IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මත්තල වී තොටේ හයකට ඇප

මත්තල  ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ බහලුම් ඒකකයේ ගබඩා තුළ වී අලෙවි මණ්ඩලය මගින් වී ගබඩා කිරීමට  ගත් තීරණයට විරෝධය පල කළ ගුවන් තොටුපළේ සේවකයින් හතර දෙනෙකුට සහ  ප්‍රදේශවාසීන් දෙදෙනෙකුට තිස්සමහාරාම මහේස්ත්‍රාත් රුවන් ඉන්දික ද සිල්වා මහතා රුපියල් ලක්ෂයක බැගින් වූ ශරීර ඇප මත (03) නිදහස් කිරීමට නියෝග කළේය.

වී ගබඩා කිරීමට ලොරි රථ පැමිණීමේ දී එයට විරෝධය පළකිරීම හා අයුතු ජනරාශිය , මත්තල ගුවන්තොටුපළට අනවසරයෙන්  පුද්ගලයින් ඇතුළත් කිරීම යන චෝදනා යටතේ මොවුහු අත්අඩංගුවට ගෙන  අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.

විරෝධතාවට එක්වූ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති විජිත උබේවර්ණ මහතාගේ සහෝදරයකුගේ අවමඟුලක් නිසා ඔහු හැර  සෙසු හය දෙනා    තිස්සමහාරාම අධිකරණයේ පෙනී සිටියහ. නඩු විභාගය දෙසැම්බර් 02 දිනට කල් තැබීය.

 



අදහස් (0)

මත්තල වී තොටේ හයකට ඇප

ඩෝසන් Friday, 04 September 2015 04:30 AM

මමනම් කියන්නේ ඔය ජාතික අපරාධයකින් නිමවුණු මත්තල හොඳයි හොර හරක් පුනරුත්ථාපනය කරන්න (අ)

:       0       0

ඉන්ද්‍රානි Thursday, 03 September 2015 02:22 PM

කවුරු හරිද කවුරු වැරදිද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

රංජිත් Friday, 04 September 2015 04:45 AM

පියල්, හම්බන්තොට ඕන තරම් ගොඩනැගිලි ඇති. ඒත් එවා ගබඩාවක් වශයෙන් පාචිච්චි කරන්න අපහසුයි. එ් නිසා තමයි ගුවන් භාණ්ඩ තබන ගබඩාවෙන් කොටසක් මේ වෙනුවෙත් ගත්තේ. ගුවන් පථය හෝ පරියන්තය මේ වෙනුවෙන් භාවිතා කරන්නේ නෑ. (අ)

:       0       0

චන්න බුවනක Thursday, 03 September 2015 02:26 PM

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කිවුවා වගේ වී ගබඩා කළ එක හරි. (නි)

:       0       0

අසාද් Thursday, 03 September 2015 02:36 PM

මේවා කොහෙන් කෙළවර වෙයිද මන්දා? (නි)

:       0       0

ජයා Friday, 04 September 2015 04:51 AM

මේ සියල්ල පුද්ගලික තරහව, අකමැත්ත නිසා කරනු ලබන අවිචාර ක්‍රියා. මේ වැනි වැඩ වලින් පෙනෙන්නේ . අපේ කෘර මනසිකතාව සහ අමන කම මිස වැරදි හද ගැනීම නොවේ .යහපාලනය යටතේත් තීරණ ගැනීම මේ වගේ නම් රටට " අහෝ" කියල තමා කියන්න වෙන්නේ. රටකට දෙවැනි ගුවන් තොටක අවශ්‍යතාව කටුනායකට ගුවන් තොතොට කොටි ප්‍රහාරයෙන් පසුවවත් තේරුම් ගන්න බැරි නම් අපිට ඉතින් දෙවියන්ගේම පිහිට තමා. ලෝකය පුරා ඕන තරම් උදාහරණ තියෙනවා මීට වඩා නාස්ති කියල හිතපු දේවල් අද සමහර රටවලට ආශිර්වාද වෙලා තියෙන හැටි. (අ) කරත්තය අදින ගොනගෙන් පර අහන්න ගියාම වෙන්නේ මේවගේ දේවල් තම. අපහු පහු වෙනකොට හොඳ හොඳ දේවල් දකින්න පුළුවන් වේවි.

