක් කරන බව එජාපය කියයි

එක්සත් ජාතික පක්ෂය බලයට පත්වුවහොත් මත්තල ගුවන්තොට කටු ගෙයක් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

මත්තලට ගුවන් යානා ගොඩබෑමට හා නැංවිමට පෙර රතිඤ්ඤා මල්වෙඩි පත්තු කර කුරුල්ලන් එලවීමට සිදුව ඇතැයි ඔහු කීවේය.

‘මත්තල අවට සියලු දිය කඩිති වසා දැමීමට යන බව කියනවා. මහජනතාවට පමණක් නොව සතුන්ටත් වන්දි ගෙවීමට සිදුවී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රමිති ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා ගුවන්තොට හදා තිබෙනවා.‘

 



අදහස් (0)

මත්තල කටුගෙයක් කරන බව එජාපය කියයි

අනුර Wednesday, 10 April 2013 02:59 PM

ඔක්කොටම පෙර සිරිකොට කටුගෙයක් කරන්න බලන්න. (ස)

:       0       0

නිරංජන් Tuesday, 09 April 2013 09:01 PM

කටුණායක කලපු වට නුදුරින් පිහිටල තියෙන්නෙ කාක්කන් රෑන් පිටින් ඉන්නෙ ඵහෙනම් මෙයාල කටුණායකත් කටු ගෙයක් කරයි අලිමෙකඩට පාමෙකඩ කියපු මාමලාමනෙ රටෙ බලය ඉල්ලන්නෙ මං අහන්නේ (අ)

:       0       0

ආනන්ද Thursday, 11 April 2013 08:23 PM

අනේ මෙහෙමත් පක්ෂයක්! (නි)

:       0       0

රෝහිත Wednesday, 10 April 2013 03:01 PM

මේක තමයි අපේ රටට උන අපරාදේ. මොකද එක ආණ්ඩුවක් කරන සංවර්ධන කටයුතු අනිත් ආණ්ඩුව ආවගමන් නවත්තනවා . කෝටි ගණන් සල්ලි විනාශ කරනවා. ඊට පස්සේ ඒ ආණ්ඩුව අලුත් දේවල් පටන්ගන්නවා. අර පරණ දේවල් ඒ විදිහටම විනාශ වෙනවා. මේ රටට ඕනෑ ජාතික ප්‍රතිපත්තියක්. නැතුව කවදාවත් මේ රට දියුණු කරන්න බැහැ. (නි)

:       0       0

තිලක් Monday, 15 April 2013 05:36 PM

මේ අත්තනායක මහතාැ අත්තන අට කල කියන එක ඇත්තක්. (අ)

:       0       0

උපුල් Tuesday, 16 April 2013 03:13 PM

ඔබ සහ අපි සර්ව පිත්තල ලෝකයක සිට සිනාසෙමු. එතෙක් අඩමු.(නදී)

:       0       0

අසේල, මිලානෝ Tuesday, 09 April 2013 09:15 PM

එක්සත් ජාතික පක්ෂයට හැමදාමත් මේ වගේ කතා කියන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ කතා උඩ පැන පැන පිළිගන්න මිනිස්සුත් මේ රටේ ඉන්න හින්දයි (අ)

:       0       0

පී.එස්. කෙටවල Tuesday, 09 April 2013 09:18 PM

කටු ගෙය සැබෑ සිහිනයක් වේවා (අ)

:       0       0

රිස්වාන් Wednesday, 10 April 2013 03:04 PM

මමත් හොද එ.ජා.ප. කෙනෙක්. නමුත් මේ වගේ මිනිස්සු නිසා පක්ෂය එපා වෙනවා . (ස)

:       0       0

ජයනෙත්ති Wednesday, 10 April 2013 09:31 PM

හැදෙනවානම් මේ අදහස් ටිකත් ඇති (අ)

:       0       0

රිස්වාන් Tuesday, 09 April 2013 09:29 PM

හරි හරි ඉතින් පළමුවෙන් බලයට එන්නකෝ....එතකොට බලමු. (අ)

:       0       0

වසන්ත-1 Wednesday, 10 April 2013 03:11 PM

හැබැයි සමීර,60,000 තරුණ තරුණියෝ කටුකම්බි ඇතුලට දාලා ටයර් සෑ වල දාපු හරිය නම් කරන්න හිට්ලර් කෙනෙකුට ඇර වෙන කෙනෙකුට බැහැ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 09 April 2013 09:37 PM

මෙය තැනුවේ පාසල් ළමයින්ට නැරබීමට පමණද? (අ)

:       0       0

තාරක Wednesday, 10 April 2013 10:39 AM

කිවුවොත් කියන්නේ මේ වගේ කතාවක්ම තමයි (නි)

:       0       0

හේරත් Tuesday, 09 April 2013 09:33 PM

නියමයි. එතකොට පරදින අලිත් ඒ කටු ගෙයිම දානවද? (අ)

:       0       0

සුනිල් Wednesday, 10 April 2013 10:46 AM

මත්තල ගැන කතා කරන්න කලින් එයාලගේ කාලේට අයත් කතා කරන්න ඕනෑ දේවල් ගොඩක් තියෙනවා. (නි)

:       0       0

සහන් Wednesday, 10 April 2013 03:20 PM

අනේ මහත්තයෝ, ඔක්කොටම කලින් පක්ෂේ හදාගෙන ඉන්න. (නි)

:       0       0

රවි Tuesday, 09 April 2013 09:49 PM

ඔය කටුගේ හදනකොටනම් අපි ඉන්න එකක් නැහැ (අ)

:       0       0

කුමාර Wednesday, 10 April 2013 09:41 PM

බය වෙන්න දෙයක් නෑ .මත්තල කවදාවත් කටු ගෙයක් වෙන්නේ නෑ .(නදී)

:       0       0

සිරි Monday, 15 April 2013 09:27 AM

විමුක්ති, තමුන්නාන්සේ තමයි මෙතන ඉන්න එකම අඥානයා හරිද? (නි)

:       0       0

නිරෝෂන් Wednesday, 10 April 2013 10:52 AM

දකුණට කිරි අපිට කැකිරි... (නි)

