දුම්කොළ සහ මධ්‍යසාරවලින් ලැබෙන ආදායමෙන් මහා භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ලෙස ගොඩනගමින් මතින් නිදහස් රටක් ගොඩනැගීම රජයේ අරමුණ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ 104 වැනි සංවත්සරය අමතමින් කීවේය.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නිශ්පාදන ක්‍රියාවලිය වැඩි කළ යුතු බවත් ඒ සඳහා අනන්ත වූ කාර්යයන් ඇති බවත් ජනපති කීවේය
කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සභාවේ මහානායක ශී‍්‍ර ලංකා අමද්‍යප සභාවේ සභාපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ ශී‍්‍ර ලංකා අමද්‍යප සභාවේ සාමාජිකයින් මෙම උත්සවයට එක්ව සිටියහ.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
“මතින් තොර රටක් තැනීම රජයේ අරමුණයි“
ධම්ම Saturday, 23 July 2016 03:29 PM
ඒ වුණාට රජයේ ඇමතිවරයෙකුගේ ගෙදර තිබූ විස්කි හොරකම් කරලා තිබුනා නේද කවුරුහරි? (නි)
තිස්ස Saturday, 23 July 2016 04:38 PM
පොල්, කිතුල්, තල් සහ උක් වලින් නිෂ්පාදනය කළහැකි මධ්‍යසාර වර්ග සහ බීර නිෂ්පාදනයකොට විදේශීය වෙළඳ පොළට හා දේශීය වෙළඳ පොළට යැවිය යුතුයි. බොරු නීති දාගෙන රටේ නිෂ්පාදන වලට තැන නැතිකරලා තියනවට වඩා කර්මාන්තකරුවන්ට ඉඩදුන්විට රැකියාවන් බොහොමයක් ඇතිවෙනවා. වැවිලිකරුවන් ඇතිවෙනවා. ගම් ප්‍රදේශ දියුණු වෙනවා (නි)
රන්ජන් Saturday, 23 July 2016 04:39 PM
කටින් බතල කොල හිටවලා විතරක් නම් වැඩක් නැහැ (නි)
නන්ද Sunday, 24 July 2016 12:26 PM
අරමුණ ඉතාම යහපත්. ඒ ගැන වාදයක් නැහැ.එහෙත් ඔබ තුමා ළංකරගෙන ඉන්න සමහරුන් (කවුරුත් දන්නවා ඒ ගොල්ලෝ කවුද කියල ) එක්ක ඔය වැඩේ කරන්න පුළුවන්ද කියන එකයි ප්රශ්නය. (බ)
අසෝකා Saturday, 23 July 2016 05:14 PM
සිරිමාවෝ බණඩාරනායක මැතිණිය හැදුවෙත් රටේ නිෂ්පාදන වැඩි කරන්න. ඒත් වැඩි දෙනා රටට වඩා බඩ ගැන විතරක් හිතුව නිසා හාල් ඇටය පවා පිටරටින් ගෙනෙන්න සිදුවුණා. හොඳදේට කැපිලි කෙටිලි බොහොමයි. (නි)
විජේසිංහ Saturday, 23 July 2016 05:47 PM
අවුරුදු ගණනාවක ඉඳලා මතට තිත තියන්න කතාකළාට තවම බැරිවුණානේ. පුවත්පත් වාර්තා වලට අනුව පසුගිය දිනකීපයේම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොග ගණන් රටතුළට අාවා. (නි)
බමුණු Sunday, 24 July 2016 01:10 PM
රොකී ආත්මාර්ථකාමී වෙන්න එපා අරමුණ ක්‍රියාත්මක වුනොත් දුක්වන අය කොපමණ ඉන්නවද? මත්පැනට අලුතෙන් එක්වන අය නවතා ගන්න උත්සහ කරන්න. (බ)
බමුණු Sunday, 24 July 2016 01:16 PM
මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට .. ප්‍රසිද්ධියේම දඬුවම් කළ යුතුයි කියල කියනවා . නොබොන එකා කොහොමද එ්කේ රස ගුණ දන්නේ. (බ)