:       0       0

රෙජි-සිඩ්නි Friday, 04 September 2015 04:53 AM

මත්තලට කිලෝමිටර් හය හතක දුරින් වනාන්තර තියෙනවා කියල එයට එරෙහි වෙන අය,අත්තිඩිය කුරුළු අබය බුමිය කිලෝමීටරයකටත් අඩුවෙන් ආසන්නයෙන්ම තියෙන නිසා රත්මලාන ගුවන් තොටුපල ඉවත් කරන්න කියන්නේ නැත්තේ ඇයි?අනාගතය ගැන ටිකක් සිතා බලන්න. (අ)

:       0       0

රන්ජිත් Friday, 04 September 2015 05:00 AM

මත්තල ගුවන් තොටුපල නිවැරදි ආයෝජනයක් නොවේ. නමුත් මේ උත්සාහය නම් කුහක කමට කරන දෙයක්.(අ)

:       0       0

ලහිරු Thursday, 03 September 2015 04:03 PM

නිකන් තියෙන ගබඩාවක වී දැම්මා කියලා මක්වෙනවද? (නි)

:       0       0

ලක්මාල් Friday, 04 September 2015 05:58 AM

මේක නම් මහා කැත වැඩක්, මෙවන් ගුවන් තොටුපලක් දියුණු කරන්න බැරිකම පෙන්නනවා මේ බලධාරින්. හරිම කතා වැඩක් ජාත්‍යන්තර ගුවන් තොටුපලක් වී ගබඩාවක් කරන්න තරම් නුගත් බලධාරින්ද පාර්ලිමේන්තුවේ ඉන්නේ? (අ)

:       0       0

යෝගනාදන් Thursday, 03 September 2015 06:11 PM

අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Thursday, 03 September 2015 06:23 PM

ගබඩා කළාට මිනිසුන්ගේ වී අරගෙන කොහෙද දාන්නේ? (නි)

:       0       0

අරුණ Friday, 04 September 2015 06:54 AM

මානව නිදහස! ප්‍රජාතන්ත්‍ර අයිතීන් කෝ? (අ)

:       0       0

නුවන් Thursday, 03 September 2015 07:07 PM

ගංවතුර එන වෙලාවට මිනිස්සු පාසලට එකතුවෙන එකත් මෙහෙම බැලුවොත් වැරදියි. දිරලා යන ගබඩා වල වී ටික තාවකාලිකව ගබඩා කරලා තියන එකේ වැරැද්ද මොකද්ද? (නි)

:       0       0

මලිත් Thursday, 03 September 2015 09:08 PM

මගේ පොද්ගලික අදහස නම්, මහා කැත වැඩක්. ලංකාවට නින්දාවන මෙවන් ක්‍රියා පිළිකුල් කරනවා මං. මොකද ලංකාවේ අන්තර්ජාතික ගුවන් තොටුපළ වී ගබඩා කරන්න යොදාගන්නවා නම් ඒකේ පුටු ගලවාගෙන ඇවිල්ලා වෙන අරහේ මෙහෙ සවිකරනවා නම් තනිකරම පළිගැනීමක්. මෙච්චර ලංකාවේ වී ගබඩා කරන්න ඉඩ තියෙද්දී මේකම ගෙන්න ඕනෑද? එතකොට ප්‍රවාහන පිරිවැය කවුද ගෙවන්නේ? අනික ගුවන්යානා වී ගබඩාවකට බාන්න කැමති වෙයිද රට වලින්. හරි නම් කරන්න ඕනෑ ගුවන් තොටුපළ ප්‍රවර්ධනය වන ක්‍රියා සහ ඒ පහසුකම් ඇති කිරීම, සංචාරක මං පෙත් විවර කිරීම වගේ දේවල් මිස මේ වගේ ක්‍රියා නොවේ. (නි)