:       0       0

රණා Wednesday, 10 April 2013 03:35 PM

ආපෝ කට!!! (නි)

:       0       0

අර්.සිල්වා Tuesday, 09 April 2013 09:55 PM

ඔය බලය ලාබාගන්න බැරුව මරු විකාරේන් කියනකථා, මතු අත්මයකවත් එක්සත් ජාතික පක්ෂය බලයට එන්න එපා. (ස)

:       0       0

රණා Wednesday, 10 April 2013 03:37 PM

අමරණීය විරුද්ධ නායකට සහ සදා විපක්ෂ ලොකු තනතුරුවලට කටුගෙයි ඉඩ වෙන් වෙනවාද? (නි)

:       0       0

අමිල Tuesday, 09 April 2013 09:57 PM

වරායයි ගුවන්තොටුපොළයි දෙකම කටුගෙට ගන්න තමයි වෙනනේ (ස)

:       0       0

කෙනත් Tuesday, 09 April 2013 09:59 PM

කටුගෙයක් කොහොමවෙතත් , කටු නම් මතුවෙන්නේ ඔය මාතලේ පැත්තෙන්, නේද තිස්ස මහත්තයෝ. එහෙම වෙනකොට හීනෙන් පවා පෙනෙන්නේ කටුම තමයි. (ස)

:       0       0

කොස්වත්ත Tuesday, 09 April 2013 10:09 PM

මේක ඡන්ද කඩන්න කියන කතාවක් (ස)

:       0       0

චින්තක Tuesday, 09 April 2013 10:14 PM

කටුනායක මෙනතරම් කුරුල්ලෝ ඉන්නවද. එකත් කටුගෙයක් කරනවද? (ස)

:       0       0

සමන්ත වෙරෝනා Tuesday, 09 April 2013 10:22 PM

සිහිනයට ඉඩ දෙන්න (ස)

:       0       0

විජිත් Wednesday, 10 April 2013 10:58 AM

රනිල් මහත්තයා ගුවන්තොටුපල හදන්න ගියේ වැල්ලවායේ නමුත් පැරදුන නිසා බැරිඋනා. මහින්ද මහත්තයා ඒක මත්තල හැදුවා. ගම වෙනස් උනාට ඓර්පොර්ට් එක වෙනස් උනේ නැහැ. (ත) \ .

:       0       0

ක්‍රිම් Tuesday, 09 April 2013 10:32 PM

ඒයා හොඳා අප්‍රියල් පළවෙනිදා බොරු කියන්න.(නදී)

:       0       0

නිමල් සෞදි අරාබිය Tuesday, 09 April 2013 10:27 PM

තිස්ස අත්තනායක මහත්තයෝ ලෝකේ තියෙන ගුවන් තොටුපළවල් ගැන අධ්‍යනයක යෙදෙන්න .පසුව ඔබට වටහාගත හැකිවේවි ගුවන් තොටුපළවල් වල භූලක්ෂණ.(නදී)

:       0       0

ජසීම් Tuesday, 09 April 2013 10:35 PM

මහත්තයෝ, වරායට මොනවාද කරන්නේ? (නි)

:       0       0

උෂාන් Tuesday, 09 April 2013 10:29 PM

කොහොමත් මෙයාලගේ ආණ්ඩුවක් එනකොට මත්තල කටු ගෙයක් කරන්න කාලේ හරි වෙයි.(නදී)

:       0       0

පස්ස්‍රාල් Tuesday, 09 April 2013 10:31 PM

මේ වගේ බොළ‍්ද කතා නිසා තමයි අද එජාපය නැත්තටම නැතිවෙලා තියෙන්නේ. ඔබ තුමන්ලා ජනතාවටත් ආදර්ශයක් වෙනවා. ඉන්පස්සේ ජනතාව ඡන්දය දෙයි.(නදී)

:       0       0

ස.සමන් Tuesday, 09 April 2013 10:42 PM

හදපු කටු ගෙවල් මදිද මන්දා? (නි)

:       0       0

ජයලාල් Tuesday, 09 April 2013 10:42 PM

සිරිකොතත් නිකම්ම කටුගෙයක් වෙනවා මේ වගේ නායකයෙ‍ා් හින්ද

:       0       0

සමීර සාලින්ද Wednesday, 10 April 2013 11:10 AM

එක්සත් ජාතික පක්ෂයට බන කියන ජනතාවගෙන් මම අහන්න කැමතියි ප්‍රේමදාස මහත්තය කරපු එක වැඩක් මේ රජයෙන් කරල තියෙනවද? (නදී)

:       0       0

නිමල් Wednesday, 10 April 2013 11:19 AM

කොළඹට විතරද කරන්න ඕනේ. කටුනායකටත් මුලින්ම එහෙම තමයි කිව්වේ.(නදී)

:       0       0

වසන්ත Tuesday, 09 April 2013 10:47 PM

කෙනත් කියන එක සම්පුර්ණ ඇත්ත. පුදුම බලයක් මෙයාලට තියෙන්නේ. (නි)

:       0       0

මහේෂ් Tuesday, 09 April 2013 10:55 PM

අපි නොකා හිටියත් රටට ආදරේ කරන මිනිස්සුන්ව අපිට රටක් වටිනවා. (නි)

:       0       0

අස්ලාන් Tuesday, 09 April 2013 10:50 PM

නියම සිංහලුන් ඉන්නකල් මේ අයට කවදාවත් මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න වෙන්නේ නැහැ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 09 April 2013 11:10 PM

කටුගෙට යවන්න ඕනෑඋ කාවද කියලා අපි දන්නවා. (නි)

:       0       0

රුවන් Wednesday, 10 April 2013 04:17 PM

ඔව් ඔව් අලිමංකඩ කියල පාමංකඩනේ ගියේ අනේ ඉතින් මොකටද? (ස)

:       0       0

කමල් Tuesday, 09 April 2013 11:13 PM

ඔය විදියටම අධිවේගී මාර්ගයේ බල්ලෝ මැරෙනවා කිවුවානේ. දැන් කෝ බල්ලෝ මැරෙනවාද? කාලයත් එක්ක කුරුල්ලෝ මගඅරිනවා. (නි)

