IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මත්පැන් සමාගම්වල බදු පොල්ල රාජ්‍ය ඇමති හෙළි කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මත්පැන් සමාගම් පහක් රුපියල් කෝටි 672 කට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

බදු පමා වන සෑම මාසයකටම සියයට  3 ක බද්දක් අය කරන හෙයින්  කෝටි  400ක ප්‍රමාද ගාස්තු එකතුවී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මෙම සමාගම් වසා දැමීමෙන් එම බදු අය කර ගත නොහැකි වන බව පැවසූ සියඹලාපිටිය මහතා   බදු ගෙවීම සඳහා  ඒ සමාගම්වලට දෙසැම්බර් 29 තෙක් කල්දී ඇතැයිද  ප්‍රකාශ කළේය.

ඉන්පසු බලපත්‍ර කාලය දීර්ඝ නොකිරීමටත් අධිකරණ ක්‍රියාමාර්ග වලට යෑමටත් කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

සුරා බදු වංචා වැළැක්වීමට  වැඩිම ක්‍රියාමාර්ග ගත් යුගය මෙය බවද  රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මත්පැන් බෝතල් සඳහා ස්ටිකරය හඳුන්වාදීම විප්ලවකාරී පියවරක් බව පැවසූ අමාත්‍යවරයා එහි ප්‍රශ්න තිබෙන බවද සඳහන් කළේය.

ස්ටිකරය හරියාකාරව ක්‍රියාත්මක කළොත් රාජ්‍ය ආදායම විශාල වශයෙන් ඉහළ නැංවිය හැකි බවද ඔහු  සඳහන් කළේය.



අදහස් (3)

මත්පැන් සමාගම්වල බදු පොල්ල රාජ්‍ය ඇමති හෙළි කරයි

Ravindra Ashoka Tuesday, 07 November 2023 03:01 PM

මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධිවීම ගැන බොහෝම සතුටුයි... රුපියල් කෝටි 672 කට වැඩි බදු මුදල වහාම අයකර ගැනීමට වහා කටයුතු කළයුතුයි.

:       0       0

රංජිත් Tuesday, 07 November 2023 03:38 PM

අරක්කු කොම්පැණි ටික රජයට අරන් කොම්පැණිකාරයින්ගේ සියලුම දේපල ටිකත් එක්ක ප්‍රසිද්ධ වෙන්දේසියේ වික්කා නම් ඉවරයිනේ. හැබැයි එතකොට කොමිස් නෑ...!

:       0       0

Bamunuarachchi Wednesday, 08 November 2023 07:47 AM

ඇමැතිතුමා සිද්ද වෙන්නේ මේකයි. ඔවුන් ඔය බදු ගෙවන්නේ නැතුව සමාගම් තහනම් වෙන්න ඉඩ හරිනවා. ඊට පසු බිරිඳගේ හෝ දරුවෙකුගේ නමින් නැවත කර්මාන්තය පටන් ගන්නවා. එමනිසා... එම පුද්ගලයින් බංකොලොත් කාරයින් හැටියට පත්කරන්න ක්‍රමයක් තිබෙනවා නම් එය ක්‍රීයාත්මක කරන්න. දේපල විකුණා හෝ බදු ගෙවන තත්වයට පත් කරන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 76 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 183 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 796 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 443 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1526 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 336 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39726 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site