:       0       0

මලිත් Thursday, 03 September 2015 09:17 PM

ඔහොම කියනවා නම් නෙළුම් කුලුණ ප්‍රදීපාගාරයක් වශයෙනුත්, නෙළුම් පොකුණ රඟහල කුකුල්ලු ඇති කරන්නත්, හයි වේ එකේ වී වේලන්නත් ගන්නේ නැත්තේ ඇයි? අනේ මේ වගේ අයත් ලංකාවේ තවම ඉන්න එක ගැන කණගාටුයි. කිසිම සංවර්ධනයක් නැතුව ඉන්නද කල්පනාව? (නි)

:       0       0

රංජිත් Thursday, 03 September 2015 12:17 PM

බත් කන මිනිස්සුන්ට කන්න, වී ටික ඉඩ තිබෙන තැනක ගබඩා කරන එක වැරදියිද?(ම)

:       0       0

විපුල Friday, 04 September 2015 12:05 AM

ලංකාවේ වී ගබඩා වල වී නරක් වෙනතුරු තියාගෙන නොසිට අඩුමගානේ සමෘද්ධිය ගන්න මිනිසුන්ට හරි දෙන්න ඕනෑ (නි)

:       0       0

ගෞරියෙල් Thursday, 03 September 2015 01:07 PM

විශාල මුදල් කන්දරාවක් වැයකරලා හදපු මේ වගේ තැනකින් දුප්පත් මිනිසුන්ට ආදායමක් ගන්න පුලුවන් විදිහේ දෙයක් කරනවා නම් නේද හොඳ? (නි)

:       0       0

ලුම්බිණි Friday, 04 September 2015 02:35 AM

මෙම ගුවන් තොටුපළ ලාබලබන ගුවන් තොටුපොළක් කරන්න තව අවුරුදු 50 ක්වත් යාවි. වී ගබඩා කරන්නේ ගුවන් තොටුපළේ නොවෙයි. එහි නිකම් තිබෙන ගබඩාවල. (නි)

:       0       0

පියල් Thursday, 03 September 2015 01:10 PM

රන්ජිත්, එහෙම කියලා කොහේහරි දාන්න බැහැනේ. අනික මුළු හම්බන්තොටම දාන්න තිබුණ එකම තැන මේකද?? අනික මේ මිනිසුන්ට අද විරෝධයක් දක්වන්න අයිතියක්වත් නැද්ද? (නි)

:       0       0

විජේතුංග Thursday, 03 September 2015 01:28 PM

මිනිසුන්ට සාධාරණ කෝපයක් ඇතිවිය හැකියි (නි)

:       0       0

සමන් Thursday, 03 September 2015 01:46 PM

මේ වගේ වැඩක් නැති දේවල් කරන්න කලින් හිතන්න තිබුනා මේවා අපේ මුදල් කියලා. නිසි වටිනා දෙයකට යෙදෙව්වා නම් අපේ මිනිස්සු ප්‍රයෝජනයකට ගන්නවා.වැඩක් නැති පුහු වැඩ කරලා විනාශ කළේ මහජන සල්ලි විතරක් නෙමෙයි ස්බභාව ධර්මයත් විනාශ කළා.මේවා තවත් අලුත්වැඩියා කරන්න සල්ලි යොදවනවට වඩා නිසි පලක් ඇති දෙයක් කළා නම් තමා හොඳ.මෙහෙම වී ගබඩා කරන එකේ වරදක් නම් මට පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

දිලුම් Friday, 04 September 2015 03:30 AM

හරිම කැත වැඩක්. මෙහෙම දැක්මක් අැති නායකෙයකුෙගන් අපට සංවර්ධනයක් බලාෙපාෙරාත්තු විය හැකිද? (අ)

:       0       0

චතුර Thursday, 03 September 2015 01:51 PM

මේ වැඩ වලින් අපිට හැ‍ඟෙන්නේ මේ ආණ්ඩුවට ඕනෑ ගිය ආණ්ඩුව කළ හැමදෙයක්ම අර්ථයක් රහිත දෙයක් කියලා පෙන්නන්න කියායි (නි)

:       0       0

සුජීව(ජර්මනි ) Thursday, 03 September 2015 02:11 PM

රන්ජිත් සහ සමන් මහතාණනි, ඔබගේ අදහස් වලට මාද 100% එකඟ වෙමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 754 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 673 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 143 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 948 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 198 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1152 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site