:       0       0

රිසික් Wednesday, 10 April 2013 11:18 AM

මුලින්ම කරන්න ඕනෑ දේවල් කරලා ඉන්පස්සේ මත්තල ගැන කතාකරන්න. (නි)

:       0       0

සුමිත් Tuesday, 09 April 2013 11:14 PM

ඔහොම යමු කවදද දිනන්නේ කියලා බලාගෙන ඉදිමු. (නි)

:       0       0

කැලුම් Wednesday, 10 April 2013 04:29 PM

අර චීනට වෙච්ච වැඩේ මෙයාලට වෙන්න ඕනෑ, අම්මපා මම කියන්නේ... (නි)

:       0       0

ලක්විදු Monday, 15 April 2013 11:23 AM

එක්සත් ජාතික පක්ෂය බලයට පත්වුවහොත් මත්තල ගුවන්තොට තවත් දියුණු කරන බව කිව්වා නම් මමත් ඡන්දය දෙනවා. (නි)

:       0       0

සිරිල් Tuesday, 09 April 2013 11:20 PM

එයාර් පෝර්ට් එක හදන්න කලින් දන්නෙ නැද්ද? (නි)

:       0       0

කුමාර Wednesday, 10 April 2013 04:34 PM

ගුවන් ගමන් හිතු හැටියේ වෙනස්කරන්න පුළුවන් කමක් නැහැ. එවායේ කොන්ත්‍රාත් වෙනස්කරලා ගමන් මග අලුත් කරන්න කලක් යනවා, මෙක තීරෙන්නේ නැද්ද? (ස)

:       0       0

රෙක්ස් Monday, 15 April 2013 11:29 AM

අරයා කණ්ඩලම හෝටලේට කළා වගේද? (නි)

:       0       0

ඩෙනිස් Tuesday, 09 April 2013 11:13 PM

මෙහෙමත් කතා? (නි)

:       0       0

සමන් - ඕමානය Tuesday, 09 April 2013 11:13 PM

ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකිරීම රටක සංවර්ධනයක්, ප්‍රගතියක් කියා පිළිගන්න බැරි ඇයි? අලුත් ගුවන් තොටුපොළකට දැනට ගුවන් යානා ඒම පිළිගත හැකියි. එය ක්‍රමයෙන් වෙනස් වේවි. (නි)

:       0       0

ලාල් Wednesday, 10 April 2013 11:26 AM

ඔහොම කතා කළොත් ලැබෙන්න තියෙන චන්ද ටිකත් එජාපෙ ට නැති වේවි. රටේ ප්‍රශ්න ගොඩක් තියෙන බව අමතකද? ඔබ තුමාලා ජනතාවට කරන්න පුලුවන්දේ කියනවා වෙනුවට ගොන් කතා කියල පක්ෂේ තියෙන ටිකත් විනාස කරන්න එපා.(නදී)

:       0       0

සමන්තා පෙරමුණ Tuesday, 09 April 2013 11:22 PM

කුරුල්ලන් නම් ඉන්නවා ඇති. හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. (නි)

:       0       0

ජයන්ත Wednesday, 10 April 2013 04:37 PM

මහත්තයෝ, ඔහොම කතා කර්නන එපා. (නි)

:       0       0

නසා Tuesday, 09 April 2013 11:37 PM

ඒ අයටත් ඒ කටු ගේම ඉන්න පුළුවන්. (නි)

:       0       0

විජේ Wednesday, 10 April 2013 04:40 PM

කොහොමත් එක කට්ටියක් නම් සදාකල් මිහිදන් කරන්න ඕනෑ කටුගේක, අනාගත පරම්පරාවට පෙන්නන්න. (නි)

:       0       0

නීල් Wednesday, 10 April 2013 11:37 AM

කිව්වොත් කියන්නේ ඔහොම කතාවක්මයි... (නි)

:       0       0

රත්නපාල සුභසිංහ Tuesday, 09 April 2013 11:44 PM

අමුතුවෙන් කරන්න දෙයක් නෑ ඕක දැනටම කටු ගෙයක්. (නදී)

:       0       0

වසන්ත Wednesday, 10 April 2013 11:31 AM

ලෝකයේ ඕනෙම ගුවන්තොටුපොළක කුරුල්ලෝ ඉන්නවා. ඒ නිසා ඒ හැම ගුවන්තොටුපොළකම එකකම සවි කරලා තියෙනවා බිර්ඩ් දිස්පොසල් සිස්ටම් එකක්.(නදී)

:       0       0

ලලිත් Tuesday, 09 April 2013 11:41 PM

මේවා රටේ ජනතාවගේ සල්ලි. මත්තල හැදුව එකේ වැරදි තියෙනව නමි එව්වා නිවරදි කරන්නයි ජනතාව රජයක් පත් කරන්නේ. එහෙම නැතුව ඒවා විනාශ කරන්න නෙමෙයි.(ස)

:       0       0

සුගත් Tuesday, 09 April 2013 11:51 PM

කටුගේ හදන්නේ කොයි කාලේ ඇට කටු වලින්ද? (නි)

:       0       0

රම්සි Monday, 15 April 2013 11:55 AM

එක්සත් ජාතික පක්ෂය බලයට පත්වුවහොත් 1. මත්තල ගුවන්තොට කටු ගෙයක් කරනවා 2. හම්බන්තොට වරාය ගොඩකරනවා 3. අධිවේග මාර්ගය කුට්ටි කරලා ඉඩම් අයිතිකාරයන්ට ආපහු බෙදල දෙනවා... අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

අජිත් Wednesday, 10 April 2013 11:37 AM

පුබුදු, ගින්තොට විතරක් නොවෙයි කොස්ගම එකත් වහල දැම්මේ නැත්නම් සිංහරාජයත් ඉවරවෙලා අවුරුදු 10 ක් වත් ගිහින්. (ස)

:       0       0

උපාලි Tuesday, 09 April 2013 11:56 PM

අනේ ඇත්තට ... මේ ගොල්ලනේ ජනතාවට සේවය කරන්න එනවා කියලා කෑ ගහන්නේ. (නි)