පෙරේරා Saturday, 23 July 2016 08:22 PM
ඔව් ඉතින් මීට කලිනුත් "මතට තිත", "දුප්පත්කම තුරන් කිරීම" වගේ සුරංගනා කතාත් අපි අහලා තියෙනවා. (නි)
අබය Saturday, 23 July 2016 11:40 PM
ඕක හැමදාම කතාකරනවා විතරයි. මත්ද්‍රව්‍ය, මත්පැන් සහ දුම්කොළ නිෂ්පාදන වලින් තමා රට ගෙනියන්නේ. රටේ ජනතාව එයට ඇබ්බැහිවෙලා ඉන්නේ. ඉතින් කොහොමද ඉන් මිදෙන්නේ? ජනාධිපතිතුමා ප්‍රායෝගික දෙයක් කරලා පෙන්වන්න. ඔවැනි රටට ජනතාවට අහිතකර දේවල් වලට මාධ්‍ය සංදර්ශන නොතබා පාසැල් වලින් යහපත් පුරවැසියන් රටට බිහිකිරීමට වැඩපිළිවෙලක් යොදන්න. එහෙම වුණොත් මත්ද්‍රව්‍ය වලට ඉබේම තිත තැබේවි. (නි)
සුමිත් Sunday, 24 July 2016 01:18 AM
මේ යන විදියට අපිට නම් පෙනෙන්නේ මතින් බර රටක් තැනීම රජයේ අරමුණ බවයි (නි)
රොකී Sunday, 24 July 2016 01:35 AM
අරමුණ ක්‍රියාත්මක නොවීම ගැනයි හිතට දුක (නි)
රොක්සි Sunday, 24 July 2016 01:53 AM
පළමුවෙන්ම ඔය දේශපාලකයන්ට සහ ඔවුන්ගේ ගෝල බාලයන්ට දීලා තියන බාර් ලයිසන් අවලංගු කරන්න. අන්න එතකොට ඔබතුමාගේ කතාව ගැන විශ්වාසයක් තියන්න පුළුවන් වේවි! (නි)
නුවන් Sunday, 24 July 2016 04:10 PM
ඔබතුමා කොන්ද කෙලින් කරන කතා කරපු දාට ඡන්දෙ දීපු අපිට ඔලුව කෙලින් තියන් ඉන්න පුළුවන් වෙයි (බ)
චමිලා Sunday, 24 July 2016 04:11 PM
අඩුම ගානේ පත්තරෙන් වත් දැක්කේ නැද්ද අර කුඩු කන්ටේනර් ගැන ? (බ)
ටෙරන්ස් Sunday, 24 July 2016 02:41 AM
ඔය අරමුණ දැන් වසර කීයක ඉඳලද තියෙන්නේ? (නි)
වසන්ත Sunday, 24 July 2016 02:38 AM
හැමදාම කියනවා. ජනතාව අහගෙන ඉන්නවා. හරියට ටෙලිඩ්‍රාමා එක්ක බලනවා වගෙයි (නි)
ප්‍රියාන් Sunday, 24 July 2016 02:54 AM
මට නම් මේ කතා අහලා දැකලා ඇතිවෙලා. රජය පෙරලුනත් මොකෝ රටට හොඳක් වෙනවා නම් (නි)
සෙනරත් Sunday, 24 July 2016 03:24 AM
එ්ක වෙන්න ඇති පසුගිය දවසක කිව්වේ ආණ්ඩුවේ ඉන්න කුඩු වලට සම්බන්ධ ඇමැතිලා ගැන දන්නවය එ්ත් හෙලිකළොත් ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකිවෙනවා කියල. මෙහෙමද මතින් තොර රටක් බිහිකිරීම කරන්නේ ? (බ)
ජගත් Sunday, 24 July 2016 04:22 AM
මත්ද්‍රව්‍ය චෝදනා තියෙන අය ගැන හෙළි කෙළාත් ආණ්ඩුව බිදවැටෙනවා කියල කිව්වා නේද? (බ)
රත්න Sunday, 24 July 2016 05:53 AM
මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට .. ප්‍රසිද්ධියේම දඬුවම් කළ යුතුයි .. !!! එවැනි දේවල් ප්‍රසිද්ධියේම විනාශ කළ යුතුයි !!! (බ)
ශානක Sunday, 24 July 2016 05:56 AM
හතර හිනා කියන්නේ මේවට තමා (බ)