IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘‘මතින් අනාගත පරපුර බේරාගැනීම අපේ වගකීමක්‍‍‘‘

බෞද්ධ සමාජය තුළත්, අනෙකුත් ආගමික සමාජ තුළත් අපි සෑම දෙනකුටම මත්ද්‍රව්‍ය උවදුරු ඇතුළු සමාජ උවදුරුවලින් අනාගත පරපුර වන දරුවන් හා සමාජයේ කොටස් බේරාගනිමින් යහපත් රටක් බිහිකිරීමේ වගකීම පැවැරී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) පැවැසීය. 

අධ්‍යාත්මික සමාජයක් යහපත් සමාජයක් ගොඩනැගීමේදී බෞද්ධ දර්ශනයටත් කතෝලික, හින්දු, ඉස්ලාම් ආදී අනෙකුත් ආගමික දර්ශනවලටත් හැකියාව තිබෙන බවද යහපත් සමාජයක් ගොඩනැගීමේ ප්‍රධාන කේන්ද්‍රස්තාන දෙක වනුයේ පන්සල හා පාසල බව ද කීය.

නාවල, නාරාහේන්පිට ධර්මායතනයේ සංඝාවාසය හා දානශාලාව විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

එහිදි ඔහු මෙසේ ද කීවේය. 

“ අද මත්ද්‍රව්‍ය උවදුරු මුළු ලෝක ප්‍රජාවටම බරපතල හා ප්‍රබල අභියෝගයක් බවට පත්වෙලා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආණ්ඩු හදනවා ආණ්ඩු පෙරළනවා. යහපත් සමාජයක් ගොඩනැගීම හමුවේ තිබෙන ප්‍රධානතම හා විසම අභියෝගය වනුයේ මත්ද්‍රව්‍ය අභියෝගයයි. 

අප අසල්වැසි මාලදිවයිනේ තරුණ පිරිසෙන් සියයට 40ක් මත්කුඩු මත්ද්‍රව්‍ය භාවිත හුරු පුරුදු වෙලා.  අද සෑම රටක්ම දරුණු ලෙස මත්ද්‍රව්‍ය අර්බුදයට මුහුණ දී සිටිනවා.  නව තාක්ෂණය සමඟ පැමිණෙන වේගවත් සංවර්ධන තුළ බොහෝ අශීලාචාර දේවල් සැඟවිලා තියෙනවා. මත්ද්‍රව්‍ය පිළිබඳව ඇතිවන ව්‍යාප්තිය එයින් එකක්. 

බෞද්ධ සමාජය තුළත්, අනෙකුත් ආගමික සමාජ තුළත් අපි සෑම දෙනකුටම මත්ද්‍රව්‍ය උවදුරු ඇතුළු සමාජ උවදුරුවලින් අනාගත පරපුර වන දරුවන් හා සමාජයේ කොටස් බේරාගනිමින් යහපත් රටක් බිහිකිරීමේ වගකීම පැවැරී තිබෙනවා. ඒ සඳහා විහාරස්ථානය හා පාසල් අපට වැදගත් වෙනවා” යනුවෙනි. 

GLA_5810 GLA_5820 GLA_5838 GLA_5843 GLA_5854 GLA_5857

 



අදහස් (0)

‘‘මතින් අනාගත පරපුර බේරාගැනීම අපේ වගකීමක්‍‍‘‘

ඉමේෂ් Tuesday, 25 October 2016 08:02 AM

ඔබ තුමා කියන තරම් දේවල් කෙරෙන්නේ නැහැ නේ? එකනේ වැඩේ? අර පාරේ යනවා හිටිගමන් මොටෝ බයිසිකල් සද්දේ තරමට වේගෙන් ඒවා යන්නේ නැහැ. ඒවගේ. (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 24 October 2016 07:15 PM

දේශපාලකයෝ හැමදාම කිව්වේ බොරු. ඉදිරියට කියන්නෙත් බොරු. මත්ද්‍රව්‍ය ප්‍රධාන ජාවාරම්කරුවන්ට ආවරණය ලැබෙන්නේ දේශපාලන හස්තයෙන්. මම අහන්නේ ඇයි මෙම ජාවාරමේ මුදුන් මුල් සිඳදැමීමට නීතිය පස්ස ගහන්නේ? (නි)

:       0       0

ගුණසිරි Monday, 24 October 2016 07:41 PM

රාජ්‍ය ස්කාගාර පවා තිබෙනවා යැයි කියන රටේ මෙවන් ප්‍රකාශ හරි ඉහළයි සමහරුන්ට. (නි)

:       0       0

නිලංග Tuesday, 25 October 2016 08:23 AM

ප්‍රතිචාර දැක්කම පේනවා කට්ටිය දාල තියෙන (බ)

:       0       0

ධනුක Tuesday, 25 October 2016 12:49 AM

හැමදාම කියනවා. දැන්වත් මොනවාහරි කරන්නකෝ. අඩුගානේ අර මඩු වලිගෙවත් අතට ගන්නකො. (නි)

:       0       0

ඩේමියන් Tuesday, 25 October 2016 09:25 AM

එතකොට මෛත්‍රී , දැන් නම් ගෙදරවත් බලාගන්න බැරි පාටය. කතාවෙන් පේන්නේ දෙවැනි සැරයට ඉව අල්ලනවා වගේ. (බ)

:       0       0

සෙනරත් Tuesday, 25 October 2016 03:02 AM

කතාව දෝලාවෙන් ගම පයින් කියලා තමා කියන්න වෙන්නේ (නි)