:       0       0

ආනන්ද Thursday, 11 April 2013 01:03 AM

කවුරු හැදුවත් මේ අපේ දේපොළ. ඒවා කටුගෙවල් කරන්න දෙන්න පුළුවන්ද? (නි)

:       0       0

කැලුම් Saturday, 13 April 2013 08:19 AM

මහත්තයෝ, ඔය නැතිකරගන්නේ මොනවද කියලා දන්නවද? (නි)

:       0       0

තිලකගේ Wednesday, 10 April 2013 12:01 AM

පරණ අලි ටික කොළඹ කටුගෙට යවලා අලුත් අලින්ට බාරදෙන්න (නි)

:       0       0

මේනකා සෞදි අරාබිය Wednesday, 10 April 2013 12:14 AM

තිස්ස මහත්තයෝ, රටේ මිල ගණන් ඉහළ ගියාට අද ලංකාවේ තත්වය අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. කොයි ආණ්ඩුව ආවත් වෙන්නේ මේ මිළ දර්ශකේම බලන්නයි. නමුත් තව අවුරුදු ගානකට ඔය කියන කටුගේ හදන්න ඔබතුමාලට නම් ලැබෙන්නේ නැහැ. ස්වීට් ඩ්‍රීම්ස්! (නි)

:       0       0

උෂාන් Saturday, 13 April 2013 08:28 AM

මෙහෙම ගියොත් මත්තල කෙසේ වෙතත් ඔයාලගේ පක්ෂය කටු ගෙට දක්කන කාලේ නම් වැඩි අතක නෙමෙයි (නි)

:       0       0

උදය Wednesday, 10 April 2013 12:21 AM

රතින්ඥා කම්මලක් දැම්ම නම් කතාව හරි. කට්ටියට රැකියා තියෙනවා, චන්දෙත් හම්බවෙනවා, කුරුල්ලොත් එලවන්න පුළුවන්. දේශිය නිෂ්පදයක්නේ. අනේ මෙහෙමත් රටක්.(නදී)

:       0       0

ගයාන් Wednesday, 10 April 2013 12:24 AM

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.(නදී)

:       0       0

ජනක Wednesday, 10 April 2013 12:17 AM

නරියා මිදී ඇඹුලයි කිවුවා වගෙද? (නි)

:       0       0

සමන් Wednesday, 10 April 2013 12:24 AM

මෙයා නම් කීවොත් කියන්නේ මේ වගේ කතාවක්ම තමියි. (නදී)

:       0       0

රොෂාන්-සෞදි Wednesday, 10 April 2013 12:28 AM

ප්‍රතිපත්තියක් නැති දේසපාලන පක්ෂ තමයි ලංකාවේ තියෙන්නේ. බලයට එන්න කලින්ම කියන්නේ වහනවා විකුනනවා කියලයි. (නදී)

:       0       0

පණ්ඩිත් Wednesday, 10 April 2013 12:39 AM

මේ වගේ විදිහට හිතන අය දැන් අඩුයි. (නි)

:       0       0

sසිල්වා Wednesday, 10 April 2013 12:52 AM

මොකුත් නොදන්න මිනිසුන්ගේ ඡන්ද ගන්න පදනම් රහිත මෝඞ කථා. කුරුල්ලන් නැති රටක් කොහෙද තියෙන්නේ. පැරිස් ගුවන් තොටුපල අවට මොනතරම් කුරුල්ලන් ඉන්නවාද, ඒත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අගය නොකර මඩගහන දේශපාලුවන්ට භංගවේවා! (නදී)

:       0       0

ලාල් Wednesday, 10 April 2013 12:27 PM

ඔබතුමාලා වගේ කිහිප දෙනෙකේ කරන අනුවන කතා නිසා මුළු එජාපෙම රටවැසියන්ගේ හැල්ලුවට ලක් වෙනවා. දැන්වත් මෝඩ කතා කියන එක නවත්තන්න (ස)

:       0       0

නිරංජන් Wednesday, 10 April 2013 01:06 AM

ඔය තිලක් වගෙ වාචාල කථා කියන අය තමයි අන්තිමෙට මත්තල යන්නෙත්. තිස්ස මහත්තයට තව දෙපාරකට වඩා තව ඡන්දෙ ඉල්ලන්න ලැබෙන්නෙ නැහැ. ඵයාලට වෙනම කටු ගෙයක් මහින්ද මහත්තය හදනවා. යාපනයෙ උප වාසයක්වත් කරල ඉන්න බැරියැ.(නදී)

:       0       0

ධම්මික Wednesday, 10 April 2013 05:29 PM

මට මේ දැන් මතක් වුණ නිසා අහන්නේ, එතකොට අර අපේ මහත්තය වැල්ලවායේ හදනවා කියපු ගුවන්තොටුපොළ ගැන මොකක්ද ඔබතුමාට කියන්න තියෙන්නේ? (නි)

:       0       0

රොන් Wednesday, 10 April 2013 01:24 AM

සිහියෙන් කටයුතු නොකල හොත් මත්තල ගුවන් තොටුපොල පමණක් නොව මුලු රටම කටුගෙයක් වේවි .නැත්නම් කාන්තාරයක් වේවි.(නදී)

:       0       0

හේවාවිතාරණ Wednesday, 10 April 2013 01:31 AM

මේ මහත්තයා හරියට දේවදත්ත වගේ.(නදී)

:       0       0

ක්‍රිෂාන්ත Monday, 15 April 2013 01:10 PM

අනාගතේදී ඔබ පක්ෂයට හිමි වන්නේ කටු ගෙයක් පමණි. (නි)

:       0       0

විශාකා Wednesday, 10 April 2013 01:40 AM

දැන් කුරුල්ලෝ ඉන්න නිසා කටුගෙයක් කරනවා. එතකොට හරක් ඉන්න තැන් වලට‍ කරන්නේ මොකක්ද? (නි)

:       0       0

රාජ් විජේසේකර Wednesday, 10 April 2013 01:48 AM

මත්තල ගුනදාස මුදලිගේ ගැන ඔබ දන්නවාද? (නදී)

