මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සමරමින් අද (26) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී උත්සවයක් පැවැත්විණි.
මත්ද්‍රව්‍ය නිවාරණයට කැපවූ ත්‍රිවිධ හමුදා පොලිස් හා රේගු නිලධාරීන්ට එහිදී සම්මාන පිරිනැමුණු අතර අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් ජනපතිට සමරු තිළිණයක් ද පිරිනමනු ලැබීය.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක යන මහත්වරුද උත්සවයට එක්ව සිටියහ.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මත්ද්‍රව්‍ය පිටුදකින්න ජනපති පෙරට එයි
ශාන් Monday, 27 June 2016 05:11 AM
මේවා බලලම එපාවෙලා තියෙන්නේ අපිට (නි)
අසංග Monday, 27 June 2016 05:25 AM
ඔබට ජය මැතිඳුනි! (නි)
රත්නායක Monday, 27 June 2016 05:57 AM
හැමදාම හැමදේම වැරදි ලෙස බලන්න හොඳ නැහැ නේද ? (ම)
තිලක්-ඩුබායි Monday, 27 June 2016 07:57 AM
"මත්ද්‍රව්‍ය පිටුදකින්න ජනපති පෙරට එයි". අපේ මුදල් වියදම් කරමින් යහපාලනයට ඡන්ද අරගෙන දුන්නු මිනිසුන්ගෙන් ලංකාවේදී ගුටි කන්න වෙන්නේ නැතිව දුන්නු පොරොන්දු ඉෂ්ඨ කළානම් හොද නැද්ද? (බ)
නිම්මි Sunday, 26 June 2016 02:24 PM
පහුගිය කාලේ මෙයාට මේවා නවත්තන්න දුන් නැහැ කියලනේ කිව්වේ. ඉතින් දැන් රටේ ජනාධිපතිනේ. මොනවා කරන්න බැරිද? (බ)
ධම්ම Sunday, 26 June 2016 02:21 PM
දැන් ඔය කියන දිනය සමරුවාම අපට ඇති සෙතේ මොකක්ද. (බ)
සාලිය Sunday, 26 June 2016 03:02 PM
ලංකාවේ ලොකුම කුඩු ජාවාරම් කාරයෙක්ව ඇමති මණ්ඩලේ තියාගෙනද මහත්තයෝ මත්ද්‍රව්‍ය පිටුදකින්නේ? (බ)
අයිරා Sunday, 26 June 2016 03:08 PM
අදකාලේ හැමදේටම දවසක් වෙන් කරල තියෙනව.ඒ දවස ව්තරක් මහ ඉහළින් සමරල වැඩක් නෑ එදාට දෙන පොරොන්දුත් ඒ වගේම ස්ථිර කරනවනම් කොයි තරම් වට්නවද. (බ)
උපාලි Sunday, 26 June 2016 03:25 PM
මොනවා කළත් අපි අගය කරනවා මෙහෙම නිලධාරීන් දිරිමත් කිරීම ගැන. ඒ මොකද ඉස්සර පොලිසියෙන් ලොකු කුඩුකාරයෝ ඇල්ලුවාම ලොක්කෝ යනවා උන්ව බලන්න ගෙවල්වලට. එතකොට දිරිමත් කළේ නිලධාරීන් නෙමයි කුඩු කාරයින්වයි. (බ)
රජිත් මංජුල Sunday, 26 June 2016 05:12 PM
මට මතකයි සරත් ෆොන්සේකා මැතිතුමා දේසපාලන වැඩසටහනකදී කිව්වා එතුමාට අදාළ අමාත්‍යංශය බාරදුන්නොත් සති 2න් ලංකාවේ මත් උවදුර නැති කරනවා කියලා. ඔච්චර දඟලන්නේ මොකටද? එතුමාට බාරදෙන්න. අවංක උවමනාවක් තියෙනවා නම් අභියෝගය බාරගන්න කෙනාට අවස්ථාවක් දෙන්න ඕනෑ. අපි තවත් අඳුරේ අතපත ගාන එක නවත්වමු. (නි)
දිල්ශාන් Monday, 27 June 2016 10:51 AM
නැවත නැවතත් අහමු බයිලා.කඳු නාය යද්දී මිනිසුන් මැරෙද්දී අපි අහමු බයිලා. (අ)
සංජීව Sunday, 26 June 2016 08:33 PM
උපාලි, ඒ වගේම අපි අගය කරන්න ඕනෑ තවත් දේවල් තිබෙනවා
නිමල්ලලිත් Monday, 27 June 2016 11:23 AM
මේවාට ජනපති තුමාම මැදිහත් වීමට ඇවසි නැහැ.(අ)
කමණි Monday, 27 June 2016 01:58 AM
දැන් එහෙනම් ඒ ප්‍රශ්නෙත් විසඳුනා. මෙහෙම ගියොත් ඊළඟට එන අයට විසඳන්න ප්‍රශ්නයක් නැතිවීම ප්‍රශ්නයක් වෙයිද? (නි)
කණිෂ්ක Monday, 27 June 2016 02:50 AM
ජනවාරි අට ඉඳන්ම පෙරට ආවනේ. දැන්වත් ඕක කරලා පෙන්නුවොත් නරකද? (නි)
තිලකසිරි Monday, 27 June 2016 03:10 AM
රජිත් මංජුල, ඔබගේ අදහස 100% සත්‍යයි. එතුමාට අදාළ අමාත්‍යංශය බාරදුන්නොත් සති 2න් ලංකාවේ මත් උවදුර නැති කරන්න පුළුවන් වගේම රටේ ධනස්කන්දය ගසාකෑ දුෂිතයන්ගේ ලෝකයේ බැංකු ගිණුම් වල තිබෙන රුපියල් කෝටි ප්‍රකෝටි මුදල් ටික ජනතා සතුකරන්නත් පුලුවන්. ඒ නිසා කිය කියා ඉන්නේ නැතුව එතුමාට බාරදෙන්නනේ තියෙන්නේ. (නි)
තිලක්-ඩුබායි Monday, 27 June 2016 03:08 AM
දැන් ඉතින් දුෂිතයෝ ටික අල්ලලා ඉවරද? ඒ මුදල් ජනතා සතුකරලා දැඩි දඬුවම් දීලා ඉවරද? ලැජ්ජයි. (නි)
විජිත Monday, 27 June 2016 03:12 AM
ඔබතුමාට ජය ශ්‍රී! (නි)
පද්මිණී Monday, 27 June 2016 03:59 AM
ජනපතිතුමා හැරුණුකොට අනිත් අය ඔය නිවාරණය කරන්න යන්නේ අවංකවමද? මම කියන්නේ මේ රේගු මහත්තුරු, පොලිස් මහත්තුරු එහෙම. (නි)
තිලාන් Monday, 27 June 2016 04:04 AM
ඔබතුමාගේ සටනට ජයවේවා! (නි)