:       0       0

චමින්ද Tuesday, 25 October 2016 03:27 AM

විස්කි බොන නෝනා කෙනෙක් ගැනත් මම අහල තියනවා . ඒ අය‍ට කමක් නැද්ද (බ)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 25 October 2016 03:37 AM

පුතා හදන්න ඕනේ ඔක්කොටම ඉස්සරවෙලා හොඳයි (බ)

:       0       0

චමිල Tuesday, 25 October 2016 03:37 AM

තමන්ගේ ගෙදරින්ම පටන් අරන් පෙන්නන්න. ඔබතුමා ඔබතුමාගේ පුතාව හදාගෙන පෙන්නන්න (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 25 October 2016 10:27 AM

වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව? මතට තිත, නීතියක් නැති රටේ කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්.(බ)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 25 October 2016 04:37 AM

සහතික ඇත්ත . හැබැයි ඔක්කොටොම කලින් තමුන්ගේ පුත්‍රයාව මතින් බේර ගන්න පුලුවන්ද කියල බලන්න . ඔවා දෙනු පරහට තම ගෙදර සම්මතයේ පිහිටා සිට ... (බ)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 25 October 2016 04:45 AM

අනිවාර්යෙන්ම අගය කරන්න ඕනි වැඩසටහනක්..... එ්ත් මේ යන විදිහට අපිට රටක් ඉතුරු වේවිද (බ)

:       0       0

නානායක්කාර Tuesday, 25 October 2016 05:00 AM

බොරුවෙන් තමයි ජීවත් වෙන්නෙ. හැමදාම පන්සල්වලට ගිහින් හාමුදුරුවරුයි ගිහියොයි රවට්ටනව. කරපු දෙයකුත් නෑ, කරනව කියල පේන දෙයකුත් නෑ.(බ)

:       0       0

චමල් Tuesday, 25 October 2016 05:04 AM

ලෝකෙට පරකාසේ කිවුවලු (බ)

:       0       0

දහම් Tuesday, 25 October 2016 06:07 AM

කතා වැඩක් නැහැ. කරලා පෙන්නන්න. ආ දා ඉඳලා කළ දෙයක් නැහැ. (නි)

:       0       0

සමන් Tuesday, 25 October 2016 06:07 AM

මේ සඳහා අවශ්‍ය ප්‍රමාණයට ආයතන අපේ රටේ තියනවා. ඒවා හරියට ක්‍රියාත්මක වෙන්න ඉඩදෙන්නේ නැහැ. නීතියක් නැති රටක කිසිදෙයක් හරියට කෙරෙන්නේ නැහැ. ඒවාට තිබෙන යාන්ත්‍රණ නිසි ලෙස ක්‍රියාත්මක කළයුතුයි. ඒක කරන්න යහපාලනය ගේනවා කියපු අයට ඒක බැරිවෙලා තියෙනවා. තවත් අවුරුදු සියයක් අපි මේවා කතාකර කර ඉඳියි. (නි)

:       0       0

සුනිල් Tuesday, 25 October 2016 06:07 AM

හැමදාම එක තැන කැරකෙන ගී තැටි අහලා අපිට එපාවෙලා (නි)

:       0       0

විපුල Tuesday, 25 October 2016 06:17 AM

මෙතුමාගේ කතා වැඩිමනක් කතා විතරයි . අඩුම ගානේ විකුණන තැන අඩුකරන්න, රටේ නිෂ්පාදනය අඩුකරන්න වගේ මොනවාහරි වැඩපිළිවෙලක් තියෙන්න ඕනෑ (නි)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 25 October 2016 06:19 AM

මෙතෙක් කල් කයිවාරු ගහපු ඒවායින් අඩුම ගන්නේ සියයට එකක්වත් කරලා පෙන්නුවා නම් කොයිතරම් වටිනවද. (නි)

:       0       0

කනිෂ්ක Tuesday, 25 October 2016 06:50 AM

මෙතුමා ජනාධිපති ධූරයට පත් වෙලා අවුරුදු දෙකකටත් කිට්ටුයි. තාම කරපු දෙයක් නැහැනේ (නි)

:       0       0

තුසිත Tuesday, 25 October 2016 07:08 AM

බේරා ගන්න දෙයක් නැහැ සියල්ල එක රැයෙන් තහනම් කළා නම්. තවත් තහනම් දේ කරනවා නම් එල්ලා මැරිය යුතුයි. ඕක මහා ලොකු දෙයක් නොවෙයි කරනවා නම් (නි)

:       0       0

සජී Tuesday, 25 October 2016 07:20 AM

හැමදේටම කලින් රට බේරාගන්න (නි)

:       0       0

ගගන Tuesday, 25 October 2016 07:26 AM

ඔය කණගාටුනොවන්න ජනාධිපතිතුමනි! (නි)

:       0       0

බන්දුල Monday, 24 October 2016 04:18 PM

කවුරු කවුරුත් පළමුව නිවසින්ම පටන්ගමු (නි)

:       0       0

ධම්මසිරි Monday, 24 October 2016 04:36 PM

මත්ද්‍රව්‍ය උවදුර මැඩලන්න රජය විසින් විද්‍යාත්මක පියවර ගෙන ඇතොත් ඒ පිළිබඳ විස්තරයක් කළා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

අර්ජුන Monday, 24 October 2016 04:40 PM

අනේ මහත්තයෝ, ඔක්කොම කටින් විතරයිනේ. කටින් බතල හිටවලා වැඩක් නැහැ. ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න. අර බියර් කොම්පැණියට බදුසහන ලබා දීලා තියෙන්නේ ඇයි කියලත් කිවුවා නම් අපි කැමතියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 55 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 89 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 113 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 491 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 764 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 246 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site