:       0       0

රාජ් විජේසේකර Wednesday, 10 April 2013 01:49 AM

මත්තල ගැන ඔබ දන්නවද?(නදී)

:       0       0

සමන් Wednesday, 10 April 2013 02:09 AM

අවුරුදු 17 ක් රට කළා. කටු ගෙයක් තියා එක මැටි ගෙයක්වත් හැදුවැයැ? (නි)

:       0       0

ලලිත් Wednesday, 10 April 2013 02:35 AM

මෙහෙම කිව්වම මිනිස්සු චන්දෙ දෙයිද? මේවා කුහක දේශපාලන කථා. අපි බලය ලැබුනොත් ගුවන් තොටුපළවල් දෙකම මීට වඩා දියුනුකරනවා කියන දෙයයි අපිට අහන්න අවශ්‍යය. (නදී)

:       0       0

කිලක්-ඩුබායි Thursday, 11 April 2013 02:27 PM

මම ලංකාවට නිවාඩුවට ආවහම පොල් මලක් ගහගෙන වට වන්දනාවේ යන ගමන් මත්තල පැත්තෙතත් යන්නයි හිතන් එන්නේ. මල් වෙඩි ගහල, රතින්ඥ පත්තු කරලා කෆීර් යානා යවල, මගුල් බෙර වාදනය මැද්දේ ගුවන්යානා නග්ගනවා, බස්සනවා බලන්න.(නදී)

:       0       0

චන්දා Wednesday, 10 April 2013 02:40 AM

මත්තල අයටයි, දරුවන්ටයි මෙහෙම දේවල් ලැබුණට හරියට පාරක් තොටක් නැති ගම්මාන තාමත් තියෙනවා අපේ රටේ. (නි)

:       0       0

විමුන්ති Thursday, 11 April 2013 02:22 PM

මෙතන තියෙන ප්‍රතිචාර දැක්කම තේරෙනවා මොන තරම් ගල් මූසලයෝද ලංකාවේ ජීවත් වෙන්නේ කියලා. ප්‍රභාකරන් කලෙත් දමිල මිනිසුන්ගේ මොළ හෝදපු එකයි.(නදී) .

:       0       0

අනුර Wednesday, 10 April 2013 02:53 AM

යු එන පී එක හිතන්නේ ලංකාවේ තවමත් ඉන්නේ 1950 ගණන් වල මිනිස්සු කියලා වෙන්න ඇති. (නි)

:       0       0

ධම්මික Wednesday, 10 April 2013 03:08 AM

එජාපය බලයේ හිටියා නම් අද මත්තල විතරක් නෙවෙයි මුළු රටම කටු ගෙයක්. ඔබතුමාලා කට ඇරියොත් ඔහොම කතාවක් තමයි කියන්නේ. මම මෙහෙම කිව්වට වර්තමාන ආණ්ඩුව කරන හැම දෙයක්ම හරියි කියල කියන්නෙත් නැහැ. අපේ රටට අද අවශ්‍ය රටට ආදරේ කරන සහ රටේ වටිනාකම දන්නා සහ තේරුම් ගත්තු පාලකයන්. (නි)

:       0       0

චන්දන Wednesday, 10 April 2013 12:56 PM

මහත්තයෝ, ඡන්දයක් ළං වුණහම ඔය කතාව කියන්නකෝ. (නි)

:       0       0

සදුන් Tuesday, 16 April 2013 12:31 PM

යුද්ධ කරන්න ඕනෑ කෙනෙකුට පුළුවන් කියලත් කෙනෙක් කිවුවා නේද? (නි)

:       0       0

අරුණ Wednesday, 10 April 2013 12:57 PM

රස්නේ කාලෙනේ.... (නි)

:       0       0

රකිත් Wednesday, 10 April 2013 03:56 AM

මත්තල ගුවන් තොටුපල මටත් ප්‍රහේලිකාවක් තමයි, එත් ඇයි කටුගෙයක්? අලි අනාථාගාරයක් නම් හිතන්නවත් පුළුවන් වටපිටාවේ අලි ඉන්න නිසා. අඩුම තරමේ පක්ෂයේ සාමාජිකත්වයත් වැඩි කරගන්න බැරියා.(නදී)

:       0       0

දම්ත් Wednesday, 10 April 2013 04:07 AM

ඇත්තට මාතලේ කටු ගොඩට මොකද වෙන්නේ ?(නදී)

:       0       0

ගිහාන් Wednesday, 10 April 2013 04:28 AM

යු අන් පි එකේ අය කියන්නෙම ඔය වගේ කතාමයි... (නි)

:       0       0

චන්දිම Wednesday, 10 April 2013 04:49 AM

තිස්ස අත්තනායක කවුද වගේනේ...

:       0       0

චන්ද්‍රා Wednesday, 10 April 2013 05:29 AM

කටුනායකට එන ගුවන්යානා මත්තලට බස්සනකොට නොහොමද මත්තල ඉඳන් ආයේ කොළඹ එන එක?(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 10 April 2013 01:05 PM

මේ මහත්තුරු පෑවිල්ලට එක කතාවක් කියනවා. වැහිකාලෙට තව කතාවක් කියනවා. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 10 April 2013 05:40 AM

හැමදාමත් දේශපාලකයෝ කලේ කිසිම වගකීමක් නැති කතා. (නදී)

:       0       0

නන්දලාල් Friday, 12 April 2013 05:48 PM

මහත්තයෝ, මත්තල ලොකුවට අලි අනාථාගාරකුත් හදනවාලු. (නි)

:       0       0

අංජන Wednesday, 10 April 2013 07:22 AM

අපිට මේ ඉන්න විදිය හොඳයි. අපිට කටු ගේ එපා. අපිට අපේ රට ඕනෑ (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 10 April 2013 01:29 PM

අඑයෝ සල්ලි.. (ස)

:       0       0

සුමති Wednesday, 10 April 2013 07:36 AM

ඇත්තටම ඔයාලට රටේ වෙන දැවෙන ප්‍රශ්න ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

