(කේ බුද්ධික කුමාරසිරි )
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා” නමැති පාතාලකරු විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා පුහුණුකර යොදා ගත් බවට සැක කරන ”උකුස්සෙකු” මීගොඩ නාවලමුල්ල කනත්ත පාර ප්‍රදේශයේ “අංගොඩ ලොක්කා” නමැති පාතාලකරුගේ සමීපතමයකුට අයත් සත්ව ගොවිපලක සිර කර සිටියදී පොලිස් බාරයට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත අතුරුගිරිය පොලිසියේ නිළධාරීන් හා එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම “උකුස්සා” සහ ගොවිපලෙහි සිටි සේවකයින් දෙදෙනෙකු ද වායු රයිෆලයක් ද සමගින් සැකපිට අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුවන් දෙදෙනා පිළිබදව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවද පොලිසිය පවසයි.
සත්ව ගොවිපලට ඇතුල්වීම තහනම් බවට පුවරුවක් යෙදු ගේට්ටුවක් සවිකර සුනඛයින් විශාල පිරිසක් ගොවිපල වටා ආරක්ෂාව සදහා යොදා ගනිමින් පවත්වාගෙන ගොස් තිබූ බවද පොලිසිය පවසයි.
මෙම “උකුස්සා’‘ වෙනත් රටක සිට බෝට්ටුවක් මගින් මෙරටට ගෙන ආ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කල ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති බවත් ඒ පිළිබදව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවද අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරිෙයක් පැවසීය.
“කුසඇලි මුහුදුකුස්සා” නමින් හදුන්වන මෙම උකුස්සා ශ්‍රී ලංකාවට ආවේණික සත්වයකු නොවන බවත් මෙම සත්වයින් කූඩුකර ඇතැදැඩි කිරීම නීතියෙන් තහනම් බවත් මෙවැනි වැඩුණු උකුස්සන්ට කිලෝ 15 පමණ බරක් ඕනෑම තැනකට රැගෙන යාමේ හැකියාව මෙන්ම එලෙස පුහුණුකර හැකි පක්ෂීයෙකු බවද තම බාරයට ගත් උකුස්සා පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි පියවර ගන්නා බවද බත්තරමුල්ල වනජීවී හදිසි වැටලීම් ඒකකය පැවසීය .
මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක
උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි
අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ
දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මත්ද්‍රව්‍ය ගෙනයාමට පුහුණු කළ උකුස්සෙක් පොලිස් බාරයට ගනී
rayantha Friday, 31 July 2020 12:49 AM
සොරකම් කිරීමට පුහුණු කළහැකි කපුටන් රාශියක්ද එහි සිටින අතර පොලිස් කණ්ඩායම් යාමේදී ඔවුන් පැනගොස් ඇත...
සමිත සේනක අලුත්ගමගේ. Friday, 31 July 2020 01:35 AM
පාතාලයන්, කුඩ්ඩන් හා අපරාධකාරයින් අප සිතනවාට වඩා මොනතරම් දුරක් ගොස් තිබෙනවාද? මේවා සොයාගෙන වැටලීම් කරන සියලු දෙනාට අනේක වාරයක් ස්තුතියි...!!!
sam Friday, 31 July 2020 08:43 AM
මේ සතාවත් මරයිද දන්නේ නැහැ.
අතුල Friday, 31 July 2020 06:31 PM
රට වෙනස් කරන්න නම් අළුත් පක්ශයක් බලයට එන්නම ඕනේ.. මේ යන විදිහට රටේ අනාගතය අතිශය බියකරුයි. පල් හොරුන්, අපරාධකාරයින් බඩපිනුම් ගහන යුගයක්... 72ක් මෙයා ටිකෙන්ටික දළුලා වැඩී අද මහා රුක්ෂයක්...