සාලිය Wednesday, 10 April 2013 07:39 AM

දැන් අහවල් තැන ඉන්න අයත් කටුගෙයි භාණ්ඩ වගේ වෙලා. (නි)

:       0       0

රවී Wednesday, 10 April 2013 07:19 PM

ඔයගොල්ලෝ ඇවිල්ල කටුගෙවල් හදනකම් මොනතරම් කාලයක් බලන් ඉන්නද ?(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 10 April 2013 07:38 AM

චින්තක, කටුනායක ඉන්නේ පෙම් කුරුල්ලෝ. (නි)

:       0       0

යොහාන් Wednesday, 10 April 2013 01:29 PM

නිකන් බොරුවට අරුත්සුන් කතා කියල ජනතාව හිනස්සනව, බඩු මිල ගණන් උනාට රටේ දියුණුව බලන්න. (ස)

:       0       0

ප්‍රේමරත්න Wednesday, 10 April 2013 07:32 PM

ඔය විදියට කෑගහන්න එපා. (නි)

:       0       0

රංජිත් Wednesday, 10 April 2013 07:52 AM

ඔව් ඔව් අපිට හොදට මතකේ තියනවා ඒ කාලේ කටුගෙයක් දාලා තිබුණා. (නි)

:       0       0

මේනකා සෞදි අරාබිය Sunday, 14 April 2013 10:32 PM

සමීර සාලින්ද, අද අපට විතරක් නෙමෙයි, පරම්පරා ගානකට උතුර දකුණ, බටහිර නැගෙනහිර මේ ඕනෑම තැනක යන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ රටට පෙර පිනකට දෙවියෙක් පහල වුණූ නිසයි. කොයි පක්ෂයක් ආවත් මිල දර්ශකේ මේකම තමයි. (නි)

:       0       0

පෙරේරා Tuesday, 09 April 2013 07:21 PM

සිරිකොත නම් දැනටමත් ඒ වගේ. (නදී)

:       0       0

අනුර Tuesday, 09 April 2013 07:14 PM

මොනවා කරන්නත් පෙර ආණ්ඩුවක් එන්න ඕනනේ.(නදී)

:       0       0

දිල්හානි Wednesday, 10 April 2013 01:50 PM

ඔබ තුමාලා වගේ අය පත් උනොත් මත්තල විතරක් නෙවෙයි ලංකාවම කටුගෙයක් කරාවි.(ස)

:       0       0

අසින්ත Tuesday, 09 April 2013 07:18 PM

එහෙනම් ඉතින් කාලාන්තරයක් බලාගෙන ඉන්න. කටෙන් බතල හිටව හිටව ඉන්න ආවට පස්සේ මෙයාල කරන්නෙත් මාටියා ගහන එක තමා. මේ සුරංගනා කතා කොන්ඩෙ බෙඳපු චීනුන්ට කියන්න.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 09 April 2013 07:30 PM

කටු ගෙයක් කලාට කමක් නෑ හයිය තරප්පු පෙලක් දාන්න අපේ ලමයි බිම දාන්නෙ නෑතුව.(නදී)

:       0       0

යොහාන් Wednesday, 10 April 2013 02:09 PM

මහින්ද මහත්ය මේක හැදුවේ අපිට නොව අපේ ඉදිරි පරම්පරා වලට.(ස)

:       0       0

රොෂාන් Tuesday, 09 April 2013 07:27 PM

මේ කතාව නම් ඇත්ත.(නදී)

:       0       0

සනත් Tuesday, 09 April 2013 07:38 PM

කිව්වොත් කියන්නෙම මෙහෙම කතාවක් තමයි.(නදී)

:       0       0

පුබුදු Wednesday, 10 April 2013 08:44 AM

ගිංතොට තුනී ලෑලි සංස්ථාවටත් කරපුදේම මත්තලටත් කරාවි.(නදී)

:       0       0

කීර්ති Wednesday, 10 April 2013 08:03 PM

කාට කියන්නද මේවා? (නි)

:       0       0

කෙවින් Wednesday, 10 April 2013 08:56 AM

කටු ගෙයක් කොහොම වෙතත්මෙහෙම හිතුවොත් නම් රටම මළ ගෙයක් වෙනවා ළගදීම. (නි)

:       0       0

ශාන්ත ලාල් Tuesday, 09 April 2013 07:43 PM

තිස්ස මහත්තයා හින්දා තමයි හැමදාමත් මැච් එක පැරදුනේ. 2050 දි වත් කප් එක උස්සනවා බොරු.(නදී)

:       0       0

කරුණාරත්න Wednesday, 10 April 2013 08:51 AM

බදුල්ලේ වරායක් හදනවා කිව්වේ මෙයාගේ ලොක්කා. (ස)

:       0       0

ලලිත්-එස්.එල් Wednesday, 10 April 2013 09:04 AM

කොහොමටත් ඒ අය කලේ කටුගෙවල්, හිරගෙවල්, මලගෙවල් මුළු රටේම ඇති කළ එකනේ. (නදී)

:       0       0

තිලක් Tuesday, 09 April 2013 07:39 PM

ඇතත්ටම මත්තල ගුවන් තොටුපොල හොද කටු ගෙයකටම තමයි. එක ගුවන්යානයක් වත් එන්නේ නැති ගුවන් තොටුපොළවල් නඩත්තු කරන එකම රට ලංකාවයි.(නදී)

:       0       0

ජසීම් Wednesday, 10 April 2013 02:16 PM

සහෝදරවරුනේ දැන් ගුවන් යානා බස්සනවාද කියා බලන්න.(නදී)

:       0       0

සුනිල් ජයතිස්ස Tuesday, 09 April 2013 07:41 PM

මහ ජනතාව වෙනුවෙන් මෙයාලට කතා කරන්න දෙයක් නැහැ. සමගියෙන් ඉන්න බැරිව රටක් හදන්නේ කොහොමද?(නදී)

:       0       0

ලාල් ප්‍රියන්ත Tuesday, 16 April 2013 09:05 PM

ඔහොම කතා කොච්චර ඒ කාලෙත් කිව්වද? එන්න තියන චන්ද ටිකත් නැතිවෙන තැනට වැඩකරනවද මන්දා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 09 April 2013 07:49 PM

මම නම් නිකන් ටිකට් එකක් දුන්නත් මත්තලින් නම් එන්නේ නැහැ. මගේ තවම ඉන්නේ කුඩා දරුවන් දෙන්නෙක්. පනට ආදරේ කරන මෙලෝ සතෙක් මත්තලින්න්නම් එන්නේ නැහැ. ඒක ඉර හද වගේ විශ්වාසයි.(නදී)

:       0       0

අජිත් Wednesday, 10 April 2013 09:16 AM

රුපවාහිනියේ වෙළඳ දැන්වීම දැකපු අපේ පොඩි එක කියනවා එයාවත් මත්තල එක්කන් යන්නලු ඒ අයියල අක්කල එක්ක සෙල්ලම් කරන්න. පොඩිඑකා හිතාගෙන ඉන්නේ එහෙ තියෙන්නේ සෙල්ලම් ගුවන් තොටුපලක් කියල, අහන විදියට එහෙම හිතන එකෙත් ඇති වරදක් නැහැ වගේ.(නදී)

:       0       0

දේවේන්ද්‍ර Wednesday, 10 April 2013 09:17 AM

කොළඹ ඉන්න මිනිස්සු කැමති නැහැ වෙන පළාතක් දියුණු වෙනවට. කටුනායකටත් ඉස්සර ඔහොම ප්‍රශ්න තියෙන්න ඇති. ඒත් කාලයත් සමගම ඕවා විසඳෙනවා. (නි)

:       0       0

නන්දසිරි Tuesday, 09 April 2013 07:52 PM

කිව්වොත් ගොන් කතාවක්.(නදී)

:       0       0

රාජ් Wednesday, 10 April 2013 09:18 AM

මේ ගොල්ලෝ ඉතින් හැමදාම මෙහෙමනේ. (නි)

:       0       0

අනු Wednesday, 10 April 2013 09:18 AM

එහෙනම් ඉතින් 2099 විතර (ස)

:       0       0

රාජු Wednesday, 10 April 2013 09:19 AM

ජනතාවගේ බුද්ධිමත් ඉහත අදහස් විමසා බැලීමේදී කරුණාකර මින් ඉදිරියට මෙවන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටීම හොදයැයි සිතේ. (නි)

:       0       0

අනුර Thursday, 11 April 2013 10:40 AM

මහත්තයෝ කුරුල්ලෙක් මැරුණට මොකද වෙන්නේ බිමින් යන වාහන දවසකට ජීවිත කීයක් විනාස කරනවද? (ස)

:       0       0

කැළුම් Saturday, 13 April 2013 03:49 PM

මේක ඒකමතිකව තීන්දු කළේ. ඇයි දන්නේ නැද්ද? (නදී)

:       0       0

හරීන් Wednesday, 10 April 2013 09:24 AM

සමහරුන්ට රටක් දියුණු වෙනවා බලාගෙන ඉන්න අමාරුයි. (නි)

:       0       0

මංජුල Wednesday, 10 April 2013 09:34 AM

මේ වගේ පරිණත දේශපාලඥයෝ මේ රටට අවශ්‍යයි. (නි)

:       0       0

කලන Wednesday, 10 April 2013 09:39 AM

රටේ කොච්චර අඩුපාඩු තියෙනවද? රටට, මිනිස්සුන්ට ආදරේ නැති පාලකයෝ ඉන්නකොට ඔහොම තමයි. (නි)

:       0       0

සුදත්ත Wednesday, 10 April 2013 09:33 AM

කටුනායක හදනකොටත් සමහරු ඔහොම කිවුවා... (නි)

:       0       0

වසන්ත Tuesday, 09 April 2013 08:11 PM

ඉස්සර වෙලාම මඩ කල්ලියට කතාව හදල බාරදෙනවා,ඒවා පත්තර,වෙබ් සයිටි වල යන්න ඇරලා,මේගොල්ලෝ කතා කරන්න ගන්නවා. මිනිස්සු මෝඩ නැති බව ඊලග ඡන්දෙදිත් බලා ගන්න පුළුවන්. (අ)

:       0       0

සුගත් Wednesday, 10 April 2013 09:37 AM

බුද්දිමත් කෙනෙක් නම් කියන්න ඕනේ ඒ අයට බැරි උන දේ කොහොම හරි ගොඩ අරගෙන පාඩු නොවන තැනක් බවට පත් කරනවා කියල. (නදී)

:       0       0

සනත් Tuesday, 09 April 2013 08:19 PM

ඒ කියන්නෙ මත්තල ගුවන් තොටුපොල සදාකාලිකයි කියන එක තමයි. (අ)

:       0       0

ෆාරු Wednesday, 10 April 2013 09:40 AM

මේ සුධන්ත,රාජු, නිකන් පන්දමට බොරු කියන්න එපා. (නි)

:       0       0

සරත් Wednesday, 10 April 2013 09:49 AM

අනේ මහත්තයෝ, අහවලාගේ ලෙඩේ ඔබතුමාටත් බෝවෙලාද? (නි)

:       0       0

මනෝජ් ශාර්ජා Tuesday, 09 April 2013 08:24 PM

නන්දසිරි හරි. (අ)

:       0       0

සරත් Tuesday, 09 April 2013 08:40 PM

අපේ රටට ගහල තියන ලොකුම හේනේ ඕක තමා. කලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මරුවෙන්නහනේ නැහැනේ.ඒවගේ තමා ලංකාවේ ආණ්ඩුත්.කෝකත් එකඊ. (අ)

:       0       0

රාජිත-දෝහා Wednesday, 10 April 2013 02:39 PM

මේ වගේ විපක්ෂයක් තියෙනකල් කවදාවත් රට ගොඩ යන්නෙ නැහැ. අපි ආණ්ඩුවට කැමති නැහැ. ඒක ඇත්ත. ඒ කියලා හොද විපක්ෂකුත් ලංකාවේ නැහැ. අපිට ඇහෙන්න ඕනෑ අපි බලයට ආවොත් ඔයාලට වැඩිය රට සංවර්ධනය කරනවා කියන එක නැතුව තියන එකත් නැති කරනවා කියන එක නෙමෙයි... (නි)

:       0       0

රනිල් Wednesday, 10 April 2013 09:46 AM

මෙතුමාට වෛරස් එකක්වත් ඇතුළු වෙලාවද්ද? (නි)

:       0       0

ගාමිණි Tuesday, 09 April 2013 08:43 PM

ප්‍රේමදාස මහතා කෙත්තාරාම දිවා රාත්‍රි ක්‍රීඩාංගනය හදන කොටත් කීවේ ඔය වගේ පිස්සු කතා ! මත්තල ගුවන් තොටුපලේ වටිනාකම අපේ ඒ අයට තේරුම් ගන්න ,ගන්නවන්ට ටිකක් කල් ගතවේවි පෙරහෙරත් හමාර වෙයි. (අ)

:       0       0

තරුෂ Wednesday, 10 April 2013 02:42 PM

අදහස් ටික බලපුවහම පිස්සු හැදෙනව ක‍ටු ගෙයක් ඇත්තටම අවශ්‍ය කාව දාන්නද කියල අදහස් ටික කියෙව්වාම තේරුම් ගත හැකිය. (ස)

:       0       0

සරත් Tuesday, 09 April 2013 08:38 PM

පළමුවෙන් ආණ්ඩුවක් හදන්න (අ)

:       0       0

අබ්දුල් රහමන් Wednesday, 10 April 2013 08:33 PM

අනේ දන්නේ නැති නිසායි අහන්නේ එතකොට අපේ ජනාධිපතිතුමාවත් තියෙනවාද (අ)

:       0       0

සමන් Tuesday, 09 April 2013 08:42 PM

මහත්තයෝ අදහස නම් හොදයි,ඉතින් එහෙම කොරාලා ඔයලා කටුගේ තිබ්බහම,පරම්පරා ගානක් ගියත් බය නැතිව කට ඇරල කියන්න පුළුවන් පුරාණයේ එක්සත් ජාතික පක්ෂයක් කියල එහෙකුත් තිබුණා කියල. (අ)

:       0       0

වසන්ත Wednesday, 10 April 2013 10:00 AM

ඔයාලා වගේ අසුබ වාදී අය රට පාලනයට අවොත් රට ඉවර වෙයි.(නදී)

:       0       0

මෞසා Wednesday, 10 April 2013 02:35 PM

මෙයාලට වෙන ප්‍රශ්න මොකුත් නෑ වගේ මේ දේවල් කතා කරන්නේ. ගේ ඇතුලේ තියෙන ප්‍රශ්න විසඳ ගන්නේ නැතුව.. (ස)

:       0       0

හර්ෂ Wednesday, 10 April 2013 10:00 AM

රටක ජනතාවගේ අනාගතය වෙනුවෙන් කරපු හොඳ ක්‍රියාවක් අගය කරන්න බැරි, ඒක දරාගන්න බැරි මේ වගේ විපක්ෂයකින්ද අනාගතයේදී රටට යහපතක් කරන්නේ? (නදී)

:       0       0

මංජුල Wednesday, 10 April 2013 02:43 PM

මේ ගොල්ලෝ හිතන්නේ ලංකාවේ තමයි මෝඩ මිනිස්සු ඉන්නේ කියලා. (නි)

:       0       0

සිසිර ජයකොඩි Wednesday, 10 April 2013 08:34 PM

නිශ්ශබ්දව සිටින තාක් මෝඩයාද පණ්ඩිතයෙකි. මේවගේ ලේකම්ලා ඉන්න පක්ෂයකට දෙවියන්ගේම පිහිටයි.(නදී)

:       0       0

පාලිත Wednesday, 10 April 2013 10:02 AM

රටක් සංවර්ධනය වීමට මහා මාර්ග, ගුවන් තොටුපලවල්, වරායවල් , රෝහල්, කර්මාන්ත ශාලා වල සංවර්ධනයක් අවශ්‍යයි. ඒත් ඒවා රටේ සැම දෙනාටම පාවිච්චි කරන්ට පුළුවන් තැනක හදනවා නම් තවත් හොඳයි. (නි)

:       0       0

සනත් Tuesday, 09 April 2013 08:46 PM

කිව්වොත් මේ වගේ කතාවක් තමයි තියෙන සංවර්ධනය යත් නැති කරල දාන්නද හදන්නේ (අ)

:       0       0

නදී Tuesday, 09 April 2013 08:46 PM

කුරුල්ලන්ගේ ප්‍රශ්න එන ලෝකේ ඇති එකම ගුවතොටුපල මේක නෙමිනේ. (අ)

:       0       0

උදය Tuesday, 09 April 2013 09:00 PM

කටු ගෙයක් කරන එක කොහොම වෙතත් කීයක් හරි හොයාගන්න බලයි (අ)

:       0       0

අතුල බර්නාඩ් දෝහා කතර් Wednesday, 10 April 2013 08:55 PM

ඇස් සිල්වා .. හරිම හොද අදහස් ටික ජයවේවා ජනපතිට . (අ)

:       0       0

සුජීව පද්මකුමාර Wednesday, 10 April 2013 10:07 AM

හම්බන්තොට නිසැකවම එජාපය පරාදයි.(නදී)

:       0       0

මනෝජ් සාජා Tuesday, 09 April 2013 09:02 PM

කවද්ද බලයට එන්නේ (අ)

:       0       0

සම්පත් Wednesday, 10 April 2013 02:56 PM

මෙච්චර කල් නිදා‍ෙගනද ඉඳල තියෙන්නේ ? (ස)

:       0       0

ගුණපාල Wednesday, 10 April 2013 10:15 AM

එජාපය අවරුදු 17 තිබුණා. එක පාරක්වත් හැදුවද? අපි මැරිලා ඉපදිලා නැහැ.(නදී)

:       0       0

නිශ්ශංක Wednesday, 10 April 2013 10:08 AM

දේශපාලනය කුහකයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 67 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 2 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 409 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 178 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 347 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 771 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site